IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


’’සම්පූර්ණයෙන්ම රට වැසීමට අවශ්‍ය නෑ’’

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණ වශයෙන් "ලොක්ඩවුන්"(වැසීම) කළ යුතු යැයි තමා කිසිවිටෙකත් ප්‍රකාශ නොකරන බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ඊට අඩු ක්‍රියාමාර්ගවලින් මේ වසංගතය පාලනය කළ හැකි යැයිද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ පසුගිය අප්‍රේල් මැයි මාසවලදී රට යම්තාක් දුරකට වැසුණද ආයතනවල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කෙරුණු බවත් එසේ කටයුතු කරන අතරේදී සෞඛ්‍ය නීති අනුගමනය කිරීම නිසා කොරෝනා පැතිරීමේ යම්කිසි පාලනයක්ද ඇති කරගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

 



අදහස් (20)

’’සම්පූර්ණයෙන්ම රට වැසීමට අවශ්‍ය නෑ’’

kamal Friday, 20 August 2021 08:28 AM

තමුන්නාන්සේලා අපේ සල්ලිවලින් ඉගෙනගෙන අපිටම පෙන්නන නාඩගම් දැක්කාම මේවා දාලා පිටරටකට නොගිය මෝඩකම් කියලා හිතෙනවා.

:       8       15

chandanaFriday, 20 August 2021 03:30 PM

ඔබතුමාගේ අදහසට මම අහලා තියෙන තනි වචනය තමයි "පරගැති" කියන වචනය. අර පහුගිය කාලේ රට දෙවනත් කරගෙන මේ තරම් අමාරු කාලෙකත් වැඩිපඩි ඉල්ල ඉල්ලා පාරවල් වල රස්තියාදු ගහපු රැකියාකාරයිනුන් දැක්කාමත් ඔහොම්ම හිතුණා නම් ඒ වචනය ඇති. ඒ ලොවෙත් ඔහොම හිතුණේ නැත්නම් ඒකට ගැලපෙන වචනය තමයි අර ඇමැතිවරයෙක් කිව්වේ...!

:       7       6

kamalFriday, 20 August 2021 05:48 PM

සසර වසන තුරු..., නිවන් දකින තුරු...!!! දවසට 07 වතාවක් කියන්න මොලේ පෑදෙන්න.

:       0       4

Almeida Friday, 20 August 2021 08:37 AM

මේ ඔක්කොටම අමු කැවිලද කොහේද?

:       4       14

Ratne Friday, 20 August 2021 08:42 AM

උද්දච්ඡ පාලකයින්ගේ ඕනෑ එපාකම් අනුව මෙසේ ප්‍රකාශ නිකුත් කිරීම මගින් තවදුරටත් කෝවිඩ් මරණ වැඩි වන බව ඔබතුමන් නොදන්නේද? දිනකට 200ක් හෝ ඊට වැඩිය මිය යාම යම් තරමකින් හෝ අඩු කර ගැනීමටත්, එන්නත් 1 ක් හෝ 2 කම නොලැබූණු පිරිසට එය ලබා දෙන තෙක් හෝ ජනතාව බේරා ගැනීමට ඇති අවශ්‍යතාවය, ඔබවැනි වෛද්‍ය ක්‍ෂේත්‍රයේ උගතුන් නොමැති වීම කණගාටුවකි...

:       4       13

pakeer Friday, 20 August 2021 08:51 AM

එක එකා... එක එක දේවල් කියනවා. ඔබතුමා ගිහින් බලන්න තිබුණේ පහුගිය ටිකේ කෝච්චියක.. රජයේ සේවය වගේ නෙවෙයි පුද්ගලික සේවේ... මළත් වැඩට එන්න ඕනේ.. ඒවායේ ඔය කියන තරමේ රොස්ටර්ස් නැහැ. රජයෙන් වහනකම් බලන් ඉන්නේ පාස් ගන්නත්.. වහනවා නම් වහන්න සම්පූර්ණයෙන්ම. නැතිනම් ඇරලාම තියන්න මැරෙන එකා මැරිලාම යන්න.

:       0       14

දිසා...... ගම්පහ. Friday, 20 August 2021 09:28 AM

" අංගොඩ " සිට දැනුම් දෙන නිසා පිළිගැනීමට සිදු වේවි. නමුත් බහුතරයකගේ මතය මෙය නොවේ.

:       2       9

Nuwa Friday, 20 August 2021 11:16 AM

අංගොඩ රෝහලේ වගේ PPE kit දාගෙන සාමාන්‍ය මිනිස්සු පොලේ යනවා කියලා මෙතුමා හිතන් ඇත්තේ...

:       4       14

chandanaFriday, 20 August 2021 12:11 PM

මිනිසුන් වර්ග ගොඩාක් ඉන්නවා. එක වර්ගයක් හිතනවා තමන් ඉගෙන ගත්ත, තමන් දන්න වෘත්තිය විතරයි නිවැරදි, ඒ විෂය තමයි ඉහළම ඒ් විෂය විතරක් දැන ගත්තාම ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් කියලා. තව කණ්ඩායමක් ඉන්නවා තමන් දන්න විෂයය ගැනත් පරතෙරට ඇවිත් වෙනත් ‌විෂයයන් ගැනත් අවබෝධයක් ඇතිව මේ සියල්ල සමබර කරලා ප්‍රශ්න වලට උත්තර හොයන අය. තවත් කට්ටියක් ඉන්නවා කිසිම විෂයයකට පරතෙරට ගිහින් නැහැ. හැබැයි තමන් තමයි සියළුම දේවල් දන්නේ කියලා හිතන... තවත් නොයෙක් වර්ගවල මිනිස්සු ඉන්නවා. කොහොම වුණත් සමාජයක් නිර්මාණය වෙන්නේ සහ ඒ්ක සංවර්ධනය වෙමින් පවතින්නේ සියළුම විෂයයන්වල සම්මිශ්‍රණයෙන් මිසක් ඒකම විෂයකින් නෙවෙයි. විෂයයන් වලට විතරක් නෙවෙයි, වෘත්තීන් වලටත් මේක පොදුයි. අර කිසි දෙයක් නොදැන තමන් දන්නවා යැයි සිතන අයටත්, තමන් දන්න දේම පමණයි නිවැරදි කියලා හිතන අයටත් මෙතුමාගේ ප්‍රකාශය අවුල් වගේ දැනෙනවා ඇති...

:       1       10

Sri Lanka Friday, 20 August 2021 12:24 PM

කිසිම දෙයක් වෙනස් නොකර එදා වගේ වැඩ කරන්න. කොරෝනා කියන්නේ ව්‍යාපාරයක්... කඩා වැටුණු පිටරටවල් ගොඩගන්න ගහපු ප්ලෑන් එකක්...

:       2       6

Rata Perata Friday, 20 August 2021 12:53 PM

ඔව්. ඔන්න ඔය වගේ රස්සාවත් බේරාගෙන වැඩ කරන්න.

:       2       7

mp Friday, 20 August 2021 12:59 PM

මෙයත් දැන් කේවට්ටයෙක්.

:       3       7

swene Friday, 20 August 2021 02:48 PM

ඔබතුමා දක්ෂ වෛද්‍ය වෘත්තිකයෙක්... එහි කිසිම විවාදයක් නෑ. ඒත් මෙවැනි ප්‍රකාශයක් කරන්න එම වෘත්තීය දැනුම ප්‍රමාණවත් යයි නොසිතමි. කෝවිඩ් ව්‍යාප්තිය, ආර්ථිකය, සමාජමය තත්ත්වය, ප්‍රවාහන පහසුකම්, අපේ පුරවැසියන්ගේ චර්යා රටාව යන බොහොමයක් ගැන සලකා බැලීමෙන් අනතුරුවයි වැසිය යුතුද? නැද්ද? නොඑසේ නම් අතර මැදි විසඳුමක් ගැන අදහස් පලකළ යුත්තේ. ඒ මන්දයත් එවැනි ප්‍රකාශ මේ වැනි අවස්ථාවලදී ඉතා තීරණාත්මක වන නිසායි...

:       2       5

kamani Friday, 20 August 2021 03:01 PM

අයියෝ... රස්සාව බේරගන්න වන මහන්සියක්...

:       0       0

hesa Friday, 20 August 2021 03:29 PM

ඔව්.., ඒක හරි "වහපන්.. වහපන්" කියන ඈයෝම පාසස් අරන් තමන්ගේ වැඩේ කර ගන්නවා...

:       0       6

siri Friday, 20 August 2021 06:29 PM

මත, අදහස් තියෙන්න පුළුවන්... ඒත් මේ අවස්ථාවේ වඩාත් ප්‍රායෝගික සහ ඵලදායී වනුයේ ප්‍රතිඵල පාදක උපාය මාර්ග... නිසි ප්‍රතිඵල නොලැබෙන්නේ නම් වෙනත් විකල්ප උපාය මාර්ග සෙවිය යුතුය. මේක ඉතා විපත් අවස්ථාවක්...

:       0       1

අතුල Saturday, 21 August 2021 07:35 PM

රට වැහුවත් නැතත්, රටේ මිනිස්සු නීති වලට, සෞඛ්‍ය නියාමන වලට ගරු කරණ තාක් මේ වසංගතයෙන් ගොඩ ඒමක් නැහැ. මල ගෙදරක්, මගුල් ගෙයක්, සාදයක් තිබුනොත් නැත්නම් "අඩියක් ගහන්න සෙට් වෙන්න තියෙනවානම්" අද කීදෙනෙක් නොගිහින් ඉඳීවිද. ඉතාමත් සුළුතරයක් විතරයි ඒවාට ගරු කරන්නේ. මලගෙයක් උනොත්ේ මිනිය වලදානවා හෝ පුච්චනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? අවසන් ගෞරවය දැක්වූවොත්, ඒ මිනියට පණ එනවද? බුද්ධියක් නැති මිනිස්සු සහ රජය නිසයි මේ හැමදේම. රට වහලා, රටට ගොඩ ඒමක් නැහැ. වැඩට ගියත් නැතත් මාසෙ පඩිය හම්බ වෙන උදවියට නම් අවුලක් නැහැ. ඒත් එදා දවසේ වියදම හොයා ගන්න මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? රට වැහුවොත් රජයට ආදායමක් නැහැ. රට පවත්වාගෙන යන්නේ කොහොමද? මිනිස්සු විතරක් නොවෙයි, රජයත් තකතීරු තීරණ තමයි ගොඩක් වෙලාවට ගන්නේ. රට ආදායම නැත්තටම නැති උනත්, ප්‍රාඩෝ එකක් වෙනුවෙන්, ඇඟ හදාගන්න ජිම් 500 ක් හදල මිනිස්සුන්ගෙ ජීවිත් උගස් තියන රජයක් තමයි අපිට තියෙන්නේ.

:       0       1

පුරවැසියා Saturday, 21 August 2021 10:56 PM

මේ මනුස්සයා රට සම්පූර්ණයෙන් වහන්න ඕනෑමයි කිව්වා නම් මෙතන කමෙන්ට් දාලා තියෙන කබ්බන් බහුතරයක් මෙතුමාව වන්දනාමාන කරන විදිය බලාගන්න තිබ්බා. මේ අයට ඕනේ නිකන් ඉන්න. එහෙමත් නැත්තන් ගොන් ජෙප්පෝ හරි, සජියගේ හරි ගොට්ටෝ වෙන්න ඕනේ...

:       0       0

kabbaTuesday, 24 August 2021 09:03 AM

මිනිසුන්ගෙන් මිනිසුන්ට සංසරණයන මේ භයානකකම ලෙඩෙන් ගැලවීමට නම් එකම මග මිනිසා මිනිසාගෙන් වෙන් කර තැබිම

:       0       0

janahitha Tuesday, 24 August 2021 09:00 AM

නොමිලේ අධ්‍යාපනය අරන් දේශපාලනඥයින්ට කඩේ යන එක වැරදියි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 235 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 85 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 148 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 168 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 757 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 369 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 64 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site