සයිප්‍රසයේදී ඝාතනයට ලක් වු තලාවේ අජන්තා හෙරත්ගෙ (41) දේහය තව දින කිහිපයකින් ශ්‍රි ලංකාවට පිටත්කර යැවීමට සුදානම් බව රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කියයි.
ඇය සේවය කල සයිප්‍රස් නිවසේ හිමිකරු විසින් ඇයට වෙඩි තබා ඔහුද සියදිවි නසාගෙන ඇතැයි වර්තාවේ.
අජන්තා හෙරත් තිදරු මවකි. වසර එකහාමාරකට පෙර සයිප්‍රස් ගොස් ඇති අජන්තා මෙයට මාස හයකට පෙර ලංකාවට කතාකරමින් තමා සෙවය කරන නිවසින් තමන්ට බොහො කරදර ඈති බව පෑවසු බවත් එහෙත් මියයනවිට ඇය සෙවය කර ඈත්තේ එම නිවසේ නොවන බවත් ඈගේ ඥාතියෙකු එසෑණට පෑවසීය. තානාපති කාර්යාල නිලධාරියෙක් කියා සිටියේ වාර්ථා වන අන්දමට ඈයට වෙඩි තැබු හාම්පුතා මන්ද මානසික රෝගයකින් පෙලෙන්නෙකු බවයි. සයිප්‍රස් පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි (නි)
අපේ රටට විශාල විදේශ විනිමයක් ගේන්නේ මේ පිටරට ගිහින් දුක් විදින මිනිස්සු එවන සල්ලි. රටේ තියන ණය බර ටිකක් හරි පියවන්නේ මේ මුදල් වලින්. මෙවැනි දේවල් සිදුවීම වලක්වන්න බලාධාරීන් නීති සම්පාදනය නොකරන්නේ විදේශ විනිමය රටට අඩු වන නිසා. රට රැකියා යන අහිංසක ගම්බද මිනිසුන්ගේ ජීවිතේ අනතුරේ.(අ)
කාන්තාවෝ රට නොයවා කොහොමද රජයේ බදු පියවන්නේ.? මැති ඇමතිලා අකමැතියි කාන්තාවෝ විදෙස් යවන එක නවත්වන්න. ස්වාමියෝත් කැමතියි ලොකු මුදල් කුට්ටියක් මාසේ අවසානේ අතේ තියනවනම්. ඉතින් අපියි නරක මිනිස්සු වෙන්නේ ඕවට කතාකරලා. රජයේ ලොකු ලොකු අය වරායවල් හැදුවා රටෙන් බාගයක් මහා මුදට සමතලා කරලා. ගුවන්තොටුපලක් හැදුවා කෝටි ගානක් වියදම් කලා. ඒ මුදල් වලින් විශාල කම්හල් ටිකක් ඉදිකලානම්, අපේ පොල්, රබර් , වී , තේ ආශ්‍රීතව ජනතාවට රැකියා ලබා දෙන්න පුලුවන්. ඇයි ඒකට එයාලා අකමැති බදු මුදල් පියව ගන්න විදේශ විනිමය ලැබෙන්නේ නැති නිසාද? අපේ රටේ තිබුන පාරවල් ටික හොදට පේමන්ට් දමලා හැදුවනම් ජීවිත ටික රැකෙනවා. රටේ මාර්ග පද්දතිය අංග සම්පුර්ර්ණ වෙනවා. ඒත් අදිවේගයක් හැදුවා කෝටි ගානක් පිට රට්ටුන්ට දීලා. මැති අමතිලට සුවපහසුව තකා පොඩි අයට ඒවගෙන් වැඩක් තියනවද? අපිට දකින්නවත් වාසනාවක් නැහැ. ඉතින් අපි කාට කියන්නද ? මහා මුදයි ජල රැලයි, අහසයි ,එකතුවෙලා අපේ රට කනවා.(නදී)
කාන්තාවන් රට යවන්න එපා (නි)
අර්ෂට නම් අරාබිය හොදයි වගේ. (නි)
නිකන් බොරුවට ලංකාවේ පිරිමි අයට බනින්න එපා.කාන්තාවන් මෙහෙ එන්නේ පිරිමි අය කම්මැලි නිසාමද? නැත්නම් එයාලට මෙහෙ පැමිණීමේ අවශ්‍යතාවයක් තිබෙන නිසාද? (නි)
කාන්තාවන් පිටරට යවන්න එපා(නි)
අතපය හරියට පිහිටලා තියෙද්දී පිරිමියෙක් වගේ තමන්ගේ දරු පවුල රැකගන්න බැරි පිරිමින්ගෙන් ඵලක් තිබේද? ගෑනුන්ගෙන් හම්බ කරගෙන කන කෙනා පිරිමිකමටත් නිගාවක්. (නි)
බලනකොට සයිප්‍රසයට වඩා අරාබිය දැන් හොදයි වගේ. (නි)
අජන්තා හේරත් මාතාව දරුවන්ගේ තිදෙනෙකුගේ අනාගත සිහිනය සැබෑ කරන්න සයිප්‍රස්ස් ගිහින් තින්නේ අනුරාධපුර,තලාව කියන්නේ වියලි කලාපයේ දුෂ්කර ගම්මානයකින්.නිවසේ හිමිකරුගේ මානසික රෝගීකම නිදහසට කාරණාවක් නොවන බැවින් ,අසරණ පවුල වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ,කාක්කන්ගෙන් නිදහස් කර ,තානාපති කාර්යාලයම මැදිහත් වීමෙන් කරන්නේ නම් ලොකුම සේවයක් !! වගේම පිනක්... (අ)
කණගාටුදායක මරණයක් (නි)
නැති බැරි කමට, දරුවන්ට උගන්වන්ට මුදල් අවශ්‍ය නිසා මිනිස්සු රට යනවා. එහෙම නැතිව විරුද්ධ අදහස් දමන මිනිස්සු මෙයාලට උදව් කරන්ට ඉදිරියට එන කාලය තමයි දැන් තියෙන්නේ. ලංකාදීප කතු මඩල මේ ළමයට උදව්වක් කරන පිළිවෙලක් යෙදුවොත් කරුණාබර පින්වතුන් ඉදිරිපත් වෙයි උදව් කරන්ට. අර කකුලක් අහිමි උන දුවටයි, මවටයි කකුල් ලබා දීල දැන් ඔවුන්ව ඇවිදින්න පුරුදු කරනවා රාගම පුනරුත්පානයේ. ඒ වගේ මේ දරුවන් වෙනුවෙනුත් ඉදිරිපත් වෙන්ට. මමත් සුපුරුදු ලෙස දායක වෙමි. ඔබ සැමට තෙරුවන් සරණයි.(නදී)
ලංකාවේ බොහෝ පිරිමි තමන්ගේ අඹුව (බිරිඳ ) විදේශ රටවලට යවා ඔහු එම ගැහැණිය එවන මුදල් වලින් නොයෙකුත් සැප සම්පත් ලබති. ගැහැණිය පමණයි දන්නේ ඇය දරන දුක සහ වේදනාව.(නදී)
රට සල්ලි සොයන්න ගොස් නැති කර ගත් තවත් ජිවිතයක් . ඔබට සර්වබලධාරී දෙවියන්ගේ පිහිට ලැබේවායි පතමි.(නදී)
ගැහැනු රට යවලා ගැහැනුන්ගෙන් ජීවත්වෙන මිනිස්සු ඉන්නේ අපේ රටේ විතරයි මම හිතන්නේ (නි)
අපේ ලංකාවේ අය සයිප්‍රස් කියනකොට හිතන්නේ දිවිය ලෝකේ කියලා.ඇවිත්ම බලන්න ඕනෑ අපේ අය මෙහෙ විදින දුක,අපි නොදැන ඇවිත් දුක් විදින නිසා මෙහෙට නම් එන්න එපා කිව්වම හිතන්නේ ඉරිසියාවට කියනවා කියලා.අනේ ඉරිසියාවට නෙවේ.අපේ තව කෙනෙක් දුක් විදිනවට තියන දුක නිසා කියන්නේ එන්න එපා.කලින්ම ආව අය හොද තැන් වල වැඩ කරනවා.දැන්නම් මෙහෙ හොදයි කියන්න ගෙයක් නැහැ. මෙහෙට නම් එන්න එපා. (නි)
කොච්චර මලත් අපේ ගෑනු රට යනවා ගිහින් මැරිලා ලංකාවට යනවා. ඒ වගේම රට ගිහින් අපා දුක් විදිනවා. මේ පිරිමින්ටයි කියන්නේ මි කවමදාවත් තමුන්ගේ ගෑණිව රට යවන්න එපා. ලංකාවේ ගෙයක වැඩට යවන්න. කොච්චර කළත් හැමදේම තව සුමානෙකින් අමතක වෙනවා. බෙල්ල කැපුවත් රට යනවා ඒකයි හොදේ.(නදී)
පරීක්ෂණයක් තියන්න ලංකාවේදීත් (දී)