සබරගමු විශ්ව විද්‍යාලයයේ සිසුන් සිව් දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම වළක්වාලමින් නිකුත් කැර ඇති අතුරු නියෝගය මේ මස 18 වැනි දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ඊ එම් එම් පී ඒකනායක,ටී එච් එන් චින්තක,එච් එම් ඩී ගුණසේකර හා එම් එල් ඩී එස් කුමාර යන සිසුන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කැර තිබු රීට් පෙත්සම සලකා බැලු අවස්තාවේදී මෙම නියෝගය නිකුත් කැරිණි.
එස් ශ්‍රී ස්කන්ධරාජා සහ මාලනී ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සළකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම අධ්‍යාපනික ආයතනයක රදා පැවැත්මට යහපතට දියුණුවට විනය කියන දේ ඉතාමත් වැදගත්.යම් වරදකට ආයතනයෙන් වැරදිකරුවන් වෙලා දඩුවම් ලබන අයට උසාවි වලින් ලිහිලක් දෙන්න ගියොත් ආයතන පවත්වාගෙන යන්න බැරි වෙනවා. මේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියා ඉගෙනීම ලබන අනෙක් සිසුන්ට වගේම ආයතනයේ පරිපාලනයටත් බලපෑමක් වෙනවා නම් උසාවිය මේ ප්‍රශ්නවලට මැදිහත් නොවී ඒ ආයතනයට ප්‍රස්නේ විසදා ගන්න ඉඩ අරින්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. (නි)
බන්දුල, ඔබට විශ්ව විද්‍යාලයකට යන්ට බැරි වුණ පමණින් මෙවැනි ආවේගශීලි ප්‍රකාශ කරන්න එපා. ඉගෙන ගන්න ළමයෙකුගේ අගය දන්නේ එවැනි උගතෙක්මයි. ඉතාම හොද තීරණයක්! (නි)
මම බන්දුලගේ කතාව අනුමත කරනවා.කිසි කෙනෙක් කැමති නැහැ අමානුෂික රැග්වලට. සියලු දෙනාටම ආත්ම ගරුත්වයක් තිබෙනවා. (නි)
නවක වදය අමනුෂ්‍ය ආකාරයට දෙන්නන්ට දැඩි දඩුවම් ලබාදිය යුතුයි (නි)
නවක වදයෙහි මනුස්සකම් අමනුස්සකම් නැහැ. කරන අයට දඩුවම් දෙන්නම ඕනෑ. (නි)
සමහර ප්‍රේතයෝ ආහාර සඳහා ඉල්ලන්නේම සෙම් සොටු. අලුතින් පිසූ බත් තියා පිළුණු බත් වලින්වත් උන් සැනහෙන්නේ නැහැ. ශිෂ්‍යයන්ගේ විනය ගැන කතා කරන අයට ශිෂ්‍යයන්ට ඇමතිකම් කරන අයගේ හැසිරීම් පෙනෙන්නේ නැතුවා නොවේ. (නි)
පද්මිනී, විශ්ව විද්‍යාල වලට නොගිය අය තමයි ගිය අයට රැකියාවල් දෙන්නේ. අන්න ඒක හොඳට මතක තියා ගන්න. විශ්ව විද්‍යාල වලට ගිය අය කරන්නේ අනුන් යටතේ රැකියාවක් කිරීම. මේක මම කියන දෙයක් නොවෙයි (නි)
අනේ බමුණු, විශ්ව විද්‍යාල වලට ගිය අයව රස්සා වලට ගන්නේ එයාලගේ බුද්ධිය හොදයි කියලා විශ්ව විද්‍යාලවලට නොගියපු මෝඩයෝ වගේ ඉන්න සල්ලිකාරයෝ දන්න නිසා. විශ්ව විද්‍යාල වල අය නැත්නම් මෙලෝ දහමක් දන්නේ නැති අයගේ බිස්නස් කඩා වැටෙනවා. අනික දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි විශ්ව විද්‍යාලවලට යන අය බිස්නස් පටන් ගැනීම. විශ්ව විද්‍යාලවල අයට බිස්නස් කරන්න අවශ්‍ය මූලික ප්‍රාග්ධනය දෙනවා නම් ලංකාවේ ඉන්න හොදම කෝටිපතියෝ වෙන්නේ එයාලා. (නි)
බුද්ධිය කියන දේ මුදල් කෝටියකටවත් මිලට ගන්න බැහැ. බමුණු යුගයේ අදහස් දරන ය දන්නවද "තිබු තැනක සොර සතුරන් ගත නොහෙනා... උගත මනා ශිල්පය මයි මතු රැකෙනා..;(දී)
බන්දුල මහත්තයෝ ඔය දැනගෙනද කතා කරන්නෙ..මේ හතර දෙනාට මෙහෙම උනේ සබරගමුවෙ පැවැත්ම,විනය ගැන විතරක් නෙවෙයි රාජ්‍ය විශ්වවිද්‍යාල වලට නවකයන් ඇතුලත් කර ගැනීමේදී අය කරපු අධික ගාස්තුවට එරෙහිව කතා කිරීමයි,අඩක් නිමකර තිබූ ගොඩනැගිලි විවෘත කිරිමට එරෙහි වීමයි නිසා..කවුද කියන්නෙ දැන් සිසුන් නිදහසේ ඉන්නව කියල.හිර ගෙවල් වල දාල වගේ කිසිම දෙයක් කතා කරන්න බෑ පන්ති තහනම් කරනව...දැනට 80ක්...බලන්න අඩ කෙලනියේ මොකද වෙලා තියෙන්නෙ කියල....(දී)
බන්දුල පෙරේරා සමග මාත් එකඟයි. අරගල කිරීමේ ශුද්ධ අයිතියක් විශ්ව විද්‍යාල සිසුන්ට තියෙනවා කියල ඔවුන්ගේ ඔලුවලට දාල තියෙන්නේ. හරි කියමුකෝ. ශුද්ධ අයිතියක් ලැබෙන්නේ පිරිසිදු දෙයක් කරනවානම් විතරයි නේද? නවක වදය දීම, අනික් සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම වැනි දේත් ශුද්ධ ක්‍රියාවන්ද? (දී)
සදුන් මහත්තයෝ..ඔයාල හිතන ලින් මැඩියෝ රටේ නැහැ..කොන්ඩේ බැදපු චීන්නුත් නැහැ.සබරගමුවේ වුනු සිදුවීම් අපි අපක්ෂපාතී කියන මාධ්‍ය වලින් දැක්ක පහු ගිය ටිකේ විස්තර ඇතුවම..මෙයාලව උසාවි යවපු අය මෙයාලගේ නඩු වලට වියදම් කරන අය ,මෙයාල වෙනුවෙන් පෙනී හිටින මාධ්‍ය ප්‍රකාශන කරන අය දැක්කම අපිනම් දන්නවා යටින් තියෙන බළල් අත මොකක්ද කියලත්.. මේ හතර දෙනා බළල් අත විසින් ඔවුන්ගේ අබිමතාර්ථ සපුරගන්න විශ්ව විද්‍යාල පද්දතිය තුල නිර්මාණය කරලා තියෙන මොළ සොදපු රුකඩ හතරක් පමනයි (දී)
සමන්, ඔය විශ්ව විද්‍යාලයට ගිය බව කරපු කතාවෙන්ම පෙනෙනවා. පටන් ගත් කුඩා ව්‍යාපාරය විශ්ව විද්‍යාල වලට ගිය අය ගන්න තත්වයට ගෙනාවේ එම මිනිසුන්ගේ බුද්ධියෙන් මිස විශ්ව විද්‍යාලය නිසා නොවෙයි (නි)
"අනික දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි විශ්ව විද්‍යාලවලට යන අය බිස්නස් පටන් ගැනීම. විශ්ව විද්‍යාලවල අයට බිස්නස් කරන්න අවශ්‍ය මූලික ප්‍රාග්ධනය දෙනවා නම් ලංකාවේ ඉන්න හොදම කෝටිපතියෝ වෙන්නේ එයාලා." මෙන්න තවත් මෝඩ කතාවක්. ප්‍රාග්ධනය ලැබුණු පලියට ව්‍යාපාර පටන් ගන්න බැහැ. එහෙමනම් මමත් ලොකු ව්‍යාපාරිකයෙක්. (නි)
"උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" කිව්වට මතුවට රැකගන්න දැනුම දුන්නු තැන රැකගන්න එකත් අපේ යුතුකම.එක තමයි සරසවි ශිෂ්‍යා අරගල කරන්නේ. එවුන් ඉල්ලනේ කැම්පස් එකෙන් තමන්ගේ නමට ඉඩම් කෑල්ලක් නෙවේ. තමන්ගේ අධ්‍යයන හා සුභසාධන ගැටළු වලට විසදුම්. ඒවා දුන්නනම් ඔය ප්‍රශ්න වලට උත්තර නිකන්ම හම්බෙයි මහත්තයෝ.(අ)