කොළඹ නගරයේ සුපිරි හෝටලයක සේවිකාවක පානදුර හෝටලයකදී බීමත්ව කෙළෙසීයැයි රිමාන්ඩ් කැර සිටි සැකකරුවකු හා ඊට අනුබල දුන් තිදෙනකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින්නැයි පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
රොෂාන් ද සිල්වා, අරෝෂ චන්දිම, චරිත් නිෂාන්ත සහ කණිෂ්ක රෙජිනොල්ඩ් මෙසේ මුදා හළ අය වෙති.
සැකකරුවන් සිව් දෙනාට වෙන් වෙන්ව රුපියල් 25000 ක් බැගින් ඇප ද ලක්ෂ දෙක බැගින් වු ශරිර ඇප දෙක බැගින්ද නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ට මොන දඩුවම දුන්නත් කවුද අර සේවිකාවට නැති වුණ ජීවිතය දෙන්නෙ.පණ පිටින් අපායෙ යන්න ඕන මේ කරන ජරා වැඩ වලට. (ස)
බීමතින් කියන්නේ අව සිහියෙන් කියන එකනේ. එහෙම නම් මේ අයගේ ගෙදර අයවත් මේ අය දූෂණය කරනවනේ බීමත් වූ විට. මෙය සමූහ හා සැලසුම් සහගත කෙලෙසීමක් බැවි පෙනෙන්නේ. ආයෙත් මෙවැනි අපරාධ කරන්න බැරි වෙන්න සුදුසුම දඩුවම ලබා දිය යුතුයි. මෙම තොරතුරු අන්තර්ජාතික වශයෙන් අපේ රටට හානි කරන්න දඟලන අයට ලොකු පිටුවහලක්. එම නිසා මේ තත්වය වහාම නතර කල යුතුයි. (ස)
දැන් හැදේවි.? (ස)
මෙන්න මේ ඇප දිමයි, නඩු කල් යාමයි තමයි රටේ අපරාධ වැඩිවිමට ප්‍රධාන හේතුව. පොලිසියෙන් ආයුධ හොයද්දි වෙඩි වැදිලා මැරෙන හැම සැකකරුවෙක්ම වාගෙ ඇප පිට ඉන්නා අයයි. අපරාධ කරලා ඇප ගන්නවා ඊට පස්සේ හැංගිලා ඊට වඩා දරුනු අපරාධ කරනවා.(නදී)
කවද්ද අර පොර කුකුල්ලුන්ට ඇප දෙන්නේ. දැනටමත් කි දෙනෙක් ඉන්නවද දන් නෑ. (ස)
ලිපිය ප්‍රවේශමෙන් කියවන්න. කුමාරි මේ කාන්තාව මරල නැහැ. එක් අයෙක් දුෂණය කරලා තියෙනවා පානදුර හෝටලයකදී අනිත් අය උදව් කරලා තියෙනවා. මේ ළමයා කොළඹ හෝටලයක වැඩ කරන එකේ පානදුර හෝටල් වල මොනවද කරන්නේ. පානදුර හෝටලයට එයාව බලෙන් අරන් ගිය බවක් පැහැදිලි නැහැ. මේ වගේ කේස් වල අපි නොදන්නා පැත්තකුත් තියෙන බව සැලකිල්ලට ගත යුතුයි.(නදී)
කුමාරි ජීවිතය ලෙස අදහස් කරන්න ඇත්තේ ඒ ගැහැණු ළමයට සිදු වූ කැළලත්, මානසික පීඩනය වගේ දේවල් නිසා අනාගතයට මුහුණ දීමට ඇති අමාරුව වෙන්න ඇති. එම සේවකයන් ට්‍රිප් එකක් ගිහින් වැඩ කරන හොටෙල් එකෙන් පානදුරට. මම මීට කලින් දැක්ක නිව්ස් වල. කොහොම වුනත් මේ වගේ වැරදි කාරයින්ට මරණ දඩුවම දෙනවා නම් ඉස්සරහට ළමා අපචාර ස්ත්‍රී දුෂණ අඩු වෙයි.. දැනට කරන්න තියෙන්නේ මේ දුෂිත සමාජයෙන් පුළුවන් තරම් ආරක්ෂා වෙන එකත් හැකි සෑමවිට අනික් අයවත් ආරක්ෂා කරලා දෙන එකත් තමයි. වග කිව යුත්තන්ගේ ඇස් ඇරෙන්නේ කවදද කියල අපි දන්නේ නැහැනේ. (ස)
ලබන වර නඩු විභාග දිනය වන විට තව කි දෙනෙක් කෙලෙසාවිද ? මෙවැනි පාපතරයන් එලියට දැමීමෙන් ඔවුන්ට අනුබල දීමක් වගේ.(නදී)
මුන් ඔක්කොම හංගල තියෙන ආයුධ බලන්න ගෙනිච්චා නම් මෙවැනි අපරාධ අඩු වේවි ,.....ඇප අරන් එලියට ආපු එකා කොනක ඉඳල සාක්කි කාරයන්ව ඉවර කරලා දානවා ...ගහෙන් වැටුන මිනිහව අලියත් පෑගුවා වගෙයි. (ස)
සංජු, ඔයාගෙ ගෙදර කෙනෙකුටත් ඔහොම උනාම, දෙපැත්තම බලන්න. (ස)
අනේ අරාබිය කොතරම් නම් නීතිගරුකද? (නි)
මංගල, එතකොට අර කෙළෙසපු තරුණියට මොකද වෙන්නේ?ඔයාට පුලුවන්ද ඒක නිවැරදි කරන්න? මෝඩ කතා කියන්න එපා (නි)
කියන්න බැරි වෙන කතාවක් එතෙන උනේ.(නදී)
මට නම් පේන්නෙ මෙයා විහින්ම අමාරුවෙ වැටිලා වගෙයි. (නි)
අවයවය අවුරුදු පහක් අප්‍රාණික වෙන්න ඉන්ජෙක්ෂන් එකක් විදින්න ක්‍රමයක් ඕනේ. (ස)