(*** නිමන්ති රණසිංහ)
වරෙන්තු ලැබ සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක්‍රියාකළ ආකාරය පිළිබදව සහ එම අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වහාම දැනුම් දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ අස්සනින් වැඩ බලන පොලිස්පතිවරයාට යවා ඇති පිටු තුනකින් යුත් එම ලිපියෙන් දන්වා ඇත්තේ විමර්ශනයට අදාළ වාර්තාව ලබන 31 වැනිදාට පෙර ලබා දෙන ලෙසය.
අනුරුද්ධ සම්පායෝ නමැති සැකකරු අත්අඩංගුවට ගත්තේ උපක්‍රමශීලීව සාර්ථක බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර එමගින් අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් මහජනතාව නොමග යවා වගකීම් විරහිතව කටයුතු කර ඇති ආකාරයක් අනාවරණය වන බැවින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස එම ලිපිය මගින් දන්වා ඇත.
වරෙන්තුකාර මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ නමැත්තා මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට නොගෙන පූර්ණ සැලසුමක් සහිතව සාදරයෙන් පිළිගැනීමක් සිදුකර කළද බවට සී සී ටී වී දර්ශනවලින් පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ද එම ලිපියෙන් දක්වා ඇත.
මෙම සිද්ධියේ සැකකරුවකු වන අනුරුද්ධ සම්පායෝ යන අය පොලිස් භාරයට ගත් ස්ථානයේ සී සී ටී වී දර්ශන අනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසත් පොලිස් ජිප් රථයකින් ද ඊට පසුපස වෑන් රථයකින් පැමිණ සිටි අනුරුද්ධ සම්පායෝ නැමැත්තාගේ සහෝදරයා ඇතුළු පිරිසත් දර්ශනය වන බව එම ලිපියේ සදහන් කර ඇත.
පසුව, අනුරුද්ධ සම්පායෝ නමැත්තා රතු පැහැති ඩිස්කවරි ස්පෝට්ස් වර්ගයේ ජීප් රථයකින් එම ස්ථානයට පැමිණ රථයෙන් බැස මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ රථය අසලට ඇවිද යන ආකාරයත් එම අවස්ථාවේදී අනුරුද්ධ සම්පායෝ මහතා තම ජංගම දුරකතනයෙන් යමකු අමතමින් සිට එම දුරකතන ඇමතුම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ට කතා කිරීමට සලස්වන අයුරු එම සී සී ටී වී හි සටහන් ව ඇතැයි වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පායෝ නමැත්තාගේ අත පා ඔහු සුහදව පිළිගන්නා ආකාරයත් හොඳින් නිරීක්ෂණය වන බව ද එම ලිපියෙන් සඳහන් කර ඇත.
ඒ අනුව මොවුන් මාධ්‍ය ආයතනයක පුද්ගලයකු පැමිණෙන තෙක් කල්ගත කළ බවට පෙනී යන අතර මාධ්‍යවේදියාගේ ජංගම දුරකතනයෙන් අනුරුද්ධ සම්පායෝ යන සැකකරු හට මාධ්‍යයට කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින්ම ලබාදී ඇති බව පැහැදිලි වන බවද එහි සඳහන් කර තිබේ.
මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අගෝස්තු මස 2 වැනිදා සිදුකළ සාර්ථක බුද්ධි මෙහෙයුමකින් අනතුරුව අනුරුද්ධ සම්පායෝ යන සැකකරු අත්අඩංගුවට ගත් බවට මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සටහන් තබා තිබුණ ද එය මෙහෙයුමකින් සිදුකළ අත්අඩංගුවට ගැනීමක් නොවන බවට සී සී ටී වී දර්ශන නැරඹීමේදී අනාවරණය වී තිබෙන බව ද ලිපිය මගින් දැනුම් දී ඇත.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සම්පායෝ ඇල්ලීම රඟපෑමක්
Asanga Friday, 21 August 2020 06:02 AM
අපිට නම් තේරුණේ මුල ඉඳලම මේක ලොකු රඟපෑමක් කියලයි. මොකද මෙයා රඟපෑවේ කාගෙහරි ලොකු බලපෑමක් උඩ ලෙසයි. මොකද මේ ගොල්ලන් සෙල්ලන් කරන්නේ රටේ නීතියත් එක්ක. උපරිම දඬුවම් දියයුතුයි.
RaveendraFriday, 21 August 2020 07:03 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. එම වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී ඕනෑම කෙනෙකුට අනේ අපේ නීතියට ගිය කලදශාව යන්න තම හිතට නොදැනේ නම් එයා කුමක් හෝ අධික මානසික ලෙඩකින් පෙලෙන රෝගියෙකි.
Hafeel Friday, 21 August 2020 07:53 AM
බලනකොට නීතිපති දෙපාර්තමේන්තුවත් සහ පොලිස් දෙපාර්තමේන්තුවත් කරන්නෙත් රඟපෑම තමයි. ප්‍රභූන්ට එක නීතියක් සහ සාමාන්‍ය මිනිස්සුන්ට එක නීතියක්...
bataya Friday, 21 August 2020 08:58 AM
මේ වගේ උපක්‍රමශීලී අතිසාර්ථක බුද්ධි මෙහෙයුම් කරලා තමයි පාස්කු ඉරිදා අපිට කෙළ වුණේ..
ලුම්බිණි Friday, 21 August 2020 10:00 AM
අද ලංකාවේ ඉන්න බොහෝ දේශපාලකයෝ කරන්නෙත් රඟපෑමක් නේද? ඉතින් ඒ විදියට දැන් කවුරුත් පුරුදු වෙලා.
upaliFriday, 21 August 2020 10:44 AM
ඔබට ඔවුන්ට පහර දෙන්න බැරිනම්, ඔවුන් එක්ක එකතු වෙන්න.
Champa Friday, 21 August 2020 10:52 AM
කුරුණෑගල ඔය නාටකය වෙලාවේ සම්පායෝ කෝල් එක ගත්තේ කාටද? ඒක තමයි වැදගත්ම දේ මෙතන...
Aniruddha Friday, 21 August 2020 12:54 PM
මෙතුමා ඉල්ලගෙන කන්න වගේ යන්නේ...!!! පෙන්ෂන් එකක් නැතිව ගෙදර යන්න වෙයි මහත්තයෝ..