IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සිරිපා ගුවන් මෙහෙයුම අද දෙවැනි දිනටත්

කළුගලින් නිම කැර පිත්තල ආවරණවයකින්  ආරක්ෂා කැර ඇති දොළොස්මහේ පහන නල්ලතන්නියේ සිට  කොටස් වශයෙන් සිරිපා මළුවට රැගෙන යෑම අද ඇරැඹිණි.

පහනේ බර කිලෝ 8613 කි. මීදුම නිසා  මෙහෙයුම ගමන් වාර තුනකට පමණක් සීමා විය.

දින දෙකකදී කිලෝ හයදාහක් මහ මළුවට රැගෙන ගිය බව එම් අයි 17 හෙලිකොප්ටර් නියමුවෝ කියති.

රැගෙන යායුතු මුලු කිලෝ ප්‍රමාණය විසිදහසකි.ප්‍රධාන ගුවන් නියමු වින් කමාන්ඩර් එම් කේ එස් කේ මහීපාල පැවසුයේ මෙතරම් භාණ්ඩ ප්‍රමාණයක් ශ්‍රි පාද මළුවට රැගෙන යන ප්‍රථම අවස්ථාව මෙය බවයි.

ලබන පස් වැනිදා දක්වා  උදේ හයත් සවස හයත් අතර සිරිපා මළුවට  නොයන්නැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරති.


 



අදහස් (0)

සිරිපා ගුවන් මෙහෙයුම අද දෙවැනි දිනටත්

මංගල Friday, 03 January 2014 08:54 PM

ශ්‍රී සුමන සමන් දෙවියන් මතු බුදු වේවා! (නදී)

:       0       0

සමන් Saturday, 04 January 2014 05:11 PM

තෙරුවන් සරණයි ලෝක වාසි සැමටම (දී)

:       0       0

තාරක Saturday, 04 January 2014 05:12 PM

මිට පෙර මම දැකලා නැහැ මේ වගේ දෙයක් (දී)

:       0       0

සෝබන Saturday, 04 January 2014 05:13 PM

හත්වලාමේ ටිකිරි බණ්ඩා කිව්වමනේ මගේ ඔලුවටත් අවේ.

:       0       0

මිහිරංග Wednesday, 15 January 2014 04:01 PM

සාධු...සාධු...සාධු...සාධු... (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 04 January 2014 05:15 PM

"ලබන පස් වැනිදා දක්වා උදේ හයත් සවස හයත් අතර සිරිපා මළුවට නොයන්නැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරති".

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 04 January 2014 05:17 PM

නිහාල්. කොළඹ රාත්‍රී තරග තියද්දි ඉවසල හිටියේ කාගේ සතුට වෙනුවෙන්ද ?. ඒ වගේ ඉවසලා ඉන්න පුරුදු වෙන්න. (දී)

:       0       0

කුමාර Saturday, 04 January 2014 05:18 PM

හොද වැඩක් කරනඑක හොදයි. එත් උඩින් තියන අදහස් වල තියන (මෙහි බර .සුන්දරත්වය නැති නොකර. භූ විද්‍යා සහ පතල් කැනීම් අධිකාරියේ හෝ දෙපාර්තමේන්තුවේ අනුමැතියක් තිබේද? සංචාරක මධ්‍යස්ථානයක් .ඉදිරියේදී ගුවනින්ම කරුණාකරන්න එයිද සල්ලි හොයන ව්‍යාපාරයක් )මෙවැනි අදහස් වල ගැබුරක් ඇත. කිවත්වගෙ මෙ මාර්ගයේන්ම ගුවිනින්ම කරුණාකරන්න එන සල්ලි හොයන ව්‍යාපාරයක් කරගනිදෝ කියා මට සිතෙ එයට සුමන සමන් දෙවියන් වහන්සේත් බහුතර ඡනතාව කැමති නොවනු ඇත (දී)

:       0       0

සදුනි Friday, 03 January 2014 09:43 PM

සැමට සමන් දෙවි කරුනාවයි. (නදී)

:       0       0

සමන් Friday, 03 January 2014 09:45 PM

උතුම් ක්‍රියාවක් ! (නදී)

:       0       0

කලන Saturday, 04 January 2014 05:50 PM

මතු බුදු වන දෙවි කෙනෙක් සමන් දෙවියන් (දී)

:       0       0

සෑම් Friday, 03 January 2014 10:13 PM

මංගල මහතා, සුමන සමන් දෙවියන් සෝවාන් පලයට පත් දෙවි කෙනෙක්. එම නිසා සෝවාන් පලයට පත් වුනු කෙනෙකුට බුදුවෙන්නට හැකියාවක් නැහැ. තව වැඩිම උනොත් බව හතකින් අනිවාර්යයෙන්ම නිවන් ලබනවා. මෙයයි බුද්ධ දේශනාව. (නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 03 January 2014 10:21 PM

පරණ පහණට මොකක්ද වෙන්නේ. ගුවන් හමුදාවට එක හෙලිකොප්ටරයද තියෙන්නේ මේ වැඩේට. හතර දිග් භාගයෙන් කරුණා කරන , සිරිපා වන්දනාකරුවන් අසීරු තත්වයට පත් කිරීම පව් සිද්ධ වෙන වැඩක් වන්දනා සමයේ. (නදී)

:       0       0

කුමාරි Friday, 03 January 2014 10:43 PM

ඇත්තටම හොද දෙයක්. (ත)

:       0       0

සිසිර Friday, 03 January 2014 10:54 PM

කඳු මුදුනක් නිසා මේ ගැන ඉංජිනේරු උපදෙස් ගැනීම ඉතා වැදගත්. ටොන් 20ක් කියන්නේ ලොකු භාරයක්. මේ පින්බර කුසලයට දායක වන සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි.!(නදී)

:       0       0

අනෝජා Friday, 03 January 2014 11:00 PM

සමන් දෙවි කරුනාවයි.(නදී)

:       0       0

එල්.එම් අනුර බණ්ඩාර Friday, 03 January 2014 11:03 PM

ලක්වැසි සියලු දෙනාට සුමන සමන් දෙවි රැකවරණ ලැබේවා! මෙම කාර්ය අති සාර්ථක වේවා! (නදී)

:       0       0

එල්. යු.ප්‍රියන්ත ඉන්දික Saturday, 04 January 2014 12:10 AM

මෙය ඉතා යහපත් සිතින් දකිමු නේද? සමනල සෙවනේ ඉපදුන අපට ශ්‍රීපාදය කියන්නෙ අපේ හදවත වගේ. එක සිරිපා වාරයකදී දෙතුන් වතාවක් වත් සිරිපා වදින අපට. වසර 20.ක විතර කිසිම දියුනුවක් නොදැකපු අපට‍ මේ තුන්වසරක සිට වෙනස්වීම සතුටු දායකයි. එනම් පෙර පාලකයන්ට අමතකව ගිය රජ මාවතෙන් සමන්දේව ප්‍රතිමාව රැගත් පෙරහරද ගමන් ඇරඹී ඇත. එයට රත්නපුර ගිලීමලේ, පලාබද්දල ජනතාවගේ ප්‍රනාමයද පුදකරන්නෙමු. (නදී)

:       0       0

අමා Thursday, 13 February 2014 04:27 AM

හොද දෙයක්.අපේ දේ අපි රකගමු.සමන් දෙවියන්ගේ පිහිට මගේ මව් බිමට ලැබෙවා.(අ)

:       0       0

රජින්ද Saturday, 04 January 2014 12:49 AM

ඒ.එස්.ඩී ඔය කතාව මටත් හිතුනා. මොකද ශ්‍රී පාදස්ථානය තියෙන්නේ කදු මුදුනක්. එහෙම තැනක යමක් කරනකොට භක්තියට වඩා බුද්ධියටත් තැන දෙන්න ඕන. කිලෝ විසිදාහක් උහුලාගෙන ඉන්න එම ස්ථානය සුදුසුයි කියල භූ විද්‍යා සහ පතල් කැනීම් අධිකාරියේ හෝ දෙපාර්තමේන්තුවේ අනුමැතියක් තිබේද? අනික ශ්‍රී පාදස්ථානය කියන්නේ සංචාරක මධ්‍යස්ථානයක් නොවන නිසා එහි තිබු පෞරාණික ගතිය ඒ ලෙසම පවත්වා ගත යුතුයි කියල මම හිතන්නේ.(නදී)

:       0       0

ස. බලංගොඩ Saturday, 04 January 2014 12:52 AM

ඔච්චර බර කඳු මුදුනේ තැම්පත් කරන එක නම් එච්චර සුදුසු නෑ.(නදී)

:       0       0

ශාන්ති Saturday, 04 January 2014 12:56 AM

සාදු සාදු සාදු සැමට සමන් දෙවිදු පිහිට ලැබේවා. මටත් බය සිරිපා මළුවට ඔය තරන් බර ඔරොත්තු දේවිද කියලා.(නදී)

:       0       0

චතුර දණුෂ්ක Tuesday, 07 January 2014 09:17 AM

ආගමික ස්ථාන දියුණු කරන එක ගැන සතුටුයි. නමුත් මම "රොෂාන් 2014-01-04 06:16:33" අදහසට 100% එකඟයි. මේ පින්තුර දකින කොට මටත් ටිකක් දුක හිතුනා.(නදී)

:       0       0

රොහාන් Saturday, 04 January 2014 08:10 PM

ඉතිහාසගත වියයුතු පුන්‍යකර්මයක් ,ගුවන් නියමුවා ප්‍රමුක සියලු කාර්යන්හි වෙහෙසෙන සියලුමදෙනාට සුමනසමන් දෙවි පිහිටයි (දී)

:       0       0

ටී.එන්.එල් අශාන්ත පීරිස් Saturday, 04 January 2014 01:35 AM

ඇත්තටම හොද වැඩක්. සමන් දෙවි පිහිට ආරක්ෂාව සැමට ලැබේවා. අන් ආගම් වලට ඇගිලි දිගු නොකොට අපේ බුදු දහම රැක ගනිමු සැම කල්හි.(නදී)

:       0       0

පෙරේරා Saturday, 04 January 2014 02:29 AM

ලංකාවේ අයට නම් මේවා විශ්වකර්ම වගේ තමයි.(නදී)

:       0       0

මනුප Saturday, 04 January 2014 03:20 AM

ලොකු වැඩක් කරන්න වගේ යන්නේ. පුරාවිද්‍යා කට්ටිය කෝකටත් ශ්‍රීපාදස්ථානය ගැන විමසිල්ලෙන් ඉන්ඩ නරකක් සිදු නොවුනොත් හොද වැඩක්.(නදී)

:       0       0

පාලිත Sunday, 05 January 2014 12:37 AM

බුදුසරණයි! (නදී)

:       0       0

සුරංග Thursday, 09 January 2014 11:30 AM

පාරම්පරික අදහස් තමා ගොඩක් තියෙනවා නේද? (අ)

:       0       0

තිලංක Saturday, 04 January 2014 05:52 AM

ශ්‍රී පතුල ආරක්ෂා කරන්න වෙයි වගේ.(නදී)

:       0       0

අනෝමා Wednesday, 08 January 2014 12:17 PM

මේ වැඩේ ඉතාමත් පින් සිද්ද වෙන වැඩක්. තෙරුවන් සරණයි (දී)

:       0       0

රොෂාන් Saturday, 04 January 2014 06:16 AM

සොබාවික සෞන්දර්යයෙන් හා ඓතිහාසික වටිනාකමක් තිබු ස්ථානය කොන්ක්‍රීට් පුරයක් කිරීම ගැන දුක නැතිද ? (නදී)

:       0       0

පියල් Saturday, 04 January 2014 07:14 AM

රටක් දියුණු වෙනකොට අපේ ආගමික සිද්ධස්ථානත් දියුණු වෙනවා. ඒවා බලල සතුටු වෙන්නයි තිබෙන්නේ. එවිට එම ආශිර්වාදය අපටත් ලබන්න පුළුවන් වේවි. මෙම තොරතුරු ලබා දුන් ලංකාදීපයටත් බොහොම පින්.(නදී)

:       0       0

රංගිකා Saturday, 04 January 2014 07:50 AM

ඇත්තටම නියම වැඩක්. කවූරු කෝම කිව්වත් සමන් දෙයියන්ගේ ඇල්ම බැල්ම හැමදාම ශ්‍රී පාදයට තියෙනවා. සාධූ සාධූ !(නදී)

:       0       0

සංජය Saturday, 04 January 2014 07:53 AM

ඇත්තටම සත් ක්‍රියාවක් මේක.(නදී)

:       0       0

චානක Sunday, 05 January 2014 08:02 AM

රටට හොදක් වෙනවානම් එච්චරයි (දී)

:       0       0

දිලාන් Saturday, 04 January 2014 09:21 AM

හොද වැඩක්. අනාගත පරපුරට මෙන්ම මතු පරපුරට වටිනා වැඩක්. ශ්‍රී පදයේ ඇති සුන්දරත්වය නැති නොකර මේ වගේ වැඩක් කරන එක හොද වැඩක්. (ත)

:       0       0

ස්ටේවේ Saturday, 04 January 2014 09:30 AM

හොඳයි (ත)

:       0       0

කේ ජි එස් කුමාර Sunday, 05 January 2014 09:15 AM

බුදු සරණ වේවා (දී)

:       0       0

එස්. එල්. ජේ.ප්‍රනාන්දු Saturday, 04 January 2014 10:07 AM

ඉහල කොටසට අනවශ්‍ය ලෙස ඇතිවන බර පහල බැවුම් වල ස්කන්ධ හායන සඳහා හේතු විය හැකියි.තුලනය ගැන සොයා බැලීම ඉතා වැදගත්. (ත)

:       0       0

නදීෂා Saturday, 04 January 2014 10:17 AM

ඇත්තටම හොඳ වැඩක් (අ)

:       0       0

ඔශාන් Monday, 06 January 2014 08:52 PM

මේ වගේ අපේ පෞරාණික ස්ථාන අපි රැක ගන්න ඕනේ .(දී)

:       0       0

කැලුම් Saturday, 04 January 2014 10:54 AM

මෙවැනි දේවල් සිදු කලයුතුයි සමන් දෙවි පිහිටයි සියලු දෙනාට (අ)

:       0       0

මලිත් Monday, 06 January 2014 08:54 PM

දුෂ්කර උනත් හොද වැඩක් .(දී)

:       0       0

නිහාල් Saturday, 04 January 2014 11:21 AM

අපේ රට ගැන අපිට හරි ආඩම්බරයක් එය නැරඹීමට නැතිවීම ගැන මට හරි දුකය (අ)

:       0       0

දිලිප් Friday, 03 January 2014 05:28 PM

මේකත් දැන් සල්ලි හොයන ව්‍යාපාරයක් වෙලා දැන් එකට යනෙකත් එපාවෙනවා (දී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 05 January 2014 11:13 AM

අදිවේගේ හදනකොට රුපියල් කෝටි 2620 (ලක්ස 100x 2620=රුපියල් ලක්ස 2,62,000)කොමිස් ගහපු හැටි ලස්සන හෙළිදරව්වක් අන්තර්ජාලයේ විස්තර සහිතවම පෙන්වල දීල තිබෙනවා. සිරීපාදෙටත් ඒ ටික වෙයිද? (නදී)

:       0       0

ඉසුරු Friday, 03 January 2014 05:53 PM

විශිෂ්ට ක්‍රියාදාමයක් ! සියලු දෙනාටම දළදා පිහිට බලෙන් සියලු කාර්යන් ඉටු කර ගැනීමට හැකිවේවා! (නදී)

:       0       0

සුමුදු Sunday, 05 January 2014 11:27 AM

සිරිපාදේ පහනක් නොතිබුනා නම් මේ වැඩේ හොදයි. ඒත් පරණ එක අයින් කරලා අලුත් එක ලොකුවට හදලා වැඩක් නෑ. වටිනා කම පරණ දේ රැක ගෙන අනාගතයට එය දායාද කිරිමයි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 05 January 2014 11:27 AM

ගිය සතියේ මගේ පවුලේකට්ටිය කතරගම වන්දනාවේ ගිහින් පුදුම වෙනවා වැසිකිලිය ආදායම් මාර්ගයක් කරගෙන කියලා. රුපියල් 20 ක මුදලක් ගෙවලා තමයි අපිරිසිදු වැසිකිලියටත් අද යන්න සිද්ද වෙලා තියෙන්නේ. ශ්‍රී පාදයටත් වෙන්නේ ඔය කියන නස්පැත්තියම තමයි. ඉවසලා බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

ශෝබනා Sunday, 05 January 2014 11:29 AM

මට හිතෙන්නේ ඉදිරියේදී අපිට කකුල් දෙකට තෙල් ගාගෙන කදු නගින්න සිද්ද වෙන එකක් නැහැ වගේ. ගුවනින්ම දහස් ගානක් දීල සිරිපාදයටම යන්න පහසුකම් සලසාවි වගේ. අනේ වාසනාවන්.(නදී)

:       0       0

ටිකිරි බංඩා Friday, 03 January 2014 06:25 PM

"ප්‍රධාන ගුවන් නියමු වින් කමාන්ඩර් එම් කේ එස් කේ මහීපාල පැවසුයේ මෙතරම් භාණ්ඩ ප්‍රමාණයක් ශ්‍රි පාද මළුවට රැගෙන යන ප්‍රථම අවස්ථාව මෙය බවයි".හැම දෙයක්ම ලංකාවේ කරන්නේ ප්‍රථම වතාවට තමයි. ගුවන් තොටුපොළවල්,වරායවල්.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Friday, 03 January 2014 06:31 PM

ඉතිහාසගත වන යහපත් කටයුත්තක්.(නදී)

:       0       0

සඳරුවන් Friday, 03 January 2014 07:06 PM

හොද වැඩක් සාදු සාදු සමන් දෙවිදු කරුණාවයි. (නදී)

:       0       0

ඒ.එස්.ඩී Friday, 03 January 2014 07:33 PM

සිරිපා මලුවට මෙච්චර බර පටවන එක සුදුසුද මන්දා (දී)

:       0       0

නිහාල් අතපත්තු Tuesday, 07 January 2014 12:14 AM

අලුත් දේවල් වලට වඩා වැඩි වටිනාකමක් තියෙන්නේ පැරණි දේවල් තමයි (දී)

:       0       0

උපාලි Friday, 03 January 2014 07:56 PM

හැබෑටම මෙය සත් භාවයෙන් කරන වැඩක් නම් නියමයි! සමන් දෙවියන් පිහිටයි. මට පොඩි බයක් තියෙන්නේ ඉදිරියේදී ගුවිනින්ම කරුණාකරන්න එයිද කියලයි.(නදී)

:       0       0

වීරසේකර Thursday, 09 January 2014 04:34 AM

හොඳ කටයුත්තක් කරන්නේ පින් සිද්ද වෙනවා (දී)

:       0       0

උපාලි Thursday, 09 January 2014 04:34 AM

සියලු දෙනාටම දෙවි පිහිටයි (දී)

:       0       0

උපුලි විරප්පෙරුම Thursday, 09 January 2014 04:46 AM

අපිත් එනවා වැඳ පුදා ගන්න සුමන සමන් දෙවි පිහිටයි (දී)

:       0       0

පාලින්ද Tuesday, 07 January 2014 03:41 AM

මිනිස්සුන්ට වදින්න පුදන්න මෙවන් දේවල් නිර්මාණය කරන එක නම් ලොකු පිනක් (දී)

:       0       0

මහේෂ් Friday, 03 January 2014 08:36 PM

හොඳයි.(නදී)

:       0       0

සත්‍යා Friday, 03 January 2014 08:37 PM

වසර මිලියන ගණනක් තිස්සේ ඔය පර්වතය ඔය ආකාරයෙන් පැවතුනේ පරිසරය ට මිනිසාගෙන් විශාල හානියක් නොවුන නිසයි. බුදු සිරි පතුලත් සමග අහිංසක බොදු බැති මත්හු අනාදිමත් කාලයක සිට වන්දනා මානකර ගෞරව දැක්වුවා(දිල්)

:       0       0

පුෂ්ප කුමාරි Friday, 03 January 2014 08:48 PM

සාදු සාදු සාදු ! තෙරුවන් සරණ ලැබේවා! (නදී)

:       0       0

තාරක Saturday, 04 January 2014 05:02 PM

පින් සිද්ද වෙන වැඩක් වගේම පුදුම වැඩක් අපි මිට කලින් දැකලා නැහැ (දී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 04 January 2014 05:05 PM

පරණ පහණට මොකක්ද වෙන්නේ?රත්තරන් නම් දෙවියන්ගේම පිහිටයි ඉතින්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 461 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 386 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 500 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1006 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 433 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 20 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14564 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 153 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site