ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (23) හත් වැනි වසරටත් පොසොන් බත් දන්සලක් සංවිධානය කැර තිබිණි.
පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චිරාගත පොල්තෙල් පහන දල්වා දන්සල විවෘත කළේය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (23) හත් වැනි වසරටත් පොසොන් බත් දන්සලක් සංවිධානය කැර තිබිණි.
පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චිරාගත පොල්තෙල් පහන දල්වා දන්සල විවෘත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් දුප්පත් අයට දන්සලක් දුන්නා නම් ඒක පිනක් නේද මීටවැඩිය? (නි)
අපි රනිල් මහතාට කඩේ යන්නෙත් නැහැ රාජපක්ෂ මහතාට කඩේ යන්නෙත් නැහැ . හොඳට හොඳ කියනවා. වරදට වරද කියනවා . මේ කරපු දෙය ඉතා අගනා දෙයක් . හැම කෙනා ගාවම හොඳ නරක තිබෙනවා. අප එය දකින්නේ මධ්‍යස්තව බැලුවොත් පමණි.(නදී)
රනිල් මහත්තය හොඳ මනුස්ස කම තිබෙන කෙනෙක් . එහෙත් පාලකයෙක් වශයෙන් අපේ රටට වැඩක් නැහැ. එයා අපේ රටට වඩා ලැදි බටහිර රටවලට. ඔවුන්ට ඕන විදියට රට ගෙනියන්නේ. එයා අගමැති කාලේ උන දේවල් අපිට දැන් අමතක වෙලා. මතකනේ උඩුගම්පොල සිද්දිය එහෙම. මේවා පත්තරවල ඵලවෙනවද දන්නේ නැහැ.(නදී)
ලෝකය පිළිගත් එකම නායකයා රනිල් මහත්තයා විතරයි (නි)
ලයිට් බිල ගෙවාගන්න බැරුව කොටසක් දැන් ඉන්නවා. ඒ අයට දන්සලෙන් තමයි කන්න වෙන්නේ (නි)
රනිල් මහත්තය අවංක නායකයෙක්. ඒ බව හැමෝටම තේරිලා තියෙන්නේ දැන් (නි)
මේ රට අගාදයකට ගමන් කරනවා. හැමදේකින්ම පිරිහිලා. ඔබතුමාට විසදුමක් දිය හැකියි මේ රට නිවැරදි මාර්ගයට ගෙනඒමට (නි)
එතුමාගේ වැඩ කොහොමත් ප්‍රමිතියෙන් ඉහලයි. අවංකම නායකයා රනිල් මහත්තයා (නි)
අපොයි ...දැන් සැලේදී වත් හරියට කන්න දුන්නද දන්නෙ නැ ..මොකද ඉතින් බදාගෙන මිසක් බෙදාගෙන කන පුරුද්දක් මේ මාමලාට නෑනේ ඉතින්. (ස)
අපේ රටේ පුන්නක්කු කන කොටසකුත් ඉන්න බව ප්‍රතිචාර වලින් පෙනෙනවා (නි)
ලසන්ත සහ සිල්වා හරියට හරි. (නි)
දානය දීම විහිලුවට ගන්න එපා (නි)
මම මේ පරණ විහිළුවක් කියන්නේ, ඉස්සර අපි අහල තියෙනවා යු එන් පී, කාරයන්න්ට කියන්නේ "බත් ගොට්ටෝ" කියලයි කියල. (අ)
කැත්ත වැඩ දුප්පත් මනුස්සයෝ පව් (අ)
ඔක්කොටම එක හැන්දෙන් බෙදනවා නම් අපිත් එනවා. (නි)
දන්සල නරක නැහැ . මන් හිතන්නේ හොඳ ප්‍රමිතියකින් කන්න දෙන්න ඇති (අ)
එතුමාට කොහොමත් වැඩක් කරන්න පුලුවන්. කියන දේ කරනවා කරන දේ කියනවා. රටටට වුවමනා කෙලින් නායකයෙක්. හොද වැඩක් කරන්නේ. ජය වේවා !!! (නි)
මම මේ කල්පනා කළේ රනිල් මහත්තයා දිගටම බලේ හිටියා නම් අද රට කොතනද, අපි කොතනද කියලා. (නි)
මම ඔබතුමාට දොස් කියනවා කරන වැඩ වලට. ඒත් දැන් තත්වෙට ලබන පාර ඡන්දෙ ඔබතුමාටයි. තරුණයන්ටත් තැනක් දෙන්න. (නි)
හොද වැඩක් අගය කරනවා රනිල් මහත්තයා අවංක නායකයෙක් ජනතාවට සේවය කල හැකි. එතුමාගේ දක්ෂතා ජනතාව තවමත් තේරුම් අරගෙන නොමැත එක අපේ අවාසනාවයි(අ)
මේ වගේ වැඩක් කරනඑක හොදියි රටේ බඩු මිල වැඩි හින්ද හැමදාම මේදේ කරන්න බැරිද? ඔබතුමා දන්සල කරගෙන යන්න රජයෙන් විදුලි බිලගෙවනන් අපි හැමදාම චන්දෙ දෙනවා පවතින ආර්ථිකයට හොදම විසදුම කොහොමත් මේ රටේ අර්ටිකය ගොඩගන්න පලුවන් රනිල් මහත්තයට විතරයි (අ)
ඔබ තුමාගේ දන්සලෙන් කන්න අපිත් දැන් කැමතියි. ඒත් ඔබතුමා අපිට එකම හැන්දෙන් බෙදනවා නම් විතරයි. (නි)
ඔබතුමා එකම හැන්දෙන් හැමෝටම බෙදනවා නේද? (නි)
අනුන්ගේ වැරදි හොයා හොයා ඉන්න නිසා තමයි සිංහල ජාතිය විනාශ වෙලා යන්නේ ලලිත්. (නි)
සිරිකොතයි අරලියගහ මන්දිරෙයි එකතුවෙලා මේ දන්සැල කළා නම් කොච්චර හොදද? (නි)
මම මුලින් හිතුවේ පන්සලක තියෙන කොතක් කියලයි (නි)
අරලියගහ මන්දිරයේ දන්සැල නම් අපිත් කාලා තියෙනවා (නි)
පුලුවනිනම් අරලියගහ මන්දිරේ වගේ දන්සැලක් දමලා බලන්න. හැබැයි ඔය යන විදියට කට්ටිය අයින් කරගන ගියොත් දන්සැලටත් ඔබතුමා විතරක් ඉඳීවිද දන්නේ නැහැ (නි)