මාලබේ හොර වෛද්‍ය උපාධි ආයතනය වසා දැමුවේ නැත්නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවත් එමගින් ආණ්ඩුව දණගස්වන බවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වෛද්‍ය ජනක බණ්ඩාර මහතා පැවසීය.
අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයකට එක්වෙමින් ඔහු එසේ කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් එකේ දැනට ඉන්න ළමයින්ට මොනවා කරන්න කියලද මේ අය කියන්නේ? (හේ)
හන මිටි යුගයේ මෝඩයොත් එක්ක රටක් දියුණු කරන්න බැහැ. මේ අයගේ ලෝකයේ ඉන්නේ මේ අය විතරක් මුදල් හම්බ කරන්න අවස්ථා තියාගන්න අය විතරයි. පෞද්ගලික රෝහලුත් වහලා මේ අයගේ චැනලින් නවත්වන්න ඕනේ . අපිට හතරට එන්න කියලා හයට එන අය තැනක් නැති වෙනවා. (හේ)
මේ රටේ සාමාන්‍ය මිනිස්සු ඔබලා දණ ගස්සන දවස බොහොම ළඟයි. (බ)
තමන්ගේ රටේ ආර්ථිකය දියුණු වෙනවට අකමැති මෝඩයෝ ඉන්න එකම රට අපේ රට විතරක් වෙන්න ඇති (බ)
වෙන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා.(හේ)
රට දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ පටු දැක්මක් ඇති ඉරිසියා කාරයන් නිසා. (හේ)
සයිටම් එක ඇති කරනකොට ඇයි ආණ්ඩුව දනගස්සන්න බැරිවුනේ.(හේ)
කොහෙද මේ දොස්තර ඉන්නේ ඔහු රස්සාවෙන් අයින් වෙලාද ? (බ)
ලංකාවේ කුහකයෝ නිසා රටට වගතුගක් නැහැ.පළමුව සියලුම වෘත්තීය සමිති, වර්ජන සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි. පුද්ගලික විශ්ව විද්‍යාල තවත් ඇතිකළ යුතුයි. එය රටට විදේස විනිමය ගෙනෙන මගක් සැලසිය යුතුයි. රජයේ විශ්ව විද්‍යාල සිසුන්ට වර්ජන තහනම් කර එසේ කරන අයගේ ශිෂ්‍ය බාවය අහෝසි කළ යුතුයි. (බ)
ගාමිණී ඒ කාලේ කෑගැහුවනම් මෙයාල ලොවෙත් නැහැ.අර ළමයි ලක්ෂ ගානක් ගෙවනකම් ඉඳලා දැන් කෑගහනවා. මේ වගේ කුහකයෝ ඉන්නකම් රටක් දියුණු කරන්න බෑ (බ)
ඔබලාට ආණ්ඩුව දනගස්වන්න බැහැ. නිකන් බොරුවට කාලය නාස්ති කරන්න එපා. (බ)
මේක ඇති කළේ මහින්දගේ ආණ්ඩුව. ඇයි ඒ කාලේ කට වහගෙන හිටියේ? බොරුවට කෑගහන්නේ නැතුව රටට වැඩක් ඇති දෙයක් කරන්න. (බ)
පුද්ගලික වෙද සේවයත් වහමු (බ)
මොකද වෙන්නේ ඕක තිබුණාට .මේක පැහැදිලි ඊර්ෂ්‍යාව.අනික් රටවල් බලන්න මොනතරම් මේවා තියනවද කියලා .තව කෙනෙක් ඉගෙන ගන්නවාට පැහැදිලිවම කැමති නැහැ (බ)
88-89 ත් අපි දැක්ක ජවිපෙ එජාප ආණ්ඩුවක් වට්ටපු හැටි. අාපහු සිංහල තරුණ තරුණියෝ දස දහස් ගණනක් මරාගන්න වගෙයි එජාපෙ සහ ජවිපෙ එකතු වෙලා. (බ)
ජයම්පති ඒක ගිහින් නෙවිල් ප්‍රනාන්දු ගෙන් අහගන්න (බ)
රටේ දොස්තරලා වැඩිවීම දැනට ඉන්න අයගේ ගතමනාවට පහරකි. පිටරට ගොස් රටේ මුදල් එහේ වියදම් කර ඉගෙනගෙන අවට මොවුනට කමක් නැත. දොස්තරලා දෙවියෝ කියල අපි හිතුවත් ඔවුන් හිතන්නේ දොස්තරලා විය හැක්කේ ඔවුන්ගෙන් ආශීර්වාද ලත් සිමිත පිරිසකට පමණි යනුවෙනි. (බ)
මේ දොස්තරලා තම ඒකාධිකාරය නැතිවෙනවාට බයයි (නි)
මෙතන පැහැදිලිවම පෙනෙන්නට තියෙන්නේ "කුහකකම" (නි)
රජයට බරක් නොවී තමන්ගේ වියදමින් ඉගෙනගන්නා සයිටම් ළමයින්ගේ අධ්‍යාපන මට්ටම පහළයි කියනවා නම් කළයුත්තේ පොදු විභාග පරීක්ෂණ මඟින් දෙගොල්ලන්ම එක සමාන තත්වයේද කියලා බලන එකයි. නියාමනය කිරීමයි. (නි)
ආණ්ඩුව පාරට බස්සන්න යන්නෙ අසරණ ලෙඩුන් මරලද? (නි)
මේ ප්‍රතිචාර වල නම් පේන්නේ සල්ලි වලට සහතික ගන්න ගොඩක් අය කැමතියි වගේ මේ උපාධි කඩේට. කැමති අයට අධ්‍යාපනයෙන් විභාග වලින් සුදුස්සන් තෝරන්නෙ ඇයි කියලා තේරුමක් නැහැ වගේ. එහෙම නැත්නම් මේ අයගෙ නෑයොත් ඒකෙ ඇති. උසස්පෙළ පාස්වෙලා විශ්ව විද්‍යාලෙට ගිය කෙනෙක් මේ වගේ කඩවලට කැමති වෙන්නෙ නැහැ. මොකද එ්කෙ ප්‍රතිපල එනකොට මේ කයිවාරුකාරයෝ නැහැ. වෙන අයටයි විඳවන්න වෙන්නෙ (නි)
මේ මිනිස්සු අරගල කරන්නේ හණමිටි අදහස් නිසාවත්, කුහකකම නිසාවත් නොවේ. ලංකාවේ වෛද්‍ය උපාධියේ තත්වය රැකගැනීමට. පුද්ගලික විශ්ව විද්‍යාල රටකට ඕනෑ. නමුත් ප්‍රමිතියක් ඇතුව කරන්න ඕනෑ. මුදල් තිබු පමණින් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්ද? (නි)
මේක මේ දොස්තරලාගේ වෘත්තීයමය ඊර්ෂ්‍යාව පමණයි. පෞද්ගලික විශ්ව විද්‍යාල වල අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න උපදෙස් දීම විනා වහන්න කතාකිරීම සාධාරණ නැහැ. මේ ළමයි ලංකාවේ මුදල් ගෙවා ඉගෙනගැනීම නිසා පිටරටට ඇදිලා යන මුදල් ඉතිරිවෙනවා. (නි)
යහපාලනය කියන්නේ එක එක්කෙනාට ඕනෑ විදියට නටන්න ඉඩදෙන එක නොවේ (නි)
ආණ්ඩුවේ අමුතුවෙන් දණගස්සන්න දෙයක් නැහැ (නි)
සයිටම් වහන්න කියනවා නම් පුද්ගලික රෝහලුත් වහන්න. සයිටම් රජයට පවරා ගන්නවා නම් පුද්ගලික රෝහලුත් එහෙම පවරා ගන්න. සල්ලි තියෙන අය වෙනම ඉගෙනගන්න එක වැරදි වගේම සල්ලි තියෙන අය වෙනම බෙහෙත් ගන්න එකත් වැරදියි. (නි)
රජයේ විශ්ව විද්‍යාල වලින් අවුරුද්දකට 1000 ක් එළියට පැමිණේ. සයිටම් මඟින් දොස්තරලට වදී යන්න මෝඩ තර්කයකි. මෙම සයිටම් ආයතනයේ විශාල ප්‍රශ්නයක් ඇත. මෙලෝහසරක් නොදන්නා අපේ ජනතාවට මේවා නොතේරේ. වෛද්‍යවරුන්ට ඕනෑම රටක ගොස් තම රැකියාව කරගත හැක. වෛද්‍ය අධ්‍යාපනය විනාශ වී නුසුදුස්සන් ඊට ඇතුළත් වූ පසු ඔබට පිටරට ගොස් බෙහෙත් ගැනීමට නොහැකිවනවා ඇත. ඇත්තටම සමාජයේ වෛද්‍යවරු කෙරෙහි විශාල ඊර්ෂ්‍යාවක් ඇත. එය සමනය කරගන්නේ නුඹලා ඉගෙනගත්තේ අපේ සල්ලි වලින් යැයි කීමෙනි. (නි)
ජනතාව විසින් පත්කරගත් නීත්‍යානුකූල රජයක් දණගස්වනවා කියන්නේ ජනතාව දණගස්වන බවට කරන ප්‍රකාශයකි. එය ප්‍රජාත්‍රන්තවාදී අයිතියක් නොව තර්ජනයකි. කිසිවෙකුට එවැනි අයිතියක් තිබෙන්නේද යන්න අපි නොදනිමු. (නි)
මෙයාලා කළයුතු වන්නේ මේක වහන එක නෙමෙයි. රටට, මිනිසුන්ට ආදරේ නම් මෙයාලා අවංකව ඉදිරිපත්වෙලා නිසි පුහුණුවක් මේ ළමයින්ට ලබා දුන්නා නම් මීට වඩා හොඳ නැද්ද? මේ කාලය ඒ සඳහා යෙදෙව්වා නම් නරකද? ඒ අතරතුර ළමයින් බඳවාගන්න සාධාරන සහ සුදුසුකම් මත ක්‍රමයකුත් කල්පනා කළා නම් මෙම ගැටලුව විසඳාගන්න පුළුවන් නේද? රට සහ අනාගතය ගැන මීටවඩා අපි හිතන්න ඕනෑ. (නි)
මෙම ආයතනය නියම ප්‍රමිතියට ගෙනෙන්න නොකියා වසා දමන්න කියන්නේ ඇයි? රහස එතනයි. (නි)
දොස්තරලා මෙහෙම කෑගහනවා. හැබැයි එයාලගේ දරුවන් ඉගෙනගන්නේ පිටරට (නි)
සයිටම් එකේ දැනට ඉන්න ළමයින්ට සල්ලි දීලා ගෙදර යවන්න. ඒ සල්ලි අයකර ගන්න ඕනෑ හරියට නීති පාස්වෙනතුරු නොසිට කඩිමුඩියේ මේක ඇරලා ළමයි ගත් කෙනාගෙන්. (නි)
නමට දොස්තරලා වැඩිවෙලා නම් වැඩක් නැහැ. මේ අයගෙ නෑයෙක්වත් සයිටම් අයගෙන් බෙහෙත් ගන්න එන එකක් නැහැ. සල්ලි වලට වෙන උපාධි ගත්තට කමක් නැහැ. හානියක් නැති නිසා. මේක ජීවිත එක්ක ගනුදෙනුවක් (නි)
මෙතන ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ අඩු සුදුසුකම් තියෙන අය නිසි ප්‍රමිතියෙන් තොර අඩු අධ්‍යාපනයක් ලැබීම. ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න පුලුවන්ද? රටේ ලොකු විනාශයක් වෙන්න පුළුවන් මෙහෙම ගියොත් (නි)
මම ඕනෑනම් ලිස්ට් එක දෙන්නම් ඔය කැගහන දොස්තරලගේ දරුවන් කී දෙනෙක් පිටරටවල දොස්තරකම් කරන්න ඉගෙනගන්නවද කියලා. (නි)
තව තවත් පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල ඇති කළයුතුයි. (නි)
සයිටම් එකේ ළමයි පිටරට අනුමත විශ්ව විද්‍යාලයකට අනුබද්ධ කර වෛද්‍ය අවසාන විභාගය පාස්කරලා ආවොත් මොකද කියන්නේ? (නි)
මෙම කටයුත්ත කළයුතුව තිබුනේ දැන් නොව මෙය පටන්ගත් කාලයේදීය. ළමයින් අවුරුදු 5/6ක් ඉගෙනගත්තාට පසුවද දැන් එය කරන්නේ (නි)
ගමගේ, යමෙක් බලෙන් තැනක හිටියා කියලා ඒක එයාටම දීලා සැබෑ අයිතිකාරයා අයින් වෙනවා වගේ දෙයක්නේ ඔයා කියන්නේ. අවු 5/6 කළේ වැරදි වැඩක්. එදා ඉඳලම ප්‍රශ්න තිබුනා. ඇයි කළේ සල්ලි ගෙව ගෙවා. (නි)
ගමගේ, ළමයි ගෙවපු සල්ලි සුදුස්සන්ගෙන් අයකරගෙන නැවත ගෙවිය යුතුයි (නි)
දොස්තරලා වියයුත්තේ උ/පෙල ඉහළින් සමත් රටේ නිර්නායක වලට අනුව විභාග පාස්කළ අය මිස සල්ලි තියෙන හෝ වෛද්‍ය උපාධියක් ගන්න ආසා දෙමව්පියන්ගේ දරුවන් නොවේ. (නි)
ඇයි ඔච්චර සල්ලි ඇති අය සයිටම් ගියේ, යන්න තිබුනනේ පිටරට. එහේ ගියොත් සල්ලි දුන්නත් මෙහෙම ලේසියෙන් පාස්වෙන්න බැරි බව දන්නවා ඇති මේ කට්ටිය (නි)
සමන්ති, එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඇයි ඉතින් එහෙම නොකර මෙයාලා මෙහෙන්ම වෛද්‍ය උපාධියක් ගන්න දඟලන්නේ? (නි)
ගමගේ, මෙය සල්ලි ඇති දෙමව්පියන්ටත් හොඳ පාඩමකි. ළමයව දාන්න කලින් ඒ තැන් ගැන සොයලා බලලා දාන්න ඕනෑ. සල්ලි ගෙවලා විතරක් මදි කියලා දැන්වත් තේරෙයිනේ. (නි)
ලුම්බිණි, ඇයි අට පාස් අයටත් වෛද්‍ය උපාධි දෙන්නද තව තව ඇති කරන්න කියන්නේ? (නි)
වෙන රටවල තියෙන පුද්ගලික විශ්ව විද්‍යාලත් එක්ක මේක සංසන්දනය කරන්න එපා. නම එක වුණාට ගුණාත්මකභාවය අහසට පොළොව වගේ. (නි)
ඉගෙනගත් වෙදකම, දැන් සොයන්නේ රජකම... වෙදෙක් වුව ලෙඩකම සොයා එනු ඇත, නුදුරු දිනකම... කරපු පව් සියලුම, මතක් කර දේ සොබදහමම... නොගන්නට එම තැන සිතනු මැන අන් අයගෙ දුක ගැන! (නි)
ඔය කතා හොඳයි ලෙඩ්ඩුන්ට. ඔක්කොම මානසික ලෙඩ්ඩු නොවන බවත් දැනගන්න. අපි හදපු මේ ආණ්ඩුව වෙනස් කරන්නේත් අපිම පමණි. (නි)
රාජු, දොස්තරලගෙ ළමයි පිටරටවල ඉගෙනගන්නවා නම් ඉතා හොඳයි. ලිස්ට් මොකටද? පිටරටවල ඉගෙනගෙන එක්කෝ එහෙම ඉඳියි. නැත්නම් මෙහෙට ඇවිල්ලා නැවත මෙහෙ විභාග ලියලා පාස් වුණොත් මෙහෙ දොස්තරකම කරයි. සයිටම් අය නිකන්ම දොස්තර වෙන්නනේ දඟලන්නේ (නි)
සයිටම් අය දොස්තරකම කළොත් මම නම් අනාගතයෙදි බෙහෙත් ගන්න කලින් බලනවා රජයේ කෙනෙක්ද සයිටම් කෙනෙක්ද කියලා. මොකද සල්ලිත් ගෙවලා නිකන් මැරෙන්න බැහැනේ (නි)
සයිටම් නම් හරියන්නේ නැහැ. දැන් කොහොමත් රටේ මේ අයව පිිළිගන්නේ නැහැ. වෙන උපාධි දෙන පුද්ගලික විශ්ව විද්‍යාල ඕනෑතරම් තියෙනවා. ඒවට වඩා දොස්තරකම දෙන උපාධිය වගකීමෙන් කළයුතුමයි. (නි)
වෛද්‍ය උපාධියේ ගුණාත්මකබව අවතක්සේරු කරන්න ඉඩදෙන්න බැහැ. ඒ වගේම දැනට සයිටම් එකේ ඉගෙනගන්න දරුවන්ගේ පැත්තත් බැලිය යුතුයි. මෙම ආයතනය වහන එකද මේකට තිබෙන එකම පිළියම? (නි)
ආණ්ඩුව දණගස්සන්න හදන වේදමහත්වරුනි, ඔය ඉස්කෝලේ උගන්වන්න යන ලොකු වෙදමහත්තුරු ටික නවත්තන එකනේ තියෙන්නේ. ඒ එක්කම චැනලින්ද මොකක්ද කියන එකත් නවත්තන්නකෝ. එතකොට දණගහන අය දණගහයි, බඩගාන අය බඩගායි. එවිට වෛද්‍ය සේවයේ උපරිමය රෝගීන්ට නොඅඩුව ලැබෙයි. විකල්පය ඒකයි. (නි)
උ/පෙළ ළකුණු අඩුනම් වෙන උපාධියක් කළා නම් ඉවරනේ. ඒ අයත් දොස්තරකම ගන්න ගියාමනේ මේ අවුල (නි)
රජයේ සායනික පුහුනුව රජයේ වෛද්‍යවරුන් මේ අයට දෙන්නෙ නැත්නම් ගහලා ගන්නද? ඒ නිසා සයිටම් කොහොමත් හරියන්නේ නැහැ. මේ අය හිතන්න ඇති නීති පාස්වෙන්න කලින්ම ඇතුළට ගියාම කල් යනකොට දෙයි කියලා. (නි)
පුෂ්පා, නිසි සුදුසුකම් නැතුව ඇතුළු වුණා නම්, නීති හරියට පාස් වෙනකම් නොසිට පටන්ගත්තා නම් වහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. පටන්ගැන්ම වැරදි නම් මැද අග දෙකම වැරදියි (නි)
මම නම් මගේ දරුවව තැනකට දාන්න කලින් ඒකේ පිළිගැනීම, නිත්‍යානුකූල එකක්ද නැද්ද යන වග සොයලා බලනවා. එසේ නොකර දරුවො ඇතුළත් කළාම මෙහෙම වෙනවා. (නි)
එක එක්කෙනා කියන කියන හැම පදයටම ආණ්ඩුව නටන්න ඕනෑද? (නි)
ඕනෑම දෙයක ගුණාත්මකබවක් තිබෙන්න ඕනෑ. ඒක කරන්න ඕනෑ අදාළ ආයතන වලින් (නි)
හැබැයි ඉතින් අපි තමුන්ලාත් එතකොට ඉබේම දණගැහෙයි (නි)
සයිටම් වලට කැමති අයට ඒකේ අයගෙන් බෙහෙත් ගන්න කිවුවහම හරි (නි)
සයිටම් වගේ ඒවා තව තවත් ඇතිවෙනවට මම නම් කැමතියි (නි)
හරිම ආත්මාර්ථකාමී තීරණයක් (නි)
අවුරුදු 5/6 ක් ඉගෙනගත්ත ළමයින්ගේ මුදල් පමණක් නොවේ, ඔවුන්ගේ කාලය විශේෂයි. එමනිසා මම කියන්නේ මෙය පටන්ගත් විගසම මෙවැනි විරුද්ධත්වයක් පෑවා නම් එම ළමයින්ට වෙන අතක් බලාගන්න තිබුනා. මෙය දේශපාලනයට කරන දෙයක් කියලයි මට පෙනෙන්නේ. (නි)
නුඹලා ගිහින් සක්විතියන්ට අහුවුණාට අපිට කරන්න දෙයක් නැහැ. (නි)
සුදුසුකම් නැති ශිෂ්‍යයෝ ඉන්න නිසානේ මේ ප්‍රශ්නේ. ඔය ළමයින්ගේ උ/පෙළ ළකුණු ප්‍රසිද්ධ කරන්න. එතකොට හරිනේ (නි)
මෙම ආයතනය නියම ප්‍රමිතියට ගෙනෙන්න නොකියා වසා දමන්න කියන්නේ ඇයි? රහස එතනයි. සයිටම් එකේ අඩුපාඩු ඇති. හොර එකක්ම කියමුකෝ. හැබැයි ඔය උද්ඝෝෂණය කරන්නෙ කුහකකමකින්. එක් කෙනෙක් කියනවද ඕක හරියට හදන්න කියලා. (නි)
ඔය කෙනෙක් මට දවසක් කිව්වා “හරි අයියෙ, ඔයාලා උන්ගෙන් බෙහෙත් ගන්නකො. හැබැයි අපි වගකියන්නෙ නැහැ. අපේ නම් පවුල් වල උදවියට උන්ගෙන් බෙහෙත් ගන්න දෙන්නෙ නැහැ" කියලා. මම කිව්වා "උඹෙන් බේත් ගත්තත් ගන්නෙ උණකට හෙම්බිරිස්සාවකට මිසක් බයිපාස් එකක් කරන්න නොවෙයිනේ, එ්කට බේත් උඹෙන් ගත්තත් ඒකයි, සයිටම් අයගෙන් ගත්තත් එකයි, හන්දියේ ෆාමසියෙන් ගත්තත් එකයි" කියලා. ඇත්ත කතාව ඒකයි. (නි)
දොස්තරලා නැති දුෂ්කර පළාත් වල අපොතිකර දොස්තරලා අදටත් බෙහෙත් දෙනවා. එතකොට ඒ අර කියන එකෙන් ආ අයද? වතු දොස්තරලා ඉන්නවා. ඔතනදි ලෙඩ්ඩු ගැන වගකියන්න බැහැ කියන උපාධිධාරියො කොහොමටත් ලෙඩ්ඩු ගැන වගකියන්නෙ නැහැ තමයි. මම නම් කියන්නෙ යම් හෝ මට්ටමක ගුණාත්මකබවක් තියනවා නම් සයිටම් එකේ අයගෙන් බෙහෙත් ගත්තට ගැටළුවක් නැහැ (නි)
නීති හරියට පාස් වෙනතුරු නොසිට කලින්ම සල්ලි ගෙවලා ඇතුළුවුණේ අවදානමක් අරගෙනනේ. නොදැන නෙමෙයිනේ. ඒකෙ ප්‍රතිඵල දැන් ලැබිලා. එය භාරගතයුතුයි. (නි)
මෙය පටන්ගත් විගසම මෙවැනි විරුද්ධත්වයක් පෑවා නම් ඉවරනේ (නි)
රටටත් මිනිසුන්ටත් මෙපමණ ආදරයක් ඇත්නම් මොවුන් කළයුත්තේ දොස්තරවරු කරන පුද්ගලික සේවය වහාම නැවැත්වීමයි. පිටරටකදී දොස්තර කෙනෙක් ලෙඩෙක් බලන්න පැයක් පමණ ගතකරන විටදී මෙහෙ දොස්තර කෙනෙක් ගනු ලබන්නේ විනාඩියක පමණ කාලයක් පමණි. මෙන්න මේවයි නැවැත්විය යුත්තේ. (නි)
ශශී, ඔයා කතාන්දර ලියන්න හරි දක්ෂයිනේ. (නි)
ඔය ආයතනයේ එදා වේල හරිහම්බ කරගෙන කන, කෝච්චියේ බස් එකේ උදේ හවස රැකියාවට යන අයගේ දරුවන් නැහැ. ඉන්නේ දේශපාලකයන්ගේ, උසස් යැයි සම්මත රැකියාවන් කරන අයගේ උසස් පෙළ අසමත් එ්ත් දොස්තර නාමයෙන් විරාජමාන වුණ දරුවන්. මෙතන අදහස් දාන අයට එක දරුවෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 65 දෙන්න පුළුවන්කම තියෙනවද? (නි)
අපේ රටේ මුදලට, බලයට ඕනෑම දෙයක් කරන්න පුළුවන් යුගයක් තිබුනා. ඒකාධිපතියා අද නැහැ. එ්ත් වසංගත/විෂබීජ අපිට ඉතිරි කරලයි ගෙදර ගියේ. (නි)
මුලින් හරියට රටේ ජනතාව ගැන හිතලා නිදහස් අධ්‍යාපනය ලබපු නිසාවත් උපන් රටට ජනතාවට සේවයක් කරන්න බලන්න. බෙහෙත් වැරදිලා ලෙඩා මැරුනොත් වගකියන්නේ ඒගොල්ලෝ. දැන් ලෙඩාට සල්ලි නැති නිසා මැරෙනවා ගසා කන නිසා. (නි)
ඔය මාලඹේ දොස්තර ඉස්කෝලේ නිසා වෙන්නේ හිතේ බයක් නැතුව බෙහෙත් ගන්න බැරි වෙන එක විතරයි. (ම)
ලංකාවේ නිදහස් අධ්‍යාපනය නැති කළ යුතුයි. අධ්‍යාපනය කියන දෙය සල්ලි තියෙන අයට විතරක් ගන්න පුළුවන් විය යුතුයි. 5 පන්තියට විතරක් නිදහස් අධ්‍යාපනය ඇති. ඉගෙන ගත්ත කියල මේ රටේ මිනිස්සු හරි තීරණ අරන් නැනේ.(බ)
ඔය සයිටම් එක ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්න මට්ටමට දියුණු කරලා එ්කෙන් පිටවෙන අය අර පිටරට ගිහින් උපාධියක් කරලා ඇවිත් මෙහෙ වෛද්‍ය සබාවේ විභාගය කරනවා වගේ කරන්න කියමු. පිටරට උපාධී කරලා එන අයත් 2% ලු ඔය විNdගය වසරකට පාස් වෙන්නේ කියල මම පත්තරේක දැක්කා.එතකොට ඔය සයිටම් අයත් සුළු ප්‍රමාණයක් පාස් වේවි. (බ)
මෙතන උගන්නන්නේ රජයේ වෛද්‍ය විද්‍යාල වල උගන්වන ගුරුවරු. ආණ්ඩුවෙන් විභාගයක් තියලා ඔවුන්ගේ සුදුසුකම් බලන්න. (හේ)
ආණ්ඩුව ඇමරිකාවට හා දෙමල ඩයස්පෝරාවට දණගහල ඉවර යි .ඔය මහා ලොකු වෛද්‍ය සභාවට බැහැ ඇමරිකාව දන ගස්සන්න .ඔය වැඩවලින් ඉක්මනින්ම රට අවුල් වී සිංහලයා ලංකාවේ අවජාතකයන් වෙනවා (අ)
ලංකාවේ හැම විෂයකටම පුද්ගලික අංශයෙන් උපාධි ගන්න පුලුවන්නම් අයි වෛද්‍ය උපාධිය විතරක් ගන්න බැරි. වෛද්‍යවරුන්ගේ අධිකාරිය බිඳින්න ඕනේ.(ම)
ශශිනිකා, ඕක හරියට හදන්න නම් උසස් පෙල හරියට පාස් වුනු ළමයි ඕකට ඇතුළත් කරනන ඕනේ. එස් තුනේ අයට වෛද්‍ය උපාධි දෙන්න බැහැ. (බ)
තමන් වැරදි වැඩ කරලා ඒක පෙන්වා දෙනකොට ඒවට කුහකකමක් කියන්න බැහැ. කුහකකම කියන එකට වෙන තේරුමක් තියෙන්නේ. (බ)
උ/පෙළ කරනන්නම් සා/පෙළ පාස්විම අනිවාර්යයි වගේ වෛද්‍ය උපාධියක් ගන්න නම් සැපිරිය යුතු අධ්‍යාපන මට්ටමක් තියෙනවා. ඒක නැතුව සල්ලි ගෙවලා වෛද්‍ය උපාධිය දෙන්න බැහැ. මෙය වගකිවයුතු වෘත්තියක්. (බ)
සරත් කුමාර මහතාණෙනි වෙන උපාධිය වගේ නොවේ වෛද්‍ය උපාධිය එය මිනිසුන්ගේ ජීවිත සමග සම්බන්දවෙන දෙයක් . එනිසා එය ලැබිය යුත්තේ සුදුස්සාටම පමණි. (අ)
සයිටම් එක වහලා ඒ වෙනුවට මස් කඩ, මාළු කඩ, තැබෑරුම් අැරිය නම් ඉවරයිනේ. අනික ලංකාවට ගැලපෙන්නෙත් ඒවානේ. එංගලන්තේ කේම්බ්‍රිජ් එකෙන් ඇවිත් විශ්ව විද්‍යාලයක් පටන් ගත්තත් ඉතින් ඒවා අපේ සම හරක්ට අධ්‍යාපන කඩනේ. (අ)
උපාලිගේ අදහසට මමත් එකඟයි.(හේ)
සයිටම් එකේ අඩුපාඩු ඇත්නම් ඒවා සම්පුර්ණ කර ගැනීමට අවශ්‍ය උපදෙස් දෙන්න. සියලු අඩුපාඩු සම්පුර්ණ කර මෙම ආයතනය ඉහලම තත්වයට ගෙන ආවොත් දොස්තරලා එය පිළිගන්නවද ? නැහැ. මෙතන ඇත්තේ කුහක කම මිස වෙන දෙයක් නොවේ.(හේ)
තමන් ගෙම වියදමින් ඉගෙන ගෙන අපිව මරන උන් හොඳයි අපේම වියදමින් ඉගෙන ගෙන අපිව මරන උන්ට වඩා (ම)
සියලු අඩුපාඩු සම්පුර්ණ කරන්න නම් ඉස්සෙල්ලාම මෙකෙ සිසුන් උ/පෙළ ඉහළින් සමත් විය යුතුයි. (ම)
ඒකනායක, මෙකෙ සිසුන්ට උ/පෙළ අඩු ලකුනු නිසා වෛද්‍ය උපාධියක් දෙන්න එපා කියන එක කුහකකම නෙමෙයි. (අ)
උ/පෙළ ඉහළින් සමත් වෙන්න බැරුව මොන වෛද්‍ය උපාධිද අනේ? (අ)
සයිටම් වලින් වෛද්‍ය උපාධි දෙන්න ගත්තොත් වෛද්‍ය සේවයත් මස් කඩ, මාළු කඩ, තැබෑරුම් ගානට වැටෙනවා භද්‍රානි (අ)
සයිටම් අඩුපාඩු සම්පුර්ණ කර ගැනීමට දෙන උපදෙස් තමයි උසස් පෙළ ඉහළින් සමත් සිසුන් ඇතුළත් කර ගතයුතුවිම.(හේ)
එච්චර දෙයක් කරන්න බෑ.(හේ)
මට අද ලංකාවේ ප්‍රසිද්ධම වෛද්‍යවරයෙක් නුවරදී හමුහුණා. සයිටම් ගැන කතාකරද්දී එතුමා කිව්වේ මේ අය කරන්නේ ලොකු මෝඩකමක් කියලයි. වෛද්‍ය ගුණාත්මකබවක් ගැන කිව්වට බොහෝ දේවල් වලට මිනිස්සු ඉන්දියාවටයි සිංගප්පූරුවටයි යන්නේ. මේක මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ දෙයක් නම් ඉන්ජිනේරු, රියදුරු පුහුණුව, ආහාර පිසීම පවා අවදානම්සහගත පාඨමාලා නොවේද? (නි)
ලෝකේ හැම රටකම වගේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියන්නේ ලෝකේ අනිත් රටවලට සාමාන්‍ය දෙයක්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අනිවාර්යෙන්ම ඇතිකළ යුතුයි. ලංකාව තියෙන්නේ මේ ලෝකේ නොවෙයිද? දොස්තරලට ඕනෑ විදිහට රටක අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය වෙන ලෝකේ තියන එකම රට (නි)
සරත් කුමාර, ඔබ හරි. මෙහෙම ගියොත් මේ ළමයින්ට විතරක් නෙමෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපාධි කරන හැමෝටම වෙන්නේ දොස්තරලා කියන ටික විතරක් ඉගෙනගෙන එයාලට යටත්වෙලා වහල්ලු වගේ ඉන්න. උසස් අධ්‍යාපනය දොස්තරලගේ වහල් සේවයක් කරන්න එපා. එහෙම නැත්නම් උසස් අධ්‍යාපන අමාත්යංශය වහලා දාලා දොස්තරලට ඒ වැඩ ටික බාර දෙන්න. (නි)
පුද්ගලික බෙහෙත් ශාලාවට හරි ගිහින් මරබයක් නැතුව බෙහෙත් ටිකක් ගන්න පුළුවන්කම තියෙයි නේද දැන්. සුදුසුකම් නැති කෝටිපතියන්ගේ පුයර බබාලට ඔටුනු පළඳවන්න ඕවා හදලා තියෙන්නේ. පොදු ජනතාවට ආදරේට නොවෙයි. (නි)
මතුපිටින් බලනවට වඩා ගැඹුරින් සිතා බලන්න. (ර)
ඔය මේකට පක්ෂව කතා කරන මහත්වරු ඔක්කොම තමන්ට ලෙඩක් හැදුනම හොයන්නේ හොද දොස්තර නෙවෙයි හොදම දොස්තර. ඉතින් දැනුමෙන් සම්පුර්ණ නැති අත්දැකීම් අඩු දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න උනාම ගනියිද ? ඔව් අපි කුහකයි... ඒ සල්ලි වලට දොස්තර වෙලා අපිට අපේ දරුවන්ට බෙහෙත් දෙන්න එන එකට. (ර)