(නිමල කොඩිතුවක්කු)
තවත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 27ක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමග කොළඹදී අද(13) සන්ධාන ගතවිය.
මානුෂීය ජනතා සන්ධානය නියෝජනය කරන එක්සත් ලංකා පොදු ජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික කොංග්‍රසය ඇතුළු පක්ෂ සහ සංවිධාන 27ක් මෙහිදී සන්ධාන ගතවිය.
ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකිරීමේ අරමුණින් ඔවුන් මෙලෙස සන්ධාන ගතවිය.
සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගියදා එළි දැක්විණ.
ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ශය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය ඇතුළු පක්ෂ සහ සංවිධානය කිහිපයක් මේ වන විට සමගි ජන සන්ධානය නියෝජනය කරයි.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සමගි ජන සන්ධානයට තවත් පක්ෂ 27ක්
chandima Tuesday, 13 August 2024 09:30 PM
මම නම් හිතන්නේ රාජපක්ෂ රනිල්ගේ ගැටේට අහුවුණා. අන්තිම මොහොතේ රනිල් නාම යෝජනා නොදී උන්නාම සජිත්ට ඉබේම ජය ලැබෙනවා. රාජපක්ෂලා කුජීත වෙනවා. සජිත් කියන්නේ රනිල්ගේ පක්ෂයේ උපනායකයා. කට්ටියම පස්සේ එකට එකතු වෙයි. රාජපක්ෂලාට හුළන් තමයි.