IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘සයික්ලෝ ක්‍රොස්’ මවුන්ටන් පාපැදි තරගාවලිය මාර්තු 1 තිස්සමහාරාම මෝටර් කී‍්‍රඩා සංකීර්ණයේදී

හත්වැනි වරට පැවැත්වෙන කාල්ටන් සුපිරි කී‍්‍රඩා සැණකෙළියට සමගාමීව ‘සයික්ලෝ ක්‍රොස්’ මවුන්ටන් පාපැදි තරගය තිස්සමහාරාමයේ මෝටර් කී‍්‍රඩා සමාජ සංකීර්ණයේදී මාර්තු 1 වැනිදා පැවැත්වේ.

මෙම පාපැදි තරගාවලිය ප‍්‍රධාන තරග ඉසව් 11 කින් සමන්විතය. අවුරුදු 10 න් පහළ මිශ‍්‍ර, අවුරුදු 13 න් පහළ (පිරිමි/කාන්තා), අවුරුදු 16 න් පහළ (පිරිමි/කාන්තා), අවුරුදු 19 න් පහළ (පිරිමි/කාන්තා), තරග ඉසව් මෙන්ම විවෘත පිරිමි, විවෘත කාන්තා, ප‍්‍රවීණ (වයස අවුරුදු 40 ට වැඩි), සහ විශේෂ විනෝදාත්මක (මිශ‍්‍ර) යන ඉසව් ඊට ඇතුළත්වේ.

ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි සංගමය විසින් තාරුණ්‍යයට හෙටක් සංවිධානය සමග එක්ව සංවිධානය කරන මෙම පාපැදි තරගාවලියේ පිරිමි සහ කාන්තා විවෘත තරග ජයගන්නා අයට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.

තරගාවලියේ ජයග‍්‍රාහකයින් අතර බෙදාදීම සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරකට වැඩි මුදලක් වෙන්කර ඇතිබවද සංවිධායකයෝ කියති.

මෙම තරගාවලියට සමගාමීව පාපැදි කරුවන් 2000 කගේ සහභාගීත්වයෙන් ‘පාපැදි කුණාටුව’ නමින් පාපැදි රැළියක් පැවැත්වීමටද සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා පාසල් පැපැදි කරුවන් 1000 ක් අතුළත්වෙතැයි අපේක්‍ෂා කෙරේ.
තරගාවලිය අවසානයේදී තෝරාගන්නා ලද පාපැදි කරුවන් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරෙන අතර එම ශිෂ්‍යත්ව හිමිකරගන්නා පාපැදි තරගකරුවන් 10 දෙනා මවුන්ටන් පාපැදි ජාතික සංචිතයට ඇතුළත් කරගැනීමටද නියමිතය.

මවුන්ටන් පාපැදි තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය පාපැදි කරුවන්ට ජාතික පාපැදි සංගමය, නො. 524, මරදාන පාර, කොළඹ 10 යන ලිපිනයට පෙබරවාරි 26 වැනිදා හෝ ඊට පෙර අයදුම් පත් යොමු කිරීම මගින් ඒ සඳහා අවස්ථාව උදාකරගත හැක.

**



අදහස් (0)

‘සයික්ලෝ ක්‍රොස්’ මවුන්ටන් පාපැදි තරගාවලිය මාර්තු 1 තිස්සමහාරාම මෝටර් කී‍්‍රඩා සංකීර්ණයේදී

යොහාන් Tuesday, 19 February 2013 06:25 PM

කොළඹ 10ට ඉල්ලුම්පත නම් යවන්න පුලුවන්. ඒත් තිස්සමහාරාමෙට පදින්න යන එක තමයි ප්‍රශ්නේ. (නි)

:       0       0

වරුණ Wednesday, 20 February 2013 07:47 AM

ගංවතුරෙන් පීඩාවට පත්වූ මිනිසුන්ට සහනයක් දීලා සැනකෙලි පවත්වමු. පොලොන්නරුවේ මනම්පිටිය පැත්තට ගිහින් බලන්න ඒ මිනිස්සු විදින දුක. රට වතුරට යටවෙද්දී මොන සැනකෙලිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 62 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 473 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1011 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 908 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 146 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 918 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site