IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සබරගමුවෙන් නවසියයක් උපාධි ලබති

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ 15 වැනි උපාධි ප්‍රදානෝත්සවය අදයි. කෘෂි විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, කළමනාකරණ, සමාජයීය විද්‍යා හා දියතලාව යුද හමුදා පිඨයන්හි 900 ආසන්න පිරිසක් උපාධිය ලබති. සබරගමුව විශ්ව විද්‍යාලයයේ ප්‍රථම උපකුලපති මහාචාර්ය දයානන්ද සෝමසුන්දර, විද්‍යානිධි මහාචාර්ය එස්.ඒ. කුලසුරිය මහත්වරු ද මහාචාර්ය මොහාන් මුණසිංහ ද සම්මාන ආචාර උපාධි ලබති.

කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන්, උපකුලපති මහාචාර්ය මහින්ද එස් රූපසිංහ මහතා අභිමුඛයේදී උපාධි උළෙල පැවැත්වේ. විශේෂ කුසලතාවයන් දැක් වු 16 දෙනෙක් මෙදින රන්පදක්කම් ලැබූහ. පීඨ 5ක සිසුහු 900කට ආසන්න පිරිසකගෙන් 28 දෙනෙක් ප්‍රථම පන්තියේ උපාධිය ද 122 දෙනෙක් දෙවනපෙළ ඉහළ සමාර්ථයද ලැබූහ.

 



අදහස් (0)

සබරගමුවෙන් නවසියයක් උපාධි ලබති

ප්‍රදීපා Saturday, 07 September 2013 02:56 AM

හරීම ලස්සනයි. ගොඩක් කාලෙකට පෙර පේරාදෙණියේදී අපි උපාධිය ලබාගත් හැටි මතක්වෙනවා. ඒක අපිට වගේම අපේ දෙමාපියන්ටත් ඉතාම සතුටුදායක අවස්ථාවක්. නමුත් මගේ පළමු වසරේදීම මගේ පියාණන් හදිසියේ මියගිය නිසා මේ සතුට එතුමන්ට අත්විඳින්න බැරි වුණා. (නි)

:       0       0

බමුණු Saturday, 07 September 2013 03:19 AM

අර ස්කොට් අයගේ සම්බන්ධය මොකක්ද මෙතනට. (නි)

:       0       0

උලම් Saturday, 07 September 2013 07:32 AM

සරසවි යා ගන්න බැරිවුණ අය මොනවා කියනවා ඇද්ද? ඔය උඩ ඉන්න කුමාර වගේ. (නි)

:       0       0

රෝහිත Friday, 06 September 2013 05:40 PM

වැඩේ හොදයි (නි)

:       0       0

රානා Saturday, 07 September 2013 08:42 AM

ප්‍රදීප්, මටත් ඔයාට මෙන්ම පියාණන් නැතිව පේරාදෙනියෙදීම උපාදිය ගන්නකොට දුක හිතුනා. ඒත් වසර හතරෙන් ගන්න තිබුන එක වසර හතකින් විතර ගන්න උනේ විප්ලව කරන්න ගිහින්. ඒත් විප්ලවයෙන් එදා ලැබුන දේවළුත් නැතිව නෙමෙයි තම රටේ නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙන්නේ ධවල පත්‍රිකාව හකුලා ගත්ත නිසා.(නදී)

:       0       0

පද්මිණී Saturday, 07 September 2013 10:29 AM

සරසවි මතෘකා අලුත් වුණා. සුන්දරයි. සිහිනෙන් ගෑ සුවදක් වගේ.(නදී)

:       0       0

ලිනුකා Saturday, 07 September 2013 10:41 AM

නියමයි, සුභ පැතුම්!(නදී)

:       0       0

අනුර නාවලපිටිය Friday, 06 September 2013 07:38 PM

ඔබ සැමට ජයවේවා සුබපැතුම් (දී)

:       0       0

කුමාර Friday, 06 September 2013 07:54 PM

කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය දීල බලාපොරොත්තු වුණ දෙය අපේ උගත් උදවිය තේරුම් ගත්ත නම් අද අපි ලෝකයේ වාසනාවන්තම රට වෙලා . (අ)

:       0       0

ධම්ම Saturday, 07 September 2013 12:12 PM

මා පුතාට ලියු කවියක් මතක් උනා. "පියා එතෙර සිට හෙලු දහඩිය ගොන්න. සකසුරුවම මවගෙ මල්පල ගන්වන්න. දොරකඩ සිටින මල්ලිට ඇතුලට එන්න. ගිය කාරණය කරගෙන එළියට එන්න". දැන් මගේ පුතා විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක්. මල්ලී ඉංජිනේරුවෙක්.(නදී)

:       0       0

ප්‍රියා Saturday, 07 September 2013 12:48 PM

මේවගේ උගත් ජන සමාජයක් බිහිකර දීමට දායක උන ආචාර්ය හා මහා ආචාර්ය ඇතුළු ඔබ සැමට සුබ අනාගතයක් !(නදී)

:       0       0

සන්ධ්‍යා Friday, 06 September 2013 02:42 PM

අපිට හරිම සතුටුයි දැකීමත්.(නදී)

:       0       0

ධනුකේ Friday, 06 September 2013 02:45 PM

ජයෙන් ජයම වේවා ඔබ සැමට. උණුසුම් සුබ පැතුම්. (නදී)

:       0       0

සමන් Friday, 06 September 2013 02:48 PM

හලෝ හොද ෆොටෝ ටිකක් දාන්න.(නදී)

:       0       0

සරත් Friday, 06 September 2013 02:59 PM

යහපත් මිනිසුන් වශයෙන් සමාජය යහපත් මෙහෙවරක් කිරීමට ඔබ සියලුම දෙනාට හැකිවේවා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 September 2013 03:02 PM

ඔන්න දැන් පුළුවන් මගේ දුලා , පුතාලට හිතේ හැටියට උද්ඝෝෂණ හර්තාල් කරන්න අසාදරණයට විරුද්දව , මොකද දැන් ඉගෙනගෙන ඉවර නිසා , ඉගෙන ගන්න කාලේ ඩෙගා නටන්නේ නැතුව හරියට කළා නම් ඔය අටමගලේ අවුරුද්දකට කලින් ගන්නවනේ. මොනවා උනත් රටේ උගත් දරුවන්ට සුබ පතනවා.(නදී)

:       0       0

චන්දි Sunday, 08 September 2013 10:21 AM

ධම්ම .. ඔයාගේ කවියට මගේ මුළු හදවතම පිච්චුනා වගේ වුනා !!!! ඔයාගේ පුතාටත්,මල්ලිටත්.,යෝද බල, යෝද ශක්තිය ''ලැබේවා '' යනු මගේ අවංක පැතුමයි (ඔබලාට දිගාසිරි) (දී)

:       0       0

නීල් රණා Friday, 06 September 2013 03:29 PM

ඕනෑවට වඩා කිසිවක් ඕනෑ නැති නිසා අතිරික්ත ධජ පතාකත් ඔසවාගෙන නොගියා නම් හොඳයි. (නි)

:       0       0

යංසි Tuesday, 17 September 2013 02:41 PM

අපේ දවසත් මතක් වෙනවා මේක දකිනකොට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 719 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1007 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 200 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4823 5

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1560 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31048 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23740 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 429 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site