මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා දින 209 ක් පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය ශිෂ්‍ය තම දරුවන් ගලහාහන්දියේ උපවාසයේ යේදී සිටින අතර ඔවුන් ගැන කිසිදු බලධාරියෙක් සොයා නොබලන බවත් ඒ නිසා ඔවුන්ට අධ්‍යාපන කටයුතු කරගැනීමට සහයෝගයක් වශයෙන් ඔවුන්ගේ දෙමවූයෝ අද (28) දහවල් ගලහා හන්දියේ එම අට්ටාලයට නැග අඛණ්ඩ උපවාසයක් ඇරඹූහ.
සරසවි මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා මෙසේ දෙමවුපියන් උපවාසයේ යෙදෙන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කුහකයෝ වෙලා දැන් මිනිස්සු (නි)
අපිත් නිදහස් අධ්‍යාපනය නිසයි මෙතනට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න හරි දැනුමක් ලබාගත්තෙ.අධ්‍යාපනය කියන්නෙ අයිතියක්. වෙළඳ භාණ්ඩයක් නෙවෙයි. කෑ බතේ පහරන්න එපා මිත්‍රවරුනි. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය අපිට වගේම අපේ අනාගත පරම්පරාවටත් අයිති දෙයක්. (අ)
මොවුන් ගේ ළමයි වෛද්‍ය විද්‍යාලයට තේරිලා නම් මොවුන්ට දැන් ඕනේ ඔවුන්ට නිදහසේ ඉගෙනීම කරගෙන යන්න නම් මොකක්ද එ්කට තියෙන බාධාව? රජයෙන් වියදම් කරනවානම් මහපොලත් දෙනවනම් දෙමව්පියෝ හෙටියට මොවුන් කළ යුත්තේ තමන්ගේ දරුවන්ට අවවාද කරන එක නේද රටේ සල්ලි නාස්ති නොකර පුළුවන් තරම් ඉක්මනට උපාධිය අරන් එලියට ගිහින් රටට සේවයක් කරන්න කියල. මේ කුහක මිනිසුන් මේ කියන්නේ අපේ ළමයිට ඉගෙන ගන්න දීල අර ළමයි පාරට ඇදල දාන්න කියලද? (බ)
මුදලට උපාධි විකුණන කඩ තියෙන්නේ ඉන්දියාවේ විතරයි. දියුණු රටවල අධ්‍යාපනයට මුදල් අයකළත් දක්ෂ සහ දිළිඳු ශිෂ්‍යන්ට නොමිලේ අධ්‍යාපනය කරගෙන යන්න ක්‍රම හැදිලා තියෙන්නේ. අනිත් එක ඒ විශ්ව විද්‍යාල ලාභ උපයන ආයතන නෙවෙයි. ඒ රටවල් වල රජය විශ්ව විද්‍යාල රිසර්ච් වලට ලොකු මුදල් ප්‍රමාණයක් වෙන්කරනවා. එතකොට තමයි අලුත් සොයාගැනීම් සිද්ධ වෙන්නේ. එ්කයි ඒ රටවල් දියුණු. අපේ රටේ මිනිස්සු මෙලෝ දෙයක් දන්නේ නැතුව ඉන්දියානු මොඩල් එකේ අධ්‍යාපන ක්‍රමයකට රට අරන් යන්න හදනවා. (බ)
ඔබට සතුටුයිද දැන්......? (නි)
ඕකේ ඉගෙනගන්න අයගේ නම් සහ ඒ අයගේ උසස් පෙළ ප්‍රතිපල විෂයයන් සමඟ දැනගන්න හැකිනම්... (නි)
සහන්, ඉන්දියාවේ "උපාධි කඩ" ඕනෑතරම් තිබෙනවා.ඉන්දියාවේ දොස්තරලා ගැන දැනගෙන අදහස් දාන්න. (නි)
කලට වෙලාවට අඩුවක් නැතුව මුදල් කුට්ටිය ලෝකයේ කොහේහරි බැංකුවකට බැර කරනවා නම් ඕනෑම ජරාවක් අටවාගන්න පුළුවන් දශකයකුත් අපිට තිබුනා. දැන් ඒ වරද නිවැරදි කරන්න ඕනෑ කාලයක්. (නි)
සයිටම් ජනසතුකර මුදල් ඇති/නැති දක්ෂතාව ඇති සිසුන් තෝරාගත යුතුයි (නි)
වැඩේට ටිකක් මහන්සි වෙන්න වෙන පාටයි. ඡන්දෙත් ළඟයිනේ නේද? (නි)
සයිටම් වගේ ආයතන ඕනෑ රටට (නි)
ඉතින් පිටරට විශ්ව විද්‍යාල හොඳ ප්‍රමිතියට තියන නිසා ලංකාවේ ළමයි පිටරට ගිහින් ඉගෙනගෙන පිටරට අයටම සේවය කිරීම හොඳයිනේ. ලංකාවේ ඉන්න අයට ඔය ඉන්න වෛද්‍යවරු ටික හොඳටම ප්‍රමාණවත්නේ (නි)
සල්ලි ගෙවලා පිටරට ගිහින් ඉගෙනගත්තට කමක් නැහැ. හැබැයි සයිටම් නරකයි (නි)
රටේ ඉදිරි දරු පරම්පරාවේ නිදහස් අධ්‍යාපනය ගැන හිතන දෙමාපියන්ට මගේ ප්‍රණාමය. (නි)
විපුලගේ අදහස තේරුම් ගන්න මහලොකු මොළයක් ඕනෑ නැහැ. (නි)
මාත් එක්ක වැඩකළ ඉන්දියන් ජාතිකයන්ගේ දරුවන් දොස්තරලා වෙන්න ඉගෙනගන්නවා. ඒත් උසස්පෙළ අසමත්. ඔවුන් කරන්නේ සල්ලි වියදම් කරලා දරුවන් දොස්තරලා කරලා මැදපෙරදිගට යවන එකයි. ඒ තැනට අපේ රටේ දොස්තරලා පත්කරන්න එපා. පින්සිද්ධ වෙනවා. (නි)
කාලකන්නි ටික ඔහොමම හිටියාවේ ,රටේ අධ්‍යාපනය කන මේ වගේ උන්ට සහයෝගයට එන දෙමව්පියොත් කාලකන්නි (බ)
අපේ රටේ දොස්තර කෙනෙක්ගේ වටිනාකම දන්නේ මැදපෙරදිග සිට පැමිණි කෙනෙක් පමණයි. මැදපෙරදිග දොස්තරලාගෙන් උණට හෙම්බිරිස්සාවට මිසක් වෙන ලෙඩකට බෙහෙත් ගන්නවා කියන්නේ මොනවගේ දෙයක්ද කියලා එයාලා දන්නවා (නි)
ලාභ ලබා ගැනීමේ අරමුණින් අටවා ඇති මෙවැනි ආයතන අහෝසි කිරීමට රජය මැදිහත් විය යුතුයි. (ර)
ඔයාලගේ දරුවෝ විතරක් ඉගෙන ගතම ඇති කියලා හිතන අය... (ර)
දෙමාපියන්ට ජයවේවා.! (ර)
නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට ඔබට ශක්තිය ලැබේවා.! (ර)
දැන් ඔයගොල්ලන්ගේ ළමයි විතරද ඉගෙන ගන්න ඕන ? බදු ගෙවන අපිත් පාරට බැස්සොත් බදු ගෙවන්න බැහැ කියලා ඔයාලගේ ළමයින්ට මොකද වෙන්නේ ? (ර)
අපේ මිනිස්සුන්ට මේ උපාධි කඩේ රග තේරෙන්න ඒවගෙන් එලියට එන දොස්තර මහත්යලගෙන්, නොනලාගෙන් බෙගෙත ගත්ත දවසටයි.. එදාට මේ ලියන සමහර අයගේ අධ්‍යාපනේ තරම තේරෙයි. (ර)
මේ කාලකන්නි නිසාම මේ රට කොහෙත්ම ඉස්සරහට යන්නේ නෑ, මහලොකුවට පඩි ගත්තට රටට සත පහක් වැඩක් කරනවද? එක්කෝ රට යි, එහෙම නැත්නම් ප්‍රයිවට් ක්ලිනික් දාලා පුළුවන් තරම් හුරගෙන කයි. එතකොට හොඳද? එහෙනම් මේවා නවත්නවනම්, පුද්ගලික පාසල්, ටියුෂන් පන්ති සහ පෞද්ගලික රෝහල් චැනල් සෙන්ටර් ඔක්කොම අයින් කරන්න (බ)
මගේ දරුවා පමණක් ඉගෙනගත්තහම ඇති කියලා හිතන්නේ කුහකයන්. මේ කියන විදිහට දවස් 209 ක් අට්ටාලයක ඉඳලා අසාධාරණ යෝජනාවක් හෝ ඉල්ලීමක් ගෙනාවොත් එ්කට එකඟ වෙන්න ඕනෑද. එහෙමනම් හැමෝම අට්ටාල බැඳගෙන ඉල්ලීම් කරමු . (නි)
අනේ දෙයියනේ මෙහෙමත් නාඩගමක්. මගේ නෑදෑ සොහොයුරෙක් රුහුණ වෛද්‍ය පීඨයේ. මෑතකදී මා එක්ක කිව්වා උසස්ම ජීවන තත්ත්වය ලැබෙන්න ඕනෑ වෛද්‍යවරුන්ටයි කියලා. (නි)
සල්ලි වලට වෛද්‍ය උපාධි ගන්න හදන්නන් සදහටම පරාජය කළයුතුය. ඔබගේ ව්‍යායාමයට සුබ පැතුම්! (නි)
අනේ මන්දා මෙතනදී කාගේ පැත්ත ගන්නද කියලා (නි)
උද්දච්ච දරුවන්ගේ කරමතින් ගොස් ඒ ආලෝකයෙන් තමන් බැබළීමට පෙරුම්පුරා සිටින අඥාන, කෙරුම්කාර, දෙමව්පියන් කොටසක් ලෙසයි මම නම් මේ අය දකින්නේ (නි)
ලිඳේ ඉන්න ගෙම්ම්බෝ ටික ආයෙත් විගඩමක් නටන්න හදනවා වාගෙයි (බ)
දින 209ක් උපවාස කරලත් ජීවිතයට කිසිදු හානියක් නොමැත. අරුම පුදුම රටක් මේක (බ)