ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුදුම්බර ආසන සංවිධායක ලෙස මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ද මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා යටිනුවර ආසන සංවිධායක ලෙසද පත් කර ඇතැයි නිදහස් පක්ෂ ආරංචි පවසයි.
මීට පෙර යටිනුවර ආසන සංවිධායක ලෙස කටයුතු කළේ අර්ල් ගුණසේකර මහතාය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමත් සමග එම ධූරය හිස්ව පැවැතිණි.
ඔවුහු අද (30) පෙරවරුවේ ජනපති කාර්යාලයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලිපි ලදහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ බල මණ්ඩලෙන්, පාක්ෂිකයන්ගෙන් ඇසුවද.? (ර)
කරුණාකර ,උඩුනුවර ට අයිති, කඩුගන්නාව-ගම්පොල පාරේ ,කඩුගන්නාවේ සිට ලියන්ගහවෙල හන්දිය දක්වා වත් ඇති කි.මී.5 සාදාදෙනු මැනවි. උඩුදුම්බර සිටි කිසිම ආසන සංවිධායක වරයෙක් මෙම පාර වසර 20 කින් ප්‍රතිසංස්කරණය කර නොමැත. (බ)
ඒ කියන්නේ යුඇන්පී ක්‍රමයමයි. උඩ දුම්බරට එහෙ උපන් එවුන් නෑ. යටි නුවරට එහෙ උපන් එවුන් නැහැ. මේක නම් මරුක්‍රමයක් මෙතන යුඇන්පී ක්‍රමයම කියලා කිව්වේ මයන්ත දිසානායක දැම්මා උඩ දුම්බරට මොකද එහෙ ඡන්දෙ ඉල්ලන්න පුලුවන් එවුන් නෑ. ඊට පස්සේ මයන්ත දිසානායක දැම්මා යටිනුවරට. එහෙත් ඡන්දෙ ඉල්ලන්න පුලුවන් යුඇන්පී කාරයන් නෑ. (අ)
ගොයියෝ දෙන්න උඩ යට මාරු කරගනීද දන්නේ නෑ (අ)
එතකොට පහුගිය කාලේ චෝදනා සියල්ල අහෝසිද? (නි)
ලැජ්ජා නැද්ද මන්දා? හෙට මහින්ද එනවා කිව්වොත් එ් පැත්තට පනින්නත් බැරි නැහැ, සමහරු නම් (නි)
අපි බලමුකෝ කොහොමද වෙනස කියලා (නි)
ජයවේවා! ජයවේවා! ඔහොම යමුකෝ (නි)
කුම්බල මාළු කෑවනම් දුක විදපන් බළලෝ (බ)
ඉදිරියේදී තවත් රජ සන්තක වෙන ඇප දෙකක්. (අ)