සෞදි අරාබිය විසින් විදේශ රටවලට යවන ලද ඇමරිකා ඩොලර් කෝටි 2760ට (රුපියල් කෝටි 364320) සාපේක්ෂව ශ්‍රී ලංකාව හය වැනි ස්ථානය ලබාගෙන ඇති බවත් එම මුදල ඩොලර් කෝටි 200කට (රුපියල් කෝටි 26400) සමාන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2012 ලෝක බැංකුවේ වාර්ගික ඇස්තමේන්තු අනුව වැඩිම මුදලක් විදේශ රටවලට යැවීමේ දෙවැනි ස්ථානය වශයෙන් සෞදි ආරාබිය ශ්‍රේණිගත කර ඇතැයි සෞදි පුවත්පත් සඳහන් කරයි.
ලෝක බැංකුවේ ඇස්තමේන්තුවලට අනුව 2012 සෞදි අරාබියේ විදේශ රටවලට යවා ඇති මුදල ඇමෙරිකා ඩොලර් කෝටි 2760ක් ලෙස දක්වා ඇත.
කලාපීය වශයෙන් ගල්ෆ් කලාපයේ දෙවැනි ස්ථානය වශයෙන් ඩොලර් ඩොලර් කෝටි 2030ක් (රුපියල් කෝටි 267960) විදේශ රටවලට යවමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙවැනි ස්ථානය ලෙසද, ඩොලර් කෝටි 850ක් විදේශ ගත කරමින් කුවේට් දේශය තුන් වැනි ස්ථානය ලෙස ශ්‍රේණි ගත කර ඇත.
සෞදි අරාබිය විසින් විදේශ රටවලට යවන ලද ඇමරිකා ඩොලර් කෝටි 2760ට සාපේක්ෂව වැඩිම මුදලක් ලබා ගැනීමේ ප්‍රතිලාභියා ලෙස ඩොලර් බිලියන 8.4ක් ලබා ගනිමින් 2012 වසරේ පළමු වැනි ස්ථානය ලෙස ශ්‍රේණි ගත කර ඇත්තේ ඉන්දියාව වන අතර සෞදි අරාබියෙන් වැඩිම මුදලක් ලබා ගත් දෙවැනි ප්‍රතිලාභියා ලෙස ඩොලර් කෝටි 570ක් ලබා ගෙන ඇත්තේ ඊජිප්තුවයි.
තුන් වැනි ස්ථානය ලෙස පාකිස්තානය ලබා ගෙන ඇති මුදල ඩොලර් කෝටි 300කි. හය වැනි ස්ථානය ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අතර මුදලින් ඩොලර් කෝටි 200කට දමසානය.
තුන් වැනි ස්ථානය ලෙස පාකිස්තානය ලබා ගෙන ඇති මුදල ඩොලර් කෝටි 300කි.
ශ්‍රී ලංකාවෙන් සියයට 21ක් පමණ රට රැකියාවලට යන බවත්, එයින් ද සියයට 46ක් කාන්තාවන් බවත් රජයේ සංඛ්‍යාලේඛන කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ මුදලක් එවලත් ඔවුන් වෙනුවෙන් රජය කරනා දෙයක් නැත (නි)
විජේසිංහ! සෞදිය කිවූ ගමන් හලාල් එපා කිවු එක මතක් වෙනවා නම්, ඔයාට රෝගයක්. සෞදියේ හලාල් කොහොමත් තිබෙනවා. (නි)
ජීවක, ඔයා නොදන්න දේ කතා නොකර ඉන්න. (නි)
ශ්‍රී ලංකාව යනු කාන්තාවන් මත පවතින ආර්ථිකයක් ඇති රටක් බව පැහැදිලි වන තවක් එක සාක්ෂියක්. (නි)
ඔයා හීනයක් දැකලා වසන්ති... (නි)
කෝ බොදු බල සේනාව? (නි)
අපරාදේ කියන්න බැහැ, ලංකාවේ නම් රට ගිය කාන්තාවන් හට "රට විරුවෝ" කියන උපරිම ගෞරව නාමයයෙන් කිරුළු පළඳවා තිබෙනවා. ඉතින් ඒකම ඇතිනේ අපට!!! (නි)
ජීවක, ඔයා නොදන්න දේ කතා නොකර ඉන්න. එහෙම ක්‍රමයක් තිබුනා. ඒක නවත්වලා ගොඩක් කල්. ඒ ක්‍රමයෙදි අහලා තිබුන ප්‍රශ්න වලට උත්තර දෙන්න, මුලු නිවඩු කාලයම මදි. උත්සාහ කරපු නිසා මම දන්නවා (නි)
අඩුම තරමින් ජීවිත කාලයටම එක වාහනයක් හරි ඩියුටි ෆ්‍රී දානවා නම් ලොකු දෙයක් (නි)
ජීවක, නොදන්නා දේවල් කියන්න එපා (නි).
මේ ප්‍රවෘත්තිය මට එතරම් සතුටුදායක නොවුණත් ප්‍රතිචාර ටික දැක්කහම ටිකක් සතුටුයි. (නි)
ජනගහනයට සාපේක්ෂව බලනකොට වැඩිම මුදලක් උපයලා තිබෙන්නේ අපිද කොහෙද. (නි)
වහාම විදේශ සේවාවට ගෙවන මුදල අහෝසි කරමු. (නි)
ඒත් කී දෙනෙක් මරලා සදාකාලික අබ්බගාත කරලා තිබෙනවාද? (නි)
ශාන්, කොරියාවෙන් මසකට එන්නේ ලංකා රුපියල් කෝටි 300ක් වුණත් මෙතන, සෞදියෙන් එවන ගාන ලංකා රුපියල් කෝටි 26000ක් පමණ වෙනවා. (මම වැරදි නම් නිවැරදි කරන්න) ඒ අතින් බලනකොට සැළකිය යුතු ප්‍රමාණයක්. කෙසේ හෝ කොයි රටේ මොනයම්ම හෝ රැකියාවක නියුතු වෙමින් අනුන්ට බරක් නොවී රටටත් බරක් නොවී ජීවත් වෙන සියලු දෙනාම වීරයින්. (නි)
මේ විදේශ විනිමය ලබාගැනීමේදී කතුන් අපාදුක් විදින අතරම , පතිවතත් අළෙවි වන බව රජය මෙන්ම ලංකාවේ පිරිමිනුත් මතක තබාගත යුතුයි. (නි)
විදේශ සේවා ප්‍රවර්දන ඇමති දිලාන් පෙරේරා මැති තුමනි රුපියල් 3600ක් ලබා ගෙන අපට ලබා දෙන රක්ෂණය නොමිලේ දීමට කටයුතු කරන්න,.මේ මුදල ගෙවීමට අපට පෙය දෙකක් පමණ විදේශ සේවා කාර්යන්ස කාර්යාල වල ඉන්න වෙනවා.ලබන මාසයේ අය වැයෙන් නොමිලේ මෙම රක්ෂණය ලබා දීමට කටයුතු කරන්න. හෙම අය වෙයන්ම කියන විශ්‍රාම වැටුප් කතාව කියවන්න එපා.(නදී)
අපි කොච්චර සල්ලි ලංකාවට එවුවත් අපි වෙනුවෙන් මොනවද ආණ්ඩුව කරලා තියෙන්නේ? (නි)
අපේ රටේ දුප්පත් අහිංසක අම්මලා අක්කලා රට ගිගින් හොයලා දෙන සල්ලි වලට හරියන්න 1 % ක තරම්වත් ඒ අය ගැන හොයආ බලනවද කියලා හිතන්න. අපේ රටේ ඉහළ නිලධාරීන්, ඒ වගේම අපි හැමෝම මේ දිරිය කාන්තාවන් ගැන පිරිමි විදිහට ගෞරව කරන්න, සළකන්න ඕනෑ. ඒ අය අපා දුක් විඳින්නේ තමන්ගේ දරුවන් පවුල රැකගන්න. (නි)
බදු නැතුව වාහන ගෙන්වන්න අවස්තාවක් නැහැ. සුදුසුකම් වල මුලින්ම කියන්නේ දකුණෙන් පදවන වාහනයක් වෙන්න ඕන කියලා. මැද පෙරදිග එලවන්නේ වමෙන්. කවදාවත් අපි පාවිච්චි කරපු එකක් ගේන්න බැහැ.. එහෙම නෙමෙයි අපිට වාහනයක් ආනයනය කරන්න බල පත්තරයක් දෙන්න ඕනා. වැඩකට නැති දෙයක් දීල වැඩක් නැහැ (නදී)
මරත් සෞදිය අපේ ගැහැනුන්.... පුරත් සවුදිය අපේ පිරිමින්... (නි)
අපි දුක් මහන්සි වෙලා එවන සල්ලි වලින් සුරසැප විදින අයට හිතෙන්නෙ නැද්ද අපිට ඩියුටි ෆ්‍රී දීමනාවවත් වැඩිකරලා දෙන්න. ඒ වගේම අවුරුදු 5 කට බැරිනම් 6 කට 7කට හරි වාහනයක් ඩියුටි ෆ්‍රී අරගෙන එන්න ඉඩදෙන්න. (නි)
මේ සල්ලි උපයන වැඩි දෙනා ලාංකීය කාන්තාවන් උනාට හැමතැනදීම අඩු සැලකිලි ලැබෙන්නෙත් කොන් වෙන්නෙත් අමුතු සතෙක් විදිහට බලන්නෙත් මේ උදවිය දිහාමයි. මෙච්චර සල්ලි ලංකාවට ගෙනත් දුන්නට මැරුන, අතරමං වුන, සහ අනෙකුත් පීඩාවන්ට පත්වෙන අය ගැන කිසිකෙනෙක් සලකා බලන බවක් පේන්න නෑ. අයවැය හිඟය පියවන්න ඔවුන්ගේ දායකත්වය ගැන කිසිම සැලකිල්ලක් නෑ. (ස)
ඇයි කවුරුත් අදහස් දාන්නෙ නැත්තේ. (ස)
හරි.. කෝ එතකොට ඒ සියුමැලි දෑත් වලට ලැබුණු ප්‍රතිලාබ?? කවුද ඒවා ලබන්නේ? ලංකාවේ ආර්ථිකයද? නැත්නම් දේශපාලුවොද? ඇත්තෙන්ම ඒ සියුමැලි දෑත් වලට ලැබෙන්නේ හොද කරගන්න බැරි ලෙඩ ටිකක් විතරයි (නි)
නිම්, මේ සල්ලි උපයලා තියන්නේ වැඩ කරලා. නැතුව නිකම් නෙමෙයි. (නි)
එහෙනම් ලංකාවත් ඉදිරියට එනවා. අපිට ගොඩක් සතුටුයි. (ස)
කුමාර හරියටම හරි. උකුස්සෝ වගේ රකිනවා එයාර්පෝට් එකේ රක්ෂණය ගෙවලද බලන්න. මුළු මැද පෙරදිගම මේ ප්‍රතිශතය තමයි. (ස)
දකුණු කොරියාවේ දැනට 30.000ක් පමණ ශ්‍රි ලංකිකයන් සේවය කරන අතර මසකට අවම ලක්ෂයක් පමණ ලංකාවට යවන ලැබේ.... ලක්ෂය තිස්දහෙන් වැඩි කලොත් අවම මසකට කෝටි 300ක් යනවා. (ස)
කෝ අර හලාල් එපා කියන උදවිය? කන්න ඕනෑ වුණාම කබරයත් තලගොයා වෙනවා කියලා කිව්වේ කට කහනවට නෙමෙයි (නි)
අපේ රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් වුවත් ඔවුන්ට විදේශිය තානාපති කාර්යාල වලින් ලැබෙන්නේ කුඩම්මාගේ සැළකිළි (නි)
ඔය කොච්චර ඉපයූවත් අපේ ඇමති මණ්ඩලය නඩත්තු කරන්න ඔය මදි (නි)
අනේ එක නම් සහතික ඇත්ත (දිල්)
මංගල පින්වත,අවුරුදු 5කට සැරයක් 6% ක් ඩියුටි ගෙවලා වාහනයක් ගෙන්වාගන්න අවසර තිබෙනවා. කරුණාකරලා අපනයන ආනයන දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට යන්න! (නි)
ඒ රටේ ලංකවේ අහිංසක මිනිසුන්ගේ ජිවිත වලට වන අපරාධ ගණන් කළොත් ඔය උපයපු මුදලේ වටිනාකම නැතිවෙනවා (නි)
මොන රට වල වැඩ කළත් අපේ දෑත් සියුමැලි වෙන්න විදිහක් නැහැ.හැබැයි ඒවා අන්තිමට නතර වෙන්නේ අපි වෙනුවෙන් කිසිම දෙයක් නොකර පුටු රත් කරන අයගේ සියුමැලි දෑත් වල කියො කිව්වොත් නිවැරදියි. (නි)
සියුමැලි දෑත් අයිති කාන්තාවන්ට සල්ලි එවනවට ලැබෙන සැළකිල්ල නම් මදි. (නි)
සංජීව, ඒක නම් ඇත්ත. ඒත් අපි කොච්චර හම්බ කළත් ලංකාවේ ජිවත් වෙන මැති ඇමතිවරු ඇතිනේ ඉවර කරන්න. (නි)
අපේ දුප්පත් ගැහැනු හැම තැනටම ඇණ ගහගෙන, අනේක දුක් විදලා මේ සල්ලි එවනවා. (නි)
පිටරට වැඩ කරන අයට (අවුරුදු 10) ට වරක්වත් ඩියුටි ෆ්‍රී වාහනයක් ගෙන්වගන්න ඉඩදීම යුතුකමක්. එය මේ අයවැයෙන් ලැබෙයි. (නි)
ඔය පිටරට රස්සා කරන අය ලංකාවට සල්ලි එවන එක අවුරුද්දක් නතර කළොත් සියල්ල හමාරයි (නි)