රුපියල් එකොළොස් ලක්ෂ තිස් පන් දහසක් වටිනා රන් කැබලි හතරක් සෙරෙප්පු කුට්ටම් වල අලවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකරුවෝ වයස අවුරුදු 45 සහ 42 වියැති ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි කරුවෝ වෙති.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රෑම් 227 කි. මෙම රන්කැබලි ගානකට කපා සෙරෙප්පු වල අලවා තිබු බව රේගුව කියයි.
මොවුහු අද උදෑසන නමයයි තිහට පමණ එයාර් ඉන්ඩියා ගුවන් සේවයෙන් චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත. ඉන්පසු මොවුන් දෙදෙනා ගුවන්යානයට ගොඩවීමට යත්ම අවසන් මුර කපොල්ලේදී ගුවන්තොටුපොළ ආරක්ෂ අංශ විසින් පරීක්ෂා කරද්දී සෙරෙප්පු වල අලවා තිබු රන් කැබලි සොයාගෙන ඇත. පසුව ආරක්ෂක අංශ විසින් රේගුවට බාර දී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ ගුවන්තොටුපොළ රේගු නිළධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙවින් හරි. (නි)
කොහොමත් මේ වගේ වැඩ සිදුවන්නේ මොහමඩ්ලාගෙන් සහ තංගවෙලුලා ගෙන්.සෙරෙප්පු දාගෙන රට යන්නේ ඔය කට්ටිය තමා. (ස)
හොරුන්ට හොර කරන්නේ කොහෙද ඉන්දියන් කාරයා. (ස)
මෙන්න බොලේ සිරියලතා රට ගියාලු, ඇත්ත මේකයි.මෙයා පොළොන්නරුවෙ ගියාකෝච්චියේ.හීනෙන් දැක්කෙ ඉන්දියාවෙ යනවා වගේ.අන්තිමට නැගිටලා බැලුවහම කදුරුවෙල ස්ටේෂන් එකේ.එලියට එනකොට හරක් හැම තැනම. අයියෝ සල්ලි. (ස)
රටට එන "විදේශිකයෝ" තමයි ඔය. (ස)
මොහොමඩ් සිද්දික්, ඔබ හරියටම දන්නවා එහෙනම් මේ මිනිස්සු රත්තරන් ඉපැයූ ආකාරය, නේද? කීයද ඔබේ කොටස? රවීන් හරිම දේ කියලා තිබෙනවා. මේවා කළු සල්ලි පිට කිරීමේ උපක්‍රම. මේ මිනිස්සුන්ගේ සල්ලි ඔතන නැහැ. ජාත්‍යන්තර හොර ජාවාරම් කාරයින්ගේ සල්ලියි මේවා. (නි)
එතකොට රත්තරන් දත් දාගෙන යන අයත් අල්ලනවාද ?.(නදී)
ඔය වගේ දේවල් පහසුවෙන් අල්ල ගන්න වෙන ලෙහෙසි ක්‍රමයක් නැද්ද අහු නොවී තව කොයි තරන් ඔය විදිහට පිටවෙනවා ඇද්ද . .(නදී)
සිරියලතා, මට නම් ආරංචි වුනේ ඔයා ගුවන්තොටුපොලින් එලියට එනකොටම,ඉබාගාතේ යන හරකුන් රුලක් ඇවිල්ලා ඔයාගේ ඇග පුරාම ගොමත් ගහලා, ජරාව කෙරුවා කියලා. .(නදී)
මේක ඒ අයගේ රස්සාව.(නදී) අනික මේ මිනිස්සු රත්තරන් අරන් ගියේ හොරකම් කොරලා නෙවෙයිනේ. ඔවුන්ගේ සල්ලිවලින් මිලට අරගෙන..(නදී)
ඉන්දියන් කාරයන්ගේ නවතම සොයා ගෙනීම රත්රන් හොරෙන් ගෙන යාම . පළමුව ගුද මාර්ගය . දෙවනුව ගිලල . ආපසු වයර් මෙන් බෙග් වල අසුරා . අලුත්ම දෙය සෙරෙප්පු වල අලවා . මොනවා උනත් අපේ දක්ෂ රෙගු නිලදාරින්ට පින් සිදු වන්නට ඒවා අපටම ලේබෙනවා . මම සිතන්නේ මෙම රෙගු නිලදාරින්ට රජයෙන් විශේෂ මුදලක් ලබා දිය යුතියි . අපේ රටට කරනා සේවයට (දී)
පිටිගලට ඉරිසියා ඇති. කහ කුරුල්ලෙක් වන්න බැරි වීම ගැන (නි)
කවුද දන්නේ එනකොට දා ගෙන ආවද කියලා (නි)
සේප්පුවල දාන්න ඕනෑ රත්රන් දැන් සෙරෙප්පුවල අලවනවා. ලෝකේ දියුණු වුණ තරමක්. (නි)
අපේ රටට ගජ වාසියි (නි)
මේවා නවතනවා බොරු , ඒ නිසා පුළුවන් තරම් අපේ රේග් නිලදාරීන් අවදියෙන් සිටිය යුතුයි. විසේසයෙන් දකුණු ඉන්දියානුවන් ගැන. අපේ රේගුව ඇතුළු ගුවන් තොටුපොල සියලුඅම ආරක්සක නිලදාරින්ට අපේ සුබ පැතුම් .(නදී)
මේ ගෙන යන්නේ රත්තරන් උනාට නිවැරදිම තේරුම කළු සල්ලි. මෙරට ඉන්න උන්ඩියල් කාරයෝ, කුඩුකාරයෝ රටින් සල්ලි පිටමන් කරන තවත් විදිහක්. නියම ප්‍රතිචාරයක් ඉක්මනටම දෙන්න ඕන. (ස)
රත්තරන් එකතු කිරීමේ සංස්කෘතියක් ඉන්දියානු ජනයාට ඇත. රට තුලට මෙලෙස අසීමාන්තිකව රත්තරන් ගලා එම ඉන්දියානු උද්ධමනයටද එක හේතුවකි. මගේ ප්‍රශ්නය මෙයයි...ඉතාලියේ සිට නිවාඩුවට පැමිණෙන ලංකා 'කහ කුරුල්ලෝ' තම කර වහගෙන සිටින සමහර රන් දම්වැල් ලක්ෂ පනහ හැට ඉක්මවනවා. මෙලෙස අබරණ පැළඳ ගුවන් තොටුපොල හරහා යාම නීති විරෝධී දෙයක්ද? (ස)
මෙයාල හිතන්න ඇති ඉන්දියාව වගේ ගුවන් තොටුපළවල් තමා ලංකාවේ තියෙන්නෙත් කියලා.මම එක පාරක් ඔය රටට ගියා, ගුවන් තොටුපළෙන් පිට වෙන කොටම දැක්කේ ඉබාගාතේ යන හරක් හැම තැනම ජරා කරගෙන ඇවිදිනවා. ඒ අතින් අපේ රට වාසනාවන්. (ස)
ඔය එකක් විතරයි. තව කීයක් ඔය විදියට අරන් යනවා ඇතිද? (ස)