ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ගේ සත්‍යග‍්‍රහ අට්ටාටාලයට ප‍්‍රහාරය එල්ල කළැයි කියන ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍ර ඇතුළු පස්දෙනෙක් බළන්ගොඩ පොලිසියට බාරවිය.
ඉකුත් 10 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් සත්‍යග‍්‍රහයේ යෙදී සිටියදී කඩු පොලූ රැගෙන අට්ටාලය ගිනිබත් කර සිසුන්ටද පහරදී ප‍්‍රදේශයේ වෙළඳසලකට හා එහිවූ පුද්ගලයෙකුටත් තී‍්‍රරෝද රථ දෙකකටද පහර දුන් බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපුන් මදුරංග මල්ලිට කවුද ඕක කියල දුන්නේ ..අන්තරේ අය්යලද..එයිට එහායින් ඉන්න අයියලද..අපිනම් මේ තරම් කාලෙකට එහෙම දෙයක් දන්නේ නැහැ..දන්නේ තියෙන දේ මුන් විනාශ කලා කියල විතරයි..ඉදිරියටත් විනාශ කරනවා කියන ඒක විතරයි..71/88/89 දී මල මිනි ගොඩ ගැහුවේ නිදහස් අධ්‍යාපනේ රැක ගන්නද? බයිලා එපා මල්ලි.. සුප්පුවක් කටේ ගහගෙන බුදිය ගන්න අම්මට කියල නැලවිලි ගීයක් කියව ගෙන..දෙයියනේ කියල සරසවියට එන සිසුන්ට නිදහසේ ඉගෙන ගන්න සරසවියක් විතරයි අපිට අවශ්‍ය ..පව් නොදී පුලුවන්නම් ඔය ධර්මෙත් එක්ක ඕකෙන් චුත වෙලා යන්න..නිදහස් අධ්‍යාපනේට කරන්න පුළුවන් ලොකුම උදව්ව හා සේවාව ඒක..
බන්දුල කවදාවත් ඉස්කෝලෙකට ගිහින් නැති නිසා නිදහස් අධ්‍යාපනය ගැන එයා දන්නේ නෑ. (අ)
නැති හින්ද තමයි සජානි මේ දේශපාලන හිකනලුන්ගෙන් සරසවි ටික බේරා ගන්න මෙච්චර කෑ ගහන්නේ. අපේ ළමයින්ටත් යනවා නම් යන්න සරසවියක් ඉතුරු කරගන්න ඕන නිසා. සජානි ගේ වයස කියාද? සජානි දන්නවද අන්තරේ ඉතිහාසය සහ එයාලගේ ස්වාමීන්ගේ ඉතිහාසය..එයාල සරසවි ළමයින්ට උරුම කරලා දුන්නු දායාද....මළමිනී විතරයි..වෙන දෙයක් නම් නැහැ.. .සජනිල වගේ එෆ් බි වලින් ලෝකේ දකින අය ඔහොම අහන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.. (නදී)
සුපුන් ඔබට පින්. ලංකාවෙන් බාගයක් හෝ කොමිස් ඉල්ලන්නේ නැහැ. ඔවුන් ඉල්ලන්නේ සාදාරනය. දෙමව්පියෝ මේ ගැන හිතන්න. (නදී)
අනේ සමන්ති, අපිට නම් ඇති ඊර්ෂ්‍යාවක් නැහැ. මොකද එහෙමහරි දෙයකට සුදුසු වෙන්නේ මීට දශක කීපයකට පෙර ඔය තැන් වලට ගිය මිනිස්සු. දැන් ඉන්නේ උසස් පෙළට ඒ 3ක් සහ ප්‍රායෝගික බුද්ධියට එෆ් එකක් සහිත කට්ටිය බව දැනගෙන මොකට ඊර්ෂ්‍යා කරනවද ? (නි)
මොනවා වුණත් වැරැද්ද පිළිගෙන බාරවෙච්ච එකත් ලොකු දෙයක් (නි)
බන්දුල පෙරේරාගේ ළමයි ඉගෙනගන්නේ ජාත්‍යන්තර පාසල් වලද කියලා දැනගන්න කැමතියි (නි)
මේකේ අවසානය මොකක් වෙයිද කියලයි මට බය (නි)
බාරවෙන්න ආවාට අපරාදේ පොලිසිය මේ කටිටිය බාරගත්තේ.පොලිසිය ඇතුලේ මේ කට්ටිය හිටිය සිංහ සෙයියාව දැක්කම මුලු රටම ගැන අනුකම්පාවකුත් පොලිසිය ගැන දුකකුත් ඇතිවුණා.ආඩම්බරයක් ඇතිවෙනවා අප රටේ කොයිතරම් නිදහසක් තියනවාද කියලා. (නි)
විස්වා විද්‍යාලයකට ගිය කෙනෙක් විඳි කටුක සුන්දරත්වය අනිත් අයට තේරෙන්නේ නැහැ. යන්න බැරිවූ අය ඊර්ෂ්‍යාවෙන් බලන්නේ.ඔවුන්ට පෙනෙන්නේ ඇමතිවරුන්ගේ සුරංගනා කතා (නි)
බන්දුල පෙරේරා සහ ලංකා තිලක් මහත්වරුන් සමඟ මමත් 100% ක් එකඟයි. මේ මන්ත්‍රීවරු කර තිබෙන්නේ වරදක් වෙන්න පුළුවන්. හැබැයි ඔය අට්ටාලවල නඟින කට්ටිය කරන්නේ ඊට වඩා බරපතල වරදක්. කීප දෙනෙක් එකතුවෙලා, අවංකවම ඉගෙනගන්න එන අහිංසක ගමේ තරුණ තරුණියන්ව නිකමුන් කරන්න වලිකනවා. රැකගන්න හදනවා කියන නිදහස් අධ්‍යාපනයත් විනාශ කරනවා. (නි)
ඇතිහැකි කෙනා දන්නේ නැහැ ඇත්ත තත්ත්වය. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දන්නෙත්,එය ආරක්ෂා කරගෙන අනාගත පරපුරටත් එය ඉතිරි කරන්න දඟලන්නෙත් නැතිබැරි එකා මිස ඇති හැකි එකා නොවෙයි. ලංකා තිලක්ලා, බන්දුල පෙරේරලා වැනි ඇතිහැකි උත්තමයින් කියන දේවල් වලට මගේ පුතාලා උරණ වියයුතු නැහැ. (නි)
දැන් මේ අයගෙන් අහලා මේ අයව යවපු මහ උන්ගේ නම් ටික මාධ්‍යට දෙන්න (නදී)
අපි තොත්ත බබ්බු නෙමෙයි රනිල් මහත්තයෝ..ඔයාලගේ ඔය දර්ශනේ එදා ඉදලම විශ්ව විද්‍යාල පද්ධතියට විනාශය ගෙනාව මිසක් මොනවා කටක් ඇරලා කියන්න ද අරන් දීපු දෙයක් තියෙන්නේ.මළමිනී ගොඩක් මිසක්... රජයෙන් කොහොමත් විශ්ව විද්‍යාලවලට වෙන් කරන ප්‍රතිපාදන ඒවාට ලැබෙනවා.. ඔයාල ඉල්ලනවා කියල රජයන් කිසිවක් කිසි දෙයක් දීල නැහැ.. ඒවා ඔයාල ඔයාලගේ බිලට කඩා ගෙන අනෙක් සිසුන් අන්දන්න හැදුවට..නිදහස් අධ්‍යාපනේ කියන්නේ අයිතිවාසිකමක් නෙමෙයි..රජයක් විසින් සලසන සේවාවක් පමණයි.මේ සේවාව බලහත්කාරෙන් ලබන්න බැහැ. හැමදේම නිකන් දීපියව් , ඉන්න දීපියව්,කන්න දීපියව්, නිදහස් අධ්‍යාපනේ දුන්නනම් එලියට යනකොට රස්සාවත් දීපියව් කියන මේ සිසුන් හෙට අනිද්දා කියාවි එලියට යනකොට කසාදෙකුත් රජයේ විදමින් කරලා දීපියව් කියල..ලැජ්ජයි ..දුකයි..හිරිකිතයි මහත්තයෝ..නිදහස් අධ්‍යාපනේ බිහිවුනේ ඔය පරමාර්ථයෙන් නෙමෙයි..මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සරසවියේදී අහෝසි කරලා සියලුම සිසුන් යම් ණය මුදලකට යටත්ව ඉගෙනුම ලබල ඒක රැකියාවෙන් ලබන වැටුපෙන් අයකර ගන්න ක්‍රමයක් සකස් වන තුරු ඔය විශ්ව විද්‍යාල මොන පහසුකම දුන්නත් ඔච්චර තමයි.ගොදුරු සොයන්නන්ගේ සොදුරු දඩබිමක්.සමාජය ගැන මෙලෝ හසරක දැනීමක් නැතුව සරසවියට එන අහිංසකයන් අන්ගුලිමාලයෙක් කරන්න මේ ගොදුරු සොයන්නෝ හරි දක්ෂයි...(අ)
අපරාදේ තව නින්ජා ප්‍රහාරයක් එල්ල කරලම බාර වෙන්න තිබුනේ..වැඩේ ඉවරයක් කරල සරසවිය අනෙක් සිසුන්ට නිදහස් කරලා දීලම.... එහෙනම් මෙයාලගේ නම් රන් අකුරින් සබරගමුවේ ලිය වෙනවා.. දේසපාලන කොන්ත්‍රාත්කර මැර සිසුන්ගේ සරසවිය බේරා ගෙන ළමුන්ට නිදහසේ ඉගෙන ගන්න වාතාවරණය සකස්කරලා දුන්න වීරයන් හැටියට..වැඩේ බාගෙට කරලා පැන්න එකටනම් මුන්ට එලෝ එලෝ ගහන්න ඕන .... (ස)
කිසිම පරීක්ෂනයක් පවත්වන්න උවමනා නැහැ. මාධ්‍ය විසින් එස්.බී දිසානායකගේ කතාව මුළු රටටම පෙන්නුම් කළා. ඒ ඇතිනේ (නදී)
පහරදීම විතරක් නෙමෙයි. බලදාරින් කියන විදිහට මේ අය අනවසරයෙන් සරසවි භූමියට ඇතුළු වෙලා. බලදාරින් කියන්නේ අට්ටාලය තිබුනෙත් සරසවියට අයත් තැනකලුනේ. (නදී)
මමත් මේ විශ්ව විද්‍යාලයේ උපාධිය ලබපු කෙනෙක්. ඉස්සර මේ වගේ පහසුකම් ගොඩනැගිලි තිබුනේ නැහැ. අද ඔය ඉදිකරලා තිබෙන දේවලුත් ඉදිරියට ගොඩනගන දේවලුත් බන්දේසියක තියල දීපු දේවල් නෙවෙයි. හරිම අමාරුවෙන් ශිෂ්‍යයෝ මහපාරේ සටන් කරලා ගත්ත දේවල්. අපි අවුරුදු 03ක් උපාදිය අවසන් කරන කොට අවුරුදු 05 කිට්ටු උනා. මෙහෙම ලියන කොට ඕනේ තරම් විවේචන තියෙන්න පුළුවන්. නමුත් අැත්ත එ්කයි. නමුත් අද සමාජය මේවා දකින්නේ වෙනත් විදියකට. අර හැම දෙයක්ම දිහා බලන ක්‍රමේට තමයි පාට කන්නාඩි වලින් බලන්නේ. අැත්තම කියනවා නම් මෙම අරගල කරනකොට දේශපාලනය ගෑවෙනවා තමයි. මොකද අපේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් හදුනාගත් දේශපාලකයන් සහයෝගය දෙනවා. මට මතකයි අපට එක වතාවක් මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ගෙන ගියේ එවකට ජේ.වී.පී මන්ත්‍රී වරයකු වු අචල ජාගොඩ. එවෙලේ රතනපුර නියෝජනය කරන ප්‍රදාන අැමතිවරයකු අහල තිබුනා ඔය විශ්ව විද්‍යාලය තියෙන්නේ සබරගමුවේ නෙවෙයි නේද කියලා. එහෙම පසුබිමක් අනුවයි මේ දුර අැවිත් තිබෙන්නේ. මේ හැම දේකදිම අපට උදව් කරපු ආචාර්යවරු හා ගම්වාසීන් පිරිසක්ද හිටියා. ඔවුන්ද සිහිපත් කළ යුතුයි (නදී)
සුපුන් මදුරංග කොලුවාගේ වචන ටික ලංකාදීප පත්තරේ මුල් පිටුවේ ලොකු අකුරෙන් දාන්න වටිනවා විශ්ව විද්‍යාල කොල්ලන්ට ගහන පාතාලේ අයටත් උන්ව ආරක්ශා කරන අයටයි ඉගෙනගන්නේ නිදහස් අධ්‍යාපනයෙන් බව තේරුම් යන්නත් එක්ක. (අ)
රට නැවුම් මාවතකට හරවන්න සුදුසුම කාලය ඇවිත්. අපේ රටේ මිනිස්සුනේ තව තව මේවා බල බලා සුසුම් හලමුද ? නැත්තනම් අපි හැරෙමුද ? මේක දැක්කම මට මතක්වෙන්නේ අර පරණ කියමන. " ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිංහලුනේ " කියලා. (ස)
හැමෝම මේක දිහා බලන්නේ පාට පාට ඇස් කන්නාඩි දාගෙන. එහෙම නෙවි. හරියට ප්‍රශ්නය දිහා බලන්න. ඒ ඉන්නෙත් ඔයාලගේම පුතෙක් දුවෙක්, සහෝදරයෙක් සහෝදරියක් කියල හිතල බලන්න. එයාල ඉල්ලන්නේ මේ රටේ පාලනය/බලය නෙමෙයි. අපිට තියනවා වගේම එයාලටත් තියෙනවා යුතුකම් හා වගකීම්. මෙන්න මේ යුතුකම් හා වගකීම් නැති උනාම තමයි සමාජයේ ප්‍රශ්ණ වැඩිවෙන්නේ (නදී)
විශ්ව විද්‍යාල සිසුන්ගේ දහසක් කැපවීම නිසා තමා අපේ රටේ අද්‍යාපනය මේ විදියටවත් ඉතුරුවෙලා තියෙන්නේ. සිසුන්ගේ ලේ මස් දන් දීලා ආරක්ෂා කරගත් නිසා නිසා තමා ඔය අට්ටාල ගලවපු මහත්වරුන්ගේ දරුවන්ටත් තවම ඉස්කෝලෙක කියා යන්න පුලුවන්කම තියෙන්නේ (නදී)
අනේ අපේ ලොක්කා එදා පන්සල් ගිහිල්ල හිටියේ. හැම පෝයටම සිල් ගන්නවා. කුරා කුහුබියෙකුටවත් හීනෙන්වත් අනතුරක් කරන්නේ නෑ. (නදී)