IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘‘සාම්ප්‍රදායික මාධ්‍ය හාන්සියි‘‘

පසුගිය ජනාධිපතිවරණයේ දී අන්තර්ජාලය ජනමතය වෙනස්කිරීම සඳහා සම්ප්‍රදායික මාධ්‍ය පරයමින් ඉදිරියට පැමිණ ඇතැයි ආචාර්ය රංග කලංසූරිය මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී පැවැත්වෙන ජාත්‍යන්තර මාධ්‍ය සදාචාරය පිළිබඳ සාකච්ඡාවේ දී අද අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ යාපනය, කොළඹ, ගාල්ල මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක 14ක් පදනම් කැරගනිමින් කරන ලද සමීක්ෂණයක දී මේ බව හෙළිවූ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සමීක්ෂණය සිදුකළේ මැතිවරණයේ ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර බවත් එහිදී මැතිවරණ සමයේ තොරතුරු දැන ගැනීම සඳහා තමන් මාධ්‍ය භාවිතා කරන බව සියයට 80ක් දෙනා පැවසූ බව ද ආචාර්ය කලංසූරිය පවසයි.

ඔවුන්ගෙන් සියයට 93ක් ප්‍රධාන වශයෙන් භාවිතා කැර ඇත්තේ රූපවාහිනිය බවත් අංක දෙකට පත්ව ඇත්තේ අන්තර්ජාලය බවත් ඔහු අනාවරණය කළේය. සියයට 27ක් මැතිවරණය ගැන තොරතුරු දැනගැනීමට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි හා සමාජ වෙබ් අඩවි භාවිතා කරද්දී සම්ප්‍රදායික මාධ්‍යය වූ පුවත්පත් හා ගුවන්විදුලිය පසුපසට ඇද වැටී ආකාරය පැහැදිලි වූ බවත් හෙතෙම කීවේය. ඔහු පවසන්නේ අනපේක්ෂිත ලෙස ගාල්ල, දෙනියාය, මොණරාගල, අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කයන්හි ඈත එපිට ගම්මානවල පවා විශාල පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන බව එම සමීක්ෂණයේ දී අනාවරණය වීමෙන් තවදුරටත් අන්තර්ජාලය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට ආගන්තුකයකු නොවන බව පැහැදිලි බවයි.

ඡන්දය දෙන පාර්ශවය තීරණය කිරීම සඳහා මාධ්‍යයේ බලපෑම සිදුවූ ආකාරය පිළිබඳ සමීක්ෂණය කිරීමේ දී නෙී ගොස් ඇත්තේ සියයට 80ට තම තිරණය වෙනස්වීම කෙරෙහි මාධ්‍යයේ ප්‍රචාරය බලපෑ බවයි. එහිදී වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ රූපවාහිනී මාධ්‍යයෙනි. එය සියයට 59ක් වෙද්දී අන්තර්ජාලය හේතුවෙන් තම මතය වෙනස් වූ බව සමීක්ෂණයට ලක්වූ අයගෙන් 31% ක් පවසා තිබිණි. පත්තර හේතුවෙන් තම මතය වෙනස් වූ බව පැවසූ සංඛ්‍යාව 1% කි. ගුවන්විදුලිය හේතුවෙන් මතය වෙනස් වූ පිරිස 0.05% ක් තරම් ඉතා අඩු අගයක වූ බව ද ආචාර්ය කලංසූරිය කීවේය.

මේ සමීක්ෂණයේ තවත් එක් අංගයක් වී ඇත්තේ මාධ්‍යය සදාචාරය ආරක්ෂා කළා ද යන්න ගැන මහජන මතය විමසීමයි. එහිදී සියයට 70ක් පවසා ඇත්තේ මාධ්‍ය ආචාර ධර්ම සියල්ල උල්ලංඝනය කැර ඇති බවයි. ඉන් 54.5% ක මතය වි ඇත්තේ රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යය ද ආචාර ධර්ම උල්ලංඝනය කරමින් මාධ්‍ය වාර්තා කළ බවයි.

ආචාර්ය රංග කලංසූරිය මහතා පවසන්නේ මේ සමීක්ෂණයේ තවත් බොහෝ කරුණු ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි.

P1090435



අදහස් (0)

‘‘සාම්ප්‍රදායික මාධ්‍ය හාන්සියි‘‘

ගයාන් Wednesday, 28 January 2015 05:51 AM

තව වසර විස්සක් යද්දී මැතිවරණයකට ඡන්දය දමන්නේ ගෙදර ඉඳලා අන්තර්ජාලය හරහා... බලන්නකෝ නැද්ද කියලා (නි)

:       0       0

දුෂාර Wednesday, 28 January 2015 02:26 PM

ගයාන්, කියන එක හරි. මම හිතනවා, අවුරුදු 10න් විතර එහෙම වෙයි.(හේ)

:       0       0

අජිත් Wednesday, 28 January 2015 06:34 AM

ඔව් ඔව් ඒක නම් හරි. (නි)

:       0       0

ශාමන්ත වෙල්ගම Wednesday, 28 January 2015 07:02 AM

අන්තර්ජාලය පමණක් නොව, ඊමේල්, කෙටි පණිවුඩ මේ සියල්ලක්ම පාවිච්චි කළා. විශේෂයෙන් අපි වැනි විදේශික ශ්‍රමිකයන්. (නි)

:       0       0

කිත්සිරි Wednesday, 28 January 2015 08:27 AM

"සියයට 27ක් මැතිවරණය ගැන තොරතුරු දැනගැනීමට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි හා සමාජ වෙබ් අඩවි භාවිතා කරද්දී " මේ 27% සමස්ත ලාංකික ඡන්ද දායකයින්ගෙන්ද? එසේනම් සමීක්ෂණයට ගත්ත නියැදිය තරමක් ප්‍රශ්නකාරී වගේ (බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 28 January 2015 08:46 AM

අන්තර්ජාලයෙන් කරපු කෙන් ගෙඩියක් නැහැ..අන්තර්ජාලයේ තියෙන ඔප දුප කුණු වෙබ් බලල තම අදහස් වෙනස් කර ගන්න තරම් මෝඩ පුද්ගලයෝ ලංකාවේ නැහැ..අතීතය නොදන්නා මේ රටේ යුද්ධයක් තිබුණු බව නොදන්නා 88/89 භීෂණ සමයක් තිබුණු බව නොදන්නා තරුණ පරපුරට වෙනසක් අවශ්‍ය උනා...ඒ වගේම රට ගැන නොහිතා බඩ ගැන හිතන කොපමණ ලැබුනත් මදියි කියල හිතන අයට වෙනසක් අවශ්‍ය උනා..සුළු ජාතීන්ට සිංහල බෞද්ධ බලවේග රජ කරන මේ රජය පෙරලන්න අවශ්‍ය උනා..කට්ටිය එකතු වුනාම ලක්ෂ හතරමාරක් වැඩි උනා..එච්චරයි උනේ..ඕක සෝඩා බෝතලේ කැඩුව වගේ තමයි..බොහොම කෙටි කාලයයි.. (නදී)

:       0       0

අමා Wednesday, 28 January 2015 09:02 AM

ගයන් ඔබ හරි එහෙම තමයි ලෝකේ වෙනස් වෙන්නේ අපි නොහිතන විදියට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 471 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1797 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1111 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1893 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1317 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 921 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site