IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සරණ නඩු නවයකින් අසරණ වෙයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවයේ යෙදී සිට එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගනිමින් රුපියල් හය ලක්ෂ තිස් දහසක මුදලක් වංචා කළැයි චෝදනා ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරණ ගුණවර්ධන මහතා සම්බන්ධ අල්ලස් නඩු නවයකට අදාළ නඩු විභාගය ලබන අගෝස්තු මස 23 වැනිදා කැදවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණී ආටිගල මහත්මිය අද (28) නියෝග කළාය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඉකුත් මැයි මස 05 වැනිදා නිකුත් කළ නොතීසියක් ප‍්‍රකාරව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා අධිකරණයේ පෙනී සිටියේය.

2006 ජනවාරි 01 වැනි දා සිට ජූලි 31 වැනි දා අතර කාලය තුළදී සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් සමරසිංහ අත්තනායක ලියනගේ පේ‍්‍රමරත්න යන අයට වාසියක් සැලසීමේ චේතනාවෙන් ඩබ්ලිව්.පී.ජී.එන්. 1353 දරන වාහනය කුලී පදනම යටතේ සංවර්ධන ලොතරැුයි මණ්ඩලයට ගැනීමට අවශ්‍ය කටයුතු කර එයින් රුපියල් 235, 000.00 ක මුදලක් ලබාදීමට කටයුතු කර අල්ලස් පනතේ 70 වන වගන්තිය ප‍්‍රකාරව දූෂණය නම් වරදක් සිදුකර ඇතැයි අල්ලස් කොමිසම මගින් චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබිණ.

දෙවැනි චෝදනාව ලෙස සදහන් කර ඇත්තේ ජයසූරිය ආරච්චිගේ සූනීතා ජයසූරියගේ වාහන කුලිය වශයෙන් රුපියල් 80,000 ක් ලබාදීමට කටයුතු කිරීමයි. තෙවැනි චෝදනාව ලෙස දක්වා ඇත්තේ තවත් වාහන දෙකක් සදහා රුපියල් 315,000ක කුලියක් ලබාදිමයි.



අදහස් (0)

සරණ නඩු නවයකින් අසරණ වෙයි

තබුක් සිල්වා Wednesday, 29 June 2016 05:49 AM

අපි ඔය දන්නා ටික විතරයි. (ර)

:       0       0

අතුල Tuesday, 28 June 2016 02:25 PM

මෙයාට උඩින් මැස්සෙකුටවත් යන්න බැහැ රාජපක්ෂගේ කාලේ , මෙයාට මෙහෙම වෙන්න ඉඩදුන්න අයට දඬුවම් කරන්න ඕන (බ)

:       0       0

නිම්මි Tuesday, 28 June 2016 02:53 PM

මේ අයට ඡන්දේ දුන්න අයට ගහන්න ඕනේ.(හේ)

:       0       0

නිරු Wednesday, 29 June 2016 07:44 AM

කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැනේවි ගිනි සේ........ (ම)

:       0       0

ජානක Wednesday, 29 June 2016 07:52 AM

මෙයා කප්පන් ගැනීමෙහි ප්‍රමුඛයෙක් තමුන්ට අවනත නොවන්නන් මර්දනය කිරීමේ ප්‍රමුඛයෙක්. (බ)

:       0       0

නිහාල් ක්‍රිස්ටි Wednesday, 29 June 2016 02:44 AM

මහජන මුදලින් වැටුප් ගෙන මහජන මුදල්ම හොරකම් කරනවද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 28 June 2016 11:10 AM

මගේ අම්මෝ! බැලුවහම එතුමා වටේම ඉඳලා තියෙන්නේම කම්බා හොරුනේ! මේවට නීතියෙන් දඬුවම් කරනකොට කෑගහනවා දේශපාලන පළිගැනීම් කියලා (නි)

:       0       0

රොහාන් Tuesday, 28 June 2016 11:40 AM

හැබෑ කරුණ නම් පසුගිය ආණ්ඩුවේ මෙයා අසරණ නැහැ. (බ)

:       0       0

රාමනායක Wednesday, 29 June 2016 04:10 AM

හිටපු ජනාදිපති තුමාට තව තවත් ආරක්ෂාව දෙන්න වේවි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 124 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 522 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1112 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 990 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 976 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site