IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සම්පත් අත්තටගේ රිමාන්ඩ්

අපොස සාමාන්‍ය විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිට කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සම්පත් අත්තටගේ කඩුවෙළ වැඩ බලන මහේස්ත්‍රාත්  සී. කොළඹගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (0)

සම්පත් අත්තටගේ රිමාන්ඩ්

නිමල් Saturday, 22 December 2012 05:48 PM

ප්‍රශ්ණ 18 ක් සමාන උනාට 22 ක් අසමාන නිසා සැකෙය් වාසිය විත්තියට යයි ද?(නු)

:       0       0

සනත් Sunday, 23 December 2012 12:50 PM

පෝල්, සේරටම කලින් ඔයාලා වගේ අයව පෙරපාසල් යවන්න ඕනෑ. (නි)

:       0       0

එසෑම් Saturday, 22 December 2012 05:57 PM

එෆ් අට ගත්තෙත් අමාරුවෙන්.. මෙයාලා හිටියනම් අපිත් ගොඩනේ..!(නු)

:       0       0

මෙත්තා Sunday, 23 December 2012 01:00 PM

අපේ ඇමතිතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

මේාරාලසිරි Saturday, 22 December 2012 05:59 PM

දැං මෙයාට මොනවද කරන්න යන්නේ..?(නු)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 22 December 2012 06:31 PM

මෙයා මොනවා කරන්නද? මේක පිටකරපු නෙනානෙ රිමාන්ඩ් කරන්න ඕන..!(නු)

:       0       0

ලලිත් - කටාර් Sunday, 23 December 2012 01:26 PM

මේකත් හරියට කුඩු ජාවාරම වගෙයි. කුඩු ගෙන්වන අය නිදැල්ලේ. විකුණන සහ බොන අය ඇතුළේ. (නි)

:       0       0

මුනසිංහ Saturday, 22 December 2012 06:44 PM

හරියට හරි..! හැබැයි තවත් කෙනෙක් මේකට සම්බන්ධ ඇති..!(නු)

:       0       0

පෝල් Saturday, 22 December 2012 06:48 PM

මොකද්ද මෙයා කරපු වරද ? මෙයා ළමයින්ට උදව්වක් කරලා තියෙන්නේ , මේ ප්‍රශ්න පත්තරේ සල්ලි දීල අරන් නිකන් බෙදා දීල , අනෙක මෙයා කරපු වැඩෙන් මොකක්ද ළමයින්ට උන අසාදරනය ? කිසිම අසාදරනය්ක කාටවත් නැ , උනේ සමහර අයට වාසියක් අනෙක් අයට අවාසියක් උනේ නැ , එයාලගේ ප්‍රතිපල වලට වෙනසක් නැ , මෙතන ගොඩක් කතා කරන්නේ පේපර් එක නොලැබූ අය හා නොදන්නා අයයි ,අනෙක සාමාන්‍ය පෙළ විගාගේ විද්‍යාව ප්‍රශ්ණපත්‍රය පහ වසර ශිශ්‍යත්වය හෝ උසස් පෙළ තරම් වැදගත් නැහැ , කොහොමත් සාමාන්‍ය පෙළ විභාගේ පාස් කරන්න තමා හදන්නේ , නමුත්උසස් පෙළ හෝ ශිෂ්‍යත්වේ එහෙම නැ . (නු)

:       1       0

සනා Sunday, 23 December 2012 02:19 PM

අපෙ සර්ව නිදහස් කරන්න. (නි)

:       0       0

රිෂ්මි Saturday, 22 December 2012 07:07 PM

මෙයාට දඩුවම් කරලා මොකටද මෙයා අනුමාන කරලා ඇති මෙවගේ ප්‍රශ්ණ එන්නෙ කියලා... මෙයා ගුරුවරයෙක් දැණුමක් තියෙන පුද්ගලයෙක්... රටට ගිය කලක්..!(නු)

:       0       0

රිෂ්මි Saturday, 22 December 2012 07:15 PM

එයා වැඩකරන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද?(නු)

:       0       0

රිෂ්වි Saturday, 22 December 2012 07:23 PM

දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)

:       0       0

මුතුකුඩ Sunday, 23 December 2012 02:31 PM

හැබැයි 2500න් ජීවත්වීම නම් තවම ප්‍රායෝගිකව ක්‍රියාවට නගන්න බැරි වුණානේ. (නි)

:       0       0

ටී.ජේ. Saturday, 22 December 2012 07:30 PM

සාමාන්‍යපෙළ ප්‍රශ්ණ පත්‍රය පිටවුණා කියලා කාගෙවත් ජීවිත වලට ලොකු බලපෑමක් නෑ.. උසස්පෙළ එක පිටවුණා නම් තමයි ප්‍රශ්ණය..!(නු)

:       0       0

කීර්ති Saturday, 22 December 2012 07:53 PM

දේශපාලනය මොනවා උනත් අධ්‍යාපනය, දරුවන්ගේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න හොද නැහැ.. උපරිම දඩුවම් දෙන්න ඕන..!(නු)

:       0       0

බණ්ඩා Saturday, 22 December 2012 07:51 PM

මේ ගුරුවරයාගෙන් ප්‍රශ්න පත්තරේ හදපු ය කොපි කළා වෙන්න බැරිද (දී)

:       0       0

සම්පත් Saturday, 22 December 2012 08:10 PM

ගුරුන්ටත් අකුරු වරදී..(නු)

:       0       0

හේරත් එස්. Saturday, 22 December 2012 08:09 PM

මෙයාව විභාග කොමසාරිස් කරමුද?(නු)

:       0       0

අසංක Saturday, 22 December 2012 08:23 PM

ධක්ෂ ගුරුවරයෙක් අනුමාන කර ප්‍රශ්ණ ලබා දුන්නට හිරේ දාන්න එක හරිද?(නු)

:       0       0

දමිත් Saturday, 22 December 2012 08:23 PM

මෙයාලා තමයි මේ රටේ අනාගතය විනාශ කරන්නෙ.. මේවාට අදාළව වහාම නීති ගෙන එන්න ඕන.. අපි පන්ති ගියේ උසස් පෙළට විතරයි... ඒත් අමාරු විෂයයන්ට.. අද හතර වසරෙ ඉදලා ළමයා උදේ හයේ ඉදලා හවස අට වෙනකම් පංති..!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 22 December 2012 08:47 PM

වචනයක් රේඛාවක් ගනනේ ප්‍රශ්න පත්තරේ අනුමාන කලේ මෙයාගේ දක්ෂකමින්ය කියලා (දන්නා අය වගේ) කැගහපු දෙතුන් දෙනෙක් ඉන්නවා. අන්න එයාලත් ඇතුලට අරගෙන අහන්න තියෙන්නේ ඔයාල මොකද මේවා මෙහෙම වෙද්දීත් මෙයා නිර්දොශියි කියලා ඔය තරම් කියන්නේ කියලා... (නු)

:       0       0

රවි Saturday, 22 December 2012 09:08 PM

සල්ලිවල ආසාවට ඉගැන්නුවට සාමාන්‍ය දැනුමක් නැති කෙනෙක්..(නු)

:       0       0

අයේෂ් Sunday, 23 December 2012 03:49 PM

මොනවා වූණත් මේ සර් කරලා තියෙන්නේ ළමයින්ගේ පැත්තෙන් ගත්තොත් නම් උදවුවක්. (නි)

:       0       0

අසාර් Saturday, 22 December 2012 09:29 PM

දැඩි දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

බණ්ඩා. Saturday, 22 December 2012 10:14 PM

අන්න හොදයි. වරදක් කල නිසානේ. හිරේ දැම්මේ, මොකටද ළමයිට හරියට ඉගැන්නුවේ, හොද වැඩේ (දී)

:       0       0

උපාලි Saturday, 22 December 2012 11:01 PM

ලංකාවේ අද්‍යාපනය 100% ඉහල ගිහින් (දී)

:       0       0

බමුණුසිංහ Sunday, 23 December 2012 05:06 PM

ටියුෂන් ගුරුවරුන්ට මේවත් ප්‍රශ්නද? (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 22 December 2012 11:28 PM

ඔය ප්‍රශ්නෙ කලිනුත් සිදුවෙලා ඇති. (නි)

:       0       0

ආනන්ද Saturday, 22 December 2012 11:38 PM

ගුරුවරුන්ගේ දක්ෂතාවය ගැනනම් කතාකරන්න එන්න එපා. උදාහරණයක් වීදිහට මම කියන්නම් අපේ උපුල් ශාන්ත සන්නස්ගල සර් ජීවිතේට පොතක් අරන් පන්තියට එන්නේ නැහැ. ඉතින් ඒ මනුස්සයට සිංහල බැරිද. ඒ මනුස්සයාගේ දක්ෂ කම ඒ. හරි මට කියන්න ලංකාවේ අපේ සන්නස්ගල සර්ට ඉහලින් යන එක සිංහල ගුරුවරයෙක් ඉන්නවද කියල (දී)

:       0       0

මුතුකුඩ Sunday, 23 December 2012 12:01 AM

කොහොමත් අනාගතයේ මේ ගුරැතුමාටත් පාර්ලීමේන්තුවට යාමට සුදුසුකමි පවතින බව අපේ හැගීම (දී)

:       0       0

සෙනරත් Sunday, 23 December 2012 12:32 AM

පවු එයා. (නි)

:       0       0

ඩයස් Sunday, 23 December 2012 12:39 AM

ඇයි මෙයා රිමාන්ඩ් කළේ? මෙයා අහවලාගේ හොද යාලුවෙක්ලු නේද? (නි)

:       0       0

ශාන් Sunday, 23 December 2012 01:16 AM

නිකන් සම්පප්‍රලාප කියවන්න එපා. මම මෙම පුද්ගලයා ගැන දන්නවා. ඔහු දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට පවා උදවු කරන්නෙක්. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 23 December 2012 01:38 AM

සාමාන්‍යයෙන් ගුරු සේවයේ දීර්ඝ කාලයක් කටයුතු කරන පුද්ගලයෙකු නම් මේ කියන සම්පත් මහතා,එතුමාට හෝ වෙන ඕනෑම ගුරුවරයෙකුට පුළුවන් අනුමාන කරන්න මේ වගේ ගැටළු විභාගෙට එයි කියලා. ඒක සාමාන්‍ය දෙයක්. මෙයා දීලා තියෙන අනුමාන ප්‍රශ්න පත්‍රයේ සියලුම දේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රෙයත් ඒ විදිහටම තියෙනවා නම් ඉතින් මොකක් හරි විශේෂ දෙයක් වෙලා ඇති. ඒ කිවුවෙ...එක්කෝ මෙයාට කලින් ඒ ප්‍රශ්න පත්‍රය ලැබෙන්න ඕනෑ,නැත්තම් මෙයාට විශේෂ මානසික බලයක් තියෙන්න ඕනෑ. එහෙම දෙයක් නැත්නම් මේ කෙනාට දඬුවම් කරලා වැඩක් නැහැ. මොකද කිසියම් ක්ෂේත්‍රයක දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කිරීමෙන් නිපුණතාවය කියන දේට ඉබේම කෙනෙක් පත්වෙනවා. එහෙම දෙයක් නම් මේ ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. (නි)

:       0       0

සුරංග Sunday, 23 December 2012 02:20 AM

මේ මොන අනුවන වැඩක් ද මේ, මොකද ඒ ගුරුවරයාට අද්දැකීමෙන් ඊලග වසරේ එන ප්‍රශ්නය කියන්න පුළුවන්. මොකද ලංකාවේ අධ්‍යාපනය හැදිලා තියෙන්නේ ඒ විදිහට. හමාදාම අහන්නේ එකම ප්‍රශ්නය. වෙනස් කර කර අහන්නේ. (දී)

:       0       0

දුසන්ත යග්ගහවිට Sunday, 23 December 2012 03:06 AM

කලු කඩහොරුන් නිදහස් අධ්‍යාපනය විකුණාගෙන කනවා. බහුතරයක් ගුරුවරු පාසලේ වැඩ කරන්නේ නැහැ, ටියුෂන් හින්දා. (නි)

:       0       0

වසන්ත Sunday, 23 December 2012 05:56 AM

සොයාබලා නිසි දඩුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

තුෂාර Sunday, 23 December 2012 07:52 PM

පෝල්,ප්‍රශ්න පත්තරේ තිබුන දවසේ පන්තිය තිබුනේ නිකන්ද ? මේ අය මෙහෙම හොර වැඩ කරන්නේ ඊලග අවුරුද්දේදී පන්තියේ ළමයි ගැන වැඩි කරගන්න . මෙතන ගුරුවරයගේ සහයට කතා කරන හැමෝම එයාගේ පන්ති ගිය ප්‍රශ්න පත්‍රය කලින් ලැබුන අයද ?? . ප්‍රශ්නවල රුප සටහන් 100% සමානව අනුමාන කරන්නේ කොහොමද? අනික විභාග ප්‍රශ්න වලට විතරක් හිනා මුණු දන්නේ කොහොමද ? එහෙමනම් පන්ති කරන එක නවත්තල අංජනම් බලන්න ගන්න පුළුවන්නේද (ස)

:       0       0

සුසන්ත Sunday, 23 December 2012 07:07 AM

සුසන්ත එතකොට අනුමාන ප්‍රශ්න වල හරියටම විභාගෙට එන ප්‍රශ්න වලට ඉදිරියෙන් හිනා මූණු ලකුණු කරලා තිබුණේ කොහොමද ? නාථ දෙයියෝ හීනෙන් පෙනිලා කියලද ? (නි)

:       0       0

අසංක Sunday, 23 December 2012 07:15 AM

මේ වැඩෙන් වෙන්නේ ගුරුවරයා කොච්චර දක්ෂ උනත් හරියට උගන්නන්නේ නැතුව යන එක (දී)

:       0       0

කුමාරි Sunday, 23 December 2012 07:15 AM

මේ විත්තිය කලින් දන්නවනම් ප්‍රශ්න 40ම නිකුත් කරන්න තිබුනේ ගුරුතුමාට.මොනවා කරත් අධ්‍යාපන ඇමතිතුමා කලින්ම කිව්වා ප්‍රශ්න පත්තර පිටවෙලා නෑ කියල. එක නිසා නඩුව අහෝසියි (දී)

:       0       0

බුද්ධික Sunday, 23 December 2012 07:56 AM

ඒ කල වැඩේට මමනම් 100% විරුද්දයි (දී)

:       0       0

සංජිව Sunday, 23 December 2012 08:15 AM

මෙය මොහුගේ දැනුමට හා පළපුරුද්දට කල නිගාවක් (දී)

:       0       0

රංගන Monday, 24 December 2012 02:11 PM

තුෂාර, එක්කෝ ඒ සර්ගේ පන්තියට එකපාරක් යන්න. නැත්නම් පන්තියට ගිය ළමයෙක්ව මුණ ගැහෙන්න. ඇත්ත දැනගන්න පුලුවන්. (නි)

:       0       0

තුල්සි Sunday, 23 December 2012 09:22 AM

වෙනදාට සැකකරුවෙක් ගැන කියනකොටම "උල තැබිය යුතුයි, එල්ලා මරන්න..පණපිටින් හම ගසන්න ඕන '' කියාගෙන එන පාඨක ප්‍රජාවේ සමහරු මේ වැඩේදී දක්වන උපේක්ෂාව පුදුමයක්. මටනම් හිතෙන්නේ මොහුට අනුකම්පාවට ගහන ප්‍රතිචාර මොහුගේම සගයකුගේ වැඩක් වෙන්න ඇති. මේ තරම් පැහැදිලිව මාධ්‍ය වලින් පෙන්වූවාට පසුත් මේවා දක්ෂ ගුරුවරයකුගේ අනුමාන යයි කියන්නේ එතකොට ලංකාවේ මෙතෙක් හිටපු අනෙක් සේරම අදක්ෂ ගුරුවරුද? (දී)

:       0       0

සරසි Sunday, 23 December 2012 09:50 AM

සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි ( දී)

:       0       0

සරසි Sunday, 23 December 2012 09:52 AM

ඇත්තටම පිට උනා වෙන්න බැරිද (දී)

:       0       0

මංජු Sunday, 23 December 2012 10:34 AM

අපිත් දැක්කා ප්‍රශ්න පත්‍ර දෙකම. එහෙම අනුමාන කරන්න නම් ඉතින් එයා මහා බ්‍රහ්මයා වෙන්න ඕනෑ. (නි)

:       0       0

චන්ද්‍රික Sunday, 23 December 2012 10:37 AM

පෝල් , ටීජේ, ඔයා දෙන්නා එක්ක මම 100% එකගයි. සා පෙළ එතරම වැදගත් නැහැ. අනෙක එක විෂයක ප්‍රශ්න 20 ක්. නමුත් උ/පෙළ නම් එක ප්‍රස්නයක් වුණත් වැදගත්. මොකද එක ලකුණක් වුණත් ඉසෙඩ් ස්කෝර් එකට බලපාන නිසා. ඒ වගේම ශිෂ්‍යත්වයත් වැදගත්. මොකද එක ලකුණක් වුණත් ලොකු පාසල් වල කඩයිම් ලකුණු වලට බලපාන නිසා.මේ සර් ප්‍රශ්න පත්තෙර් සල්ලි වලට අරන් නිකන්නේ බෙදලා තියෙන්නේ. එයා කරලා තියෙන්නේ ඉතාමත් හොද වැඩක්. නමුත් විභාගයේ ප්‍රශ්න පිට වීම හොද වැඩක් නොවේ. (නි)

:       0       0

අකිල Sunday, 23 December 2012 10:52 AM

අයියෝ ලංකාවේ අධ්‍යාපනය (දී)

:       0       0

අකිල Sunday, 23 December 2012 10:52 AM

මේ ප්‍රශ්නෙට ඉක්මනට පිළිතුරක් දෙන්න (දී)

:       0       0

අරුණි Sunday, 23 December 2012 11:04 AM

ආනන්ද,ඔයාගේ ගුරුවරයා ඔයාට වටිනවා වගේම අනිත් අයටත් තමන්ගේ ගුරුවරු වීරයෝ.ඔයා වෙන කාගෙන්වත් ඉගනගන්නතුව කොහොමද එයා තමා හොඳම කියන්නේ? (දී)

:       0       0

බන්දුල Sunday, 23 December 2012 11:03 AM

දිගින් දිගටම ප්‍රශ්න ඇති කරගත් අධ්‍යපන ඇමති අස්වෙන්නේ නැද්ද? (දී)

:       0       0

රංගන Sunday, 23 December 2012 11:42 AM

අපේ සම්පත් අත්තටගේ සර්ට ජයවේවා! (නි)

:       0       0

රංගන Sunday, 23 December 2012 11:46 AM

සම්පත් අත්තටගේ සර්ට ජය වේවා..! මේ අදහස් දාපු අයට ආරාධනා කරනවා එතුමාගේ පන්ති ගිය ළමයෙක් හම්බවෙලාවත් එතුමා ගැන දැනගන්නකියලා..!(නු)

:       0       0

සිල්වා තබුක් Saturday, 22 December 2012 05:25 PM

මෙයාගේ අතට විභාග ප්‍රශ්ණ පත්‍ර ලැබුණෙ කොහොමද කියලත් හොයලා බලලා දඩුවම් දෙන්න ‍ලොකු පොඩි සියළු දෙනාගේ තරාතිරම නොබලා..!(නු)

:       0       0

කිත්සිරි කහතුඩුව Saturday, 22 December 2012 05:27 PM

අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි...මේ අය සෙල්ලම් කරන්නෙ ළමයින්ගේ ජීවිතත් සමග..!(නු)

:       0       0

නිලූ Saturday, 22 December 2012 05:36 PM

මෙයාට මේ ප්‍රශ්ණපත්‍රය දීපු කෙනාවනෙ රිමාන්ඩ් කරන්න ඕන..!(නු)

:       0       0

රිස්වාන් සෞදි අරාබිය Saturday, 22 December 2012 05:40 PM

කෝච්චිය ගියාට පස්සේ ස්ටස්හමට ගියා වගේ කතාවක්. තා‍ගෙහරි කරදරයකට අත් අඩංගුවට අරන් තියෙන්නෙ (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 537 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 652 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 365 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 255 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1062 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 900 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site