බුද්ධගයා ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය සැළැකිල්ලට ගනිමින් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය සැරැසේ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගැනිණි.
ශ්‍රී මහා බෝධියට එන සියලු වාහන නව රථ ගාලේ නතර කළ යුතුය. ප්‍රභූ රථ ගාලට විශේෂ අවසර ලත් වාහන පමණක් ඇතුළු කෙරේ.
1985 දී කොටි ශ්‍රී මහා බෝධිය අසල මහා මිනිස් ඝාතනයක් කළහ.එදා සිට ක්‍රියාත්මක වු ආරක්ෂක වැඩපිළිවෙළ 2012 මැයි මාසය දක්වා පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පැරණිම වෘක්ෂය ලෙස ලොව ලිඛිත ඉතිහාසයක් ඇත්තේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධ ධර්මයේ පන්ති භේදයක් නැත. ඇති කරන්නත් එපා (දී)
සමහර කාන්තා ප්‍රභුලත් ඉන්නවා කියලා ආරංචියි. ප්‍රභූ රථ ගාලටත් එහාට යන්න පුළුවන් (නි)
දළදා මාලිගාවටත් අනෙකුත් සියලුම ස්ථානත් ආරක්ෂා කරන්න ඕනෑ. විශේෂයෙන් ශ්‍රී පාදය ආදී අනෙකුත් වැදගත් තැනුත් (නි)
තේරුම් ගන්න ,ප්‍රභූ වරුන්ට විශේෂ ආරක්ෂාවක් දෙන්නේ එහෙම නොදුන්නොත් සාමාන්‍ය ජනතාවගෙන් එයාලා ගුටිකන නිසා (නි)
ජය ශ්‍රී මා බෝධියටත් මිනිස්සුන්ගේ ආරක්ෂාව ඕනෑ වුනා... (නි)
මොනවා කළත් වැඩක් නැහැ. පොලිසිය නවත්වන්න කිවුවම පිම්මේ යන වාහන අමාරුවෙන් අල්ලා ගත්තාම කෝල් එකෙන් නිදහස් වෙනකොට මේ වගේ තැනකට වුනත් ඒ විදියට එන්න බැරිද? (නි)
හාමුදුරුවනේ දෙසැටක් මිත්‍යා දෘෂ්ටින් වෙනම වෙනම උගුලුවල මහා බ්‍රහමයාගේ පවා සාස්තෘත්වයට පත්වුන සියල්ල අතට ගත නෙල්ලි ගෙඩියක් සේ අවබෝධ කරගත් අප මහා බෝසතානන් වහන්සේට බුදුවෙන්න පිටදුන් ඔය බෝධින්වහන්සේ හින්දු ඇදහිලි ක්‍රම වලින් ආරක්ෂා බේරා දෙන්න.අපිට අපේ බෝසතාණන් වහන්සේ සාර සංඛය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් බුදුන්ගේ පරිනිරවාණයෙන් පසු අපට සාස්තෘ වූ ධර්මයට අනුව වන්දනා මාන කිරීමට යන අපට හින්දු ඇදහිලි ක්‍රම වලට අනුව කළු දේවතාවා හාල් පොල් කිරි පැණි භාර වෙන්න කියන තැනට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පත්කර බෞද්ධ අපේ අයිතිය දෙවියෙකුට බාරදී තව කුමක් ආරක්ෂා කර ගනිමුද? (අ)
අචිනි දරුවෝ, ඒගොල්ලත් දැන් ප්‍රබලයි තමයි.ඔය ප්‍රභූන්ව පත් කරන අපිට ඇවිදගෙන එන්න පුළුවන් නම් ප්‍රභූලා කියන අයට බැරි මොකද.ඔය සේරටම වැඩිය සිංහල අපිට ශ්‍රී මහා බෝදීන් වහන්සේ වටිනවා. නායක හාමුදුරුවනේ කියන්න අපිට. පඩි එපා, අපි පඩි නැතුව බෞද්ධ උරුමය රැකීමට එනවා.අපි ආවොත් ඔය ගෝනි බිල්ලන්ට එහෙම ජාතික සමගිය කියලා එන්න දෙන්නේ නැහැ. (දී)
එතකොට කේ පි ,කරුණා, ලත් ප්‍රබුලද ?(නදී)
ඇයි දළදා මාලිගාවට ,කැළණි විහාරයට ආරක්ෂාව සපයන්නේ නැද්ද? (දී)
ඒක නම් හොද වැඩක් හැබැයි ලංකාවෙන්ම් ඔය කල්ලිය නැහැ නේද, කොටිත් නැහැනේ දැන්.(නදී)
අටමස්ථානයම ආවරණය පරිදි වාහන ඇතුල් වීම වලකා ඉන් ඇතුලත වන්දනා මාන කරන සැදැහැවතුන්ට අටමස්ථානය කරා යාමට බස් සේවයක් ආරම්භ කලොත් මෙයට වඩා හොදයි. අනවශ්‍ය ලෙස වාහන ඇතුල් වීම නවතා පරිසරයද පිරිසිදුව තබා ගත හැකිවේවි. ඉන්දියාවේ වැනි ක්‍රියා හා කොටි කලදේ යලිත් වීම වලකා ගත හැකිය. මන්ද කිසිදු වාහනයක් එම කලාපයට ඇතුල් නොවීමෙන් හොද ආරක්ෂාවක් ලැබෙනු ඇත.(නදී)
ප්‍රභූ වරුන්ට යන්න දෙන්න එපා. එයාලා තමයි රට කන්නේ.(නදී)
අපොන්සු දන්නේ නෑ සමහර ප්‍රභුලට සුපිරි බෞදධාගමක් ලැස්ති කරලා තියෙනවා. ඔය ප්‍රභූ රථ ගාලෙනුත් එහාට එයාලට ඕන වෙලාවක යන්න පුළුවන්.(නදී)
බොදුබල සේනාවට ගිහින් ආරක්ෂාව දෙයිද?(නදී)
ප්‍රභූලා කියන්නෙ අර ප්‍රා සභා මන්තිරිලාවගේ ජරාවැඩ කරන අයනේ.(නදී)
1985 නොවේ. එය 1987 මැයි 14 විය යුතුය.(නදී)
බුරුමයට අදාල අන්තවාදීන් ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.(නදී)
මෙතන තියෙන එක අඩුවක් තමයි ප්‍රභූලාට වෙනම රථ ගාලකුත් තියෙන එකේ ප්‍රභූලාට සුපිරි බෞදධාගමක් ලැස්ති කරලා නැති එක.(නදී)
අපේ ජය සිරිමා හාමුදුරුවන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් රැක ගනිමු. ප්‍රස්නේ තියෙන්නේ කව්ද ප්‍රභූ වරුන් කියන එක පමණි.(නදී)