ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රටේ ඒකීයභාවය, බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ආදිය වෙනස් කිරීමට ගොස් නැති ප්‍රශ්න ඇති කරන්නේ නැතැව මැතිවරණ ක්‍රමය පමණක් වෙනස් කරන්නැයි රජයට දැනුම් දෙන බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
ව්‍යවස්ථාවේ සංශෝධනයක් මගින් බලය බෙදීමක් ආදිය ගැන කතා කරන්නට ගියහොත් රට පඹ ගාලක පැටලෙනු ඇති බවට ජාතික හෙළ උරුමය අනතුරු අඟවන බවද වර්ණසිංහ මහතා කීවේය.
නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාවේ ඇති ඇතැම් නිර්දේශ ගැන කතා කරමින් සමහරුන් ජනතාවට බොරු බිල්ලන් මවමින් සිටින බව කී මන්ත්‍රීවරයා කිසිවෙක් හෝ අතිශයෝක්තියෙන්, ආවේගශීලීව යමක් කී පමණින් එය ඇත්ත නොවන බව ජනතාව ද තේරුම් ගත යුතු යැයි ප්‍රකාශ කළේය.
එම වාර්තාවේ ඇත්තේ ජනතාවගේ අදහස් ඇසුරින් ඉදිරිපත් කළ නිර්දේශ බවත් එහි එම නිර්දේශ අතුරින් තමන්ට වාසිදායක නිර්දේශයන ගැන පමණක් ඒකාබද්ධ විපක්ෂයේ අය කතා කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඒ බව කියන්න දෙයක් නැහැ, අපි දන්නවා ඒ බව. ඔයාල රජයේ පාර්ශවකරුවොනේ, ඔයාලගේනේ රජය - ගිහින් ඔයාලගේ රජයට, ඔයාලගේ ජනපති අගමැතිට, ඔයාලත් ඉන්න ඇමති මණ්ඩලයට කියන්න - නිකන් අපිට බබා පාර්ට් දන්නේ නැතුව.(බ)
ඒකාබද්ධ විපක්ෂය යි කියාගන්නා කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ කරුණු පටලවලා , රට අවුල් කරලා , ගිනිතියලා හරි නැතිවුන බලය නැවත අත්පත් කරගෙන කලින් කරපු පව් සෝදා ගැනීමට බව රටම දනී.(හේ)
අන්න එහෙම තමයි ආණ්ඩුවක ඉන්න අය ඉන්න ඕනේ. කරන කරන හැම දේම අනුමත නොකර හොද දේට හොදයි කියලා නරක දේට නරක කියන්න ඕනේ. එතකොට තමයි රට හරි මඟට යන්නේ.(හේ)
පාටලී රණවකට ඔය කියන ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී කරන්න කියන්න ඔබ සීනි කිරන්නේ නැතුව(අ)
බුදුදහමේ උන්නතියට ආණ්ඩු වලින් කෙරෙන කෙරුවාවක් නැහැ. වැඩිපුර ධනය යෙදුවත් වෙහෙර විහාරවල භෞතික වස්තුන් වැඩිකළත්, නීති ස්ථාපිත කළත් දහම රැකෙයිද? මේ දහම සැබෑ ලෙස රකින්න නම් මාර්ගඵලලාභී ආර්යයන් ලවා දහම ඉගැන්විය යුතුයි. (නි)
මෙතුමා හීනෙන් ඇහැරිලා වගේනේ (නි)
සුසන්ත, මේක ජනතාව ඉදිරියට දැම්මේ ආණ්ඩුව ඇතුළේ ඉඳලා රහසින් තීන්දු තීරණ ගන්න අකමැති නිසයි. එහෙම වුණානම් ඔයා අනිත් පැත්තට කතාකරයි. (නි)
මේවා අපිට, ලෝකෙට ඇහෙන්න කෑගහනවට වැඩිය වටින්නේ ඔයාලා නියෝජනය කරන අයට කරුණු කියලා එ්ක නවත්වන්න උත්සාහ කරන එක. එ්කටනේ ඔබ ඡන්දෙන් පත්කරලා ඔතනට යැව්වේ. (නි)
ජනතා මතය කිය කියා ව්‍යවස්ථාවට දාලා තියෙන්නේ රජයේ ප්‍රධානීන් වඩාත් කැමති දේවල් කියලයි අපිට නම් හිතෙන්නේ (නි)