සෝමරත්න බාලසුරිය අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරුය නිෂ්පාදනය කළ ‘සිරි පැරකුම්‘ සිංහල චිත්‍රපටය ඉතාලියේදී නොමිලේ ප්‍රදර්ශනය කිරිමට නියමිතය.
හැටන් නැෂනල් බැංකුවේ අනුග්‍රහයෙන් සුචින්ත ප්‍රනාන්දු මහතාගේ ඉතාලි සම්බන්ධීකරණයෙන් 23 , 24 රෝමයේදී 26 මිලානෝහිදී හා 27 මෝදනා හා වෙරෝනා නගරයන්හිදී ‘සිරි පැරකුම්‘ ප්‍රදර්ශනය කැරෙතියි සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතාලියේ නොමිලයේ පෙන්නනවාද? (නි)
මේක නොමිලේ ප්‍රදර්ශනය කරන්න තිබුනෙ ලංකාවෙ දුප්පත් දරුවන්ට නේද? (නි)
ලංකාවේ යම් සම්මුතියක් බිඳ දමමින් මෙම චිත්‍රපටය යම් දේශපාලන බලපෑමකුත් සමග වැඩි සිනමාහල් ගණනක ප්‍රදර්ශනය කරන්න යාමේදී බොහෝ සිනමා වෘත්තිකයන් මෙයට විරුද්ධ වුණා. (නි)
ඉහත බැංකුවට සහ අනෙක් ලංකාවේ බැංකු වලට අපි අවුරුදු විස්සකට පෙර කිව්වා ඔවුන්ගේ ශාඛාවන් මිලානෝ වල ස්ථාපනය කරන්න කියලා. නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. දැන් ඔවුන් මෙය කරන්න හදනවා. නමුත් මිලානෝ වල ගොඩක් දෙනා දැන් මුදල් ආයෝජනය කරන්න පුරුදු වෙලා ඉන්නේ විනාඩි තිහක පමණ දුරින් ඇති ස්විට්සර්ලන්තයේ ස්විස් බැංකු වලයි. (නි)
නිකන් කිව්වොත් ඉතාලියෙ ඉන්න සිංහලයො.... බදාගෙනම තමයි කන්න හදන්නෙ... ෆිල්ම් එකටත් දෙයියන්ගෙම පිහිටයි. (ස)
සෝමරත්න මහතාගේ චිත්‍රපටි හරිම ඒකාකාරියි. පතිරාජ, එච්.ඩී, නිහාල්සිංහ වැනි අය සංකීර්ණ නැති ලස්සන චිත්‍රපට හැදුවා.(නදී)
සෝමරත්න මහතා 'සිනමා මාෆියාවක්' සාදාගෙන ඇති නිසා ක්ෂේත්‍රයේ අයත් රසිකයොත් ඔහුගෙන් ඈත් වෙන පාටක් තිබෙනවා.(නදී)
ගමේ කොල්ලෙක්...!!ඔයා තමයි හරිම දේ කියල තියෙන්නේ ..!!(නදී)