ගල්ගමුව මීගලෑවේ දිනිඳු යශේන් දරුවා පැහැරගෙන ගොස් කෝටියක් කප්පම් ඉල්ලා දුර කතන ඇමතුම් දුන් සිම්පත් අලෙවි කළ ව්‍යාපාරිකයා අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිම්පත් මිල දී ගත් සැකකරුවන් දෙදෙනා හඳුනා ගත්තේය.
මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා ඉදිරියේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් හඳුනා ගැනීමට පැහැරගත් දරුවාට නොහැකි විය.
දරුවාගේ දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැන්වූයේ දරුවා දැඩි පීඩනයකින් සිටි නිසා සැකකරුවන් හදුනා ගැනීමට නොහැකි වූ බවයි. ඒ අනුව නැවත හදුනා ගැනීමේ පෙරට්ටුවක් තබන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලූහ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා උසාවියෙන් පිටව යද්දී ගම්වාසීහු විරෝධය පළ කළහ. නීතීඥවරයාගේ වෑන් රියට යා නොහැකි වන පරිදි ගම්වාසීන් මග හරස් කළ අතර පොලිසිය මැදිහත්වී ඔහුට යෑමට අවස්ථාව සලසා දුන්නේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් කෝටියෙ හවුල් කාරයෙක්ද දන්නේ නෑ(අ)
මෙවැනි සිදුවීම් අප කිසි ලෙසකින් අනුමත නොකරන්නෙමු. නමුත් සියලු දෙනාට නීතිය සාධාරණ විය යුතුයි. සැකකරුවකු හෝ විත්තිකරුවකු යන ඕනෑම අයකුට තමන් වෙනුවෙන් නීතීඥවරයකුගේ සහාය ලබා ගැනීමට අයිතිය තිබිය යුතුයි. වරද උසාවිය විසින් තීරණය කර ඊට දඩුවම් ලබාදිය යුතුය. (නි)
දැන් මේ වැරැද්ද වෙලා තියෙන්නේ එදා වේල සොයාගන්න බැරි අසරණ මිනිහෙක්ගෙන් නෙමෙයිනේ. බැංකුවකින් ලක්ෂ ගණන් ණය ගන්න සුදුසුකම් තිබෙන ආදායම් සහිත කෙනෙක්ගෙන්. දරුවන්ට කන්න බොන්න දෙන්න බැරුව පාන් ගෙඩියක් හොරකම් කළා නම් මේ සභාවේ ඉන්න හැමෝම අවංකව අනුකම්පා කරයි. මෙතන උදවිය ඒ තරම් මනුස්සකම් නැති උදවිය නෙමෙයිනේ. අහිංසක දරු පවුලකට ගිනි ගෙඩියක් දුන්නා. අනේ! මට නම් මෙයාලට අනුකම්පා කරන්න බැහැ. (නි)
මේ නඩුව කොහොම අවසන් වේවිද දන්නෙ නැහැ (නි)
මෙවැනි අයට උපරිම දඬුවම් නොදී අනුකම්පා කරන්න ගියොත් නැවතත් කරන්නේ කලින් වගේම පහත් වැඩක්. ස්ත්‍රී දුෂණ චෝදනා තිබෙද්දී නිදහස් කළ කට්ටිය ඇප දුන්ගමන් ඇවිල්ලා ආයෙත් ස්ත්‍රී දුෂණ කළ අවස්ථා එමටයි. (නි)
දැන් කට්ටිය කියන්නේ එතකොට, අපි එහෙනම් "අනේ බබාලා මීට පස්සේ මේ වගේ දඟ වැඩ කරන්න එපා " කියලා මොවුන්ගේ ඔලුව අතගාමු කියලද? මේ අගතියට පත් දරුවාට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
දැන් මේ අය මොනවද කියන්නේ? 'අනේ! අපිට නැතිබැරිකම් නිසා මේකට පෙළඹුනා, මේක මේ සමාජ ක්‍රමයේ වැරැද්ද. අපේ නෙමෙයි' කියලද? නැති බැරිකම් කියලා මුළු රටේම මිනිස්සු අහළ පහළ ගෙවල් වල ළමයි උස්සන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? කාටද නැතිබැරිකම් නැත්තේ? මේ තිරිසන් වැඩේට දෙන්න පුළුවන් ලොකුම දඬුවම දීලා ඉදිරියට මේ රටේ මේවා වෙන එක හැකි පමණින් වළක්වනවා මිසක් මෙයාලගේ අයිතිවාසිකම් ගැන හිත හිතා අනුකම්පා කරන්න ගියොත් නම් වැඩ වරදින්න පුලුවන් (නි)
දරුවා සැකකරුවන් හඳුනානොගත් එක නම්,විත්ති පක්ෂයට වාසි වෙන වැඩක් වෙන්න පුළුවන්.එසේ නොවේවා, යනු මගේ පැතුමයි. (නි)
පි.ඒ. සෝමතිලක මහතා මෙම කප්පම්කරුවන් ගැන බොහොම ආවේණික සහ සදාදර විදියට ප්‍රතිචාර දමා, උසාවියටත් ගොසින් එය බැලීමට. ඔබගේ ප්‍රතිචාරය දුටු මට වැටහුනේ ඔබ මොවුන්ගේ ළඟම පවුලේ අයකු විලසිනි (නි)
ඔය දරුපැටියා මගේ දරුවෙකු නම් මම දන්නවා කරන දේ (නි)
විත්තිය පැත්තයි පැමිණිලි පැත්තයි දෙකක් නැත්නම් එතන නඩුවක් නැහැ නේ.(අ)
මට නම් දැන් පෙනෙන දේ තමයි මේ චුදිතයන්ට නීතිඥ සහය ලැබීමට ඇති අයිතිය අගතියට පත් පැහැරගත් දරුවාට ආරක්ෂා සහිත ළමාවියක් සඳහා ඇති අයිතියටත් වඩා අනුමත වෙලා කියන එක. (නි)
මම අද උසාවිය ළඟට ගියා. කළ අපරාධය කිසිම විදියකින් අපි අනුමත කරන්නේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නය නීතීඥයින් පෙනී සිටිනවද නැද්ද කියන එක නෙමෙයි. අපරාධකාරයෙක් වුණත් අයිතියක් තියෙනවා තම අයිතිවාසිකම වෙනුවෙන් කතාකරන්න. ජනතාව උසාවියේ කටයුතු වලට අනවශ්‍ය ලෙස මැදිහත්වීම නොකළ යුතුයි (නි)
මම නම් කියන්නේ නීතිඥයෙක් පෙනීසිටීමේ වරදක් නැතිබවයි (නි)
මේ රටේ අපරාධ නැත්නම් කළුකෝට් මහත්වරුන්ට ආදායමක් කොහෙද? (නි)
මේක නම් හිතක් පපුවක් නැතිම රැකියාවක්ද කොහෙද? (නි)
මේ අයට දරුවෝ නැතුව ඇද්ද? මේ වරදකරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි)
මට පෙනෙන හැටියට සමහරුන්ගේ අදහස අනුව මේ විත්තිකාරයන්ට මුළු රටේම අනුකම්පාවත් , නීතිවේදීන්ගේ අනුග්‍රහයත් ලැබිය යුතුයි වගෙයි. හෙට මගේ ළමයාට මේ ටික වුණත් මෙච්චරයි. (නි)
අසරණ දරුවා පවු! (නි)
ප්‍රනාන්දු මහත්මයාගේ අදහස ඉතාම හොඳයි. මමද ඊට එකඟ වෙමි. (නි)
ඇත්තෙන්ම මේ වගේ දේවල් වලට පෙරකදෝරු මහත්වරු ඉදිරිපත් නොවිය යුතුයි.තමරා ගේ කතාව හරි. එදාට හරි එයාලට මතක් උනොත් ඇති .(දිල්)
චුදිතයන්ට නීතිඥ සහය ලැබීමේ අයිතිය වගේම මේ රටේ මිනිසුන්ට තමන්ගේ දරුවන් කප්පම්කාරයින්ගෙන් ආරක්ෂා කරගන්න අයිතියක් තියනවා. (නි)
මේ වගේ අපරාධ කාරයන්ව බේරාගන්න පෙනී සිටින හොර නීතිඥයන්වත් මේ සමගම හිරේට දාන්න නීතියක් තිබුනානම් තමයි හොඳ.(අ)
මේ අය නැවත හිරේට ගෙනියනකොට වෑන් එකෙන් පනින්න වුණත් බලන්න බැරි නැහැ (නි)
මේ දරුවා පැහැරගත් මිනිසුන්ට දේශපාලකයෙකුගේ යන්තම් හෝ සහයෝගයක් තිබුනා නම් බලන්න තිබුනා වෙන දේ. එහෙනම් මේ අදහස් දාන මිනිසුන්ගේ අදහස් පවා වෙනස් වෙනවා. (නි)
මේ නඩුවත් මීට වසර හැටකට පමණ පෙර කතාබහට පත් වූ සිද්ධියක් වුණ (ගොයම් කොළයකට මුවා වී වෙඩි තිබ්බ) නඩුව වගේ වෙයිද දන්නේ නැහැ (නි)
බණ්ඩා, ඔබ හරි. ඒ දරුවාට හොඳට කන්න අදින්න අරන් දීලා තිබුනා. (නි)
මේ වගේ නීතීඥයින්ට පාඩමක් වෙන්නේ එයාලගෙම දරුවෙක්ව පැහැරගත් දිනයකයි. (නි)
දෙවියෝ බුදුන් විකුනන් කන කාලයක් මේක මහත්තයෝ. කැමති විදිහට හිතා ගන්නකෝ. (නදී)
සුදත්."මේ තිරිසන් වැඩේට දෙන්න පුළුවන් ලොකුම දඬුවම දීලා ඉදිරියට මේ රටේ මේවා වෙන එක හැකි පමණින් වළක්වනවා මිසක් මෙයාලගේ අයිතිවාසිකම් ගැන හිත හිතා අනුකම්පා කරන්න ගියොත් නම් වැඩ වරදින්න පුලුවන්". රටේ සිද්ද වෙන හෙන ගහන අපරාද වලටත් එහෙමම කියන්න පුරුදු වෙන්නකෝ. (නදී)
ඔව් ඔව් ! ඕනෑම සමාජ විරෝධී පහත් වැඩක් කරලා නීතිඥ සහය ගන්න අයිතියක් තියනවා නේන්නම්. අපිට දැන් තමයි ඒ ටික මතක් වුණේ. මේ අවනඩුව ගැන මොකට පණ කඩාගෙන මෙතන අදහස් ලියන්න කට්ටිය කාලය ගතකළාද ? (නි)
මෙය මහා පොළොව නුහුලන අපරාධයක් වන්නට තිබුනා. එහෙත් නීතිවේදියෙක් විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනීසිටීම වරදක් නොවන බව මගේ පුද්ගලික අදහසයි. නැත්නම් කවදා හෝ රජවෙන්නේ කැලෑ නීතියයි. (නි)
තමන්ගේ දරුවෙකුට මෙහෙම දෙයක් සිදු වුණා නම් , චුදිතයන්ට නීතිඥ සහය ලැබීමේ අයිතියයි, උද්ඝෝෂණ කිරීමේ වරදයි පෙනෙන එකක් නැහැ. (නි)
මේවා රට ජාතිය නුහුලන අපරාධ. (නි)
මෙම දරුවා මොනතරම් මානසිකව වැටෙන්න ඇද්ද? (නි)
ප්‍රධාන චුදිතයාට තමන්ගේ ආදායමෙන් ගෙවාගන්න බැරිතරම් ණය ප්‍රමාණයක් කොහොම බැංකුවෙන් ලැබුනාද? සමහරවිට මොහු බැංකුවටත් සොයන්න බැරි විදියට ආදායම් ගැන බොරු කරලා ඇති. (නි)
ගම්වාසීන් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම අනවශ්‍ය දෙයක්. අධිකරණය කියන ආයතනය අපහාසයට ලක්කරන්න එපා. නීතිඥ මහතුන් විත්තිකරුවන් වෙනුවෙනුත් පෙනීසිටිය යුතු බව අමතක කරන්න එපා. අද අපේ රටේ උද්ගෝෂණ කිරීම අලුත්ම රැල්ලක් වෙලා (නි)
නීතියෙන් අවසර ලැබෙන සමහර දේවල් වලට තමන්ගේ හෘද සාක්ෂියෙන් සමාවක් නැහැ. (නි)
චුදිතයෙක් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ කෙනෙකුට නීතියෙන් අවසර තිබෙනවා (නි)
දරුවා පැහැරගත්තේ සල්ලි ගන්න වුණත් ඒ දරුවා හරිම වාසනාවන්තයි (නි)
ආයුධ පෙන්වීමට ගෙනයාම දැන් නතර කරලාද? (නි)
ඉතාලියේ සිටින බොහෝ දෙනා දැන් දැන් මෙවැනි ප්‍රශ්න නිසා ලංකාවට නිවාඩුවකට යන එක මඟ හරිනවා. මේ කුරිරු පුද්ගලයන් වහාම ඉවරයක් කර දමන්න. (නදී)
විත්තිකරුවන්ට නීතිඥ සහය වගේම අගතියට පත් වූ දරුවාට සුරක්ෂිත ළමා කාලයක් සඳහා අයිතිය තිබෙනවා නේද ? (ස)
ළමයා හම්බ උනානේ අත ඇරලා දාන්න. (නදී)
ලැජ්ජා නැද්ද මන්දා මුළු ලංකාවම මේ ගැන කතා කරනවා මේ නීතිවේදියා විත්තිය පැත්ත ගත්තේ, මෙහෙමත් මිනුස්සු සල්ලි වලට කෑදර ද ? (නදී)
මේ නඩුව හැකි ඉක්මනින් ඉවරවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පේන්නේ නැද්ද පොඩි දරුවාගේ මුහුණේ තියන තෙහෙට්ටුව. මේවාගේ දේවල් ළමා මනසට ඔරොත්තු දෙන්නේ නැහැ. හැකි ඉක්මනින් දරුවට සාමාන්‍ය ජීවිතයට යොමු වෙන්න ඉඩ දීම හරිම වැදගත්. (නදී)
අපිට දරුවන් නැති නිසා අපිට අනෙක් කෙනෙකුගේ දරුවෙක් දැක්කත් ආදරයක් කරුණාවක් ඇතිවෙනවා. මට හිතා ගන්න බැරි තමන්ගේ දරුවෙක් ඉන්න ප්‍රධාන සැකකාරය කොහොම මෙහෙම අපරාධයක් කරන්න හිතුවාද කියලා. (නදී)
නීතිය සැමටම සාධාරණ විය යුතුයි. එම නිසා විත්තියට නීතීඥවරයකුගේ සහාය ලබා ගැනීමට අයිතිය තිබිය යුතුයි. (නදී)
විත්තියේ නීතිවේදියා තමන්ගේ දෙමව්පියන්ටත් ලජ්ජා වෙන්ට සිද්ධ වෙන නඩුවක් මේ භාරගත්තේ. (නදී)
නීතිඥයෝ සහ දොස්තරලා මුදල් වලට කෑදර අය. අනිත් රටවල් වල එහෙම උනාට මෙහෙ එහෙම නැහැ. (නදී)
කවුද ඇත්තට මේ විත්තියේ නීතිඥ තුමා ? මොකද්ද එයාගේ ශ්‍රී නාමය ? (නදී)
සැකකරුවන්ගේ නීතීඥවරයා මේ අය ළමයා පැහැරගෙන ගියේ නෑ ළමයා අපිත් එක්ක අවා කියනවද දන්නේ නැහැ (නදී)
සමහර නීතිවෙදියෝ සල්ලි ලැබෙනවා නම් ඕන අපරාධ කාරයෙක්ව සුද්ධ කරන්න පෙනී ඉන්න උදවිය. (නදී)
මෙහෙව් අපරාධ කාරයන්ටත් පිහිටට එන අයවලුන් ඉන්නවා. අඩු ගානේ තමන්ගේ ළමා කාලය වත් මේ විත්තියේ නීතිඥ වරයාට මතක් වුනේ නැද්ද ? (නදී)
සෑම් නීතිඥයො විදියට වැඩ කරන්න එන කොට එයාලා එන්නේ මනුස්සකම් බිම තියලා. ඉදලා හිටලා මනුස්සකම තියාගෙන ඉන්න අය ඉන්නවා. දැන් දැන් දොස්තරලත් මේ ගනයට වැටීම හිතට දුකක්. (නදී)
විත්තියේ නීතිඥ තුමාට දරුවෝ ඇතත් නැති වුනත් අඩු ගානේ පවුලේ කාට හරි පොඩි දරුවන් ඇති නේද ? කොහොමද මේ වගේ අපරාධ කරුවොන්ට හෝයියා කියන්නේ ? (නදී)
මෙහම අපරාධ කල අයටත් අනුග්‍රහය දක්වන කළු කෝට් මහත්තුරු නිසා තමයි භය නැතිව මිනිස්සු අපරාධ වලට පෙලබෙන්නේ. වැඩේ ගැස්සිලා පොලිසියෙන් අල්ල ගත්තත් මේ මහත්තුරු කොහොම හරි කෙස් පැලෙන තර්කයක් දමලා අර අපරාධකාරයාව නිදහස් කර ගන්නවා. ඇත්තට මේ නිතිවේදියෝ කියාගන්න අයට දරුවෝ නැද්ද ? (නධී)
සල්ලි වලටම කහින මෙවැනි අය නීතීඥ රැකියාවටත් ලජ්ජා කරයි. (නදී)
සියලුම පාර්ශව වලට නීතිඥ සහාය ලබාගැනීමට අවකාශ තිබිය යුතුයි. ඒ උනාට මුදල් වෙනුවෙන් මෙවැනි නඩුවක විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතිඥවරු මිනිසත් බවටත්, වෘත්තීය අචාරධර්ම වලටත් නිගා දෙනවා. (නදී)
ලජ්ජා නැතුව නීතිඥවරු සල්ලිවලට යටවෙලා සැකකරුවන් වෙනුවෙන් කතාකරනව (නදී)
මේ දරුවට බුදු සරණයි (නදී)
දරුවාගේ පින්තුර දැක්කම පේනවා වසනාවන්ත දරුවකු බව. දරුවන් සිටින කාටත් මෙම දරුවා ගැන දරු සෙනෙහසක් පහලවනවා (නදී)
මේ වගේ නඩුවල විත්තියට පෙනීසිටින්න පුලුවන්ද මන්දා? (නි)
මේ දරුවා ගැන පළවූ සියළු පුවත් එක්රැස් කරලා තියාගන්න එක හොඳයි කියලා මම දරුවාගේ දෙමවුපියන්ට කියනවා. මොකද පසුකලක ඒවා ප්‍රයෝජනවත් වේවි (නි)
අපි හම්බ කරන සල්ලි වල මනුස්සකම නැතිනම් අපි අපේ දරුවන්ට දෙන දෙයක් වුනත් යාදෙන්නේ නැහැ. (ස)
තමන්ගේ දරුවෙක් කවුරුහරි උස්සාගෙන ගිය දවසට තමයි ඔය නීතිඥ රස්සාව කරන සමහර අයට මනුස්සකම පහළවෙන්නේ. (නි)
පුදුම රැකියාවක් තමයි ඒකත් (නි)
පොඩි දරුවා ගැන දුකයි මට නම් (නි)
මේක එච්චර බරපතල වැරැද්දක් නෙමෙයි කියන අයත් ඉන්නවද මන්දා. දරුවා පැහැරගත්තහම මේ දෙමව්පියන්ට ප්‍රෙෂර් එකවත් නැඟලා නරක දෙයක් වුණා නම් කොහොමද? (නි)
නීති රැකියව කියන්නේ . දෙපැත්තටම කතා කරනවා. එකෙක් හරි....අනික වැරදී .... දෙන්නම කරන්නේ රක්ෂාව(අ)
පුදුම නීතිඥයින් තමයි දැන් කාලේ ඉන්නේ ! (නි)
මේ රත්තරන් දරු පැටියට දැන් ඇස්වහ කටවහත් වදියි(අ).
මේ පොඩි දරුවා කොහොම අදුරාගන්නද? දැන්ම බයේ වගේ (නදී)
ලංකා නීතියේ මෙම වරදට ලොකු දඬුවමක් නැහැ. (අ)
මට නම් හිතෙන්නේ මේ දරුවා පැහර ගත් මිනිස්සු ඔය කියන තරම් නපුරු ,දරුණු අය නෙමේ .එහෙම අයනම් සල්ලිත් නොලැබුන එකේ මේ ළමයට අනතුරක් කරන්න ඉඩ තිබුණා. (අ)
නීතිඥයන් ගරු කරන්න ඕන කැබ් රෑන්ක් රුල් එකට , ඒ අනුව එයාලට සිදු වෙනවා ඕනෑම කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න(අ)
මේවා කරන්න බලාගෙන ඉන්න අයටත් පාඩමක් ලෙස මේ අයට එලි පිටම ඇදලා අරින්න(අ).
හතේ හත වැදිච්ච නීතීඥයෙක් වෙන්න ඇති. යුක්තිය සාධාරණයට වඩා දරුවන්ට කන්න හොයල දෙන එක ලොකු ඇති.(අ)
ඇයි මේ විත්තියේ නීතිඥයාගේ නම හෙළි නොවන්නේ ? මෙහෙම හම්බ කරන සල්ලි වලින් කන කෑම වත් දිරවයිද මන්දා !(අ)
දැන් මොකක් හරි දහන් ගැටයක් ගහලා ඇප ගන්න පොටක් පාදා ගනීවි. අඩු ගානේ අර එක නඩුවක වගේ ගෙදර හාමිනේ ප්‍රෙග්නන්ට් කියලා හරි අනුකම්පාව ගන්න බලාවි. (නදී)
බැංකුවේ උකස ගෙවන්න සල්ලි සොයා ගන්න කියලා නේද මේ නොහොබිනා වැඩේ කලේ ? උකස ගෙවන්න සල්ලි නැති කෙනාට නීතිඥ ගාස්තු ගෙවන්න සල්ලි තියනවා. (නදී)
සැක කරුවන්ගේ වගේම ඔය නිතිඥයගේත් පොටෝස් දමන්න. ලෝකෙට හදුනා ගන්න. සල්ලි වලටම කෑදර කමෙන් ඕන ජඩ වැඩක් කරන මේ මිනිස්සුන්ට අය ජාතිත් මිනිස් භාවයක් දකින්නවත් ලැබෙන් නැහැ. (නදී)