IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


සාමසර කන්ද නායයෑමෙන් අවතැන් වූවන්ට නීත්‍යනුකූල ඉඩම් ඔප්පු


(නයෝමි දිල්රුක්ෂි)
 
අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වු ජනතාව පදිංචි වී සිටින ඉඩම් සඳහා නීත්‍යානුකූල ඔප්පු ලබාදීමට කටයුතු කළ බව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
 
ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  "සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි නීත්‍යානුකූල ඉඩම් අයිතිය නොමැති සියලු දෙනාට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු කඩිනමින් ලබාදීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කර ඇත.
 
කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති අවතැන් වු ජනතාව පදිංචි ඉඩම් සඳහා  ප්‍රදාන පත්‍ර ලබා දීමේ වැඩසටහනකට  සහභාගී වෙමිණි.
 
නීත්‍යානුකූල නිවසක සහ ඉඩමක අයිතිය තහවුරු වීම තුළ සතුටින් ජිවත් වන පවුලක් ගොඩ නැගෙන  බවත්,  ඔවුන්  පදිංචි  නිවාස  සදහා ජලය,  විදුලිය මාර්ග, යටිතල පහසුකම්, ලබාදිමට  රජය කටයුතු කර තිබෙන බවත්  දිස්ත්‍රික් ලේකම්  කීය.
 
වර්ෂ 2016 දී හඳුනාගත් අධි අවදානම් පවුල් 586 න් කළුගල, තල්ගමුව සහ තල්ගස්පිටිය (මුස්ලිම්)  ග්‍රාම නිලධාරී වසම්වල  තාවකාලික බලපත්‍ර  හිමි  පවුල්  69 ක් සඳහා ප්‍රදාන පත්‍ර ලබාදීමට  කටයුතු කළ බව  අරණායක ප්‍රාදේශීය ලේකම්  ඉසෙඩ් . ඒ. එම්. ෆයිසාල්  මහතා පැවසීය.
 
මෙම අවස්ථාවට අරණායක පොදුජන එක්සත් පෙරමුණේ සංවිධායක සහ අරණායක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඩබ්ලිව්. ජයරත්න, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන)  දිනීෂා එස් රත්නායක  යන මහත්ම මහත්මීහු ද, ප්‍රදාන පත්‍රලාභීහු පිරිසක් ද  සහභාගී වී සිටියහ.



අදහස් (0)

සාමසර කන්ද නායයෑමෙන් අවතැන් වූවන්ට නීත්‍යනුකූල ඉඩම් ඔප්පු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 515 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 810 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1941 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2716 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 583 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 467 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site