නවම් පෝදා දවල් වන විට අඩු ගණනේ ලක්ෂයට ආසන්න පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි බව නල්ලතන්නි පොලිසිය කියයි.
වන්දනාකරුවන් රැගෙන ආ වාහන නල්ලතන්නි නගරයේ සිට මස්කෙළිය තෙක් කිලෝමීටර පහක් දිගට වාහන පෝලිම දක්නට ලැබුණු බවත්, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ ද මහ පරිස් වන්දනාවේ පැමිණි බවත් පොලිසිය පවසයි.
කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවලට බැස දිය නොනාන ලෙස නුවරඑළිය මහ දිසාපති ඩීපීජී කුමාරසිරි මහතා වන්දනාකරුව්නගෙන් ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිපාදය පුදුම තැනක්.. කොච්චර ඇගට අමාරු වුණත් කරුණා කරන්න පුලුවන්.. කිසි මහන්සියක් නැ.. හරිම සතුටක් තියෙන්නෙ.. මහා පුණ්‍ය භූමියක් ඒක.. මම අහල තියෙනව අතිතයේ ඇලෙක්සැන්ඩර් රජතුමත් සිරිපාදෙට ආව කියල.. නිශ්ශංකමල්ල රජු සිරිපාදෙට ආව වෙලාවෙ මග තිබ්බ ගම් වලට නම් දාගෙන ආවලු.. නාවලපිටිය, ගම්පල, ගෙලිඔය, ගිනිගත්හේන, ලක්ෂපාන, මස්කෙලිය.. ඔහු දාපු නම් කියලයි අහල තියෙන්නෙ.. මේ කරුණා කරන පින්වතුන්ට තුන්සරණේ ආශිර්වාදය වේවා.. හැබැයි කුණු කසල හැම තැන ම දාන්න එපා හොඳේ.. (දී)
සති අන්තයේ දින තුනක නිවාඩුවක් නිසා සිරිපා කරුණා කරන්නන් තව තවත් වැඩිවෙයි.. රක්ෂිතය නම් දල්වන්න එපා සැදැහැ වතුනේ..... පින් අයිති වෙයි !! .... (දී)
හදන්නකෝ නියම ටොයිලට් බාත් රූම් එහෙම ටිකක් - ඔය මළ ගඳ පහවෙලා යන්න.(නදී)
හරිම සතුටක් තියෙන්නේ.(නදී)
වත්සලාගේ ඉල්ලීම ඉටු කරන්න අපි නල්ල තන්නියේ කැලෑවකටත් ගිනි දැම්මා. එතොකට ගස් වලට මුවා වෙලා ඔය වැඩේ කරන්න බැහැනේ. ඉතින් දැන් භූමියත් ඉබේටම සකස් උන හින්ද සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව සංචාරක හෝටල් පද්ධතියක් අපි හෙට අනිද්දම හදනවා. එතකොට සුඛෝපභෝගී වැසිකිළියක මුත්‍රා දමන්න විතරක් රුපියල් 100ක් විතර ගෙවන්න වේවි. කාමරේක ගාණ නම් අහන එපා. එක්කෝ දෙවියන් සිහිවේවි නැත්නම් මුත්‍රා බර වේවි.(නදී)