IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


සමහර පරීක්ෂණ ඉබි ගමනේ බව කැබිනට් ප්‍රකාශක පිළිගනී

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග  මහතාගේ ඝාතනය ඇතුළු ඇතැම් විමර්ශන  මන්දගාමීට පැවැත්වෙන බවට එල්ල කරන චෝදනා තමා පිළිගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

‘ලසන්ත ඝාතානය ගැන පරීක්ෂණ අඩපන වෙලා කියා චෝදනාවක් තිබෙනවා නේද?‘ යි  මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේ ‘ඒ චෝදනාව පිළිගන්නවා‘ යනුවෙනි. එම පරීක්ෂණය පමණත් නොව තවත් සමහර පරීක්ෂණ සිදුවන්නේ මන්දගාමීව බව ඇමැතිවරයා කීවේය.

සේනාරත්න මහතා එලෙස කීවේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

‘මේ ආණ්ඩුව බලයට පත් කළේ මහා පරිමාන අපරාධ, මිනීමැරුම් ගැන සොයා අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන්නයි.‘ යැයි ද ඇමැති කීවේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා කීවේ හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත්තේ දේශපාලන හේතූන් මත බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

‘මෙම ආයතනයේ වාහන අවභාවිතා වී ඇති බවට මුලින්ම කරුණු අනාවරණය කර තිබුණේ ඔහු ඇමැති ධුරයේ කටයුතු කරමින් සිටියදීමයි. 2014 පැවැත්වූ එම ආයතනයේ අභ්‍යන්තර විගණනයකදී හෙළි වී තිබෙනවා වාහන අවභාවිත කිරීම ගැන. මේ සිදුවීමෙන් රජයට වී ඇති පාඩුව කෝටි නවයකට අධිකයි. මෙතන දේශපාලන පළිගැනීමක් නෑ.‘ යැයි ද පෙරේරා මහතා කීවේය.

මාධ්‍යවේදියෙක් - මෙම ආයතනයේ සභාපති ලෙස සිටි පුද්ගලයා අත්අඩංගුවට නොගෙන එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සහ ඇමැති අත්අඩංගුවට ගත්තේ ඒ සභාපති අද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසාද?

පිළිතුර (රාජිත සේනාරත්න මහතා) -  මේ වාහන අවභාවිත වීම් සිදුවී තිබෙන්නේ ඔහු සභාපති ධුරයෙන් ඉවත් වූ පසුවයි. ඔහු කෙටි කාලයයි සභාපති ධුරයේ සිටියේ. ඔහුට නීති විරෝධී නියෝග ලැබෙද්දි ඔහු ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ප්‍රශ්නය - විමල් වීරවංශ ඇමැතිවරයාගේ නියෝජ්‍ය ඇමැතිවරයාව සිටි පුද්ගලයා අද මේ ආණ්ඩුවෙ රාජ්‍ය ඇමැතිවරයෙක්. ඔහු අත්අඩංගුවට නොගන්නේ ඒ නිසාද?

පිළිතුර - අනිත් ඇමැතිවරුන් ගනිද්දි ඇහුවේ නැහැනේ ඇයි ඒ අමාත්‍යංශවල නියෝජ්‍ය ඇමැතිවරුන් නොගන්නේ කියා. ඔහු තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට වාහන ලබා දුන් බවට අනාවරණය වෙලා නෑ.



අදහස් (0)

සමහර පරීක්ෂණ ඉබි ගමනේ බව කැබිනට් ප්‍රකාශක පිළිගනී

ප්‍රදීප් ලියනගේ Wednesday, 11 January 2017 02:37 PM

ආණ්ඩුව බලේට ආවේ වංචා දුෂණ අපරාධ කරපු අය නිතිය හමුවට පමුනුවන්නලු.(හේ)

:       0       0

මංජුල Wednesday, 11 January 2017 04:13 PM

කට තියෙන පළියට දොඩවන්න එපා. මේ මිනිසුන්ට ඡන්දෙ දුන් අයයි වැරදි. (නි)

:       0       0

අස්මිත් Wednesday, 11 January 2017 05:49 PM

ජනතාවගේ ලොකුම බලාපොරොත්තුව පසුගිය රජයේ සිදුකළ දුෂණ, අපරාධ, අක්‍රමිකතා විමර්ශනය සිදුකර නීතිය ක්‍රියාත්මක කිරීමයි. වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් පමුණුවා රාජ්‍ය දේපල නැවත ලබාගෙන අයථා මුදල් නැවත බාණ්ඩාගාරයට යොමුකොට ජනතාවගෙන් පියවන ණය බරට සහනයක් ලබා දෙන්න. නමුත් දෑ අවුරුදු කාලය තුළ එම බලාපොරොත්තු ඉටුකර ගන්න බැරිවුණා. (නි)

:       0       0

ශානක Wednesday, 11 January 2017 10:12 PM

යහපාලනයේ මෝඩ විහිළු එළියට දාන්නේ දේශපාලකයන් හරහායි. මේ අයට පාර්ලිමේන්තු එන්න ඡන්දෙ දෙන ජනතාවකුත් ඉන්නවනේ? (නි)

:       0       0

ජයාත් Thursday, 12 January 2017 03:11 AM

මේවා දේශපාලන විහිළු කියලා තේරෙන්නේ නැද්ද? මෙතුමා පහුගිය අවරුදු 2 තුලදී කියපුවා අරගෙන බලන්න. (නි)

:       0       0

සෙනරත් Wednesday, 11 January 2017 10:46 AM

මෙයාට තියෙන චෝදනා විභාග නොවන්නේ මොකද ? තවමත් අර සෞඛ්‍ය පනත ඉදිරිපත් වුණේ නැහැනේ. ජනවාරි 8 ට කලින් නම් කිවුවේ එකේ නොකෙරුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ බලපෑම නිසා කියල. දැන් අවුරුදු 2 ක් ගෙවුන කෝ පනත සම්මටහ වුනාද ? (අ)

:       0       0

ලක්විදු Thursday, 12 January 2017 03:49 AM

මට නම් මේ අය පෙන්නන්න බැහැ (නි)

:       0       0

හෆීල් Wednesday, 11 January 2017 10:53 AM

සමහර පරීක්ෂණ ඉබි ගමනේ බව ඇමති රාජිත කියනවනං, එක කාගේ වැරැද්ද? (අ)

:       0       0

චින්තක Wednesday, 11 January 2017 11:04 AM

මෙයාගේ චෝදනා කොහොමත් මේ ආණ්ඩුව තියෙනකම් විභාග කරන එකක් නැහැ. (අ)

:       0       0

කමල් Thursday, 12 January 2017 05:36 AM

එෆ් සී අයි ඩී එක තවම හරියට වැඩ නැති හින්ද තමයි . (හේ)

:       0       0

ඇසළ Wednesday, 11 January 2017 11:51 AM

ඉබි ගමනේ යන එක අහන්න දෙයක්ද 12 සැරයක් අල්ලස් කොමිසමට එන්න කියලත් ගිය නැති කොට නේද. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 11 January 2017 12:11 PM

රාජපක්ෂලාගේ ඩුබායිහි එක් ගිණුමක ඩොලර් මිලියන 1086 ක්ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 1800 ක් ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 500 ක් ද තිබෙන බවත් එම මුදල් දැන් උදයංග වීරතුංග හරහා යුක්රේනයට ඇද තිබෙන බවත් අරාජිත සේනාරත්න මහතා හෙළි කෙළේය. අයිටීඑන් නාලිකාවේ පැවැති දේශපාලන වැඩ සටහනකට සහභාගී වෙමින් ඇමැති වරයා මේවා හෙලි කළේ ඇසින් දුටු සාක්කිකරුවෙකු ලෙසය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1504 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2729 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 394 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1174 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10032 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3989 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 350 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 430 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site