ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ වල පිබිදීම නිසා සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනිය ප්‍රමුඛ ශී්‍රලංකා රජයට නොයෙකුත් ගැටලූ වලට මුහුණ දීමට සිදුව ඇතැයි යයිද මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහයට ඇමරිකාව ඉදිරපත් විය යුතු යැයිද සදහන් කර 1963 වසරේදී එවක ඇමරිකා ජනපති ජෝන්.එෆ්.කෙනඩි වෙත යැවුණු රහසිගත ලියවිල්ලක් කරළියට පැමිණ ඇත.
මෙම ලියවිල්ල ඇමරිකා ජනාධිපතිවරයා වෙත යවා ඇත්තේ එදවස ධවල මන්දිරයේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියාව සිටි ආර්.ඩබ්ලියු ක්‍රෝමර්ය.ක්‍රෝමර් මෙම ලියවිල්ල කෙනඩි ජනාධිපතිවරයාට යවා ඇත්තේ ඔහු තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව ඝාතනය වීමට මාස 4 කට පෙරය.
අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය එවකදී ඇමරිකා රජය හා යහපත් සබදතා පවත්වාගෙන ගොස් ඇති බවට සාක්ෂි ඇත.එම සමයේ ඇමරිකාව අත්ලන්තික සයුරේ සිදුකළ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබූ තෙල් සමාගම් ජනසතු කිරීමේ ක්‍රියාවලිය, දකුණු වියට්නාමයේ බෞද්ධ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් ඇතිව තිබූ අර්බුදය වැනි මාතෘකා පිළිඹදව දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී ඇති බවට සාක්ෂි තිබේ.
මෙම කාලයේ ඇමරිකාව හා කියුබාව අද සේම පැවතියේ එතරම් හොද සබදතාවක් නොවේ. කියුබාවේ වූ ඇමරිකාවට අයත් කර්මාන්තපුර හා සමාගම් කියුබා රජයට පවරා ගැනීමට එරට බළධාරීන් ක්‍රියාකිරීම නිසා ඊට එකට එක කිරීමක් ලෙස ඇමරිකාව හිකෙන්ලුපර් ව්‍යවස්ථා සංශෝධනය හදුන්වාදුනි. මෙම සංශෝධනයට අනුව කිසියම් රටක් එම රටේ පිහිටුවා ඇති ඇමරිකාවට අයත් දේපළ හෝ සමාගම් හෝ පවරා ගනී නම් එම රටට ලබා දෙන ආධාර සියල්ලම අත්හිටුවීමට ඇමරිකාවට හැකියාව ලැබුනි.
ඇමරිකාවේ මෙම ක්‍රියාකලාපය ලංකාවේ ක්‍රියාත්මක වූ වාමාංශික පක්ෂ වල දැඩි දෝෂදර්ශනයට හසුවූ අතර එම පක්ෂ සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනිය ප්‍රමුඛ රජයට බල කර සිටියේ එවක ඇමරිකා සමාගම් අතින් පාලනය වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනසතු කරන ලෙසයි. 1960 කාලවකවානුවේ වාමාංෂික පක්ෂ බලවත් ලෙස නැගී සිටි හෙයින් අගමැතිනියට සිදුවූයේ වාමාංෂික පක්ෂ වල කීම අනුව ක්‍රියාකිරීමටය.
මෙම තත්ත්වය දුටු ධවල මන්දිරයේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී ආර්.ඩබ්ලියු ක්‍රෝමර් මෙම ලියවිල්ල ජනපති කෙනඩි වෙත යවා ඇත්තේ වදනක් හෝ තෙපළා සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයට ශක්තියක් වන ලෙස ඉල්ලමිනි. නැතහොත් ඇමරිකා සමාගම් තමන්ගේ දේපළ අතහැර ශ්‍රී ලංකාවෙන් පිටමන් වීමට සිදුවනු ඇතැයි ලියවිල්ලේ ඔහු අනතුරු අගවා ඇත.
ඔහු යෝජනා කර තිඛෙන්නේ වියට්නාමයේ බෞද්ධයින්ට මුහුණදීමට සිදුව ඇති ගැටලූ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා සාකච්ඡා කිරීමට පැමිණීමට නියමිත ශ්‍රී ලංකා තානාතිපතිවරයා හා සාකච්ඡාවේදී මෙම කරුණුද ඔහුට දන්වන ලෙසයි.මෙම සමයේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාතිපතිවරයා ලෙස කටයුතු කළේ මෙරේනා ඩි ෆ්‍රැන්සිස් ඩි සිල්වා ජයරත්න මහතා වන අතර ඔහු සිරිමාවෝ බණ්ඩාරණායක රජයටත් වඩා බටහිරට පක්ෂපාතිකයෙකු බව ක්‍රෝමර් තම ලියැවිලලේ සදහන් කිරීමට කටයුතු කර ඇත.
දකුණු වියට්නාමයේ සිදුවූ පුද්ගල ඝාතන සමූහයක්, භික්ෂූවක් ගිනි තබාගෙන සියදිවි නසාගැනීම ආදී සිදුවීම් වලට මුල්වූ එවක දකුණු වියට්නාම රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමරිකාවේ මැදහත්වීම ශ්‍රී ලංකාව අපේක්ෂා කළේය.සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනිය මේ සම්බන්ධයෙන් කෙනඩි ජනාධිපතිවරයා හා ලිපි හුවමාරුවකද යෙදී ඇති බවත් කෙනඩි ජනාධිපතිවරයා ‘ස්වාධීනත්වයේ නියමුවකු‘ ලෙස හදුන්වාදී දකුණු වියට්නාමයේ බෞද්ධයින්ට මුහුණ දීමට සිදුවී ඇති ගැටලූ වලට මැදහත්වී විසදුම් ලබාදීමට සුදුසුම පුද්ගලයායැයි එම ලිපිවල දක්වා ඇති බවත් කියැවේ.
ලියවිල්ලේ මෙම කරුණු සදහන් වන්නේ මේ ආකාරයටය.
ජනපතිවරයා වෙත යැවෙන ලියවිල්ලකි.
රහසිගතයි.
ශ්‍රී ලංකාවේ තානාතිපතිවරයා (රජයට වඩා මොහු බටහිරට පක්ෂපාතියි) ශ්‍රී ලංකා අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියගෙන් ලත් පණිවුඩයක් සම්බන්ධයෙන් ඔබ හමුවට පැමිණීමට නියමිතය.මෙම පණිවුඩය දකුණු වියට්නාමයේ බෞද්ධ ජනතාව සම්බන්ධයෙන් වේ.
ඔහුට අස්වස්සනවාට අමතරව (ඔබ බණ්ඩාරණායක අගමැතිනියගෙන් ජූනි 19 වෙනිදා ලද ලිපියට ජූලි 5 වැනිදා ලියූ පිළිතුරු ලිපියේ සදහන් කළ ආකාරයට) ඛනිජ තෙල් හිමිකාරීත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ සම්බන්ධයෙනුත් ඔහුව දැනුම්වත් කිරීම කළ හැකි නම් සුදුසුය.මක්නිසාද පසුගිය පෙබරවාරි මාසයේ හදුන්වාදුන් හයිකන්ලුපන් ව්‍යවස්ථා සංශෝධනය නිසාවෙන් අප හා ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධය තිඛෙන්නේ විනාශ වෙමිනි. සංශෝධනයට අනුව සියලූ ආධාර කපා හැරීමට සිදුව තිබීම නිසා මේ තත්ත්වය උද්ගත වී තිබේ.මෙය දඩමිීමා කරගෙන කි්‍රයාත්මකව වී ඇති ශ්‍රී ලංකාවේ වාමාංශීක පක්ෂ දැන් ශ්‍රී ලංකා රජය වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීම කරා යොමුකරවමින් සිටී.මෙම තත්ත්වය මෙසේම පැවතුණහොත් අපගේ තෙල් සමාගම් සියල්ල ඔවුනටම අයත්වීම නොවැළැක්විය හැකි වනු ඇත.
අපට ගත් තීරණය වෙනස් කළ නොහැකි මුත් ඔබට කළ හැකි දෙයක් ඇත.ඔබ ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාමේ වැදගත්කම සම්බන්ධයෙන් වචන කිහිපයක් ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවේ පැවසුවහොත් එම වචන කිහිප වාමාංශික පක්ෂ වලින් එල්ල වන පීඩනයට එරෙහිව නැගී සිටීමට සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනියගේ කොදු නාරටිය ශක්තිමත් කරවීමේ සමත් වනු ඇත. ගල්බ්‍රයිත් ඔහුගේ සංචාරය අතරමගදී ශ්‍රී ලංකාවටත් ගොස් තිඛෙන අතර ඔහුගේ අදහස වන්නේ එහි තත්ත්වය බරපතළ බවයි. වයාට් එහි වහාම යැවිය යුතුයැයි ඔහු යෝජනා කරයි. මෙම ගැටලූව ඔබ විසදීමට බලාපොරොත්තු වන ආකාරය සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්න.
ආර්.ඩබ්ලියු.ක්‍රෝමර්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉරාකයට ගිය අවස්ථාවකදී ටැක්සියක යනකොට රියදුරු මහතා ඇහුවා මොන රටේද කියල, මම කිවුවා ශ්‍රී ලංකාවේ කියල ඔහු කියනවා අහ්! මැඩම්ස් කන්ට්‍රි , ශ්‍රී ලංකා ටී ගුඩ් ටේස්ට්. ඇත්තටම ඔහුට මැතිණියගේ නම හරියට කියාගන්න බැරි උනා. එතුමිය විදේස රටවලදී රාජ්‍ය තාන්ත්‍රික උත්සව වලදී අතුරුපස සදහා යොදා ගත්තේ හොරගොල්ල වලව්වේ වවන ලද නැවුම් පලතුරු බව බ්‍රඩ්මන් වීරකෝන් මැති තුමා විසින් ලියා පළ කර ඇති " අගමැතිවරුන් සත් දෙනෙක් සමග " කෘතියේ සදහන් කර ඇත. (අ)
ඇයි මේ මිනිස්සු ඇත්ත කතා කරනවට බය? රටක දේශපාලනය සර්ව සාධාරන විය යුතුයි. (නි)
සපුමල්, රවී මාද අසා ඇති අන්දමට ඉරාකයේ බැග්ඩෑඩ් වල මැතිනියගේ නමින් පාරක්ද නම්කර ඇත. මම කැමති චරිතයක්. මෙහි මාතෘකාවද මැතිණිය යනුවෙන් වෙනස් කරනවා නම් මා කැමතියි. (නදී)
මා ඊයේ පහත සඳහන් විස්තරය මේ තීරය ට ලියා එව්වා. එය පළකිරීම හෝ නොකිරීම ඔබ තුමන් ලා සතු බව පිලි ගන්නා අතරම එය පළ නොකිරීම ට තරම් නීති විරෝධී හෝ සදාචාර විරෝධී බවක් නොතිබුන බව මතක් කර දීම ට කැමැත්තෙමි. තෙල් ජනසතු කිරීම නිසා කිපුණ ඇමෙරිකාව ශ්‍රී ලංකාවට දෙමින් තිබුන ආධාර බොහොමයක් කපා හැරියා. ඉන් එකක් ඇදිහැස. ඒ යටතේ ලංකාවේ පාසැල් ළමුන්ට නොමිලේ කිරි වීදුරුවක් ලැබුනා. එය ද කපා හැරිවිට එවකට ශ්‍රී ලංකා අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය නිර්භයවම කියා සිටියේ "ඇමෙරිකාවේ කිරි නැති උනාට අපේ ළමයි මිය යන්නේ නැති බවයි. මේ කිරි නිෂ්පාදනය කරන ලද්දේ තිරිඟු පිටි මුලික වශයෙන් යොදා ගෙනය. ඇමෙරිකාව ලෝක වෙළඳපොලේ මිළ පවත්වාගෙන යෑම සඳහා තිරිඟු මෙට්රික් ටොන් ලක්ෂ ගණන් මුහුදට දමන බවත්, එසේ අහක දැමීමට ඇති තිරිඟු වලින් මේ පිටි සකස් කර තුන්වන ලෝකයේ දිළිඳු රට වලට ඒවා යවා ඒ රටවල හිත දිනා ගැනීමට ඇමෙරිකාව උත්සාහ කරන බව ලංකාවේ මාක්ස්වාදී පක්ෂ දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේය. (නදී)
අත දෙනවා නම් හොදයි, අතින් අදින්නේ නැතිව.(නදී)
දිලංක සිංහලයෙක් නොවෙයි. හැබැයි ද්‍රවිඩයෙක් ඔයවගේ නමක් ගන්නෙත් නැහැ. එම නිසා දිලංක බාගේ බාගේ කියා තීරණය කරමු (නදී)
"ලංකාවේ පවතින මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව රාජ්‍ය අනුග්‍රහයක් ඇතුව හෝ නැතුව වහාම පරීක්ෂණයක් අන්තර්ජාතිකව සිදුකළ යුතුයි." මේ ටික තමයි ද්‍රවිඩ ඩයස්පෝරාවත් ඉල්ලනේ. මූණ සමග තරහට නහය කපා ගන්නද හදන්නේ.(නදී)
මෑතකදී මට පැරණි යුගෝස්ලෝවියාවේ හිටපු ජාතික පාපන්දු පුහුණුකරුවකු මුණගැසුනා. මා ලංකාවේ බව දැනගත් විගසම ඔහු ඇසුවේ "සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය තවම ඉන්නවද ? එයාට දැන් කොහොමද ?" කියායි. මට හරි පුදුමයකුත්,ආඩම්බරයකුත් ඇතිවුණා. (නි)
ඇමෙරිකානු ඇත දැමීම තමයි 1971 සිදුවුනේ.බොහොම දෙනෙක් තවම දන්නේ නැහැ 71 පිටුපස හිටියේ කව්ද කියා.අදත් අපේ රටට වෙමින් තියෙන්නේ එදා උන දේම තමයි.(අ)
දිලංක, නිකම් වැඩක් බලාගෙන ඉන්නා (අ).
දිලන්ත, ලංකාවේද ඉන්නේ දැන්? (නි)
සඳුනි, ඔය දිලංක නමින් සිංහල විදියට ඉන්නේ, සිංහල කෙනෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ. (නි)
ලංකාවේ පවතින මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව රාජ්‍ය අනුග්‍රහයක් අැතුව හෝ නැතුව වහාම පරීක්ෂණයක් අන්තර්ජාතිකව සිදුකළ යුතුයි. ඒ සදහා එක්සත් ජාතින්ගේ සංවිධානය වහාම මැදිහත් විය යුතුයි. එසේ නොමැති වුවහොත් අෙප් රටේ අනාගත පරම්පරාවට දුෂණයෙන් පිරි රටක් ඉතිරි වනු අැත (නි)
අපේ රටේ ගරුත්වය රැකගෙන රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කලේ මැතිනිය පමණි.සිරි විසින් දැක්වූ අත්දැකීම මටත් කිහිප වාරයක්ම ලැබුන .එත් දැන් අපේ රට ප්‍රසිද්ද අධිකරණය දුෂිත ,නීතියක් නැති ,දේශපාලකයෝ නඩුත් අහන දිනෙන් දින කෙලෙසෙන රටක් හැටියට .එත් ස්නොව්දෙන්ට ස්තුති වෙන්නට මෙවැනි ලිපියක් තිබුන බව දැනගන්නට ලැබුණි. (අ)
මම වරක් මොරෝක්කොවට ගියෙමි. මා සතුව ලංකා ගමන් බලපත්‍රයක් සහ යුරෝපීය ගමන් බලපත්‍රයක් විය. කසබ්ලංකා ගුවන් තොටුපොලේදී මම ඔවුන්ට බලපත් දෙකම ඉදිරපත් කලවිට ඔවුන් කීවේ "ඔබ සිරි ලංකාවෙන්! ඔබේ ලංකා ගමන් බලපත්‍රය අපට වඩා වටිනවා" කියා ය. මොර්ක්කොවේ සියලු පුරවැසියන් ලංකාව හොදින් දනී. එයට හේතුව වරක් එහි නීත්‍යානුකූල රජු බලෙන් පහ කිරීමට උත්සහ කල විට සිරිමාවෝ රජය ඔහුට ඉන්නට දුන් නිසා යය් මොරෝක්කෝ වැසියන් පැවසී ය. ඔහු නැවත රාජ්‍යත්වය ලැබූ අතර දැන් රජු ඔහුගේ පුත්‍රයා ය. (අ)
දිලංක නමින් අදහස් දක්වන්නේ කවුරු වුනත් ඔහු හෝ ඇය එන් ජී ඔ වලින් යැපෙන ඩොලර් කාක්කෙක් බවනම් පෙනෙනවා.(නදී)
දිලංක මහත්තයා මානව හිමිකම් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා හිතනවා වගේ.ඕක දෙපැත්ත කැපෙන කඩුවක් මහත්තයෝ.කපන එකත් කැපෙනවා.කැපෙන එකත් කැපෙනවා. (නි)
මේකෙන් පේන්නේ එදා වාමාංශික පක්ෂ වලයි අද ඉන්න පක්ෂ වලයි වෙනස සහ ඒ පක්ෂ කොතරම් ප්‍රගතිශීලිදැයි යන්න පමණකි. (දී )
අද වුවත් චීනය, ජපානය බටහිර ඉන්දියානු දුපත්, කියුබාව, පැරණි සෝවියට් දේශය, පෝලන්තය, යුගොස්ලෝවෙකියාව සහ සමහර අපිකානු රටවල සංචාරය කිරීමේදී මා අත්දුටු එක දෙයක් වෙයි. එය තමා "අපි ශ්‍රී ලංකාවෙන්" යැයි කියූ විට නියත වශයෙන්ම ලැබෙන පිළිතුර " ආ අර සිරිමා බණ්ඩාරනායකගේ රටෙන් නේද" යන්නයි. ඔවුන් අපේ ඉස්තරම් තේ කොළ ගැනවත් දර්ශනීය මුහුඳු වෙරළ ගැනවත් අසා නොමැති වුවාට සිරිමාවෝ මැතිනිය ගැන දනිති. ඇයට ඇත්තේ එතරම්ම ගෞරවණීය පිළිගැනීමකි (නි)
ඒ වගේ බය නැති රටට ආදරය කළ නායකයෝ ඉන්නවා නම් කොච්චර වාසනාවක්ද? (නි)
කවුරු කොහොම කිවුවත් මගේ රට දිනෙන් දිනම ආගාධයට ගියේ අපේ සිංහලයින් අතරම සිටි තමන් ගැන පමණක් සිතන කලු සුද්දන් නිසයි (නි)
අපොයි! දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
ශ්‍රී ලංකාව යැයි කී විට ඉස්සර ලොකු ආඩම්බරයක් සැමටම තිබුනා. වෙනත් රටවලින්ද ලොකු සැළකීමක් තිබුනා. නමුත් 1977න් පසුව ඒවා සියල්ල ක්‍රම ක්‍රමයෙන් නැතිවී ගියා. (නි)
ගරු සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනිය තරම් රාජ්‍යතාන්ත්‍රික බවින් පිරිපුන් නායකයෙකු මේ වනතුරු අපට ලැබී නැතිබවයි මගේ නම් හැගීම වන්නේ. ඇගේ විදේශ ප්‍රතිපත්තිය අති විශිෂ්ටයි. (නි)