ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ 15 වැනි උපාධි ප්‍රදානෝත්සවය අදයි. කෘෂි විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, කළමනාකරණ, සමාජයීය විද්‍යා හා දියතලාව යුද හමුදා පිඨයන්හි 900 ආසන්න පිරිසක් උපාධිය ලබති. සබරගමුව විශ්ව විද්‍යාලයයේ ප්‍රථම උපකුලපති මහාචාර්ය දයානන්ද සෝමසුන්දර, විද්‍යානිධි මහාචාර්ය එස්.ඒ. කුලසුරිය මහත්වරු ද මහාචාර්ය මොහාන් මුණසිංහ ද සම්මාන ආචාර උපාධි ලබති.
කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන්, උපකුලපති මහාචාර්ය මහින්ද එස් රූපසිංහ මහතා අභිමුඛයේදී උපාධි උළෙල පැවැත්වේ. විශේෂ කුසලතාවයන් දැක් වු 16 දෙනෙක් මෙදින රන්පදක්කම් ලැබූහ. පීඨ 5ක සිසුහු 900කට ආසන්න පිරිසකගෙන් 28 දෙනෙක් ප්‍රථම පන්තියේ උපාධිය ද 122 දෙනෙක් දෙවනපෙළ ඉහළ සමාර්ථයද ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරීම ලස්සනයි. ගොඩක් කාලෙකට පෙර පේරාදෙණියේදී අපි උපාධිය ලබාගත් හැටි මතක්වෙනවා. ඒක අපිට වගේම අපේ දෙමාපියන්ටත් ඉතාම සතුටුදායක අවස්ථාවක්. නමුත් මගේ පළමු වසරේදීම මගේ පියාණන් හදිසියේ මියගිය නිසා මේ සතුට එතුමන්ට අත්විඳින්න බැරි වුණා. (නි)
අපේ දවසත් මතක් වෙනවා මේක දකිනකොට (නි)
ධම්ම .. ඔයාගේ කවියට මගේ මුළු හදවතම පිච්චුනා වගේ වුනා !!!! ඔයාගේ පුතාටත්,මල්ලිටත්.,යෝද බල, යෝද ශක්තිය ''ලැබේවා '' යනු මගේ අවංක පැතුමයි (ඔබලාට දිගාසිරි) (දී)
මේවගේ උගත් ජන සමාජයක් බිහිකර දීමට දායක උන ආචාර්ය හා මහා ආචාර්ය ඇතුළු ඔබ සැමට සුබ අනාගතයක් !(නදී)
මා පුතාට ලියු කවියක් මතක් උනා. "පියා එතෙර සිට හෙලු දහඩිය ගොන්න. සකසුරුවම මවගෙ මල්පල ගන්වන්න. දොරකඩ සිටින මල්ලිට ඇතුලට එන්න. ගිය කාරණය කරගෙන එළියට එන්න". දැන් මගේ පුතා විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක්. මල්ලී ඉංජිනේරුවෙක්.(නදී)
නියමයි, සුභ පැතුම්!(නදී)
සරසවි මතෘකා අලුත් වුණා. සුන්දරයි. සිහිනෙන් ගෑ සුවදක් වගේ.(නදී)
ප්‍රදීප්, මටත් ඔයාට මෙන්ම පියාණන් නැතිව පේරාදෙනියෙදීම උපාදිය ගන්නකොට දුක හිතුනා. ඒත් වසර හතරෙන් ගන්න තිබුන එක වසර හතකින් විතර ගන්න උනේ විප්ලව කරන්න ගිහින්. ඒත් විප්ලවයෙන් එදා ලැබුන දේවළුත් නැතිව නෙමෙයි තම රටේ නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙන්නේ ධවල පත්‍රිකාව හකුලා ගත්ත නිසා.(නදී)
සරසවි යා ගන්න බැරිවුණ අය මොනවා කියනවා ඇද්ද? ඔය උඩ ඉන්න කුමාර වගේ. (නි)
අර ස්කොට් අයගේ සම්බන්ධය මොකක්ද මෙතනට. (නි)
අපිට හරිම සතුටුයි දැකීමත්.(නදී)
කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය දීල බලාපොරොත්තු වුණ දෙය අපේ උගත් උදවිය තේරුම් ගත්ත නම් අද අපි ලෝකයේ වාසනාවන්තම රට වෙලා . (අ)
ඔබ සැමට ජයවේවා සුබපැතුම් (දී)
වැඩේ හොදයි (නි)
ඕනෑවට වඩා කිසිවක් ඕනෑ නැති නිසා අතිරික්ත ධජ පතාකත් ඔසවාගෙන නොගියා නම් හොඳයි. (නි)
ඔන්න දැන් පුළුවන් මගේ දුලා , පුතාලට හිතේ හැටියට උද්ඝෝෂණ හර්තාල් කරන්න අසාදරණයට විරුද්දව , මොකද දැන් ඉගෙනගෙන ඉවර නිසා , ඉගෙන ගන්න කාලේ ඩෙගා නටන්නේ නැතුව හරියට කළා නම් ඔය අටමගලේ අවුරුද්දකට කලින් ගන්නවනේ. මොනවා උනත් රටේ උගත් දරුවන්ට සුබ පතනවා.(නදී)
යහපත් මිනිසුන් වශයෙන් සමාජය යහපත් මෙහෙවරක් කිරීමට ඔබ සියලුම දෙනාට හැකිවේවා.(නදී)
හලෝ හොද ෆොටෝ ටිකක් දාන්න.(නදී)
ජයෙන් ජයම වේවා ඔබ සැමට. උණුසුම් සුබ පැතුම්. (නදී)