IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


‘සයිකී 16’ ගවේෂණයට යානයක් යයි

සෞරග්‍රහ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්‍රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (12) රොබෝ යානයක් පිටත් කර හැරියේය.

‘සයිකී 16’ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක පටියේ පාමෙන් පවතින ග්‍රහකයකි. සාමාන්‍යයෙන් ග්‍රහකවල අඩංගු වන්නේ පාෂාණ සහ අයිස් ය. එහෙත්, ‘සයිකී 16’ ග්‍රහකයේ ඇත්තේ රත්තරන් ද ඇතුළු මිල කළ නොහැකි වටිනා ලෝහ යැයි තාරතා විද්‍යාඥයන් තහවුරු කර තිබේ.

‘සයිකී 16’ ග්‍රහකය කැබැලි කර, මනුෂ්‍ය වර්ගයා අතරේ බෙදා දුන්නොත්, සෑම කෙනකුම බිලියනපතියකු වනු ඇති බව ද ග්‍රහකය කොතරම් වටිනවාදැයි පෙන්වා දෙමින් නාසා ආයතනය පැහැදිලි කර ඇත.

‘සයිකී 16’ ග්‍රහකය පළමුවෙන්ම සොයා ගැනීම සිදුවූයේ 1852 වසරේදීය. ග්‍රහකයේ පළල කිලෝ මීටර් 225 කි.

ග්‍රහකය ඇත්තේ අඟහරු සහ බෘහස්පති අතරේය. ‘සයිකී 16’ ගවේෂණවයට යැවෙන නාසා රොබෝ යානය ද නම් කර ඇත්තේ ‘සයිකී’ යනුවෙනි. 

යානය, අභ්‍යවකාශයට රැගෙන යෑම සිදු කළේ, ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ෆෝල්කන් හෙවී’ රොකට්ටුවකිනි.

‘සයිකී’ යානය 2029 වසරේ දී ග්‍රහකයට ළං වනු ඇත. ගවේෂණ කටයුතු ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (4)

‘සයිකී 16’ ගවේෂණයට යානයක් යයි

pj Sunday, 15 October 2023 01:38 AM

රජ පවුලට හොඳ නිවුස් එකක්

:       0       0

හේමන්ත Sunday, 15 October 2023 01:22 PM

ඔය ග්‍රාහකයා කැබලිකර රොකට් මගින් අපේ ලෝකයට රැගෙන එද්දී , වැටෙනකොට අපේ ලෝකේ විනාශවෙන්නේ නැත්ද , මෝඩ වැඩක්නේ , උදාහරණයක් මම දෙන්නම් අපේ ගෙදර පූසෙක් හිටියා , අපේ ගෙදරට මාළු ගෙනාව දවසක මම පොලිතින් උරේ පිටින්ම පූසට සුවඳ කරන්න දීලා ඒකෙන් ගැසුවා රිදෙන්න , පූසට මාළු එපා උනා , කොච්චර රස කෑමක් උනත් පූසට එපා උනා , අන්න ඒ වගේ ඔය ග්‍රාහකයා පොලවට වැට්ටෙව්වොත් අපේ ලෝකේ විනාෂවෙන්ට පුළුවන්

:       0       0

තන්හාය ජායතී සෝකෝ Sunday, 15 October 2023 02:28 PM

සයිකී කැබලි කර බෙදා දුන්නොත් ඔක්කොමලා බිලියන පතියන් වෙනවා කියන්නෙ මෝඩ කතාවක් නොවෙයිද මොකද එතකොට ඔක්කොමලා බිලියනපතියො වුනොත් සෑම කෙනෙක්ම සමානයි ඔක්කොමලා සමාන වුනොත් වටිනකමක් කොයින්ද කොහොමින් කොහොම හරි අත්පත් කරන කණ්ඩායමේ අය ලෝකය පාලනය කරාවිද සම්පූර්ණයෙන්ම විනාශ කරයිද කියලා හිතන්න අමාරුයි

:       0       0

අබේරත්න Sunday, 15 October 2023 02:47 PM

අපේරටේ රොකට් විද්ද්‍යාඥයොත් ඇරියනේ රොකට් එකක් ඒක ආගිය අතක් නෑනේ. මං හිතන්නේ පස්සේ බලනකොට ඒක අල්ලපු වත්තට වැටිලා තිබුනද කොහේද. .... හොඳ වෙලාවට අපිට එච්චර දුරක් යන්න පුළුවන් තාක්ෂනයක් නැත්තේ. ඕක මේ ළඟක එහෙම තිබුනානම් ඔය සයිකී 16’ කෑල්ලක්වත් හොයාගන්න බැරිවෙනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 156 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 226 0

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 49 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 381 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ජනපති වතිකාන තානාපති කාර්යාලයට ගොස් සොව පළ කරයි
2025 අප්‍රේල් මස 24 144 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි


ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 1181 1

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 718 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 503 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site