IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සාපෙළට පන්ලක්ෂ හැත්තෑපන්දහසක්

අධ්‍යාපන පොදු සහතිත පත්‍ර සාමාන්‍ය   පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයින් පන්ලක්ෂ හැත්තෑ පන්දහස් එකසිය හතළිහක් ඉල්ලුම් කර අති බව විභාග කොමසාරිස් ඩබ්ලිව් . එන්. එම් . ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන හාර දහස් තුන්සීයක් ක් ඇති අතර මෙම ස්ථානවලදී පාසල් දරුවෝ තුන් ලක්ෂ අසූ හතර දහස් පනස් හයදෙනෙක් ද පෞද්ගලික අපේක්ෂකයෝ  එක් ලක්ෂ අනූ හතර දහස් අසූ හතරදෙනෙක් ද  අද  විභාගය සඳහා සහභාගී වෙති

විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම  අදියර දෙකකට සිදු කිරීමට නියමිත අතර  දෙසැම්බර් 30 වන දින සිට ජනවාරි 7 දක්වා පළමු අදියරත් නැවතත්  ජනවාරී 14 සිට ජනවාරි 22 දක්වා දෙවන ඇගීමත් සිදු කිරීමට නියමිතය.



අදහස් (0)

සාපෙළට පන්ලක්ෂ හැත්තෑපන්දහසක්

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 10 December 2013 02:57 PM

මෙතනින් භාගයක් උසස් පෙලට යයි. එයින් 24000ක් විශ්ව විද්‍යාලට. එයින් 4000ක් විවිධ රැකියාවලට. එහෙම බලන කොට සාර්ථකත්වයේ සම්භාවිතාවය 0.007. "ඇල්මෙන් අකුරු ඉගෙනිව් ඉදිරි වැඩ තකා" (ස)

:       0       0

රකිත් Tuesday, 10 December 2013 08:24 AM

ප්‍රශ්න පත්තරේ සමග උත්තරත් ලැබෙන එක තමයි ප්‍රශ්නේ. (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 10 December 2013 08:44 AM

පාර්ලිමේන්තුවේ, පළාත් සභා වල, ප්‍රාදේශීය සභා වල ඉන්න කී දෙනෙක් සා.පෙ. ට වාඩි වෙන්න ඕනෑද? ඒ අයට සා.පෙ. සමත් වීම අවම සුදුසු කමක් කළොත් නරකද? නැත්නම් රටටයි අපිටයි තමා සාපෙ. (නි)

:       0       0

ආරියරත්න Tuesday, 10 December 2013 08:46 AM

ප්‍රතිපල හිතාගන්න පුළුවන් (නි)

:       0       0

අජිත් Tuesday, 10 December 2013 08:52 AM

මෙන්ඩිස් මහත්මයා, යෝජනාව නම් හොඳයි. (නි)

:       0       0

සත්‍යා Tuesday, 10 December 2013 09:31 AM

මෙන්ඩිස් මහත්මයා පවා මා හිතනවා මා සමග එකඟ වේවි කියා. දේශපාලනයට මෑත එක් වූ නඩය මේ තරම් දුෂිත වුයේ අධ්‍යාපනයේ අවම සුදුසුකම්වත් නොතිබුන නිසා නොව සාරධර්ම වලින් පොහොසත් පවුල් අධ්‍යාපනයක් ඔවුන්ට නොලැබීම නිසා කියලයි මම හිතන්නේ. දැන් බලය අතට ගත් මිනිසුන් හැසිරෙන ආකාරය මුළු රටටම නින්දාවක්. (නි)

:       0       0

විජේ Tuesday, 10 December 2013 09:41 AM

ළමයි ඉතින් කොච්චර බලාපොරොත්තු සහගතවද සා.පෙ. ට වාඩි වෙන්නේ.අපිත් ඒ ළමයින්ගේ බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්‍රර්ථනා කරන්න ඕන. (ස)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 10 December 2013 04:05 PM

ඔබට සුභ පැතුම්, අද අධ්‍යාපනය අමුතුම දිසාවකට යොමු වෙමින් පවති මේ රටේ ජනප්‍රිය පාසල් වල තත්වය ක්‍රමයෙන් නැති වී යන ලකුණු පෙනේ. එයට හේතුව පහ වසරේ ශිෂ්‍යවත්ව විභාගයෙන් සමතුන්ට ජනප්‍රිය පාසල් අහිමි වීමෙන් දක්ෂ දරුවන් එම පාසල් වලට නොමැති වීම, තුලින් එම පාසල් වල තත්වය පල්ලම් බැසිම, දේශපාලකයන් එම පාසල් වල පුරප්පාඩු පිරවීම, හා ඉදිරියේදි ශිෂ්‍යත්ව විභාගයට කණ නොකා හැඩීම, මෙම ක්‍රමය ඉදිරියට පැවැතුනොත් රටේ ජනප්‍රිය පාසල් ක්‍රමයෙන් නැති වී, පුද්ගලික පාසල් ක්‍රමයෙන් ඉදිරියට ඒම වැලැක්විය නොහැක, දුප්පතා ඉවරයි(දිල්)

:       0       0

සරත් Tuesday, 10 December 2013 10:14 AM

මගේ අදහස දුප්පත් අයගේ ළමයි ගොවිතැනට දැම්මොත් රටට හොඳයි. (ස)

:       0       0

ඔකිත Tuesday, 10 December 2013 10:28 AM

සරත් මහත්තයෝ, දුප්පත් ළමයි ගොවිතැනට නම් පොහොසත් ළමයි පාතාලයට ද? (ස)

:       0       0

ඔකිත Tuesday, 10 December 2013 10:29 AM

දුප්පත් පොහොසත් කම මැනෙන මිනුම් දණ්ඩ කුමක්ද ? (ස)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 10 December 2013 11:01 AM

මෙම සා.පෙ.විභාගයට මුහුණදෙන මගේ පුතා ඇතුළු සියළු දූපුතුන් අති සාර්ථකව තම විභාග විෂයන් ලිවීමට සුබ පැතුම් එක් කරන අතර අපගේ දෙපාර්තමේන්තුවත් නාගන්නා නැතිනම් අනාගන්නා ඛේදවාචකවලට භාජනය නොවේවා යැයිද පතමි. (ස)

:       0       0

මෙන්ඩිස් Tuesday, 10 December 2013 11:39 AM

සත්‍යා - ඒ ගැනත් එකඟයි. අනිත් අතින් අධ්‍යාපනයක් නැති අයට බලය ලැබුනම වෙන්නේ ඔවුන්ගේ හීනමානය නිසාම ඔවුන්ට උගතුන් බුද්ධිමතුන් පෙන්නේ සතුරන් වගේ. ඔවුන්ට ඕන තමන් සියලු දෙනාට වඩා ඉහලින් ඉන්න බව පෙන්නන්න. හරියට ඡන්දෙ දෙන අය ඡන්දයත් එක්ක මොළයත් ඡන්ද පෙට්ටියට දානවා කියල හිතාගෙන. රටක නායකයින්ගේ හෝ මහජන නියෝජිතයින්ගේ අධ්‍යාපන මට්ටම කියන්නේ ඒ රටේ සහ ජනතාවගේ තත්වය ලෝකයට පෙන්නන මිම්මක්. අපේ රටේ පාර්ලිමේන්තු විවාද සහ වෙන රටක පාර්ලිමේන්තු විවාද වෙන විදිය බැලුවම අපිටම ලැජ්ජයි. සුදුස්සන් සුදුසු තැන්වල නොසිටීමත් ලොකු ගැටළුවක්.අපේ ඡන්ද දායකයෝ ඔක්කොටම වඩා හොඳයි. අපි දැන්වත් තේරුම් ගන්න ඕන පක්ෂ පාට කතාවල් ඇත ඇරලා නිසි අධ්‍යාපනයක් තියන වැදගත් පුද්ගලයින් පමණක් අපේ නියෝජිතයින් විදියට පත් කරගන්න. ඒ වගේ මිනිස්සු වැඩක් නොකලත් අඩුම තරමේ රටට හානියක් කරන එකක් නෑ. (ස)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 10 December 2013 12:42 PM

සරත් මහත්මයාට, කිව්වා කියලා හිතාගන්න. (ස)

:       0       0

ජගත් Tuesday, 10 December 2013 01:17 PM

ගණිතය ඉංග්‍රීසි ක්‍රෙඩිට් ගැනීමට සියල්ලන්ටම හැකිවේවා!!! (ස)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 10 December 2013 01:42 PM

උත්තරය අද තියෙන දේශපාලනයයි.(නදී)

:       0       0

දර්ශන Tuesday, 10 December 2013 07:14 PM

හැමෝම විභාග සමත් උනොත් අනාගතේ දී ගෙවල් හදන්න මිනිස්සු නැති වෙයි. එහෙම උනොත් බංගලි දේශයෙන්වත් ගේමු මිනිස්සු වැඩ කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 0 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 266 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 278 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 412 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 433 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 411 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site