IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සෙරෙප්පුවෙන් ලක්ෂ එකොළහක රන් මතුවේ

රුපියල්  එකොළොස් ලක්ෂ  තිස් පන් දහසක් වටිනා රන් කැබලි හතරක්  සෙරෙප්පු කුට්ටම් වල  අලවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසීය.

සැකකරුවෝ වයස අවුරුදු 45 සහ 42 වියැති ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි කරුවෝ වෙති.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රෑම් 227 කි.  මෙම රන්කැබලි ගානකට කපා සෙරෙප්පු වල අලවා තිබු බව රේගුව කියයි.

මොවුහු  අද  උදෑසන නමයයි තිහට පමණ එයාර් ඉන්ඩියා ගුවන් සේවයෙන් චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.  ඉන්පසු මොවුන් දෙදෙනා ගුවන්යානයට ගොඩවීමට යත්ම අවසන් මුර කපොල්ලේදී  ගුවන්තොටුපොළ ආරක්ෂ අංශ  විසින් පරීක්ෂා කරද්දී සෙරෙප්පු වල අලවා තිබු රන් කැබලි සොයාගෙන ඇත.   පසුව  ආරක්ෂක අංශ විසින් රේගුවට බාර දී ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ ගුවන්තොටුපොළ රේගු නිළධාරීහු සිදු කරති.

 



අදහස් (0)

සෙරෙප්පුවෙන් ලක්ෂ එකොළහක රන් මතුවේ

ලාල් - කැන්ඩි Tuesday, 05 November 2013 04:33 AM

ඔය වගේ දේවල් පහසුවෙන් අල්ල ගන්න වෙන ලෙහෙසි ක්‍රමයක් නැද්ද අහු නොවී තව කොයි තරන් ඔය විදිහට පිටවෙනවා ඇද්ද . .(නදී)

:       0       0

සරත් පර්ත් Tuesday, 05 November 2013 04:36 AM

එතකොට රත්තරන් දත් දාගෙන යන අයත් අල්ලනවාද ?.(නදී)

:       0       0

යු. එස්. ඒ Monday, 04 November 2013 04:12 PM

ඉන්දියන් කාරයන්ගේ නවතම සොයා ගෙනීම රත්රන් හොරෙන් ගෙන යාම . පළමුව ගුද මාර්ගය . දෙවනුව ගිලල . ආපසු වයර් මෙන් බෙග් වල අසුරා . අලුත්ම දෙය සෙරෙප්පු වල අලවා . මොනවා උනත් අපේ දක්ෂ රෙගු නිලදාරින්ට පින් සිදු වන්නට ඒවා අපටම ලේබෙනවා . මම සිතන්නේ මෙම රෙගු නිලදාරින්ට රජයෙන් විශේෂ මුදලක් ලබා දිය යුතියි . අපේ රටට කරනා සේවයට (දී)

:       0       0

උපාලි Tuesday, 05 November 2013 05:49 AM

මොහොමඩ් සිද්දික්, ඔබ හරියටම දන්නවා එහෙනම් මේ මිනිස්සු රත්තරන් ඉපැයූ ආකාරය, නේද? කීයද ඔබේ කොටස? රවීන් හරිම දේ කියලා තිබෙනවා. මේවා කළු සල්ලි පිට කිරීමේ උපක්‍රම. මේ මිනිස්සුන්ගේ සල්ලි ඔතන නැහැ. ජාත්‍යන්තර හොර ජාවාරම් කාරයින්ගේ සල්ලියි මේවා. (නි)

:       0       0

කෙවින් Monday, 04 November 2013 04:30 PM

ඔය එකක් විතරයි. තව කීයක් ඔය විදියට අරන් යනවා ඇතිද? (ස)

:       0       0

ලක්ෂ්මන් Monday, 04 November 2013 09:54 PM

කෙවින් හරි. (නි)

:       0       0

සිරියලතා Monday, 04 November 2013 04:40 PM

මෙයාල හිතන්න ඇති ඉන්දියාව වගේ ගුවන් තොටුපළවල් තමා ලංකාවේ තියෙන්නෙත් කියලා.මම එක පාරක් ඔය රටට ගියා, ගුවන් තොටුපළෙන් පිට වෙන කොටම දැක්කේ ඉබාගාතේ යන හරක් හැම තැනම ජරා කරගෙන ඇවිදිනවා. ඒ අතින් අපේ රට වාසනාවන්. (ස)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 November 2013 04:45 PM

රත්තරන් එකතු කිරීමේ සංස්කෘතියක් ඉන්දියානු ජනයාට ඇත. රට තුලට මෙලෙස අසීමාන්තිකව රත්තරන් ගලා එම ඉන්දියානු උද්ධමනයටද එක හේතුවකි. මගේ ප්‍රශ්නය මෙයයි...ඉතාලියේ සිට නිවාඩුවට පැමිණෙන ලංකා 'කහ කුරුල්ලෝ' තම කර වහගෙන සිටින සමහර රන් දම්වැල් ලක්ෂ පනහ හැට ඉක්මවනවා. මෙලෙස අබරණ පැළඳ ගුවන් තොටුපොල හරහා යාම නීති විරෝධී දෙයක්ද? (ස)

:       0       0

රවීන් Monday, 04 November 2013 04:46 PM

මේ ගෙන යන්නේ රත්තරන් උනාට නිවැරදිම තේරුම කළු සල්ලි. මෙරට ඉන්න උන්ඩියල් කාරයෝ, කුඩුකාරයෝ රටින් සල්ලි පිටමන් කරන තවත් විදිහක්. නියම ප්‍රතිචාරයක් ඉක්මනටම දෙන්න ඕන. (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 04 November 2013 05:33 PM

මේවා නවතනවා බොරු , ඒ නිසා පුළුවන් තරම් අපේ රේග් නිලදාරීන් අවදියෙන් සිටිය යුතුයි. විසේසයෙන් දකුණු ඉන්දියානුවන් ගැන. අපේ රේගුව ඇතුළු ගුවන් තොටුපොල සියලුඅම ආරක්සක නිලදාරින්ට අපේ සුබ පැතුම් .(නදී)

:       0       0

සුමේද Tuesday, 05 November 2013 01:22 PM

හොරුන්ට හොර කරන්නේ කොහෙද ඉන්දියන් කාරයා. (ස)

:       0       0

පෙරේරා Tuesday, 05 November 2013 08:48 AM

රටට එන "විදේශිකයෝ" තමයි ඔය. (ස)

:       0       0

ශාන්ත - හෝමාගම Tuesday, 05 November 2013 09:04 AM

මෙන්න බොලේ සිරියලතා රට ගියාලු, ඇත්ත මේකයි.මෙයා පොළොන්නරුවෙ ගියාකෝච්චියේ.හීනෙන් දැක්කෙ ඉන්දියාවෙ යනවා වගේ.අන්තිමට නැගිටලා බැලුවහම කදුරුවෙල ස්ටේෂන් එකේ.එලියට එනකොට හරක් හැම තැනම. අයියෝ සල්ලි. (ස)

:       0       0

ෂෙරීෆ් Monday, 04 November 2013 05:56 PM

අපේ රටට ගජ වාසියි (නි)

:       0       0

රවීන්ද්‍ර Monday, 04 November 2013 05:57 PM

සේප්පුවල දාන්න ඕනෑ රත්රන් දැන් සෙරෙප්පුවල අලවනවා. ලෝකේ දියුණු වුණ තරමක්. (නි)

:       0       0

වෙදමහත්තයා Tuesday, 05 November 2013 02:51 PM

කොහොමත් මේ වගේ වැඩ සිදුවන්නේ මොහමඩ්ලාගෙන් සහ තංගවෙලුලා ගෙන්.සෙරෙප්පු දාගෙන රට යන්නේ ඔය කට්ටිය තමා. (ස)

:       0       0

මධු Monday, 04 November 2013 06:39 PM

කවුද දන්නේ එනකොට දා ගෙන ආවද කියලා (නි)

:       0       0

මධු Monday, 04 November 2013 06:42 PM

පිටිගලට ඉරිසියා ඇති. කහ කුරුල්ලෙක් වන්න බැරි වීම ගැන (නි)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Tuesday, 05 November 2013 02:23 AM

මේක ඒ අයගේ රස්සාව.(නදී) අනික මේ මිනිස්සු රත්තරන් අරන් ගියේ හොරකම් කොරලා නෙවෙයිනේ. ඔවුන්ගේ සල්ලිවලින් මිලට අරගෙන..(නදී)

:       0       0

මොහොමඩ් සිද්දීක් Tuesday, 05 November 2013 02:29 AM

සිරියලතා, මට නම් ආරංචි වුනේ ඔයා ගුවන්තොටුපොලින් එලියට එනකොටම,ඉබාගාතේ යන හරකුන් රුලක් ඇවිල්ලා ඔයාගේ ඇග පුරාම ගොමත් ගහලා, ජරාව කෙරුවා කියලා. .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 507 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 337 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 330 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 376 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 491 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 600 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site