IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘සැමට සතුටින් ජීවත්විය හැකි රටක් අප ගොඩනඟනවා‘‘

(මොහොමඩ් ආසික්)

ජාතික ජන බලවේගය රජයක් යටතේ ප්‍රථමයෙන් සියළු ජාතින්ට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්මත කර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායන මහතා කීය.

අකුරණ නගරයේදී අද ( 21 වනදා) සවස පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කිය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය.

“ අපේ රටේ ඉතිහාසය තුළ ආණ්ඩු හැදුනේ අනෙකාට විරද්ධව.2005, 2010 , වගේ කාලයේ නායකයින්ගේ ප්‍රධාන සටන් පාඨය වුනේ උතුරට එරෙහිවයි. උතුරුට එරෙහිව දකුණේ ආණ්ඩුවක්. එහෙම තමයි ඒ කාලයේ ආණ්ඩු හැදුනේ. 2019 ආණ්ඩුව හැදුනේ මුස්ලිම් ජනයාට එරෙහිව.වඳ කොත්තු ගැන කතා කළා. වඳ ඇඳුම් ගැන කතා කළා.‍ අලුත්ගම, දිගන,පල්ලිවලට හානි කරලා අවසානයේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා අප්‍රෙල් 21. ඇත්තම කිව්වොත් 2019 ඡන්ද ප්‍රතිඵලය ආවේ අප්‍රේල් 21. 2019 ඡන්ද ප්‍රතිඵලය ලිය වුනේ අප්‍රේල් 21 වනදා ප්‍රකාශයට පත් කළේ නොවැම්බර් මාසයේ. මේ මැතිවරණ ව්‍යාපාරය මුළුමලින්ම දියත් කළේ මුස්ලිම් ජනයාට එරෙහිව .අපේ රටේ ඉතිහාස පුරාම ආණ්ඩු හැදුනේ අනෙකාට එරෙහිවයි. අනෙකාට එරෙහිව ආණ්ඩුවක් හදල සමගිය හදන්න බෑ. ඒ නිසා ලංකාවේ පළමු වතාවට හදන්න ඕන සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සමගි සම්පන්න ආණ්ඩුවක්.

සජිත් ළඟට ගිහින් ඉන්න ගොඩක් එය එතැනට යන්න කලින් අපේ දොරටත් තට්ටු කළා. අපි ගත්තේ නෑ. අපට එහෙම අවශ්‍ය නෑ. අපට තියෙන්නේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් . මේ රටේ ජනතාවට එහාට මෙහාට පනින එක තිත්ත වෙලා තියෙන්නේ. අපේ වේදිකාවේ ඉන්න හැම දෙනාම මේ රටට ආදරය කරන අය ඒ ගොල්ලන්නේ වේදිකාවේ ඉන්නේ කොහොම හරි පාර්ලිමේන්තුවට ගිහින් සල්ලි ටිකක් හොයා ගන්න බලන අය. ඒ ගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරය දැන් අසත්‍ය තොරතුරු අවලාද පතුරුවන ඡන්ද ව්‍යාපාරයක් බවටත් පත් වෙලා තියෙනවා . තිස්ස අත්තනායක පසුගියදා කියනවා අපේ හරිනි සහෝදරිය කිව්වලු නුවර පෙරහැර නවත්වනවා කියලා .

තිස්ස අත්තනායක කියන්නේ 2015 දී කූඨ ලේඛණ හදල හිරේ ගිය කෙනා. තාම පාඩම් ඉගෙන නෑ. මේකට තිස්ස අත්තනායක සමාව ගත්තේ නැත්නම් ආපහු අපි තිස්ස අත්තනායක හම්බ වෙන්නේ අධිකරණයේදී. ඊළගට චරිත හේරත් කුරුණෑගලට ගිිහින් කියනවා අපි ආවහම ඇත්කඳ විහාරයේ පෙරහර නවත්වනවලු. මීට සති දෙක තුනකට කලින් අපට කොළ එළිය පත්තු කර කර හිටියේ .අපි ගත්තේ නෑ.

දැන් ලොකුම අවලාදයක් පටන් ගෙන තියෙනවා මුස්ලිම් ජනතාව කේන්ද්‍ර කර ගෙන රවුෆ් හකීම් .මේ ළඟදී රවුෆ් හකීම් කියල තියෙනව මම කිව්ව කියලා ත්‍රස්තවාදීන් බිහි වෙන්නේ මුස්ලිම් අම්මලාගේ ගර්භාෂයෙන් කියලා. වට්ස්ඇප්වල ඒ පණිවිඩය යනවා හකීමුත් තැන තැන කියල තියෙනවා .සහරාන්ගේ සිද්ධියෙන් පස්සේ තිබ්බ විවාදයේදී මම පාර්ලිමේන්තුවේදි කිව්වා මේ ප්‍රචණ්ඩ ක්‍රියා ඒ මුස්ලිම් අය සම්බන්ධ වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්න පුළුවන්. සිංහල අය සම්බන්ධ වෙචච් ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්න පුළුවන් .දෙමළ අය සහභාගි වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියාවන් වෙන්න පුළුවන්. මේ ප්‍රචණ්ඩත්වය මතු වෙන්නේ අන්තවාදී ගර්භාෂයෙන් කියලා. සහරාන්ලා බිහි වෙන්නේ මුස්ලිම් අන්තවාදය කියන ගර්භාෂය තුලයි. දැන් හකීම් ඇවිල්ල කියනවා මුස්ලිම් අම්මලගේ ගර්භාෂයෙන් ත්‍රස්තවාදීන් බිහි වෙනව කියල කිව්ව කියලා.අපි බලාගෙන ඉන්නවා හකීම් ඒක නිවරැදි කරයි කියලා නිවරැදි කළේ නැත්නම් හකීම් හම්බ වෙන්නෙත් අධිකරණයේදි තමයි. සිංහල ජනතාවට කියනවා පෙරහර නවත්වන්න යනවා කියලා. මුස්ලිම් ජනතාවට කියනවා පස් වේල් වන්දනා කරන එක නවත්වන්න යනවා කියලා. මෙහෙම දේශපාලනය කරන්න බෑනේ. ජාතිවාදි ප්‍රකාශ දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරන එක නවත්වන්න ඕනකම තියෙනවා . හකීම්ගේ ප්‍රකාශය තුල තියෙන්නේ අපිි මුස්ලිම් ජනතාවට එරෙහි පක්ෂයක් කියලයි . තිස්ස අත්නායකගේ ප්‍රකාශය තුල තියෙන්නේ අපි සිංහල ජනතාව එරෙහි ජාතිවාදි ප්‍රකාශ කරනව කියලයි .අපේ රට මේ ව්‍යාසනයට පත් කළේ මේ ජාතිවාදි දේශපාලනය. ජාතික ජන බලවේගය කොයි තරම් අසීරු අවස්ථාවක වුවත් අපි ජාතිවාදයට නොවැටුණු දේශපාලන ව්‍යාපාරයක්

ජාතික ජන බලවේගය බලයට ඇවිත් මුලින්ම ජනාධිපතිවරයාට රට පුරා තියෙන මාලිගා ඔක්කොම අයින් කරලා කොළඹ විතරක් එකක් තියා ගන්නවා රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට. ඊට පස්සේ අමාත්‍යවරුන් ගණන සීමා කරන්න ඕන .ඇමතිකම් හැම වෙලාවෙම් පැටව් ගහනවා. අලි සාහිර් මව්ලානාට , සුරේෂ් වඩිවේල්ට දැන් ඇමතිකම් දුන්නේ මොකටද මේ මාසෙට මොනවද කරන්න තියෙන්නේ කරන්න තියෙන්නේ දේශලානය. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ඇමතිවරුන් 25 යි. ඒකට සරිලන නියෝජ්‍ය ඇමතිවරුන් පමණයි. කෘෂිකර්ම ඉඩම් වාර්මාර්ග පශු සම්පත් එක අමාත්‍යාංශයට .ඉතාමත් හොඳ විද්‍යාත්ක බෙදීමකට මේ අමාත්‍යාංශ බෙදල තියෙනවා .ලංකා ඉතිහාසයේ ගොඩනැගුණු බලවත්ම සහ වැදගත්ම කැබිනට් මණ්ඩලය ජාතික ජන බලවේගයේ ඇමති මණ්ඩලය බවට පත් කරනවා. ඇමතිවරුන්ට නිවාස ලබා දෙන්නේ නෑ. විදුලි බිල ගෙවන්නේ නෑ. අපි ආදර්ශයක් ලබා දෙනවා .



අදහස් (9)

‘‘සැමට සතුටින් ජීවත්විය හැකි රටක් අප ගොඩනඟනවා‘‘

යෝගා Thursday, 22 August 2024 07:07 AM

හඳෙන් හාල් ගේනවා, ඇට අට, ආසියාවේ ආශ්චර්යය වගේ මේකත් නිකංම කයිවාරුවක් විතරයි. හැමදාම ඉන්න හතර පස් දෙනාගෙ කල්ලියගෙ කටමැත නෙමෙයි ප්‍රායෝගික වැඩ පිළිවෙලකුයි ඕන.

:       19       26

KumaraThursday, 22 August 2024 10:05 AM

රට අගාධයට ඇදලා දාපු පාලකයින් ට ආයේ අපි අවස්තාවක් දෙන්නේ නෑ. වෙනසකට කාලය ඇවිත්. මෙවර අපි මාලිමාවට​.

:       9       9

Wijithasiri Thursday, 22 August 2024 08:35 AM

මුන් 1971 හා 1988-89 කාලයේ සැමට සතුටින් ඉන්න පුළුවන් රට හදද්දී කොපමණ ජනතාවක් ඝාතනය කලාද කියලා අද ඊයේ උපන් එවුන් දන්නෙ නෑ .කොතරම් ජාතික දේපොළ නාස්ති කලාද කියලා දන්නෙත් නැහැ. එහෙම එවුන්ට ආවඩන චීවරධාරීන් සිටීම හරිම කණගාටුවට කරුණක් කියන්න පුළුවන් ,කොහොම වුනත් සමහර වෙලාවට ලාල් කාන්ත කියන්නෙ ඇත්ත කියලා ඔය කට්ටිය තේරුම් ගන්න වෙලාවට පෙරහැර ගිහිල්ලා ඉවරයි

:       23       28

රංබොඩ Thursday, 22 August 2024 09:32 AM

නිවට කම එළියට එනවා. මොවුන් කොහොමත් නිර්ආගමික නිර්ජාතික ජන කොටසක්. ඔවුන්ට ඇත්තේ පක්ෂයක් පමණයි.

:       22       28

Sanath Thursday, 22 August 2024 10:07 AM

88- 89 සජිත් ගේ පියානෝ මේ රටේ උගත් බුද්ධිමත් තරුණයෝ 60,000 ක් ඝාතනය කළා.

:       3       8

Chandana Thursday, 22 August 2024 10:09 AM

අනුර කුමාර දිසානායක 9 වන විධායක ජනාධිපති

:       10       8

Bernard Perera Thursday, 22 August 2024 11:14 AM

අනුර කුමාර දිසානායක මහතා දැන උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රටට හෙළි කරන, හොර බොරු වංචා දූෂණ කප්පම් මිනිමැරුම් චෝදනා නැති එකම නායකයා.

:       9       7

RajasuriyaThursday, 22 August 2024 04:25 PM

88-89 කාලයේ කටයුතු කරපු ආකාරයට ඔහුගේ ගුරුවරු කියලා තිබුණා ඒවා පාට කණ්නාඩිය ගලවා විමර්ශනාත්මක ඇහෙන් බැලුවොත් බර්නාඩ් කියන්නේ සම්පූර්ණ බොරු කියලා පෙනේවි.. (මැවිලා පෙනේවි ..)

:       0       4

Gamini Thursday, 22 August 2024 03:35 PM

නූගත් තුන්වැනි පන්තියේ මිනිසුන් රැවටුණාට අපි රැවටෙන්නේ නැහැ අනුර...

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 184 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 18 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 637 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 642 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13753 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3332 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19764 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site