IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘සමෘද්ධි මස්සිනාත් අල්ලයි‘

වාහන ලීසිංහ හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ රුපියල් එක්කෝටි අසූ පන් ලක්ෂයකට ආසන්න මුදල් හා රන් භාණ්ඩ කොල්ලයට සම්බන්ධ බවට සැකපිට නෙළුව කඩහිංගල ලොරි රථ රියදුරෙකු ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (25) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ලොරි රථ රියදුරා  මීට පෙර අත්අඩංගුවට ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ ඥාති සහෝදරයකි.

කොල්ලකෑමට යොදා ගත් වෑන් රථය පදවාගෙන ආවේ මේ සැකකරු බවත්, ඔහු කොල්ලය සඳහා ආයතනයට ඇතුළු වී නැති බවත් පොලිස් ආරංචි කියයි.

පොලිසියෙන් සොයාන බව දැනගත් රියදුරු තැන් කිහිපයක සැගවී සිට ඇත.

කොල්ලයට යොදාගත් බවට සැකකරන වෑන්රිය නෙළුව හාල්පිටියේ නිවෙසක තිබී   සිකුරාදා (23) සොයා ගැනීමට පොලිසිය සමත් විය.

සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් ද මේ වන විට හදුනාගෙන ඇති බව පොලිස් ආරංචි කියයි.

සිකුරාදා (23) අත්අඩංගුවට ගත් සමෘද්ධි නියාමක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  භාණ්ඩ කිහිපයක් ගෙන ඒමට බව කියමින්  එම වෑන් රිය ඉල්ලාගෙන ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේ ව්‍යාපාරිකයකුගෙන් බව පොලිස් ආරංචි කියයි.

පසුගිය 20 වැනිදා උදේ 10.30ට පමණ වෑන් රිය ඉල්ලා ගත් සැකකරු රුපියල් 5000ක් ද සමග 22 වැනිදා උදේ 8.30ට පමණ වෑන් රිය නැවත භාර දී ඇත.

වෑන් රිය නෙළුව හාල්පිටියේ ඇති බවට ලද තොරතුරකට අනුව ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ආර් ඩබ්ලිව් එම් ඒ එස් රාජකරුණා, පොලිස් සැරයන් වරුන් වන 9840 ගුණසිංහ  52478 ආරියපාල සහ පොලිස් කොස්තාපල් 87473 ලේනවල මහත්වරු නෙළුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච් වී එන් නාගරත්න මහතා ඇතුළු නෙළුව පොලිස් නිලධාරීන්ගේ ද  සහායෙන් සිකුරාදා (23) රාත්‍රී 10.30ට පමණ එම වාහනය පොලිස් භාරයට ගත්තේය.

 පොලිස් අධිකාරී  කොමාසරු මහතාට ලද තොරතුරක් අනුව  පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දෙනු ලැබූ සමෘද්ධි නියාමක පොලිසියට කියා ඇත්තේ තමා කොළඹ පැමිණියේ මහර ප්‍රදේශයේ හිතවතියක හමුවීමට බවයි. බසයෙන් පැමිණි තමා කොළඹදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන මේ කොල්ලයට සම්බන්ධ කර ගත් බවත්, කොල්ල කෑ මුදල් හා රන් බඩු තමා පැහැරගත් පිරිස ගෙන ගියත් ඔවුන් කවුදැයි නොදන්නා බවත් පොලිසියට කියා ඇත.

උසස් පොලිස් නිලධාරියකු පැවුසවේ සීසීටීවී ආරක්ෂක කැමරා දර්ශන අනුව කොල්ලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයකු ලෙස අත්අඩංගුවට ගත් සමෘද්ධි කටයුතු කරන බව පෙනී යන බවයි. ඔහු ගිනි අවිය මෙහෙයවන ආකාරය, බැංකුවේ සහකාර කළමනාකරු පාලනය කරන ආකාරය සහ රන් බඩු සහිත මලු පිටතට රැගෙන එන ආකාරය අනුව සැකකරු හොද පුරුදුකරුවෙක් ලෙස පොලිසිය සැක කරයි.

පසුගිය බදාදා (21) දහවල් 1.30ට පමණ මේ කොල්ලය සිදුවූ අතර කොල්ලකරුවෝ බැංකුවේ සේප්පු දෙකක තිබූ රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ අසූදහස් හයසියයක රන් බඩු පැකට් 186ක් සහ මුදලින් රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑ නවදහස් අටසියයක් රැගෙන ගියහ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් එම් ඒ එස් රාජකරුණා  සහ  බස්නාහිර උතුර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ සිදු කරයි.

පොලිස්පති එන් කේ ඉලංගකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.



අදහස් (0)

‘සමෘද්ධි මස්සිනාත් අල්ලයි‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 646 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 888 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1343 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2506 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3308 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35044 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24042 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site