ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 2009 ඉන්දියාවේ ගිය ගමන සම්බන්ධයෙන් දැන් වැඩ තහනම් කර ඇත්තේ ගුරු සංගමයෙන් පළි ගැනීමට යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ඔහු නියමිත පරිදි නිවාඩු අයදුම්පත් භාර දී ඇතැයි ද, ඒ බව ඔප්පු කිරීමට සාක්කි ඇතැයි ද ස්ටාලින් මහතා පවසයි.
ප්‍රියන්ත මහතා උතුරු මැද අධ්‍යාපනයේ ගැටළු සම්බන්ධයෙන් කාලයක් තිස්සේ හඩ නැගූ බවත්, එහි ප්‍රථිඵලයක් ලෙස 2007 නොවැම්බර 26 වැනිදා ද ඔහුගේ වැඩ තහනම් කළ බවත්, එය නීති විරෝධී බව කියමින් ඔහු කළ අභියාචනයක් අනුව දින 26ක් ඇතුළත නැවත සේවයේ පිහිටවූ බවත්, සේවයේ පිහිටුවා මාස හතරක් යන තෙක් වැටුප් නොලැබුණු තැන මානවහිමිකම් පවා ගිය බවත්, හිග වැටුප් සහිතව වැටුප ගෙවන ලෙස එහිදී නිර්දේශ වූ බවත් ස්ටාලින් මහතා කීවේය.
අධ්‍යාපන පරිපාලන සේවයේ නියමිත සුදුසුකම් සපුරා නැතිව තනතුරු හෙබවූ උතුරු මැද හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු 11 දෙනකුට එරෙහිව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 2009 ජනවාරි මස 17 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව ද, 2009 අගෝස්තු පළමු වැනිදා විදෙස් ගත වීමේ අරමුණින් ඊට පෙර නියමිත අයදුම්පත් සකස් කර විදුහල්පති නිදේශ යටතේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයට භාර දී ඇති බව ද, කලාප බලධරයනට එරෙහිව මානව හිමිකම් ගොස් තිබූ නිසා ඔහුගේ අයදුම්පත් අස්ථාන ගත කර ඇති බවට සැක කරන බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් සඳහන් කළේය.
උතුරු මැද ප්‍රශ්න පත්‍ර අවුල්, මූල්‍ය වංචා ආදී අයතා ක්‍රියා සම්බන්ධයෙන් දිගින් දිගටම සටන් කළ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සහ ලංකා ගුරු සංගමයේ වැඩ අඩාල කිරීමේ අරමුණින් මෙවර වැඩ තහනම් කර ඇතැයි ද, අධ්‍යාපන අමාත්‍යංශයෙන් මූලික විමර්ශනයක් නොපවත්වාම වැඩ තහනම් කිරීමට කටයුතු කිරීමෙන් එය පෙනී යන්නේයැයි ද, මේ වැඩතහනමට එරෙහිව නීතිය ඉදිරියට යන්නේ යැයි ද, මෙවැනි ක්‍රියාවලින් ප්‍රියන්ත මහතාගේ හෝ ලංකා ගුරු සංගමයේ වැඩ අඩාල කළ හැකිවේයැයි බලධාරීන් සිතනවා නම් එය දවල් හීනයක් යැයි ද ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ චෝදනා පත්‍ර නැද්ද? බලමුකෝ ඒවාට අනුව (නි)
උද්ගෝෂණ කොතනද අහවලා එතන (නි)
වරදක් කරලනම් දඩුවම් විදින්න ඕන කවුරු වුනත් (අ)
පිටිගල , වරුණ , රණා , හා! හා! කලබල කරනවා එහෙම නොවෙයි එහෙනම්!!!! (නි)
මේවායෙන් අපි නිහඩ කරන්න බැහැ. (නි)
වරුණ මහත්තයා. අනුන්ගේ බුද්ධි මට්ටම හොයන්නේ නැතුව තමන් බුද්ධිමත්ව කටයුතු කලාම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මගේ බුද්ධි මට්ටම මට යහතින් මෙච්චර කල් හොඳින් ලෝකයේ ජීවත්වෙන්න මහෝපකාරී උනා. එනිසා මට මේ මට්ටම ඇති. තමුන් නාන්සේ තව අය මේ ලැජ්ජා නැති වැඩේට පටලවා ගන්න උත්සාහ නොකර මහත්මයෙක් වගේ ලෝකයේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. නූගත් කමත් ,මෝඩ කමත්, ලජ්ජා නැති කමත්, මිනිස්සුන්ව ඔය වගේ පහත් තත්වයනට පත් කරනවා. එවැනි අයට මම අනුකම්පා කරනවා. ඔබේ එවැනි කොමෙන්ට් වලට මම මිට පස්සේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඔයා බුද්ධගමේ නම් ඔබට බුදු සරණයි. (ස)
රනා, දැක්ක නේද පිටිගලගේ බුද්ධිය එයා පොරක් ලු ....ඇඩෙනවා තනි ඇහැට. (ස)
රානා මොකද? ඒ පාර ඔයා වැඩේ බාර ගන්නද යන්නේ? අනුන් ගේ බුද්ධිය ගැන සෙවීම උගත් මිනිහෙකුට තරම් වෙන දෙයක් නොවේ රනා මහතාණෙනි.(නදී)
පිටිගල.. මොකද ..ඔයාගේ බුද්දිය පෙනෙනවා ඔහොම කේන්ති ගියාම. (නදී)
වරුණ මිලානෝ. ඔව් පිටිගල කියන්නේ පොරක් තමයි.හැබැයි ඉන්නේ මිලානෝ වල නෙවෙයි. අනුන්ගේ කුණු හෝදන තමුසේ වගේ මිනිහකුත් නෙවෙයි. අනුන්ගේ කුණු ගැන කතා නොකර ප්‍රවෘත්තියට අදාලව අදහස් දාන්න . මෝඩකමයි, නූගත්කමයි ප්‍රදර්ශනය නොකර. (ස)
බන්දුල පෙරේරා ...හරියටම හරි. මොනවද දන්නේ නැහැ මෙය ළමයින්ට උගන්නනේ ..අනික ආසයි දැනගන්න ස්ටර්ලින් මහත්තයත් මොනවද ගුරුවරයෙක් ලෙස උගන්වන්නේ. (ස)
බොහොමයක් වෘත්තීය සමිති සහ සංගම් දේශපාලන පක්ෂවල කොටසක්. නැතිනම් පක්ෂයක අතකොළුවක්. වෘත්තිය වෙනුවෙන් සංගම් නැති නිසා මෙහෙම වෙනවා. වගකීම් සහගතව වැඩකරන සංගම් වලට අපි ගරු කරනවා.(නදී)
2009 ගිය ගමනට 2013 අන්තිමද පරීක්ෂණ තියන්නේ?ඔන්න වැඩ කන්න හිතුනම කබරයා තලගොයා කරනවා වගේ තමා?ඒ පාර පාසල් ළමයින්ගේ අධ්‍යාපනය බිල්ලට දීල ගුරුවරු ටික පාරට බස්සන්න වගේ කට්ටිය හදන්නේ? (අ)
2009 දෙයකට දැන් වැඩ තහනම් කරන එකේ නම් ප්‍රශ්නයක් නැහැ, මෙපමණ කල් ඒ ගැන පරීක්ෂණ කරමින් හිටියා නම්. ඒත් මේක නම් පෙනෙන්නේ වෙන විදියකට. මෙයාට වඩා වැරදි කරමින් සහ වරෙන්තු යටතේ ඉන්න අයත් අගේට වැඩ කරමින් හොඳට ඉන්නේ? (නි)
පුදුම නීති ලංකාවේ තියෙන්නේ (දී)
බන්දුල පෙරේරා හොට දාන්නේ නැති තැනක් නැහැනේ !! (නි)
ආණ්ඩුවත් විරුද්ධද? (නි)
බන්දුල පෙරේරා, ඔයා හරි වෙන්න පුළුවන්. පිටිගල හිතාගෙන ඉන්නේ එයා තමයි හැමදේම දන්නේ කියලා. (නි)
කවුද හරි කවුද වැරදි කියලා හරියටම හොයන්න ඕනෑ, මෙහෙම දේවල් බලපුලුවන් කමක් නැති කෙනෙක්ට උනොත් මොකද වෙන්නේ. සාමාන්‍ය අය ආරක්‍ෂා කිරීම උදෙසා මේ ගැන විශේෂයෙන් පරීක්‍ෂා කල යුතුයි. කොහොමත් සුදුසුකම් නැති අය අධ්‍යාපන ක්‍ෂෙත්‍රෙයේ ගොඩක් ඉන්නාවා නේද? (දී)
මෙයාල මෙහෙම කිව්වට අනෙක් පැත්තේ අය අතෙත් තුරුම්පු ඇති එලියට දාන්න.නිකන් නෝන්ඩි වෙන්න වැඩ තහනම් කරන්නේ නැහැ මෙයාල ගැන දන්නා අය..මේ ස්ටර්ලින් මහත්තය වැඩ කරන ඉස්කෝලේ ගැන දෑන ගන්න ආසය් ..මේයා මොනවද දන්නේ නැහැ ළමයින්ට උගන්නන්නේ. මෙයා මේ උසාවි පෙළපාලි රැස්වීම් උද්ගෝෂණ වල ඉන්න විදියටනම් රජයේ පාසලක උගන්නන ගුරුවරයෙක්නම් වෙන්න බැහැ. (දී)
අපේ සමහරු වගේ පාට මාරු කරලා ප්‍රසිද්දියේ කඩේ ගියානම් පලිගැනීම වෙනුවට පිළිගැනීම ලැබෙනවා
මෙහි පළවන්නේ එක් පාර්ශවයක තොරතුරු පමණි. අනෙක් පාර්ශවයේ තොරතුරු පළකරණ තුරැ ටිකක් නිශ්සබ්දව සිටිමූ. (දී)
ශිරානි සරත්, වාස් .ප්‍රියන්ත, පැහැදිලිවම. පලිගැනීම්. "වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද ඒ අමාරුව?" (දී)
මම මේ සංගම් වල කටයුතු පිලිබදව එතරම් පැහැදීමක් නැ.නමුත් මේක නම් පැහැදිලි පලි ගැනීමක්.ඔබතුමා උසාවි යන්න. (දී)
අබිතව වැඩ කල කියල මේ මහත්තයට සම්මානෙකුත් හම්බුනා නේද? (දී)
මෙහෙම ගියොත් ලංකාවට මොනවා වෙඉද දන්නේ නෑ. ඇයි මෙහෙම අසාදාරන වැඩ කරන්නේ? (දී)
සත්‍ය සමාජයට එලි කරන මහත්වරුන්ගේ වැඩ තහනම් කරන එක හරිම වැරදි! (දී)