චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ.
චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් නායක කිම් ජොන් උන් හමුවෙමිනි.
චීන ජනාධිපති ෂී ජින් සහ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කළේය. චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් කළ යෝජනාවට නායක කිම් ජොන් උන් එකපයින් කැමැත්ත පළ කළ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය කාලය පුරා උතුරු කොරියාව නොයෙක් ආකාරයේ දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලුවේය. එම මිසයිල අත්හදා බැලීම් අසල්වැසි දකුණු කොරියාවට පමණක් නොව, ජපානයට ද තර්ජනයක් විය.
ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය එක් වී උතුරු කොරියාවට දැඩි විරෝධයක් ද පළ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වී උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඇමෙරිකාව, චීනය සහ රුසියාව ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන්ය.
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කළේ 2017 වසරේදීය. මේ වනවිට උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික අත්හදා බැලීම් 7 ක් සිදු කර ඇත.
‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි. උතුරු කොරියාව චීනයේ අසල්වැසියෙකි.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ උතුරු කොරියාව සමීප ලෙස ගනුදෙනු පවත්වන්නේ චීනය සමඟය. රුසියාව ද උතුරු කොරියාවට මායිම් වෙයි. උතුරු කොරියාව සහ රුසියාව අතරේ සබඳතා පවතී.
පසුගිය දා ඉන්දුනීසියාවේ බාලි දූපතේ ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, දෙරට අතර පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්ය. එම සාකච්ඡා ඵලදායී විය.
එහිදී උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික අත්හදා බැලීම් කෙරෙහි අවධානය යොමු විය. චීන ජනාධිපති ෂී ජින්පින්, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියා නායකයා හමුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.
(රොයිටර්)
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාමයේ පරවියා රැගෙන චීන ජනපති, කිම් ජොන් හමු වෙයි
AB Saturday, 26 November 2022 07:43 PM
ඇමෙරිකානු හෝ යුරෝපිය රටවල් මැදිහත්වීම නොමැතිව චීනය සහ උතුරු කොරියාව සාම මාවතට පැමිණීමට පසුබිම නිර්මාණය කිරීම වැදගත් වේ. කලාපිය රාජ්‍යයන් සාමය වෙනුවෙන් එක්සත්ව ක්‍රියා නොකරන අවස්ථාවන්හිදී ඇමෙරිකානු හෝ යුරෝපිය රටවල් සහ UN මැදිහත්වීම වැළැක්විය නොහැක. රටවල් අතර ගැටුම් මතුව එම ගැටළු දිගින්දිගටම පවත්වමින් නොවිසඳෙන අවස්ථාවන්හිදී රටවල් එම අර්බුදයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන අතර තවත් රටවල් මැදිහත් කරුවකු ලෙස සාකච්ඡා සඳහා ඉදිරිපත් වේ. උතුරු කොරියාව නිතර බටහිර සහ ජපානය සමග අර්බුද නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක චීන ජනාධිපතිගේ ඉදිරිපත්වීම ගෝලීය වශයෙන් වැදගත්වේ.
Uba kawda Saturday, 26 November 2022 08:47 PM
ආපහු යුද්ධ නම් ඇති නොවේවා.!
චන්දන Sunday, 27 November 2022 03:34 PM
ඇමරිකානු අධිරාජ්‍යවාදය බිඳ හෙළන්න මෙවැනි සංධානයක් බිහිවීම ඉතා වැදගත් . ලෝක බලතුලනයට වැදගත් පියවරක් .