IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සබරගමුවෙත් වෙනසක්?

සබරගමු පළාත් සභාවේ බලයද ඉදිරි දින කිහිපය තුළ වෙනස්වීමේ  අවදානමක් ඇති අතර මීළඟ රැස්වීම ලබන මස දෙවෙනි දින දක්වා කල් තබා ඇති අතර සභා රීති අනුව දෙසතියකට වරක් රැස්විය යුතු පළාත් සභාව මෙසේ මසක කාලයකට කල් තැබුවේ බල පෙරළියක සේයාවක් දිස්වු නිසා දැයි සැකයක් පවතින බව පළාත් සභා ආරංචි මාර්ග කියයි.

මේ අතර මහ ඇමැති මහීපාල හේරත් සියපුත් කෑගල්ල දිස්ත‍්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා ද පවුලේ තවත් හතර දෙනෙකුද ඇතුළුව කටුනායක ගුවන් තොටුපළින් විදෙස්ගතව ඇත.

සබරගමු පළාත් සභාවේ බලය හිමි එක්සත් ජනතා නිදහස් සංධානයට එහි මන්ත‍්‍රී ධුර හතළිස් හතරෙන් තිහක් හිමිය. විපක්‍ෂයේ එක්සත් ජාතික පක්‍ෂයට හිමිව ඇත්තේ මන්ත‍්‍රී ධූර දාහතරකි. ආණ්ඩුපක්‍ෂයේ සභා නායක ජයතිස්ස රණවීර මහතා මැතිවරණයට පෙර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වු නිසා විපක්‍ෂයට මන්ත‍්‍රීවරුන් 15කගේ සහාය හිමිව ඇත. නමුත් බලය වෙනස් කිරිමට තවත් මන්ත‍්‍රීවරු අට දෙනෙකුගේ සහාය අවශ්‍යය.

මේවනවිට එම අවශ්‍ය අටදෙනා රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකෙන් කැමැත්ත පළකර ඇති බවත්, ඔවුන්ගෙන් කැමැත්ත පළකර දිව්රුම් ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු සබරගමුවේ නව මහ ඇමැතිධූරය පිළිබඳ එකඟත්වයකට පැමිණ බලය වෙනස් කිරිමට කටයුතු ඉදිරි සතිය තුළ සිදුකෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ අතර හිටපු රජයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇමතිවරයෙක් ඔහුගේ ඥාතියෙකුවූ සබරගමු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුවන ඥාතියෙකුගේ නිවසේදී පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දුන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරු කිහිප දෙනෙකු ද, ශාඛා, වෘත්තීය, සහ වෙනත් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයට සම්බන්‍ධ සංවිධාන ප‍්‍රබලයන් සමග සාකච්ඡාවක් පවත්වා කොන්දේසි කිහිපයක් මත මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

සබරගමුවෙත් වෙනසක්?

මොහොමඩ් ඛාන් Thursday, 15 January 2015 10:57 AM

ඡන්දෙට ඉස්සල්ලයි කොන්දේසි මත සහාය දෙන්න තිබුනේ.දැන් මොන කොන්දේසිද වැලයන අතට මැස්ස ගහනවා ඇරෙන්න.(හේ)

:       0       0

අතුළ Thursday, 15 January 2015 11:41 AM

කෑගල්ල නගරයේ හෝටලයක කැෂියර් ලෙස සේවය කල පුද්ගලයෙක් කෝටිපතියෙක් වුයේ කෙසේදැයි සොයන්න කාලය ඇවිත්. (නදී)

:       0       0

රාජා ගුණවර්ධන Thursday, 15 January 2015 12:23 PM

ඔහොම ඔහොම ගිහින් යාපනය වෙනස්වුණ දාටයි හැමෝටම ආපසු හැරිලා බලන්න වෙන්නේ (නි)

:       0       0

සමන්ති Saturday, 17 January 2015 03:01 PM

වික්‍රම,පළාත් සබාවල පත්වීම් දෙන්නේ, රැස්වීම් තියන්නේ හෝටල්වල. (නදී)

:       0       0

දර්ශන Thursday, 22 January 2015 02:31 PM

එම කාලය තුල හමුදාපතිවරයෙක් හිටියේ නැහැ. සේනා විදායක වරයෙක් වශයෙන් මහින්ද මහත්තය තමයි හිටියේ. එතුමා තමයි යුද්දෙට නායකත්වය දුන්නෙත් (නදී)

:       0       0

අජිත් Thursday, 15 January 2015 01:47 PM

එහෙනම් ඒකත් එහෙමයි.... (නි)

:       0       0

සදාජිත් වික්‍රම Friday, 16 January 2015 04:15 PM

අතුළ පළාත් සභාවයි හෝටලයයි අතර ඇති වෙනස මොකක්ද ? (නදී)

:       0       0

නන්දලාල් Thursday, 22 January 2015 11:00 AM

පළාත් සභාවයි හෝටලයයි අතර ඇති වෙනස මොකක්ද ?]දෙකටම ඇතුල් උනාම හොඳට කන්න පුළුවන් නේ !!!! එක තැනකදී හොඳට බඩ පුරෝගන්න පුළුවන්. අනිත් තැනදී සාක්කු පුරෝගන්න පුළුවන් හොඳට. හොඳට පුරෝගන්න තමා දෙපොළටම යන්නේ ......(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 506 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 56 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 402 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 495 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 699 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 993 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site