(අංජුල මහික වීරරත්න)
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මාසයේ අගමැතිධූරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිධුරය භාර දෙන ලෙස එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි නමුත් ඒ අවස්ථාවේදී ද සජිත් පලා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉවත් වූ අවස්ථාවේද තමන්ට ජනාධිපතිධූරය භාර නොගන්නා ලෙස සජිත් ප්‍රේමදාම පැවසුවත් ඔහුද ඒ සඳහා ඉදිරිපත් නොවූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා තමන් රටේ වගකීම භාර ගෙන ආණ්ඩුව පිහිටුවීමට කටයුතු නොකළා නම් මේ රට තවත් බංග්ලාදේශයක් වන බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දොම්පේ බස් නැවතුම්පොළ අසළ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමිනි.
මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.
"ඔබ සියළු දෙනා මීට අවුරුදු දෙකට කලින් සිටියේ ඉන්ධන , ගෑස් , ඖෂධ , පෝලිම් වලයි . එදා පෝලීමේ ඉඳලා එපා වුණා. ඇතැමුන් පෝලීම් වල මියගියා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න සිදු වුණා. සම්ප්රදායේ හැටියට ඊළඟට අගමැති විය යුත්තේ විපක්ෂ නායකතුමායි . ඊට කලින් සතියේ අපි අතර සාකච්ඡාවක් තිබුණා . එහිදී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීතුමා කිව්වා අගමැති අයින් වුණොත් ඔබතුමන්ලා විපක්ෂ නායකතුමාට අගමැති වෙන්න ඉඩ දෙන්න ඕන කිව්වා . අපට ප්‍රශ්නයක් නැහැ. මම කොහොමද ආණ්ඩුවක් හදන්නේ? ඒ කාළේ මට කවුරුත් හිටියේ නෑ . මම විතරයි. සජබේ සමහර අය මා සමඟ කතා කරන්නත් බයයි.
ආණ්ඩුවේ අය එක්ක කතා කළා. අඟහරුවාදා වන විට මමත් හිතුවා සජිත් අගමැති ධූරය භාරගනියි, ඊට උදව් කරන්නම් කියලා. නමුත් එදින සවස් වෙනකොට විපක්ෂ නායකතුමා අගමැති ධූරය භාර ගන්න බිය වී පලා ගිය බව දැනගන්න ලැබුණා . ඊළඟ දවසේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අගමැති ධූරය භාරගන්න ගියාත් එතුමාත් බැහැ කිව්වා. අනුර කුමාර කතා කළේවත් නැහැ.
ඒ අවස්ථාවේ මට දුරකථන ඇමතුමක් ලැබුණා අගමැති ධූරය භාරගන්න කියලා . මා එක්ක යන්න මට අත්පොළසන් දෙන්නවත් කවුරුත් නෑ . මම තනියම ගිහින් දිවුරුම් දීලා ආවා. එතකොට තමයි මෙතුමන්ලා සියලු දෙනා ආණ්ඩුවට එකතු වුණේ. ආපසු ජුලි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා. මම ජනාපතිධූරයේ වැඩ බලන්න හිටියත්, සජිත් කිව්වා ඔබතුමා වැඩබලන ජනාධිපති ධූරය භාරගන්න එපා කියලා. මම ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා? නැහැ කිව්වා. අනුරගෙන් ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා. ඔහුත් ගන්නේ නැහැ කිව්වා. කථානායකතුමාව යෝජනා කළා . එතුමා කිව්වා මම ගන්නේ නැහැ, මට මේක කරන්න බැහැ කියලා . ඒ අය වාද කරන අතරේ පාර්ලිමේන්තුව වටලන්න ආවා . ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි සියලු නායකයන් පලා ගියා. මම හමුදාපතිට කිව්වා මේක නවත්වන්න. මම එදා පාර්ලිමේන්තුව වටලන එක නවැත්තුවේ නැත්නම් අද ලංකාවත් බංග්ලාදේශයක් වෙනවා . එහෙනම් බංග්ලාදේශයේ වගේ මෙහෙත් පාර්ලිමේන්තුවක් නැහැ. එදා ඒ විදිහට ආණ්ඩුව අරගෙන තමයි අපි මේ රට දියුණු කළේ .
අපට මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි . අපි ඇති කළ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යයි. ජීවන බර තවත් සැහැල්ලු කළ යුතුයි . රුපියල ශක්තිමත් වන විට ගතවූ අවුරුදු දෙක තුළ බඩු මිළ අඩුවුණා. මම ඉන්නේ රුපියල තවත් ශක්තිමත් කරන්නයි . දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ යුතුයි. බදු බර, ජීවන බර සැහැල්ලු කරන්න එම කටයුතු සිදුකල යුතුයි" යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි
අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුමන්තිරන් සජිත් අගමැති කරන්න යෝජනා කළත් ඔහු පළා ගියා
සෙනෙවිරත්න Monday, 02 September 2024 05:23 PM
තැන තැන එක එක දේවල් දොඩවනවා, හැබැයි ඕවාට අනුරගේ නම පටලවන්න එපා... ඉර බටහිරෙන් පායනවා. ගෝඨාභයලා, රාජපක්ෂලා අනුරට ඔය කියන තනතුරු දෙන්න තියා හිතන්නෙවත් හිතුවොත්වත්...!
nanda Monday, 02 September 2024 05:26 PM
ඔය වැල්වටාරම් ජනතාවට වැඩක් නැහැ... ජනතාවට දැනෙන විදිහට නිදහසේ ඡන්දය දුන්නාම 22 ප්‍රතිඵලය බලාගන්න.
පුරවැසියා Monday, 02 September 2024 05:54 PM
නාකි සීයා ගේ එකම කතන්දරය අහල අහලා දැන් ඇති වෙලා තියෙන්නේ...
සුරෛන් Monday, 02 September 2024 05:55 PM
ඔබතුමා ඔය බොරුව කියන්න. ඔබතුමාට ඡන්ද තවත් අහිමි වෙනවා...!
අරවින්ද මොනරවිල Monday, 02 September 2024 06:11 PM
තමන් දරන තනතුරේ ගෞරවයවත් රකින්න නොදන්නා කෙනෙක්, එක අතකින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වැරැදි කාරයෙක් වෙලා අනිත් අනිත් ප්‍රසිද්ධියේ බොරු කියනවා. ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වැඩිය ලොකුයි...
Rata Perata Monday, 02 September 2024 07:06 PM
ඩොලර් මිලියන 96 ක් තිබුණු ණය බිලියන 100 කරලා ආර්ථිකය හැදුවාලු... සත 5 ක් ගත්ත ණය ගෙවන්නත් නෑ තාම...
Nishan Tuesday, 03 September 2024 04:05 AM
අරගලය වෙලාවේ අනුර කුමාර සුමන්තිරන්ව අගමැති කරන්න කිව්වා. සුමන්තිරන් සජිත්ව අගමැති කරන්න කිව්වා. පවු අනුර.
fairoos Tuesday, 03 September 2024 11:11 AM
දැන් ඉතින් මොනවා කියලාත් වැඩක් නෑ හොරුන්ට මේ සැරේ ඡන්දේ දෙන්නේ නෑ