නවලෝක රෝහලේ ප‍්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය රෝෂාන් ෂෙයිරිඩීන් සෙයිඩ්
අන්තරාසර්ග පද්ධතිය ආශ‍්‍රිත රෝග අතරින් ලොව පුරා කාන්තාවන් බහුලව පීඩා විඳින තත්ත්වයක් ලෙස පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රෝම් හෙවත් බහුකෝෂ්ට ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය හඳුන්වයි. මෙම තත්ත්වයේදී හෝමෝන අසමතුලිතතා හේතුවෙන් මාස් ශුද්ධිය හා ගැබ් ගැනීම් දුර්වලතා ඇතිවේ. මෙයට හේතුව තවමත් ස්ථීරවම සොයාගෙන නොමැති බැවින් මෙහි රෝග විනිශ්චය තවමත් ඉතා අඩුමට්ටමක පවතී.
මෙම තත්ත්වය හඳුනාගන්නේ කෙසේද?
මෙහි රෝග විනිශ්චයට පහත කරුණු 3 න් 2 ක් වත් සම්පූර්ණ විය යුතුය.
1. මන්ද ආර්ථවය හෝ ආර්ථවය සිදුනොවීම. (ඩිම්බ පිටවීම ඇන හිටීම නිසා)
2. ඇන්ඩ්‍රොජන් (පුරුෂ) හෝමෝනය රුධිරයේ අධිකව පැවැතීම හේතුවෙන් වන සායනික හා ජීව රසායනික වෙනස්කම්
3. අතිධ්වනි තරංග පරීක්‍ෂණය (අල්ට්‍රා සවුඩ් ස්කෑන්) මගින් ඩිම්බ කෝෂවල බහුකෝෂ්ටතාව තහවුරු කිරීම.
මෙම තත්ත්වයේදී ඩිම්බකෝෂ තරමක් විශාල වුවත් ඒවා සාමාන්‍ය ඩිම්බ කෝෂවේ. බහු කෝෂ්ට ඩිම්බකෝෂ කියූ පමණින් කාන්තාවන් බිය වන්නේ ඔවුන්ගේ ඩිම්බ කෝෂවල විශාල ගෙඩි, ගැටිති ඇතැයි සිතාය. මෙය සාමාන්‍ය කාන්තාවන් අතර පමණ නොව කරුණු හරියාකාරව වටහා නොගත් සමහර වෛද්‍ය කාර්ය මණ්ඩල අතරද පවත්නා වැරැදි අවබෝධයකි. පුරුෂ හෝමෝනයේ අධි ක‍්‍රියාකාරීත්වයට හේතුවන වෙනස් තත්ත්ව බහු කෝෂ්ට ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය බවට විනිශ්චය කිරීමට ප‍්‍රථම සලකා බැලිය යුතුය.
මෙම රෝගී තත්ත්වයේ ලක්‍ෂණ මොනවාද?
මෙම තත්ත්වයේදී වැඩි බලපෑමක් කරන හෝමෝනය වන්නේ ටෙස්ටෙස්ටරොන් හෙවත් පුරුෂ හෝමෝනය සහ ඉන්සියුලින්ය. (ශරීරයේ සීනි මට්ටම පවත්වන හෝමෝනය) මේවායේ ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් විවිධාකාර වූ රෝග ලක්‍ෂණ ඇතිවිය හැකිය. වඩාත් ප‍්‍රමුඛව දැකිය හැකි ලක්‍ෂණ අතර මුහුණේ සහ ශාරීරිකව අධික රෝම වර්ධනය, හිසකෙස් හැලී යාම, තෙල් සහිත සම, මාස් ශුද්ධියේ විකෘතිතා යන කරුණු කාන්තාවන් පීඩාවට පත්කරන සාධක වේ.
මෙම රෝගී තත්ත්වය නිසා ඇතිවන අහිතකර ප‍්‍රතිඵල මොනවාද?
මෙහිදී කාන්තාවන් මඳසරුබවට හෝ ගැබ් ගැනීමට වඩා වැඩි කාලයක් ගතවීම සිදුවිය හැක. ඉන්සියුලින් හෝමෝනයට ශරීරයේ ප‍්‍රතිචාරය අඩුවීම හෝ සම්පූර්ණයෙන් නැතිවීමද විය හැක. මේ නිසා පසු කාලයක එම කාන්තාවන් ශරීරයේ සීනි මට්ටමේ වෙනස්වීම් වලට, දියැවැඩියා තත්ත්වයට, අධි රුධිරපීඩනයට, ශාරීරික මේද මට්ටමේ ඉහළ යාමට, හෘද රෝග හා රුධිර නාලවල ඇතිවන රෝග තත්ත්වවලට ගොදුරුවිය හැකිය.
දිගු කාලයක් ආර්ථවය සිදුනොවීම ගර්භාෂ පිළිකා ඇතිවීමට හේතුවේ. ශරීරයේ බර වැඩිවීම හා ස්ථූලතාව නිසා ඇතිවන වෙනත් රෝගාබාධ බහු කෝෂ්ට ඩිම්බ කෝෂ සින්ඩ්‍රෝමයෙන් පීඩා විඳින කාන්තාවන්ගේ ප‍්‍රධානම ගැටලූව වේ. මේ තත්ත්වය නිසා බහුතර කාන්තාවන් තම ශාරීරික ස්වරූපය පිළිබඳව අසහනාකාරී තත්ත්වයෙන් පීඩා විඳිති.
මෙම තත්ත්වයට ඇති ප‍්‍රතිකාර මොනවාද?
මේ සඳහා ස්ථීර ප‍්‍රතිකාරයක් නොමැති වුවත් වෛද්‍ය ප‍්‍රතිකාරවලදී සිදුකරන්නේ රෝග ලක්‍ෂණ අවම කිරීම හා දිගුකාලීන වශයෙන් ඇතිවන ආබාධ නැති කිරීමය. ශරීරයේ බර සාමාන්‍ය ලෙස පවත්වා ගැනීම බහු කෝෂ්ට ඩිම්බ කෝෂ තත්ත්ව පාලනයට බෙහෙවින් උපකාරී වේ. සෞඛ්‍යමය සමබල ආහාර රටාවකට හා නිති පතා ව්‍යායාම කිරීම මගින් යහපත් ප‍්‍රතිඵල ලබාගත හැක.
ඉතා අධික ස්ථූලතාවයෙන් යුක්ත කාන්තාවන්ට නම් වෛද්‍යමය හා ශල්‍යමය වශයෙන් බර අඩුකරගත යුතුය. ශරීර ස්කන්ධය අඩුකිරීම මාස් ශුද්ධිය ක‍්‍රමාණූකූලවීමටත් සාමාන්‍ය පරිදි ඩිම්බ පිටවීමටත් ඒ නිසා ප‍්‍රතිකාරවලින් තොරව ස්වාභාවිකව ගැබ් ගැනීමත් සිදුවේ. එමෙන්ම රුධිර සීනි ප‍්‍රමාණය පාලනයත් ඉන්සියුලින් හෝමෝනයට සංවේදීවීමත්, දියවැඩියා තත්ත්ව පාලනයත් සිදුවේ. ශරීරයේ බර අඩුවීමෙන් වැඩිපුර ඇති රෝම ක‍්‍රමාණුකූලව අඩුවීමත් ශරීරයේ හැඩය නැවත ලබා ගැනීමටත් හේතුවේ. එමෙන්ම ගර්භාෂ පිළිකා, හදවත් රෝග, අධි රුධිර පීඩනය සහ රුධිරගත ලිපිඩ ප‍්‍රමාණය පාලනයද ඇති කර ගත හැකිය.
මෙම තත්ත්වය ඇති කාන්තාවන් උත්සාහ කළ යුත්තේ වසරකට මාස් ශුද්ධි 3x4 ක් වත් ස්වාභාවිකව හෝ වෛද්‍යමය ක‍්‍රම මගින් උත්තේජනය කර ඇති කරගැනීමය. එමගින් ගර්භාෂ පිළිකා අවධානම නැතිවීමට හේතුවේ. ජීවන රටාවේ වෙනස්කම් ඇති කිරීම මගින් හෝ ශරීරයේ බර අඩුකිරීම මගින් ආර්ථවයේ වෙනසක් නැති කාන්තාවට කෘති‍්‍රමව මාස් ශුද්ධිය ඇති කිරීම, ඩිම්බකෝෂ ශල්‍යකර්ම මගින් සිදුරුකිරීම හෝ කෘති‍්‍රම සංසේචන ක‍්‍රම භාවිත කර ප‍්‍රතිඵල අත්කර දිය හැකියි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සමබර ආහාරයේ මහිමය
බන්දු Monday, 02 May 2016 05:02 AM
සමබර ආහාර වේලක් නොගන්නා සෑම කාන්තාවකටම මෙවැනි රෝග ඇති වීවේ හැකියාව තිබෙනවාද? (ර)