කම්කරුවන් වෙනුවෙන් හා ඔවුන්ගේ නායකත්වය වෙනුවෙන් මේ රටේ ප්‍රධාන නායකයින් පසු බසින අවස්ථාවක බලහත්කාරයෙන් විපක්ෂ නායකත්වය භාර අදී ඇති සම්බන්දන් මහතා ප්‍රභාකරන්ගේ ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් ඒ ඔස්සේ යන හා එහිදී ලක්වාසී සියලු කම්කරුවන්ට විපතක් බව මහරගම නගර සභාවේ හිටපු සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ප්‍රකාශ කළාය.
ප්‍රභාකරන් එදා ගෙන ගිය ඒ මහා යුද්ධය විපක්ෂ නායක සම්බන්දන් මහතා නැවත ගෙන ඒමට නිල නොලත් තර්ජනයක් කරන බව අගමැතිතුමා හා ජනාධිපතිතුමන් තේරුම් ගත යුතු බව බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යයාලයේ දී අද (21) පැවති මැයි දිනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී ඇය කීවාය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන බල පෙරේත කම නිසා මේ රටේ රාජ්‍ය බලයට පැමිණිය හැකි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම නායකයන්ට මේ බව තේරෙන්නේ නැත. (හේ)
සමහරුගේ බලය කොපමණද කියලා මේකෙන්ම පේනවා. (නි)
තර්ජනයක් වගේ පෙනුනට කිසිම තර්ජනයක් නැහැ. අපිට හැඟෙන වදහට ඕක තමයි ගිවිසුම. ඒ කාලේ ඔය ගිවිසුම එලිකළාට කවුරුවත් ගණන් ගත්තේ නැහැ. දැන් ඉතින් සතුටින් ඉන්නයි තියෙන්නේ ඔන්න ඔහේ ඕනෑ දෙයක් කරගන්න කියලා (නි)
නිමල් මහතා ඉහතින් කී දෙය ඉතාම නිවැරදි බව හැම සිංහල නායකයෙක්ම තේරුම් ගන්න ඕනෑ. 1983 දෙමළ ත්‍රස්තවාදීන් අපේ රට විනාශකරන්න පෙර, යාපන අර්ධද්වීපයේ විතරක් සිංහල ජනතාව විසිහතර දහසක් හිටියා. කිසිම රජයක් එකම එක සිංහලයෙක්වත් පදිංචි කෙරුවද? (නි)
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයි (බ)
ඉතිහාසය පුරාවටම අපේ රට එක් සේසත් වෙලා තිබුනෙ ඉතා කෙටි කාල සීමාවන් වලට විතරයි. ඉන්පසු අපේම මිනිසුන් විසින් නැවතත් ජාතිය පාවාදෙනු ලබනවා. එම මිනිසුන්ගේ මානසිකත්වය දේශප්‍රේමියෙකුට තේරුම් ගත නොහැකි තරමටම දුෂ්ටයි. (බ)
සම්බන්දන්ට යාපනේට වෙලා ඉන්න කියන්න. (ම)
යහපාලනය එහෙම මේකට ගාව ගන්නවා නොවෙයි ඔන්න.(අ)
අනේ ඔය නෝනා මහරගම සභාවේ අයවැය හැමදාම පරාදයි... එයා විතරයි හැමදාම දින්නේ (හේ)
ඇත්තටම ඔය සම්බන්දන් මහත්තය අපේ රටේ විපක්ෂ නායකද? (ර)