කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට උපහාර පිණිස ටීලක් එක්ස්ටී ආයතනය දැවැන්ත ජාතික කොඩියක් නිර්මානය කිරිමට කටයුතු කර ඇත
කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ චිත්‍ර හා මුර්ති කලා පිඨයේ දෙවන වසරේ සිසුවියන් හය දෙනකුගේ දායකත්වය මේ සඳහා ලැබී ඇත.
කොඩිය උසින් අඩි 27ක් සහ පළලින් අඩි 54 කි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටිකිරි බණ්ඩා මානසික අාබාධයකින් පෙළෙන කෙනෙක් හෝ සිංහල නමකින් සිටින වෙන කෙනෙක්. මොකද මේකට යන ණය කන්දරාව ඔහුගේ අතින් යනවා වාගේ කතාව. නම් කිහිපයකින් ඔහුම ප්‍රතිචාර දමමින් ඔහුටම ඔහු සතුට පළ කර ගන්නවා වාගේ (නි)
මොනවා වුණත් අපි අගය කරන්න ඕනෑ සරසවි සිසුවියන් හයදෙනාගේ දක්ෂතාවය. සුභ පතනවා යහළුවනේ ඔයාලට (නි)
රාධා සහ ටිකිරි බණ්ඩා දෙදෙනාත් ඩයස්පෝරාවේ දෙන්නෙක් වාගේ. (නි)
සිංහ කොඩිය ඉහලින්ම තිබීම ආඩම්බරයක්. නමුත් කොඩිය විතරක් උසට තියාගත්තට මදි. අපගේ අරමුණු සහ හැසිරීම් විශිෂ්ට විය යුතුයි. (ස)
රටට අභිමානයක් ගෙනෙන සැම දේටම අපිත් ආඩම්බරයි. හැබැයි, ඔය පින්තුරයේ ඉන්න පොඩි එවුන් තුන් වෙලා කාලා ද ඉන්නේ කියල සැකයි. (ස)
ඉන්දික,දන්නේ නැතිනම් දැන ගන්න, 2014 සියලුම අමාත්‍යාංශ සඳහා වෙන් කර තිබෙන්නේ කෝටි 1,54 000 ක්. ගත් ණය පියවීමට කෝටි 120 000ක් ජනාධිපති වියදම කෝටි 742 සිට කෝටි 856 දක්වා කෝටි114කින් වැඩි කර තිබෙනවා.මේ මුදල් ගෙවන්න වෙන්නේ අපේ බදු වලින් තමා.කහට කෝප්පයක් බීල වත්තේ වැඩ කරපු සිරියවතීලට, සිරිපලලාට දැන් මේකත් සීමා කරන්න වෙනවා.ඒකයි මට කනගාටු. (ස)
පසිදු, ඔයා හරියටම හරි. තව සමහරු පාන් ගෙඩිය රුපියලකින් වැඩි කරහම කෑ ගහනවා. ඒත් කඩේට ගිහිල්ල වැඩිපුර රුපියලක් දීල ෂොපින් බෑග් එකක් අරගෙන තවත් රුපියලක් වැඩිපුර දීල ඒ පාන් ගෙඩිය පෙති කපා ගෙනත් යනවා !! (ස)
මෙන්න දැන් ඊළඟ අය වැයට ලැස්ති වෙමු ...."අය වැයට" දින වලදී පාර්ලිමෙන්තුවට දාන ආරක්ෂාව ගැන දැම්මම ආරක්ෂක සැලැස්ම ගැන කියල තියෙන්නේ. අපිට ගොඩාක් සහන දෙන නිසාලු. (ස)
අපේ මනිස්සු බාර් එකට ගිහිල්ලා රු 1000 ක් දීලා බෝතලයක් බීලා රට කජු කඩයකින් රු 20 ක රටකජු අරගෙන මෙච්චරද? කියලා අහනවා. ගෑස්, ඩීසල්, පෙට්‍රල්, අල,ලුණු, කිරිපිටි,මිළ වැඩිකළහම, බෙල්ලේ වැල දාගන්න හදනවා. රටේ අාර්ථිකය හදන්න කලින් තමන්ගේ අාර්ථිකය හදාගන්න.මේ සමුලුවට වැයවන මුදල දල දේශිය නිෂ්පාදනයෙන් සියයට දශම 0.1 ත් වත් නැහැ. නමුත් මින් සංචාරක ව්‍යාපාරයට ලැබෙන පිටුවහල සියගුණයකටත් වඩා වැඩියි. එය අපේ රටට විශාල වාසියක්. (නි)
රාධා, තමුන්ගේ බඩ පිරෙන එකයි කන බොන එකයි ගැන විතරක් හිතුවම හරිද? තමා මොනවාද දන්නේ මේ සමුළුව ගැන? වියදම් යනවා තම.ඒකට අපිත් කැමති නේ.ඒත් අපේ රටේ නියම තත්ත්වය පෙන්වන්න මේක හොඳ අවස්ථාවක්.මොකද තමුන්ලගේ නෑදෑයෝ පිට රට ඉඳගෙන ලංකාවට කෙනෙහිලිකම් කරන වෙලාවක. කන බොන එක විතරක් නෙමෙයි ලෝකය ගැන පොඩ්ඩක් අවබෝධයෙන් බැලුවොත් හොඳයි. තමුන් මොනවද දන්නේ ලංකාව ගැන? කියමුකෝ බලන්න අපි නොදන්නා දේවල්? ටිකිරිබණ්ඩා යනු කිරෙන් බාල වුණ අයෙකි.බොරු නමක් දමාගෙන කෑගසයි (නි)
සමහරු වතුර කොරහෙත් කිඹුල්ලු හොයනවා නේද? ඔවුන් බය වෙලා ඉන්නේ ගෙවන්න වුණොත් සම්පුර්ණ බද්දම ගෙවන්නේ ඔවුන් වගේ.ඒත් හොද දේ හොද විදියට නොදකින, සැමදේම ඇද කුද පමණක්ම හොයන අයට එක මොහොතක්වත් සැනසීම කියන එක තිබෙනවද? (නි)
කුමාරි ඔයාට වෙන මොනවත්ම මතක් වෙන්නේ නැතිද . ඔයාට කලින් අර රධ කියල තියන දේවල් ඇඟට දැනෙන්නේ වත් නැතිද. ආණ්ඩුව මොනතරම් නය කනදරාවක් අරගෙනද මේ දවස් දෙකකට තියන සමුළුවකට. රටේ තිබුන මොනතරම් සල්ලි කන්දරාවක් විනාස කරලද දැනටමත්. රට විනාසයට යනවා කියල ත්රෙන්නේ නැහැ සමහර නොනනලට චූන් එකේ ඉන්නම තමි බලන්නේ. අර රාධා කියනවා වගේ…...සතුටුවෙයල්ලා,සතුටුවෙයල්ලා... හැබැයි මේ ණය ගෙවන්න පටන් ගන්නා තෙක්.ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ,සැපයක් යයි කකුළුවෝ දිය කෙළියේ...(දිල්)
කරාපිටිය,මේ ගන්න ණය ගෙවන්න අපේ භාණ්ඩ වල බදු වැඩිකරනවා හැර වෙන විකල්පයක් තියෙනවද?එහෙම නැතුව ඔබ හිතන්නේ ඔබලා දොහොත් මුදුන් දී වන්දනාමාන කරන නායකයෝ තමන්ගේ අතින් ගෙවයි කියලද?ඒ අය බලාගෙන ඉන්නේ කොටි ගණන් ගෙවල ගෙන් වූ බෙන්ස් ටික බෙදාගන්න.ඔබ ලංකාව ගැන දන්නේ මොනවද? (දී)
සමුළුවෙන් පස්සේ බලමුකෝ රඟේ. (දී)
සිංහ කොඩිය දකිනකොට කොටි කොඩි දාපු අයට ගොඩාක් රිදෙනවා වාගේ. මොකද කොටින්ගේ කොඩි බිම දමා සිංහ කොඩිය බැබළෙන විට කොටින්ට ලොකු වේදනාවක්. සිංහල නම් වලින් සහ නොයෙක් නම් වලින් මෙහි ප්‍රතිචාර දමන්නේ ඔවුන් (නි)
කෙල්ලෝ හය දෙනාගේ නමුත් දැම්ම නම් හොඳයි. (ස)
එන්නේත් පුදුම රටවල්.ඔවුන්ව සතුටු කරන්න අපේ සල්ලි කනවා. බලාගෙන ඉන්න ලොකු ලොකු ආයෝජන එනකම් (නි)
නියමයි රාධා ඔබගේ අදහස්. (නි)
ප්‍රමුඛ,අපට නම් මේ අසීමිත ණය කන්දරාව නම් වූ අග්නිදාහයේ උණුසුම දැනටමත් දැනෙනවා.හැලිය තුළ ජලයේ සිටිනා අයට මේ උණුසුම දැනෙන්නේ වතුර උණුසුම් වූ පසුවයි. (නි)
රාධා, සතුටුවෙයල්ලා,සතුටුවෙයල්ලා... හැබැයි මේ ණය ගෙවන්න පටන් ගන්නා තෙක්.ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ,සැපයක් යයි කකුළුවෝ දිය කෙළියේ.... (නි)
අපට නම් මේ අසීමිත ණය කන්දරාව නම් වූ අග්නි දාහයේ උණුසුම දැනටමත් දැනෙනවා.හැලිය තුළ ජලයේ සිටිනා අයට මේ උණුසුම දැනෙන්නේ වතුර උණුසුම් වූ පසුවයි. (නි)
සතුටුවෙයල්ලා...සතුටුවෙයල්ලා...හැබැයි මේ ණය ගෙවන්න පටන් ගන්නතෙක්.ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ.,සැපයක් යයි කකුළුවෝ දිය කෙලියේ.... (නි)
සුභ අනාගතයක් පතමි (නි)
ආඩම්බරයි! විශේෂයින්ම විශ්ව විද්‍යාල ළමයි යොදාගැනීම තවත් වැදගත් (නි)
හෙළ දිවයින මගෙයි මා ඉපදුන රටය.... ලොව අන් සියලු දිවයින් මේකට යටය..... මගේ දැයේ අභිමානය පපුවටම දැනෙනවා. (නි)
දැන් සිංහ කොඩි දාලා ,මේ අරන් තියෙන ණය කන්දරාව ගෙවන්න ලබන සතියේ ඉදලා ගෑස්, ඩීසල්, පෙට්‍රල්, අල,ලුණු, කිරිපිටි,මිළ වැඩිකළහම,බෙල්ලේ වැල දාගන්න තමා වෙන්නේ. එතකොට සුදු කොඩි තමා දාන්න වෙන්නේ (නි)
මේවා දකින කොට සිංහයා ලොකුවට දකින විට මැරුන පණ අදින කොටින්ට හුලං ගසන කට්ටියට රිදෙනවා ඇති . එනිසා නොයෙක් විදියේ කට කතා සහ කඩා කප්පල්කම් කරන්නේ. චෝගම් සමුළුව සාර්ථක වේවා පතමි. අපේ රට තවත් ජාත්‍යන්තරයට නම ගෙන යන්නට (ස)
ඔබ හරි සුජීව. (ස)
ඉතාමත් හොඳ දෙයක්. සමහර නිවුස් එන්න වැරදි වැඩ ගැනම උනත් මේ වගේ හොඳ අදහස් හරියට මඩේ පිපුන නෙලුම් වගේ. ඔබ සාමය සුභ අනාගතයක් පතමි. (ස)