ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ජූලි 30 වැනි බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නට යතියි දේශපාලන ආරංචි කියයි.
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ෆීල්ඩ් මාෂල්ට සාමාජිකත්වය පිරිනමනු ඇතැයි එජාප ආරංචි පවසයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසිරවීමට නියමිතය.
ෆොන්සේකා පාර්ලිමේන්තුවට තෝරා ගැනුණේ එජාප ජාතික ලැයිස්තුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්. ඔබතුමාට උණුසුම් සුබ පැතුම්! (නි)
ෆොන්සේකා යුධ වීරයෙක් කියලා පිළිගන්න සමහර කුහකයෝ කැමති නැහැ (නි)
කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩිද තව ඕනෑ කියන්නේ... (නි)
ලාල්, ත්‍රිවිධ හමුදාවම මෙයාගේ යටතේ තිබුනේ මොන කාලේද? (නි)
පක්ෂයකට නායකත්වය දෙන්න බැරි කෙනා කොහොමද රටකට නායකත්වය දෙන්නේ? (නි)
අපේ වීරයාට ජයවේවා! (නි)
එදා විශ්‍රාම නොයවා සේවයට ගත් මිනිසුන්ට එදා කියපු එ්වයි දැන් කියන එ්වයි බැලුවහම අපිට නම් කියන්න කිසිමදෙයක් ඉතුරුවෙලා නැහැ (නි)
එතුමා කාලෙකට ඉස්සර කිවුවා තමා දේශපාලනයට අාවොත්, මෙතෙක් බිහිවෙච්ච නරකම දේශපාලකයා වේවි කියලා. එ්ක තමයි මේ වෙන්නේ. ඕනෑම කෙනෙක් දැනගෙන ඉන්නවා නම් තමන්ට කරන්න පුළුවන් මොකක්ද, බැරි මොකක්ද කියලා එ්කෙනුත් රටට ලොකු සේවයක් වෙනවා. මෙයාට තියෙන ලොකුම වැරැද්ද එ්ක දන්නේ නැති එකයි (නි)
අනේ ෆොන්සේකා මහත්තයෝ! (නි)
සමහරුන්ට වීරයෝ පෙනෙන්නේ කුහකයෝ විදියට. හොරු පෙනෙන්නේ අප්පච්චිලා විදියට. සාමය හා නිතිය මෙතුමාට නැවත බාරදෙන්න. (නි)
ඔය තැනැත්තා රාජපක්ෂ පැත්ත ගත්තා නම් මෙතන අදහස් දාන අය කොහොම ලියයිද කියලා හිතලා බලන්න (නි)
බඩු මිල අඩු කළහැකි වැඩපිළිවෙලක් ගෙනෙන්න. (නි)
ෆොන්සේකා යුධ වීරයෙක් වුණේ හමුදාවෙන්. දේශපාලනයෙන් නොවෙයි.නමුත් දේශපාලනයට ඔහු තමන්ගේ බුද්ධිය පාවිච්චි නොකරන බව 2010 පසු ජනතාවට වැටහී තිබේ. එමනිසා ඔහුට ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න සිදු වුණා. නමුත් ජනතාව අතර ඔහු තවමත් යුධ විරුවෙක්. දේශපාලනයේදී ඔහු පරාජිතයෙක් (නි)
මෙයාලා යුධ වීරයින් වුණේ ත්‍රිවිධ හමුදාවේම කොල්ලෝ ටිකට පින්සිද්ධ වෙන්න. (නි)
දැන්තමයි නියම තීරණය අරන් තියෙන්නේ (නි)
ලෙස්ලි, අපි ෆොන්සේකා යුධ වීරයෙක් කියලා පිළිගන්නවා. ඔහුගේ දේශපාලනය නම් එහෙම නොවෙයි නේද? (නි)
එක වග් කට්ටිය එකට එකතුවෙනවා කියන්නේ කටකහනවටද? (නි)
ඔබ නිතරම ප්‍රකාශ කරන සතාගේ ලාංඡනය සමඟින්, වෙනම පක්ෂයක සිටීමෙන් කිසියම් වූ අනන්‍යතාවයක් ඔබට රැකගත හැකියි. (නි)
කෝ යුධ වීරයන්ගේ තිබියයුතු 'කොලිටිය' හෙවත් තත්ත්වය? (නි)
ඔබ තමයි ලංකාව බේරාගන්න දැන් ඉදිරිපත් වෙන්න ඕනෑ (නි)
ඉතා හොඳ තීරණයක් අරන් තියෙන්නේ. ඔබතුමාව රටේ ජනතාව අමතක කරන්නේ නැහැ. (නි)
ඔහු කවදා හෝ ලක්බිමේ ජනපති වියයුතුයි යන්නයි අපේ පැතුම. (නි)
මිනිස්සු කවුද කියලා දැන් හොඳට තේරෙනවා අපිට (නි)
මෙයාට ජන පදනමක් නැහැ. ගියපාර ඡන්ද 5000 යි ගන්න පුළුවන් වුණේ. ලබන පාර ඇපත් නැතිවෙනවා (නි)
අපේ රට සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලුනේ මොහුගේ සුදු කොඩි කතාව නිසා නේද? ඇයි එහෙම මුළු රටම පාවාදුන්නේ? මොහු හා සම සමව ත්‍රිවිධ හමුදාවේ සියලු සේනාධි නායකයෝ යුද්ධයට නායකත්ව දුන්නා. මොහු ඔලුවේ තියාගන්න මිනිස්සු පොඩ්ඩක් හිතන්න. විශ්‍රාම යන්න ඉන්න කෙනා ගෙනාවේ ඔහු හොඳ නිසා, එය තීරණය කළේ හොඳ ප්‍රබල නායකත්වයක් අපිට තිබුන නිසා. එහෙනම් ඇයි අනිත් නායකයන්ට මොහුගේ සහය අරගෙන යුද්ධය නැවැත්තුවේ නැත්තේ? (නි)
දැන් තමයි නියම බුද්ධිමත් තීරණය අරගෙන තියෙන්නේ (නි)
නියමයි. ජයවේවා! (නි)
සමාජවාදී ධනපති කඳවුරත්, ධනවාදී ධනපති කඳවුරත් අතරින් එහාට ගිය බලය ලැබීමක් තවමත් අප දැක නැත. ඉන් එහා කොතරම් නිවැරදි ගමනක් තිබුණත් ජනතාවගේ හුරුවීම වෙනස් වෙන්නේ නැත. ඒ අනුව මෙතුමාට අනාගතයේ එරෙහිවන බලවේග වලට මුහුණ දීමට හරි හෝ වැරදි හෝ බලයක් වෙත ළඟාවීම ඉතා කාලෝචිතය. සමාජවාදී හෝ ධනවාදී හෝ දේශපාලකයන්ගෙන් අද අපට බලාපොරොත්තු තැබිය හැක්කේ අවංක දේශපාලකයන් ගැන පමණි. (ර)
අපි හිතුවේ දැනටත් යූඑන්පි එකට ගිහින් කියලා. (නි)
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා විසින් එතුමාට හිමි ගරුත්වය නැති කර ගන්න වගේ යන්නේ. (බ)
දැන් ඔක්කොටම සනීපයි නේද (බ)
මම නම් දැනන් හිටියේ මෙයා එහෙ කියල. අනේ මෙහෙමත් මිනිස්සු (බ)
මීට ගොඩක් ඉස්සර නේද මේක වෙන්න තිබුනේ (බ)
රට බේරා දුන් අභීත සෙන්පති සරත් ෆොන්සේකා සෙනවි තුමාට බුදු සරණින් දෙවි රැකවරණින් යහපතක්ම වේවා !!! ඔබතුමාට මුළු රටම ණයගැතියි ..(බ)
බොහොම අගෙයි එතුමා වටහාගෙන තිබෙනවා තමා කවුද යන වග. නොලැබෙන ඡන්ද වලට වඩා නිකන් ලැබෙන ටිකට් එක මොන තරම් අගේද. (බ)
ඔය පක්ෂෙන් ඉල්ලලා ජනතාව ප්‍රතික්ෂේප කරලා කුණු කුඩේට දැම්ම කෙනෙක්ට පිනට මන්ත්‍රී කමකුත්, ඇමති කමකුත්, කෝටි 7ක් වටිනා වාහන ඇතුළු අතිසුඛෝපභෝගී සැප පහසුකමුත් දුන්නට පස්සේ ඉතින් වෙන මොනවා කරන්නද දිගටම අලි නැට්ටේ එල්ලෙනවා ඇරෙන්න! (බ)
කෝ අර පහුගිය කාලේ කියපු වීර කතා. (ර)
මහා වීරයෙක් විදිහට මිනිසුන්ගේ හිත්වල හිටිය පුද්ගලයෙක්. (ර)
කොහොඹ ගහට කරවිල වැල ගියා වැනි. (ර)
ඔබට මාගේ සුබපැතුම්. (ර)
ප්‍රතිපත්තියක් නැති එක ගැන දුකයි (නි)
මෙයා නැවතුනේ නැවතිය යුතු තැනයි. අපේ දේශපාලනේ මෑත ඉතිහාසය ගත්තොත් මේකේ කිසිම පුදුමයක් නැහැ. ඔහොමද සමහරු ගහන කරනම් දැක්කහම මේ කතා කරන්නේ ඒ කටින්මද, මේ කරනම් ගහන්නේ ඒ මිනිහමද කියලා හිතෙන අවස්ථා කොයිතරම් තියෙනවද? (නි)
මේවා තමයි රටේ ජාතික විහිළු. මෙවාට කොහෙන් හිනාවෙන්නද මන්දා (බ)
කොහොම වුණත් එතුමාත් රටට අවශ්‍ය කරන කෙනෙක්. යුද්ධය තියෙනකොට විතරද එතුමාට ගරුබුහුමන්? දැනුත් එතුමාට ඒ ගරුබුහුමන් දෙන්න ඕනෑ අනික් අයට සේවයක් කරපු කෙනෙක් හැටියට (නි)
මේ නිසා එ.ජා.ප.ය නැතිවෙයිද නැත්නම් ඔබතුමා නැතිවෙයිද කියා අපි බලා ඉන්නේ. (නි)
මේක මහා මැතිවරණෙට කලින් සිද්ධවුණා නම් කුරුණෑගල දිනන්න තිබුනා. කොහොමහරි අවසානේ ගත් තීරණය හොඳයි. දැන් මෙතුමාට තේරෙනවා ඇති දේශපාලනේ කියන්නේ මොකක්ද කියලා. එක්සත් ජාතික පක්ෂයේ දිගටම හිටියොත් හොඳ තැනක් ලැබෙයි (නි)
එජාපය මෙතරම් බංකොලොත්ද? (නි)
සමාන අදහස් ඇති අය එකට සැරිසරනවනේ (නි)
ඇපත් නැතුව හිටියා මදිවට ඇමති පට්ටමකුත් ලැබුනහම කැපකිරීමකුත් කරන එක යුතුකමක් බව අනාථ වුණ ජනතාව හිතන්න. මින් ඉදිරියට කොහෙවත් යන්නේ නැහැ කියලා කියයි. දැන් එකතුවෙලා අර මනුස්සයට ගහන්න බලයි. (නි)
මීට ගොඩක් ඉස්සර මේක වුණා නම් අද එජාපයත් නැත. (නි)
එතකොටවත් දරුවෝ බලන්න යන්න වීසා ලැබෙයිද බලමු (නි)
ඔහුට මතක නැතිවෙලා ඔය එජාපය බලයේ ඉන්නකොට මොහුව පැත්තකට දාලා තිබුනේ. තැනක් දුන්නේ නැහැ. එජාපය බලයේ හිටියා නම් ඔහු දැන් ඉන්නේ විශ්‍රාම ගිය සෙබළෙකු වගෙයි. (නි)
එජාපයේ සිටින අය දැන් ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)
මුලු ත්‍රිවිධ හමුදාවම තමන් යටතට ගෙන කුරිරු යුද්ධයකින් රට බේරාගත් මෙවැනි වීරෝධාර අභීත පුද්ගලයකු ඕනෑම පක්ෂයකට සම්පතක්. නැද්ද? (නි)
ඔය එජාපය එදා කිවුව දේවල් මතකද? අර මැදවච්චි කතාව එහෙම? පක්ෂයේ මිනිස්සු නැති නිසාද එයාව ගත්තෙ. (නි)