දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ගාල්ල දෙසට යමින් සිටි ත්‍රිරෝද රියක් කිලෝමීටර් දෙකක් ලුහුබැඳ ගොස් අල්ලා ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
පෞද්ගලික ආරක්ෂක සේවයක පුද්ගලයකු බව කියන ත්‍රිරෝද රියදුරා කියා ඇත්තේ ළමයා සෙවීමට යන බවයි.
දක්ෂිණ අධීවේගී මාර්ගයේ ත්‍රිරෝද ගමන් කිරීම සපුරා තහනම්ය.ඔහුට එරෙහිව නඩු පැවැරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සුන්ට හරි ඉක්මනට ගොඩක් දේවල් අමතක වෙනවා කියල නැවත ඔප්පු කරලා තියෙන්නේ නැත්තම් අධිවේගී මාර්ග ගැන කොච්චර දැනුවත් කලද ජනමාද්‍ය වලින්. අනිවාරෙන් දැඩි දඩුවම් දිය යුතුමයි (දී)
ඒ අය හිතන්නේ ඔවුන් ගැන විතරයි. නමුත් සත්‍ය කතා කරන ඇත්තට මමත් එකගයි.(නදී)
කහතුඩුවේ ඉදන් ගාල්ල පැත්තට අවනම් ගෙලනිගම ට එනකම් ඇවිත් ඕන අපහු හරවන්න .(දී)
සුපිරිමගට ගියාම කරකොලා ඇත ඇරියා වගේ තමයි (දී)
අධි වේගයේ ත්‍රී වීල් දාන්න දෙන්නේ නැති එකනම් ලොකු දෙයක්. එත් මේ මනුස්සය පාර ඇතුලට රිංග ගත්තේ කොහොමද කියල හොයල බලන්න ඕන. (දී)
සත්‍ය දුව වෙත. මේ පොඩි වාහනය ඉතාමත් මාරාන්තික දෙයක්. කිසිම ප්‍රමිතියක් හෝ ආරක්ෂක උපාංග නැහැ . මේක ඉන්දියාවට හොඳ ඇති නමුත් ලංකාවට ඉන්න වටින මිනිසුන් මරන්න එවපු තවත් තොන්ඩුවක් විතරයි (දී)
මම ඊයේ හවස මෙම සිදුවීම සජිවිවම දුටුවා. අධි වේගයෙන් රාජකාරි රථයක් මේක අල්ලන්න යනකොට පොලිසිය ඊටත් කලින් මේක අල්ලාගෙන ඉන්නවා දැක්ක. මෙවැනි නීතිය නොතකන මිනිස්සුන්ට කරන්න බැරි මොනවද? රියදුරු බලපත්‍රය සදහටම අත්හිටුවා දඬුවමක් ද දෙන්න ඕනෑ.(දිල්)
මෙහි වැරැද්ද කර ඇත්තේ පිවිසුම් දොරටුවල ඉදපු නිළධාරීන්. මුදල් ගෙවා බලපතක් ගන්න විට ත්‍රිවීලය හදුනා නොගත් නිසා.(දිල්)
මේක පැරෂූට් එකෙන් අධිවේගී මාර්ගයට බැස්සුවේ නැහැනේ පිවිසුමේදී ගේට්ටුව ඇරපු කෙනාටත් දඩ ගැහුවා නම් තමයි හොඳ.(දිල්)
දැන් ජනතා අයිතියට පත් කරලා තියෙන්නේ ත්‍රිවීල් වලට යන්න ඇයි අවසර නැත්තේ (දිල්)
දැඩි දඩුවම් දෙන්න තියෙන්නේ (දී)
අත් අඩංගුවට ගත්තේ අදිවේගී මාර්ගයෙදි නෙමෙයි නේද? (නදී)
දැනුවත් කිරීම ආරම්භ විය යුත්තේ රියදුරු පාසලෙනුයි (දිල්)
සමන් රොහාන් රණසිංහ අධිවේගී මාර්ගයේ කුලප්පු වෙච්ච අලිවගේ දුවන කොට ඔය වගේ අකරතැබ්බි වෙනවා. (දී)
මේ පුවත ඇහුවහම මට හිනාත් ගියා (දී)
ත්‍රී රෝද රථ නං මහා කරුමයක්.(නධී)
ලෙකු ලොකු අදහස් දාන ලොකු අයියලා... වරෙල්ලාකෝ නැට්ට බිම ඇනුන වෙලාවට ත්‍රීවිල් එකක් හොයාගෙන.(නදී)
පිස්සන් කොටුවේ ඉදන් ටිකට් කපාගෙන එන ගමන්ද? (අ)
මම ඔය පාරේ ගියා නම් සීයට වේගේ වැඩි කරලා පොඩි තට්ටුවක් දාගෙන යනවා. ආයෙත් වරෙන්කො කියල නීති කඩන්න. අම්මපා පිවිසුමේ හිටියේ මෙයාගේ බාප්පද? (අ)
අධි වේගී මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන් පිවිසුම් දොරටු වලින් විතරය් .එහෙම එකේ ඒ මිනිහට දඩුවම් කරන්න කලින් ඇතුල් උනේ කොහොමද කියල හොයන එක හොදය . (දී)
ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බැවින්.විශාල පිරිසකට ඇත්තේ ත්‍රී රොද රථයි එබැවින් මෙසේ කිරීම සුදුසුද (දිල්)
ත්‍රීවීල් වලට අදිවේගේ ඕනේ නෑ. එයාල අනිත් පාරවල් වල යන්නේ අදිවේගේ කියල හිතාගෙන තමා (දී)
මේක හිරිම අසදරනයි අදි වේගයේ ත්‍රීරෝද රථ යන්න අවසර දියයුතුයි (අ)
මේ වගේ මිනිස්සුඉන්න රටක මොන සංවර්ධනයක් කළත් ඔහොම තමයි. වෙන රටක නම් මිනිස්සු මේවා රැකගන්නේ නීතියත් රැකගනිමිනුයි, අපේ අප්පච්චි කියන්නා වගේ අපේ මිනිස්සුන්ට අධි වේගී මාර්ග හැදුවා ඉක්මන් වැඩියි අප්පා, (අ)
මඩු වලිගෙන් තලන්න ඕනි. අපේ රටවල් හදන්න බැරි මේ වගේ එවුන් නිසා තමා. අනික අහසින් වැටුනද මේ පාරට. පිවිසුම් දොරටු වල හිටිය එවුන් මොකද කලේ? (අ)
පිවිසුමෙන් ඇතුල් කලේ කව්ද? එහි රාජකාරී කල අයට මහා පළවෙනියෙන්ම දඩුවන් කර සිටිය යුතුය,...... (අ)
හරි පුදුමයි කොහොමද එක පාර පාරට දැම්මේ? පොලිස් මාමල නිදගේනදේ හිටියේ ද(අ)
රෝද හතරේම හුළං ඇරලා තල්ලු කරන් යවන්න තිබුනේ කිසිම චාරයක් නැති කෙනෙක් බව පේනවා මෙයාව (අ)
කොහෙද අපාප් ත්‍රිවිල්වල වල රෝද හතරක් තියෙන්නේ (අ)
කරුණාකර රියදුරු බලපත්‍රය අවලංගු කර මස 2 පමණ හිර දඩුවමක් දෙන්න (අ)
කිතුල්ගහට නැග්ග මිනිහට කියන් දෙයක් තිබ්බාලු (අ)
කොයතරම් වේගයකින් පැදවීමට පුලුවන්ද කියල බලන්ඩ ඇති (අ)
මේ රටේ සදාචාරය හෝදා පාලුවට ඇදල දාන්න සමහර ත්‍රී වීලර් ඩ්‍රයිවර්ලා, ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා, කොන්දොස්තර ල කියන කරන විනාශය නම් සුළුපටු නොවේ. කිසිම විනයක් නැති තිරස් ගණයට අයත් සත්ව කොට්ඨාසයක්.(අ)
ඔය අදිවේගී මාර්ගයේ ඇතුළු තැන හරස් පොලු දමපු ගේට්ටු තියෙද්දි කොහොමද ත්‍රීරෝධ රථ ඇතුලු වන්නේ. පොලිස් නිලධාරීනුත් ඉන්නවා.(නදී)
ගනේගොඩ ඇයි අමතක වූනාද අමතර රෝදය ගැන (අ)
නීතියනොදැන කරපු දෙයක් නිසා පලමු වරට සමාවදෙන්න, (අ)
මේක අදහස් දාල තියෙන අයට නැට්ට පෑගිලා. මොකද ත්‍රිරෝද රියක් කියන්නේ වාහනයක්නේ (අ)
දන්නේ කොහොමද බෝල මොකටද ගියේ කියල දරුවෙක් හොයනවනම් මුලින්ම පොලොසියට කියන්න එපාය (අ)
රෝද තුනම කඩන්න ඕනේ (අ)
සුපිරි ත්‍රිරොද රියක් අමතක ද (අ)
මිටි තැනින් වතුර ගලා බසින ආකාරය මොනතරම් ආශ්චර්ය ජනකද? අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කරා කියන්නේ ත්‍රී විහිලර් එලවන උන්දලා ජනතාවට අයත් කියල කීම නොවේ. (අ)
සමන් රොහාන් රණසිංහ. අධිවේගී මාර්ගක් කියන්නේ ළමයිනේ, කැලේ කුලප්පු වෙච්ච අලි දුවනවා වාගේ වැඩක්. ඉතිං ළමයිනේ අලීන්ට කුඹියෙක් පෑගුනහොත් මොකද වෙන්නේ ඔය ළමයි දන්නවා නේද? අන්න ඒ ටික තමයි වෙන්නේ. (අ)
අධිවේගී මාර්ගක් කියන්නේ ගොයියෝ, කැලේ කුලප්පු වෙච්ච අලි දුවනවා වාගේ වැඩක්. ඉතිං ගොයියෝ අලීන්ට කුඹියෙක් පෑගුනහොත් මොකද වෙන්නේ ඔය ගොයියෝ දන්නවා නේද? අන්න ඒ ටික තමයි වෙන්නේ. (නදී)