(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සිය සැමියා සමග උරණවී ඔහුගෙන් පලි ගැනීමට අවුරුදු එක හමාරක දැරියක ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.
උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිය සිය ගැහැණු දරුවා මෙසේ ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව කියයි.
දැරිය කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව උඩප්පුව පොලිසිය පවසයි. වතුර පෙවී සිටි දැරිය මේ වන විට සුවය ලබමින් පසුවන බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සඳමාලිසමරකෝන් මහත්මිය පැවසුවාය.
දැරිය ඉස්සන් ඇතිකරන ඇතිකරන ටැංකියට තල්ලු කරන ලදැයි කියන විසි හැවිරිදි මව උඩප්පුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.
දැරිය ටැංකියට වැටී ඇති බව සැකකාරිය පොලිසියට මුලින්ම පවසා ඇතත් ඉස්සන් ගොවිපළේ ආරක්ෂාවට සවිකර ඇති ආරක්ෂක කැමරාවක රූප රාමු පරීක්ෂාකර බැලීමේදි සැකකාරිය සිය දියණිය අතින් අල්ලාගෙන ගොස් ටැංකියට තල්ලු කරන ආකාරය පැහැදිලිවම දක්නට ලැබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස දරුවා නොමැති බව පවසමින් සොයමින් සිටියදී එම ඉස්සන් ගොවිපලේම සේවය කරනු ලබන වෙනත් කම්කරුවකු දරුවා ඉස්සන් ටැංකියෙ දඟලන දැක එයට පැන බේරා ගෙන ඇති බව කියයි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි
සමන් - ඕමානය Saturday, 04 March 2023 08:23 PM
නොදෝමකින් මෙහෙමත් ගෑනු! උදාර මාතෘත්වයටත් නිගාවක්. දැන් දැන් මෙවැනි ප්‍රවෘත්ති අසන්ට දකින්ට වෙන අවස්ථා බොහෝමයි. විපරීත සමාජහර පද්ධති, නොහැදියාව හා අගයන් මෙයට හේතුවන බව සිතමි.
Anura Sunday, 05 March 2023 12:14 AM
අහිංසක දරැපැටියා කරපු වරද කුමක්ද? දිනපතාම රටවටින් ඇසෙන්නේ මෙවැනි දුක්මුසු පුවත්ය. කුඩා දරැවන්ට ඇති හිංසනය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවති. මෙවැනි අපරාධ මර්දනය කොට රට යහමගට පත්වේවායි! හදවතින්ම පතමි.
fairoos Sunday, 05 March 2023 02:06 PM
ඉතාමත් කණගාටුයි... මෙහෙමත් මව්වරු...
Senarath Monday, 06 March 2023 02:31 PM
මේ අහිංසක දරුවත් ,මේ වගේ පවු කාර අම්මා කෙනෙකුට ඉපදෙන්න මොකක් හරි පවක් කරලා ඇති .මුන්ට ළමයා එපා නම් හදාගන්න පුළුවන් මිනිස්සු ඕනේ තරම් ඉන්නවා