‘ජීවිත වනසන - අධ්‍යාපන අයිතිය අහෝසි කරන - ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පරදවමු‘ මැයෙන් ‘සයිටම් එපා‘ විරෝධතා රැළිය අද (12) හයිඩ් පිටියේ දී ඇරැඹිණි.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැලිය සංවිධානය කර ඇත. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව, ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු දේශපාලන නායකයෝ, සංගම් හා වෘත්තීය සමිති නායකයෝ ද රැලියට එක්ව සිටිති.
මාස හැටක උපාධියකට ලක්ෂ 120ක් දැරිය හැක්කේ මේ රටේ සිටින අයථා ලෙස මුදල් උපයන පිරිසට පමණක් යැයි එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රැලිය අමතමින් කීවේය.
මේ රටේ සිටින සාමාන්‍ය ජනතාවට තමාගේ එක් දරුවකුගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මසකට ලක්ෂ දෙකක වියදමක් දැරිය හැක්කේ කාටදැයි ඔහු ප්‍රශ්න කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය ගැන නොදත්, දැනගන්න අකමැති, දැනගත්තත් අනිත් අයට නොකියන තමාගේ පොකට් එක ගැන හිතන ලෙඩ්ඩු ගැන නොහිතන අය පමණි සයිටම් එකට අකමැති. (නි)
නියම කට්ටියක්නේ ඇවිල්ලා ඉන්නේ
සයිටම් එපා නම් කොතලාවල ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එක කමක් නැද්ද? කිසිම ප්‍රතිපත්තියක් නැති මේගොල්ලෝ හින්දා තමයි රට මෙච්චර පස්සට ගියේ. (නි)
ආණ්ඩුවට පවරාගැනීමේ තීරණය නම් ඉතා හොඳයි. හැමෝටම සාධාරණයක් කරමු. (නි)
අනේ මන්දා මේකට මොනවා කියලා කරන්නද? (නි)
සයිටම් එපා කියලා ඔය කට්ටියට කියා ඇති වැඩක් තිබෙනවද? සයිටම් එපා නොවෙයි, එයට ප්‍රමිතියක් දෙන්න යෝජනා කරන්න. (නි)
උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නැතිකරපු අය මේවටත් වගකියන්න ඕනෑ. (නි)
ප්‍රමිතියක් දෙන්න නම් උ/පෙළ සමත්වුණ අය ගන්න (නි)
රාජා, ඔයා සා/පෙළවත් සමත්ද? සා/පෙළ සමත් ඔක්කොම සරසවියට ගන්නද කියන්නේ? උ/පෙළ කියලා එකක් තියනවා කියලා දන්නේ නැද්ද? (නි)
අර ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් එහෙම හොඳද එතකොට? (නි)
රාජා, පුලාරා, රුපියල් ලක්ෂ 25 කට වෛද්‍ය, ඉංජිනේරු උපාධියක් දෙනවා කිව්වා නම් ඔය වගේ පිට්ටනි 10ක් වුණත් මදිවෙන්න තිබුනා සෙනඟ දාන්න. (නි)
රාජ, පුලාරා, රවීන්ද්‍ර, ඔයාලගේ අදහස් දැක්කහම හිතුන සාපෙළින් පසු උසස්පෙළට ගන්න ප්‍රමාණයද අඩුකරලා උසස්පෙළ සමත්වෙලා සරසවි යන්න බැරි අයටද ඒ වෙනුවට වෘත්තිය පුහුණුවක් දෙන්න රජය පියවර ගන්න ඕනෑ කියලා. (නි)
සුදේශ් උසස් පෙළ සමත් වුණ අය බොහොම ඉන්නවා නමුත් උ/පෙළ ලකුණු වැඩි අය පමණයි වෛද්‍ය විද්‍යාලයට ගන්නේ. ඒ වෛද්‍ය විද්‍යාලයේ ඉඩ පසුකම නැති නිසා. එහෙමනම් මුදල් ගෙවා උගන්වන තැන් වලට පුළුවන් ළමයින්ට යන්න ඉඩ දෙන්න. (බ)
මොකක්ද විසඳුම? නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ ප්‍රයිවට් බෙහෙත් නොකරන දොස්තර කෙනෙක් කියන්න මට. මේක සම්පූර්ණයෙන් ඊර්ෂ්‍යාව මත පදනම්ව කරන වැඩක් (බ)
සයිටම් එපා කියන කට්ටිය, ලංකාවේ පිරිලා ඉතිරිලා තියෙන සල්ලි වලට මෙරටදී, පිටරට නොයෙකුත් උපාධි ගන්න පුළුවන් කියන අනිත් ව්‍යාජ උපාධි දෙන ආයතනත් තහනම් කළයුතුයි කියන්නේ නැත්තෙ ඇයි? එ්කෙන් ඉගෙනගෙන ආවොත් දැන් ඉන්න දොස්තරලාගේ චනෙල් මඩියට තට්ටුවෙන නිසාද? (නි)
වෙනසකට කල් මදිද (බ)
උසස් උපාධියක් සාධාරණ මුදලකට දෙන්න සිටම් එකට් යෝජනා කරන්න. ඒ සදහා ඔබ සටන් කරන්න (ම)
මේ අය නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය මෙතුවක්කල් රැකගත් නිසයි දුප්පත් අපිත් රජයේ පාසලකින් නොමිලේ අධ්‍යාපනය ලැබුවේ. රජයේ රෝහලකින් නොමිලේ බෙහෙත් ටිකක් ගත්තේ (නි)
මේ වගේ හනමිටි කාලේ අදහස් තියන මිනිස්සු ඉන්න රටක් දියුණු කරන්නේ කොහොමද? 200,000 සා/පෙ පාස් , 25,000 සරසවි වරම්, ඉතුරු 175,000 ගන්නේ ඔයාලද? (බ)
සයිටම් එපා නම් ඒ දරුවන් ගැනත් විසඳුමක් යෝජනා කරන්න. එයාලත් අපේ දරුවෝ, අපේ අනාගතය. (බ)
150, ඔබට ඇස් පේන්නේ නැද්ද ? (බ)
පව් කුහක ජෙප්පෝ ටික! (බ)
මෙතන ඉන්න ඔක්කොම යහපාලානේ ගෙන්න දගලපු අය. දැන් යහපාලනෙන් වැඩියෙන්ම ගහන්නේ මෙයාලට. (බ)
හේමපාල, 150 නෙමේ නම් කියද....? 200ද.....? (බ)
මාපියන් සිහින ලෝකවල එකයි ලක්ෂ 80 උපාදිය ඉල්ලන්නේ ජතාගෙන් 99% ගේ අධ්‍යාපනය පාවාදෙන්න උදවු කරන්නේ මොලේ කොලොප්පන්. (අ)
මම දකින විදිහට ලංකාවේ විශ්ව විද්‍යාල නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් කළයුතුයි. නැත්නම් හැමදාමත් කුහක උගතුන් නිසා උසස් පෙළ සමත් කැම්පස් නොයන අතිරික්තයගේ අනාගතය අඳුරුයි (නි)
සූ ගාල 150ක් විතර ඉන්නවා පව් මේගොල්ලෝ (බ)
අනේ ඉතින් සමහරුන්ගේ ළමයි ඉන්නේ යූ.කේ. වලනේ නේද? (නි)
අද වීදි නාට්‍යයක්වත් නැද්ද ආ කට්ටියට බලන්න? (නි)
බලාගෙන අසනීපවෙයි ඔය උගුර උලුප්පන විදියට. (නි)
ඔළුගෙඩි ගණන් කරන්න එපා. මේ කියන දේ ගැන හිතන්න.දොස්තරලා බිහිකිරීමට පුද්ගලික විදුහල් ලංකාව වගේ ප්‍රමිතිය පිළිබඳ කිසිම වගවීමක් නැති රටකට යෝග්‍ය නැහැ. ප්‍රංශයේ පුද්ගලික වෙද විදුහල් නැහැ. රජයේ වෙද විදුහල් පමණයි. (නි)
සෙනඟ නැති නිසා පිට්ටනිය පුරාම පුටු තියලා මිනිස්සු වාඩිකරවලා වගෙයි. ජවිපෙ කවදද පුටු තියලා පිට්ටනි වල රැස්වීම් තිබ්බේ. ඒ කියන්නේ මෙයාලා හොඳින්ම දන්නවා දැන් තමන් වටා ජනතාව නැති බව. (නි)
ජේවීපී එක නම් කොහොමත් මෙහෙම දේවල් වලට ඊර්ෂ්‍යානේ (නි)
මේක පැහැදිලි ඊර්ෂ්‍යාව මිස වෙන මොකක්ද? (නි)