දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය 24 පැයේ ෙ ආදායම රුපියල්
එක්කෝටි හැට ලක්‍ෂය ඉක්මවූ බව එහි නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්‍ෂ එස්.
ඕපනායක කියයි. ඒ අනූව අතිරේකව රුපියල් ලක්ෂ 50 ක ආදායමක් ලැබුණු බවත් ඕපනායක මහතා පවසයි.
මෙම මාර්ගයේ බ්‍රහස්පතින්දා (24) පෙරවරු 7.00 සිට අද (25) පෙරවරු 7.00 දක්වා
මෙම ආදායම වාර්තා වී ඇතැයි අධ්‍යක්‍ෂ සඳහන් කරයි.
මෙම කාලසීමාවේ රථ වාහන 50,000 කට අධික
ප‍්‍රමාණයක් ගමන් කර ඇති බවත් දීර්ඝ සති අන්ත නිවාඩුවක ආරම්භය වූ බ්‍රහස්පතින්දා දිග පොලිම් ඇති වූ බවත් කියති. කොළඹ පිටත අධිවේගය ආරම්භ වීමට පෙර දිනක ආදායම රපියල් ලක්ෂ 70 ක් පමණ වූ බවත් එම මාර්ගය ඇරඹීමෙන් පසුව එම ආදායම රුපියල් එත් කෝටි දස ලක්ෂයක් වූ බවත් ඕපනායත මහතා කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් රටේ දියුණුවට! (නි)
මිනිසුනේ, දේශපාලන කණ්ණාඩි ගළවලා හොඳදේට හොඳයි කියන්න පුරුදු වෙන්න. (නි)
මිනිසුනේ, කුහකකම නැතිකරගන්න. මහින්ද මහත්තයා ඕක හැදුවේ යනකොට ගෙනියන්න නෙමෙයි (නි)
කුහකයෝ කියන දේවල් අපි ගණන් ගන්නේ නැහැ (නි)
ඩුබායි ඉන්න තිලක්ට තේරෙන්නේ නැහැ රටක පාරවල්වල වටිනාකම. ලෝකේ හොඳම අධිවේගී මාර්ග තිබෙන්නේ එමිරේට්ස්වල. රටක දියුණුවට ප්‍රධානම දේ තමයි මාර්ග. අද ලංකාවේ අධිවේගී මාර්ග අදට වඩා වැදගත් අනාගතයට. ඒ දවස්වල බණ්ඩාරනායක මහතා පෑලියගොඩ ජපන් මිත්‍රත්ව පාලම හදනකොට විපක්ෂය ඇහුවා කැළණි ගඟෙන් එක ළඟ පාලම් දෙකක් මොකටද කියලා. අද තේරෙනවා නේද වටිනාකම? (නි)
ඉතිහාසයේ කිසිවෙකු නොකළ දෙයක් මහින්ද මහත්තයා කළා (නි)
ජයවේවා අපේ මහින්ද මහත්තයාට! (නි)
යහපාලන නායකයෝ කවදා අධිවේගී මාර්ග හදයිද? (නි)
මේ ඩුබායි වල ඉන්න තිලක් කියන මනුස්සයා දන්නවා වගේ බොරු කියනවා. මට පෙනෙන්නේ කිසිම උගත්කමක් හෝ දැනුමක් නැහැ. මේ අධිවේගී මාර්ගයට දැනට නිමකර ඇති සියලුම කොටස් වලට රුපියල් බිලියන 200 කට වැඩිය වියදම් වී නැහැ. අනික් දේ තමයි දිනක ආදායම ලක්ෂ 110 ක් බව ලිපියේ පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ 0.000055 ක් වෙනවා ආයෝජනයට සාපේක්ෂව. නමුත් මාර්ගයක ආදායම තීරණය කිරීමේදී මාර්ගය පාවිච්චි කරන අයගේ ආදායමට අමතරව කාලය ඉතිරිවීමේ ආදායම, ඉන්ධන ඉතිරිවීමේ ආදායම, වාහන නඩත්තු වියදම අඩුවීමේ ආදායම, මෙම මාර්ගය නිසා සෙසු මාර්ග ජාලයට ලැබෙන ලිහිල් බව සහ මේ නිසා ලැබෙන මානසික සහ සමාජ වටිනාකම ගණනය කරනු ලබනවා. (නි)
ඇත්තටම මේ අපේ රට ඇතුළෙම සල්ලි මිසක් විදේශ විනිමය නෙමෙයිනේ. (නි)
එක අඩියක් හදන්න ගිය වියදම රුපියල් ලක්ෂ 28ක්. ප්‍රංශයේ මංතීරු 6 ක සුපිරි අධිවේගී මන්ගයක් හදන්නවත් රුපියල් ලක්ෂ 28 ක් අඩියකට වියදම් කරන්නේ නැහැ. මේ රටේ මොනවද කරන්න බැරි. මොනවද වෙන්න බැරි? (ස)
එරංග.සතුටු වෙන්න ඔය ජයවේව කියල කියන්නේ ලෝකයේ සිටින සිටිය දරුණුම ගනයේ කෙනෙකුට නිසා....(ස)
මේවා මහිනිද මහත්තයාගේ වැඩ. අගේ කළයුතු දේවල් කුහක අයට පේන්නේ නැහැ. (ස)
රටක මාර්ග පද්ධතිය ශරීරයේ රුධිර නාලිකා පද්ධතිය හා සමානයි. එය සංවර්ධනයට ඉතාමත් අවැසි යටිතල පහසුකමක් . අධිවේගී මාර්ග කිව්වම මහින්ද මහත්තයව මතක් වෙන එක කාටවත් නවත්තන්න බැහැ. (ස)
අඩිවේගී කන්නද කියපු අයට හොඳ පාඩමක් මේක. (ස)
ඩුබායි තිලක් කාන්තාරේ ඔටුවෝ බලනවද ? පාරක අගය දන්නේ නැහැ . (ස)
ඩුබායි තිලක් තව ටිකක් හේතු කාරනා ඇතුව කතාකරනවා නම් හොඳයි නේද? ඔලා වගේ මිනිසුන් මේ සමාජයටම පරිහානියක්. ඒ නිසා දැන්වත් විවෘතව හිතන්න පුරුදුවෙන්න. නැත්නම් කවදාහරි දවසක දුක්විඳින්න වේවි (නි)
අධිවේගී මාර්ගය තිබුණේ නැතිනම් මිනිස්සු මෙතරම් සංක්‍යාවක් ජොලියට දකුණට යන්නේ නැහැනේ. කෝටි ගාණක සල්ලි නිකරුනේ වියදම් වෙන්නෙත් නැහැ. (අ)
හාවා හද දකිනවා වගේ අවුරුද්දකටම එක දවසක් පාරේන් මුදල් හම්බු කරන්න පුළුවන්. ඔය රුපියල් ලක්ෂ 50 ක් කියන්නේ ඔය පාරවල් හදන්න ගිය සමස්ථ වියදමෙන් ගත්තොත් .00000001ක මුදලක්. (අ)
මහින්ද බලයේ හිටියා නම් ඉදිරියේදී සති අන්ත නිවාඩුව වැඩි කරලා හරි අධිවේදී මාර්ගයෙන් අදායම පෙන්වන්න බලාවි. (අ)
මහින්දට ඔය ගානට වඩා වැඩි ජනතාවක් දැන් එතුමා සමග ඉන්නවා.(අ)
පාරවල් කන්නද ඇහුවා වගේමතකයි (අ)
මහින්ද මහා රජාණනි, දුර දක්නා නුවනින් කොටියා විනාශ කොට රටට සාමය උදාකොට සංවර්ධනයටද මෙවන් පියවර ගැනීම ගැන ජාතියේ උපහාරය ඔබට සදා පිදෙන වගයි. වෛර කරන තව තව පිරිහෙනවා. ඔබතුමා බබලනවා. (අ)
අධිවේගී මාර්ග කන්නද, නේද? (අ)
පසුගිය ආණ්ඩුවෙන් කරනලද මෙම උසස් කාර්ය පිලිබදව අපගේ ප්‍රසංසාව....!! අපේ කරුමෙට එම ආණ්ඩුව නැතිවගියා ...(අ)
ඕව ඉතින් චීනෙට දෙන්න වෙනවනේ (අ)
හදන්න චීනෙන් ගත්තු ණයයි පොලියයි නඩත්තු වියදම් ටික අඩු කලාම ඉතිරිය කීයද කියන එක තමා වැදගත්.(කෞ)
ඔය ආදායම එන්නෙ අපේ රටටද? නැත්තම්.(අ)
මේ ළඟදිත් කවුද ඇමති කෙනෙක් කිව්වා නේද කියන තරම් අදායමක් ඕකෙන් ලැබෙන්නේ නැහැ කියල. කවුරු හැදුවත් අගයකලයුතු දේවල් අගය කරන්න පුරුදුවෙමු. (කෞ)
ලෝක ණය අරගෙන හොරා කෑව කියන අයට හොද පිළිතුරක් (කෞ)
අපට ආධාර කරන්නේ චීනය පමණක් නොවේ. ආසියාතික රටක්වූ ජපානයද කවදත් අපට ආධාර කරා. කොට්ටාව සිට පින්නදුව (ගාල්ල) කොටස සඳහා අපට ණය ආධාර දුන්නේ ජපානයයි. මුදල ඩොලර් මිලියන 440කි (කෞ)
පසුගිය ආණ්ඩුව සමයේ දක්ෂිණ අධිවේගය නිම වුනත් එහි සැලසුම් කටයුතු සිදුවුනේ 1999 -2001 දී. ඉන්පසුවයි මාර්ගයට අත්පත්කරගත් ඉඩම් වලට වන්දි ලබාදෙමින් ඉදිකිරීම් පටන්ගත්තේ (කෞ)
මහරජුන්ට තියා සක්විති රජෙකුට වුව කළකම් පලදීමට පුළුවන (කෞ)
කඩුවෙල සිට හදන්න හිටිය ඉතුරුටික හදලා දක්ෂිණ අධිවේගී මාර්ගය කටුනායක හා සම්බන්ධ කරන්නේ කවදාද? (නි)