අපොස සාමාන්‍ය විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිට කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සම්පත් අත්තටගේ කඩුවෙළ වැඩ බලන මහේස්ත්‍රාත් සී. කොළඹගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ලංකාවේ අධ්‍යාපනය (දී)
සාමාන්‍යයෙන් ගුරු සේවයේ දීර්ඝ කාලයක් කටයුතු කරන පුද්ගලයෙකු නම් මේ කියන සම්පත් මහතා,එතුමාට හෝ වෙන ඕනෑම ගුරුවරයෙකුට පුළුවන් අනුමාන කරන්න මේ වගේ ගැටළු විභාගෙට එයි කියලා. ඒක සාමාන්‍ය දෙයක්. මෙයා දීලා තියෙන අනුමාන ප්‍රශ්න පත්‍රයේ සියලුම දේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රෙයත් ඒ විදිහටම තියෙනවා නම් ඉතින් මොකක් හරි විශේෂ දෙයක් වෙලා ඇති. ඒ කිවුවෙ...එක්කෝ මෙයාට කලින් ඒ ප්‍රශ්න පත්‍රය ලැබෙන්න ඕනෑ,නැත්තම් මෙයාට විශේෂ මානසික බලයක් තියෙන්න ඕනෑ. එහෙම දෙයක් නැත්නම් මේ කෙනාට දඬුවම් කරලා වැඩක් නැහැ. මොකද කිසියම් ක්ෂේත්‍රයක දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කිරීමෙන් නිපුණතාවය කියන දේට ඉබේම කෙනෙක් පත්වෙනවා. එහෙම දෙයක් නම් මේ ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. (නි)
මේ මොන අනුවන වැඩක් ද මේ, මොකද ඒ ගුරුවරයාට අද්දැකීමෙන් ඊලග වසරේ එන ප්‍රශ්නය කියන්න පුළුවන්. මොකද ලංකාවේ අධ්‍යාපනය හැදිලා තියෙන්නේ ඒ විදිහට. හමාදාම අහන්නේ එකම ප්‍රශ්නය. වෙනස් කර කර අහන්නේ. (දී)
කලු කඩහොරුන් නිදහස් අධ්‍යාපනය විකුණාගෙන කනවා. බහුතරයක් ගුරුවරු පාසලේ වැඩ කරන්නේ නැහැ, ටියුෂන් හින්දා. (නි)
සොයාබලා නිසි දඩුවම් ලබාදිය යුතුයි. (නි)
සුසන්ත එතකොට අනුමාන ප්‍රශ්න වල හරියටම විභාගෙට එන ප්‍රශ්න වලට ඉදිරියෙන් හිනා මූණු ලකුණු කරලා තිබුණේ කොහොමද ? නාථ දෙයියෝ හීනෙන් පෙනිලා කියලද ? (නි)
මේ වැඩෙන් වෙන්නේ ගුරුවරයා කොච්චර දක්ෂ උනත් හරියට උගන්නන්නේ නැතුව යන එක (දී)
මේ විත්තිය කලින් දන්නවනම් ප්‍රශ්න 40ම නිකුත් කරන්න තිබුනේ ගුරුතුමාට.මොනවා කරත් අධ්‍යාපන ඇමතිතුමා කලින්ම කිව්වා ප්‍රශ්න පත්තර පිටවෙලා නෑ කියල. එක නිසා නඩුව අහෝසියි (දී)
ඒ කල වැඩේට මමනම් 100% විරුද්දයි (දී)
මෙය මොහුගේ දැනුමට හා පළපුරුද්දට කල නිගාවක් (දී)
වෙනදාට සැකකරුවෙක් ගැන කියනකොටම "උල තැබිය යුතුයි, එල්ලා මරන්න..පණපිටින් හම ගසන්න ඕන '' කියාගෙන එන පාඨක ප්‍රජාවේ සමහරු මේ වැඩේදී දක්වන උපේක්ෂාව පුදුමයක්. මටනම් හිතෙන්නේ මොහුට අනුකම්පාවට ගහන ප්‍රතිචාර මොහුගේම සගයකුගේ වැඩක් වෙන්න ඇති. මේ තරම් පැහැදිලිව මාධ්‍ය වලින් පෙන්වූවාට පසුත් මේවා දක්ෂ ගුරුවරයකුගේ අනුමාන යයි කියන්නේ එතකොට ලංකාවේ මෙතෙක් හිටපු අනෙක් සේරම අදක්ෂ ගුරුවරුද? (දී)
සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි ( දී)
ඇත්තටම පිට උනා වෙන්න බැරිද (දී)
අපිත් දැක්කා ප්‍රශ්න පත්‍ර දෙකම. එහෙම අනුමාන කරන්න නම් ඉතින් එයා මහා බ්‍රහ්මයා වෙන්න ඕනෑ. (නි)
පෝල් , ටීජේ, ඔයා දෙන්නා එක්ක මම 100% එකගයි. සා පෙළ එතරම වැදගත් නැහැ. අනෙක එක විෂයක ප්‍රශ්න 20 ක්. නමුත් උ/පෙළ නම් එක ප්‍රස්නයක් වුණත් වැදගත්. මොකද එක ලකුණක් වුණත් ඉසෙඩ් ස්කෝර් එකට බලපාන නිසා. ඒ වගේම ශිෂ්‍යත්වයත් වැදගත්. මොකද එක ලකුණක් වුණත් ලොකු පාසල් වල කඩයිම් ලකුණු වලට බලපාන නිසා.මේ සර් ප්‍රශ්න පත්තෙර් සල්ලි වලට අරන් නිකන්නේ බෙදලා තියෙන්නේ. එයා කරලා තියෙන්නේ ඉතාමත් හොද වැඩක්. නමුත් විභාගයේ ප්‍රශ්න පිට වීම හොද වැඩක් නොවේ. (නි)
නිකන් සම්පප්‍රලාප කියවන්න එපා. මම මෙම පුද්ගලයා ගැන දන්නවා. ඔහු දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට පවා උදවු කරන්නෙක්. (නි)
මේ ප්‍රශ්නෙට ඉක්මනට පිළිතුරක් දෙන්න (දී)
ආනන්ද,ඔයාගේ ගුරුවරයා ඔයාට වටිනවා වගේම අනිත් අයටත් තමන්ගේ ගුරුවරු වීරයෝ.ඔයා වෙන කාගෙන්වත් ඉගනගන්නතුව කොහොමද එයා තමා හොඳම කියන්නේ? (දී)
දිගින් දිගටම ප්‍රශ්න ඇති කරගත් අධ්‍යපන ඇමති අස්වෙන්නේ නැද්ද? (දී)
අපේ සම්පත් අත්තටගේ සර්ට ජයවේවා! (නි)
සම්පත් අත්තටගේ සර්ට ජය වේවා..! මේ අදහස් දාපු අයට ආරාධනා කරනවා එතුමාගේ පන්ති ගිය ළමයෙක් හම්බවෙලාවත් එතුමා ගැන දැනගන්නකියලා..!(නු)
පෝල්, සේරටම කලින් ඔයාලා වගේ අයව පෙරපාසල් යවන්න ඕනෑ. (නි)
අපේ ඇමතිතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
මේකත් හරියට කුඩු ජාවාරම වගෙයි. කුඩු ගෙන්වන අය නිදැල්ලේ. විකුණන සහ බොන අය ඇතුළේ. (නි)
අපෙ සර්ව නිදහස් කරන්න. (නි)
හැබැයි 2500න් ජීවත්වීම නම් තවම ප්‍රායෝගිකව ක්‍රියාවට නගන්න බැරි වුණානේ. (නි)
මොනවා වූණත් මේ සර් කරලා තියෙන්නේ ළමයින්ගේ පැත්තෙන් ගත්තොත් නම් උදවුවක්. (නි)
ටියුෂන් ගුරුවරුන්ට මේවත් ප්‍රශ්නද? (නි)
පෝල්,ප්‍රශ්න පත්තරේ තිබුන දවසේ පන්තිය තිබුනේ නිකන්ද ? මේ අය මෙහෙම හොර වැඩ කරන්නේ ඊලග අවුරුද්දේදී පන්තියේ ළමයි ගැන වැඩි කරගන්න . මෙතන ගුරුවරයගේ සහයට කතා කරන හැමෝම එයාගේ පන්ති ගිය ප්‍රශ්න පත්‍රය කලින් ලැබුන අයද ?? . ප්‍රශ්නවල රුප සටහන් 100% සමානව අනුමාන කරන්නේ කොහොමද? අනික විභාග ප්‍රශ්න වලට විතරක් හිනා මුණු දන්නේ කොහොමද ? එහෙමනම් පන්ති කරන එක නවත්තල අංජනම් බලන්න ගන්න පුළුවන්නේද (ස)
තුෂාර, එක්කෝ ඒ සර්ගේ පන්තියට එකපාරක් යන්න. නැත්නම් පන්තියට ගිය ළමයෙක්ව මුණ ගැහෙන්න. ඇත්ත දැනගන්න පුලුවන්. (නි)
මේ ගුරුවරයාගෙන් ප්‍රශ්න පත්තරේ හදපු ය කොපි කළා වෙන්න බැරිද (දී)
අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි...මේ අය සෙල්ලම් කරන්නෙ ළමයින්ගේ ජීවිතත් සමග..!(නු)
මෙයාට මේ ප්‍රශ්ණපත්‍රය දීපු කෙනාවනෙ රිමාන්ඩ් කරන්න ඕන..!(නු)
කෝච්චිය ගියාට පස්සේ ස්ටස්හමට ගියා වගේ කතාවක්. තාගෙහරි කරදරයකට අත් අඩංගුවට අරන් තියෙන්නෙ (නු)
ප්‍රශ්ණ 18 ක් සමාන උනාට 22 ක් අසමාන නිසා සැකෙය් වාසිය විත්තියට යයි ද?(නු)
එෆ් අට ගත්තෙත් අමාරුවෙන්.. මෙයාලා හිටියනම් අපිත් ගොඩනේ..!(නු)
දැං මෙයාට මොනවද කරන්න යන්නේ..?(නු)
මෙයා මොනවා කරන්නද? මේක පිටකරපු නෙනානෙ රිමාන්ඩ් කරන්න ඕන..!(නු)
හරියට හරි..! හැබැයි තවත් කෙනෙක් මේකට සම්බන්ධ ඇති..!(නු)
මොකද්ද මෙයා කරපු වරද ? මෙයා ළමයින්ට උදව්වක් කරලා තියෙන්නේ , මේ ප්‍රශ්න පත්තරේ සල්ලි දීල අරන් නිකන් බෙදා දීල , අනෙක මෙයා කරපු වැඩෙන් මොකක්ද ළමයින්ට උන අසාදරනය ? කිසිම අසාදරනය්ක කාටවත් නැ , උනේ සමහර අයට වාසියක් අනෙක් අයට අවාසියක් උනේ නැ , එයාලගේ ප්‍රතිපල වලට වෙනසක් නැ , මෙතන ගොඩක් කතා කරන්නේ පේපර් එක නොලැබූ අය හා නොදන්නා අයයි ,අනෙක සාමාන්‍ය පෙළ විගාගේ විද්‍යාව ප්‍රශ්ණපත්‍රය පහ වසර ශිශ්‍යත්වය හෝ උසස් පෙළ තරම් වැදගත් නැහැ , කොහොමත් සාමාන්‍ය පෙළ විභාගේ පාස් කරන්න තමා හදන්නේ , නමුත්උසස් පෙළ හෝ ශිෂ්‍යත්වේ එහෙම නැ . (නු)
මෙයාට දඩුවම් කරලා මොකටද මෙයා අනුමාන කරලා ඇති මෙවගේ ප්‍රශ්ණ එන්නෙ කියලා... මෙයා ගුරුවරයෙක් දැණුමක් තියෙන පුද්ගලයෙක්... රටට ගිය කලක්..!(නු)
එයා වැඩකරන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද?(නු)
දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)
සාමාන්‍යපෙළ ප්‍රශ්ණ පත්‍රය පිටවුණා කියලා කාගෙවත් ජීවිත වලට ලොකු බලපෑමක් නෑ.. උසස්පෙළ එක පිටවුණා නම් තමයි ප්‍රශ්ණය..!(නු)
දේශපාලනය මොනවා උනත් අධ්‍යාපනය, දරුවන්ගේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න හොද නැහැ.. උපරිම දඩුවම් දෙන්න ඕන..!(නු)
මෙයාගේ අතට විභාග ප්‍රශ්ණ පත්‍ර ලැබුණෙ කොහොමද කියලත් හොයලා බලලා දඩුවම් දෙන්න ලොකු පොඩි සියළු දෙනාගේ තරාතිරම නොබලා..!(නු)
ගුරුන්ටත් අකුරු වරදී..(නු)
මෙයාව විභාග කොමසාරිස් කරමුද?(නු)
ධක්ෂ ගුරුවරයෙක් අනුමාන කර ප්‍රශ්ණ ලබා දුන්නට හිරේ දාන්න එක හරිද?(නු)
මෙයාලා තමයි මේ රටේ අනාගතය විනාශ කරන්නෙ.. මේවාට අදාළව වහාම නීති ගෙන එන්න ඕන.. අපි පන්ති ගියේ උසස් පෙළට විතරයි... ඒත් අමාරු විෂයයන්ට.. අද හතර වසරෙ ඉදලා ළමයා උදේ හයේ ඉදලා හවස අට වෙනකම් පංති..!(නු)
වචනයක් රේඛාවක් ගනනේ ප්‍රශ්න පත්තරේ අනුමාන කලේ මෙයාගේ දක්ෂකමින්ය කියලා (දන්නා අය වගේ) කැගහපු දෙතුන් දෙනෙක් ඉන්නවා. අන්න එයාලත් ඇතුලට අරගෙන අහන්න තියෙන්නේ ඔයාල මොකද මේවා මෙහෙම වෙද්දීත් මෙයා නිර්දොශියි කියලා ඔය තරම් කියන්නේ කියලා... (නු)
සල්ලිවල ආසාවට ඉගැන්නුවට සාමාන්‍ය දැනුමක් නැති කෙනෙක්..(නු)
දැඩි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
අන්න හොදයි. වරදක් කල නිසානේ. හිරේ දැම්මේ, මොකටද ළමයිට හරියට ඉගැන්නුවේ, හොද වැඩේ (දී)
ලංකාවේ අද්‍යාපනය 100% ඉහල ගිහින් (දී)
ඔය ප්‍රශ්නෙ කලිනුත් සිදුවෙලා ඇති. (නි)
ගුරුවරුන්ගේ දක්ෂතාවය ගැනනම් කතාකරන්න එන්න එපා. උදාහරණයක් වීදිහට මම කියන්නම් අපේ උපුල් ශාන්ත සන්නස්ගල සර් ජීවිතේට පොතක් අරන් පන්තියට එන්නේ නැහැ. ඉතින් ඒ මනුස්සයට සිංහල බැරිද. ඒ මනුස්සයාගේ දක්ෂ කම ඒ. හරි මට කියන්න ලංකාවේ අපේ සන්නස්ගල සර්ට ඉහලින් යන එක සිංහල ගුරුවරයෙක් ඉන්නවද කියල (දී)
කොහොමත් අනාගතයේ මේ ගුරැතුමාටත් පාර්ලීමේන්තුවට යාමට සුදුසුකමි පවතින බව අපේ හැගීම (දී)
පවු එයා. (නි)
ඇයි මෙයා රිමාන්ඩ් කළේ? මෙයා අහවලාගේ හොද යාලුවෙක්ලු නේද? (නි)