වැලිවේරිය රතුපස්වල වතුර සටනට සහාය දැක්වීමට රජයේ හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 40ක් පමණ එකග වී ඇතැයි ද, එම ගැටළුවට කඩිනම් විසදුම් නොලැබුණහොත් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රජයේ ආයතන සේවකයන් එක්දින වැඩවර්ජනයක් පවත්වන බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ගම්පහ සණස ශාලාවේ දී පැවසීය.
රජය හා එකඟ වූ පරිදි කම්හල හැකි ඉක්මනින් රතුපස්වලින් ඉවත් කිරීම විසඳුම බව ඔහු කීවේය.
ජල ගැටළුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ‘සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය‘ හා ගම්වාසීන්ගේ ඇරැයුමින් වෘත්තීය සමිති 20ක පමණ සාමාජිකයෝ ද හා නීතීඥවරු පිරිසක් ද ගම්පහ සණස ශාලාවේදී සාකච්ඡාවක් පැවැත්වූහ.
රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් ආයතන කිහිපයකින් කළ පර්යේෂණ වාර්තා තමන් අධ්‍යයනය කළ බවත්, පරිසරය දූෂණය වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ආදියද නිරීක්ෂණය කළ බවත් එම සාකච්ඡාවේ දී වෘත්තීය සමිති නියෝජිතයෝ කීහ.
වෘත්තීය සිමිති නියෝජිතයන් වෙනුවෙන් එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ පක්ෂතුළ බේද බින්න ඇති කරීමේ හෝ වරප්‍රසාද දීමේ සම්ප්‍රදාය රතුපස්වලටත් ගෙනැවිත් ඇති බවයි. ජල සටනේ දී තිදෙනකු මියයාම හා විශාල පිරිසකට තුවාල සිදු වීම අමතකර කර දැමීමට විවිධ පාර්ශ්ව යොදවමින් උපක්‍රම කරන බව කී ස්ටාලින් මහතා ඊට හසු නොවී පෙර පරිදිම සිටින ලෙස ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.
නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ වෙඩි වැදුණු පුද්ගලයන් වෙනුවෙන් නඩු පැවරීමට අවශ්‍ය නීතිමය සහාය නොමිලේ ලබා දෙන බවයි. බිය නොවී ඊට ඉදිරිපත් වන ලෙස ද ඔහු ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටියේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, තැපැත් වෘත්තීය සමිති එකමුතුව, ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනය, ශ්‍රී ලංකා රක්ෂණ සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ගුරු විදුහල්පති ඒකාබද්ධ සංවිධානය, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය, රාජ්‍ය සේවා වෘත්තී සමිති සම්මේලනය, රජයේ මෘදුණාල වෘත්තීය සමිති එකමුතුව, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආදී වෘත්තීය සමිති 40ක් රතුපස්වල ජල ගැටළුවට මැදිහත්වීමට එකඟතාවය පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපි මෙච්චර දවසක් කිවුව ඇත්ත දැන් උගතුන් , බුද්ධිමතුන්ටත් තේරිලා. මිතුරනේ, මේ ප්‍රශ්නය වෙනුවෙන් එදා සිට අද දක්වාම එකම මතයක ඉඳගෙන ස්වාධීන සහ සත්‍ය තේරුම්ගෙන අදහස් පලකළ ඔබ සැමට මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් මගේ ගෞරවය මෙසේ පුදකරමි ! (නි)
මේ සියල්ල රතු මල්ලිලාට ඍජුව හෝ වක්‍රව සම්බන්ද සමිති සම්මේලන..රටේ දියුණුවට ඍජුවම බාදා කරන රජය විසින් කරන ඕනෑම යහපත් ක්‍රියාවකදී උනත් කකුලෙන් අදින්න බලන පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ සියලු සේවාවල් කඩාකප්පල් කරලා එකෙන් මහජනයා පත්වන අපහසුතාවය තම දේශපාලන අබිමතාර්ථ වෙනුවෙන් යොදාගන්න හැමදාමත් දත කන වෘත්තීය සමිති.....මේ ප්‍රශ්නයට විසදුමක් ලැබෙනවට වැඩියෙන්ම අකමැති වෙන්නේ රතු මල්ලිලා බව දන්නා අපිට නම් රතු මල්ලිලාගේ බළල් අත් බොරදියේ මාලු බාන්න හදන බව පේනවා හැරෙන කොටම.. අපේ සත්‍යපාල මහත්තයට පෙන්නේ නැති උනාට....ඔය බොර දියේ දැන් මාලු නැති බව කට්ටිය තාම දන්නේ නැහැ..(නදී)
දැන් අපේ උගතුන් කියනවා රජරට වකුගඩු රෝගයට හේතුව, නුවරඑළියෙ සහ වැලිමඩ එලවලු වලට යොදන කෘෂි රසායන ද්‍රව්‍ය මහාවැලි ගඟින් රජරට වැව් වලට එකතු විමලු. එසේ නම් කෝටි ගණන් ණය වී කරන වැලිමඩ - ඌව පරණගම උමා ඔයේ වතුර නිසා හම්බන්තොටත් වකුගඩු රෝගයට බිලිවේද. අහන්නේ මේ නොදන්නා නිසා. (ස)
අපිට රතුපස්වල වැඩක් නැහැ. ගම්පහ ටවුම ලස්සන කරලා දෙන්න. (නි)
උද්ඝෝෂණ කළාට ගණන් ගන්න එපා (නි)
ජනතාව සිහි බුද්ධියෙන් මේවා තේරුම් ගත යුතුය. (නි)
දැන් එතකොට වෘත්තීය සමිතිත් දේශපාලන උසින්ගැන්වීම් වලට අසුවෙලාද? (නි)
සේනාදීර, මේ අය කවුද කියලා දන්නවා වගේම ඔය අය කවුද කියලත් දන්නවා.ඔය ගමේ මිනිස්සු පාරට බැස්සේ ඇත්ත කාරණයක් වෙනුවෙන්.එහෙත් ධන බලය,මැර බලය,නිල බලය,දේශපාලන බලය යන සියල්ලම අහිංසක ගම්වැසියන්ට එරෙහිව කටයුතු කළා.රතුපස්වල සටනේ රජයට විරුද්ධ පක්ෂවල අය සිටින නිසා එය ආණ්ඩු විරෝධි සටනක් ලෙස පෙන්වන්නට උත්සාහ කිරීම වරදක්.ඕනෑම සටනකදී ප්‍රශ්නයක් තිබුනද කොටසක් බය පක්ෂපාතකම නිසා ඉදිරියට නොඑන විට බොහෝ විට මතුවෙන්නේ පවතින රජයකට විරුද්ධ පුද්ගලයන්ය.එහෙත් ඔවුන්ද ගමේ සාමාන්‍ය මිනිසුන් මිස ත්‍රස්තවාදීන් නොවේ.ඔවුන් උත්සහ කළේ එකමුතුව දැවැන්තයකුට එරෙහිව නැගීසිටිමකි. බොහෝවිට පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීමට එන රාජ්‍ය නායකයන් පවා රතුපස්වල ගොස් මිනිසුන් හමුවීමට ඉඩ ඇතිබව මා විශ්වාස කරමි.එසේ වුවහොත් එම ගමේ මිනිසුන් රට පාවාදීමට ගියා කියමින් අපහස නොකළ යුතුය.මෙම ප්‍රශ්නය නොවිසදා මෙතනට ගෙන ගිය නිලධාරීන් සහ බලධාරීන් එයට වගකිව යුතුය.මා පවතින රජයට තවමත් යම් හිතවත්කමක් දැක්වුවද දිනෙන් දින කරන අත්තනෝමතික ක්‍රියා ගැන දැඩි කණගාටුවකින් සිටිමි.ටිකෙන් ටික ගිලෙමින් ගොස් නහය ළගටම පැමිණි පසු ගැලවෙන්නට දගලනවාට වඩා ප්‍රශ්න වලට විසදුම් ලබාදී බොහෝ දුරක් යන්නට නොසිතීම කණගාටුවකි. (නි)
කෝකියො වැඩිවුණාමත් හොද්ද නරක් වෙනවලු. හොද්ද බොර කරගන්න හිතාගෙන කෝකියො ලොකු පිරිසක් මෙතනට ආවා. සමහරු ළිපේ ගින්දරට පිච්චෙන්නේ මොකටද කියලා කල් ඇතුවම අයින් වුණා. සමහරු ලුණු ඇඹුල් වැඩිවෙනකොට අයින් වුණා. මේ කට්ටියත් මොනවාහරි කරයි. (නි)
සත්‍ය වශයෙන්ම විය සිදු විය යුත්තේ මෙයයි. මෙයට ප්‍රමාද වුවා වැඩි යැයි සිතේ. තව ප‍්‍රමාද වුවහොත් සමාගම සියලු දෙනා බීලිබා ගන්නවා ඇත. තව මාස ගණනක් ගියහොත් ආයතනයට විරුද්ධ කිසිවෙක් නොසිටිනු ඇත. (නි)
අනේ! අසරණයන්ගේ දුක දන්න කට්ටිය සටනට බැහැලා. (නි)
පාලකයින්ට රටේ පුරවැසියන් ගැන වගක් නැත්නම් අනිවාර්යෙන්ම මෙවන් තීරණ වලට මහජනතාව සහ කොන්දක් ඇති රාජ්‍ය-පෞද්ගලික නිලධාරීන් පෙළඹීමේ අවධානම අනාගතයේ මීටත් වඩා වර්ධනය වනු නියතයි. (නි)
මේ අය කවුද කියලා මේ රටේ මිනිස්සු දන්නවා. (නි)
මේ අය කවදාවත් ඔය ප්‍රශ්නය විසදන්න දෙන්නේ නැද්ද? (නි)
මේ කට්ටිය නම් එකතුවෙලා ඉන්නේ විසදුමක් රැගෙන දෙන්නද යන්න මට සැකයි.. මේකෙන්වත් ගොඩයන්න පුළුවන්ද බලන්න. (නි)
නියමයි.ඔය තියෙන්නේ. දැන් ඉතින් අරගොල්ලන්ට රතු එලි පත්තු කර කර ඉන්නයි තියෙන්නේ. බස්නාහිර ඡන්දේදී ඉතිරි ටිකත් පෙන්නන්න (නි)
අපිට ඕවා වැඩක් නැහැ. අපිට ඕනෑ චෝගම් (නි)
මේ මිනිස්සු මොනවද මේ කරන්නේ, විසදුම අද පොවන මානයේ තියෙද්දී? දේශපාලනය, මිනීමැරුම වගේ දේවල් වලින් ලංකාවේ ලස්සන මැකීයන ලෙස කටයුතු නොකරනු! (නි)
විරුද්ධ පක්ෂ භේද භින්න කර එකිනෙක මිලදී ගැනීමේ න්‍යාය රතුපස්වලට ද අනුගමනය කර ඇති බව පැහැදිලිය.මහා පරිමාණ වියපෘති හරහා කොමිස් මුදල් ලබා ගෙන කරන්නේ මෙවැනි අසාධාරණ කටයුතුය. මුදල්,සහ බලය විසින් සියල්ල ග්‍රහණය කරන අයුරු නම් ප්‍රත්‍යක්ෂය. ජනතාව සිහි බුද්ධියෙන් මේවා තේරුම් ගත යුතුය.(නදී)
විරුද්ධ පක්ෂ භේද භින්න කර එකිනෙකා මිලදී ගැනීමේ න්‍යාය රතුපස්වලට ද අනුගමනය කර ඇති බව පැහැදිලිය.මුදල්,සහ බලය විසින් සියල්ල ග්‍රහණය කරන අයුරු නම් ප්‍රත්‍යක්ෂය. ජනතාව සිහි බුද්ධියෙන් මේවා තේරුම් ගත යුතුය. (නි)