(නිමල් ජයරත්න)
පොළොන්නරුව හබරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය සම්බාහන ආයතන හතරක් වටලා එහි කළමනාකරුවන් සිව්දෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 11 අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
හිඟුරක්ගොඩ අධිකරණය මගින් සෝදිසි මෙහෙයුම් වරෙන්තු ලබාගෙන මෙම වැටලීම සිදුකළ බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා අප කළ විමසමකදී පැවසීය.
අත්අඩංගුවට ගත් කළමනාකරුවන් සිව්දෙනා මොනරාගල, සීගිරිය, ගම්පහ, මහියංගනය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත්, 35 යන වයසේ පසු වන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් දිඹුලාගල දළුකාන, හබරණ, කැලණිය, මොණරාගල, පූනානි, අනුරාධපුරය සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19, 27, 33, 47, 33, 48, යන වයසේ පසුවන කාන්තාවන් බවද පොලිසිය කියයි.
ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන්ට අඩු මුදලක් දී මෙම කළමනාකරුවන් වැඩි මුදලක් උපයා ඇති බවද පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබෙන අතර මෙම සම්බාහන නිවාස දිගු කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබේ.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සම්බාහන මුවාවෙන් කතුන් විකුණලා
Uddika Friday, 05 July 2024 08:15 AM
ඕක නීතිගත කරලා නියාමනය කරන්න... අඩුගානේ ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය පාලනය වෙයි
Manjula Bandara Friday, 05 July 2024 09:16 AM
හොඳ වැඩක් .පොලිසිය මැදිහත් වෙලා සාධාරණ ගානක් ඒ අයට දෙන්න කටයුතු කරන්න..
pakeer Friday, 05 July 2024 09:44 AM
සමහරු කැට හදලා විකුණලා සල්ලි හොයනවා සමහරු රූපේ විකුණලා සල්ලි හොයනවා සමහරු දැනුම විකුණලා සල්ලිි හොයනවා එතකොට මේ අය එයාලා ශාරීරික හැකියාව විකුණලා සල්ලි හොයනවා මොකක්ද මේක ඇති වැරැද්ද?
අපිත් ආසයි Friday, 05 July 2024 09:53 AM
කවුරුවත් ඕක බලහත්කාරයෙන් කරවන්නේ නෑ. ගන්න කැමති කෙනා සල්ලි ගෙවලා ගන්නවා. විකුණන්න කැමැති කෙනා සල්ලි අරන් විකුණනවා. නිකන් බොරු ෂෝ ඔව්වා. නීති හදල නියාමනය කරන්න. වැඬේ ඉවරයි.
Sunil Friday, 05 July 2024 12:34 PM
ගණිකා ඇසුරු කරන පිරිමින්ට විවාහ වීම තහනම් කරන්න නියෝගයක් ගෙන්න