IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


සමෘද්ධි ලාභීන් කබලෙන් ලිපට

2014 වසරේ එවකට පැවති ආණ්ඩුව  සමෘද්ධි ලාභීන්ට වැසිකිළි සදා ගැනීම සහ නිවාස අලුත්වැඩියා කර ගැනීමට බව පවසා නැවත නොගෙවීම සදහා  ලබාදුන් 2500 ක මුදල් ආධාරය නැවත ඔවුන්ගෙන්ම අයකර ගැනීමට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඒ බව සමෘද්ධි කළමනාකරුවන්ට ලිඛිතව දැනුම්දී තිබේ .
ඒ අනුව බොහෝ දිවිනැගුම සංවර්ධන බැංකු මගින් සහනාධාර ලාභීන්ට රජය මගින් මාසිකව ලබාදෙන මුදල් ආධාරය මාස තුනක කාලයක් නොගෙවා රඳවාගෙන එයින් 2014 වසරේ ලබාදුන් 2500 ක මුදල අඩු කරගෙන ඉතිරි මුදල් ගෙවීම සිදුකරගෙන යන බවත් මේ නිසා තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත් සමෘද්ධි ලාභීහු කියති.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න මහතාගේ අත්සනින් යුතුව දිවයිනේ සියලුම දිවිනැගුම සංවර්ධන බැංකු කළමනාකරුවන්ට ලිඛිතව දැනුම්දී ඇත්තේ මෙම ආධාර මුදල මහ බැංකුවෙන් ලබා නොදීම නිසා සුදුසු ක්‍රමවේදයක් භාවිතා කර ප්‍රතිලාභීන්ගෙන් එම මුදල්  නැවත අයකර ගන්නා ලෙසයි.



අදහස් (0)

සමෘද්ධි ලාභීන් කබලෙන් ලිපට

සිරි Saturday, 14 January 2017 08:16 PM

සමෘර්ධිලාභීන් කියන්නේ යම්කිසි සහනයක් අවශ්‍ය පිරිසක්. එහෙම එකේ මෙම අයකර ගැනීම "ගහෙන් වැටුණු මිනිහට ගොනා අැන්නා වගේ" (නි)

:       0       0

ජනහිත Saturday, 14 January 2017 11:25 PM

දෙන්න අත්පුඩියක්. මෙන්න අපේ යහපාලනය දෝරේ ගලනවෝ. මේ කස කාරයෝ. නැට්ටුවෝ පසුව ඒවි. මේ අය ගෙනා අයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ලලිත් Saturday, 14 January 2017 11:52 PM

මේක හරියට පිනට කියලා දානේ ගෙනිහින් දීල වළඳලා ඉවර වුණාට පස්සේ බිල ගෙනිහින් දෙනවා වගේ වැඩක්. වෙන රටවල් වල නම් මේවට උසාවිගිහින් වන්දිත් ගන්න පුළුවන්. නමුත් අතීතයට බලපාන ලෙස නීති දාපු ආණ්ඩුවකින් මීටවැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ (නි)

:       0       0

සුනිල් විජේසේන Sunday, 15 January 2017 01:57 AM

මුලින්ම කන්න තිබිලා ඕනෑනේ වැසිකිළි හදන්න (නි)

:       0       0

කල්ප Sunday, 15 January 2017 02:02 AM

මෙහෙම නොකළොත් හැමදාම සිදුවෙන්නේ නාස්තියමයි. රට සංවර්ධනය කරන්නේ කොහොමද (නි)

:       0       0

ඇසළ Sunday, 15 January 2017 03:05 AM

නීතියක් ගෙනෙමු සමෘර්ධිලාභීන්ට වැසිකිළි අවශ්‍ය නැහැ. ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක ඉන්දියාවේ වගේ මළපහ කළ හැක කියලා. (නි)

:       0       0

අරුණ Sunday, 15 January 2017 03:18 AM

මේ මුදල් දුන්නේ සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් වලින් නේද? එනිසා මෙය නැවත ගැනීම අසාධාරණයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 15 January 2017 04:18 AM

සමෘද්ධි ආධාර ගන්න බොහොම දෙනෙක් එම මුදල ගැනීමට සුදුසුකම් නොමැති අයයි. අපේ ගම් ප්‍රදේශයේ රැකියා කරන සහ වාහන තිබෙන අයටත් සමෘද්ධි දීමනාව ලැබෙනවා. ලැබියයුතු පිරිසකට සමෘද්ධි සහනාධාරය ලැබෙන්නේ නැහැ. වැසිකිළි සඳහා දීපු මුදල් වලින් වැසිකිළි කීයක් හැදුවද කියලා පරීක්ෂා කළෙත් නැහැ. වැසිකිළි හදපු මිනිසුන්ගෙන් එම මුදල කපා ගන්නවා කියන්නේ ආණ්ඩුවේ බෙල්ල කපාගැනීමක් කියලත් අමතක කරන්න එපා. (නි)

:       0       0

පද්මිණී Sunday, 15 January 2017 05:28 AM

මේ තීරණය ඉතාම අසාධාරණ ලැජ්ජාසහගත තීරණයක්. රන්ජන් රාමනායක මහත්තයා මෙයට මැදිහත් වෙයි. (නි)

:       0       0

නිහාල් Sunday, 15 January 2017 06:58 AM

හලෝ හපුහින්න වෙනත් ක්‍රමයකින් මෙය පියවගන්න අසරණ මිනිසුන්ට කරදර නොකර ...අර ප්‍රයෝජනයක් නැති නත්තල් ගස් හදපු අර්ජුනට කතාකරල බලන්න තවත් අපතේ යවන සල්ලි එහෙ ඇති ...නැත්නම් රවී සහ රවී ලට කතා කතාකළ බලන්න ...පීචන් වැඩ නොකර ..? (බ)

:       0       0

දහම් Saturday, 14 January 2017 10:29 AM

ඔය සමහර සමුර්ධි කට්ටියත් හන්සයටයි, අලියටයි කතිරේ ගැහුවනෙ. හොඳ වැඩේ තොපිට. (අ)

:       0       0

පෙරුමාල් Sunday, 15 January 2017 07:31 AM

සමෘද්ධි ලාභින්ට මේ මුදල් දුන්නේ පසුගිය ජනාධිපතිවරණයට කොපමණ කලකට පෙරද? (බ)

:       0       0

සමරේ Saturday, 14 January 2017 10:50 AM

මේක ඉතාමත් හොඳ තීරනයක්. දවසකට පස්,හය වතාවක් කෑම කන එවුවන්ට මිස, යන්කම් වෙලක් අැර වේලක් පිරිමහ ගන්න අයට මොන වැසිකිලිද.(අ)

:       0       0

හිමාල් Saturday, 14 January 2017 11:59 AM

අපොයි ඔව්, 2500න් මාසයක් ජීවත් වෙන එකේ මාස තුනෙන් ඕක කපන එක හරි අමාරුයි තමා. (අ)

:       0       0

කමල් Saturday, 14 January 2017 12:53 PM

ආණ්ඩුවෙන්ම කන්න බලන් ඉන්නෙ නැතුව මුදල් හම්බ කරන්න බලන්න. (අ)

:       0       0

වික්‍රම Sunday, 15 January 2017 10:01 AM

දිනේෂ් හිතන් ඉන්නේ දුප්පත් මිනිස්සු රටකට සාපයක් කියල, දුප්පත්කම සාපේක්ෂයි මිත්‍රයා, බිල් ගේට් එක්ක බැලුවම ඔහේ හිඟන්නේකුටත් අන්තයි මහත්මයා! (බ)

:       0       0

නිහාල් Saturday, 14 January 2017 03:40 PM

වෙනසක මහිම! (නි)

:       0       0

අප්පුහාමි Saturday, 14 January 2017 04:22 PM

සමෘද්ධි කට්ටියට දැන් යහපාලනය සනීපද? (නි)

:       0       0

ගමගේ Saturday, 14 January 2017 05:13 PM

සමෘර්ධිලාභීන්ට අයත් බොහෝදෙනෙක් රැකියා කළ හැකි කට්ටිය. මෙය නැවත සමික්ෂණයකට ලක්කර සුදුසුම පුද්ගලයන්ට සමෘර්ධි ලබාදෙන්න. (නි)

:       0       0

දිනේෂ් Saturday, 14 January 2017 06:13 PM

මේ වගේ අය නිසා තමයි ලංකාව දියුණු කරන්න බැරි. සහනාධාර කියන ඒවා නැති කරලම දාන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 210 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1892 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3518 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1595 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11005 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site