IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සිරියානු ජනපති අසාද් අත්අඩංගුවට ගන්න වරෙන්තු

ජාත්‍යන්තර ප්‍රජාව විසින් තහනම් කරනු ලැබූ රසායනික අවි යොදාගෙන සිරියානු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කර, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළේ යැයි චෝදනා නගමින්, ප්‍රංශ රජය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, ඔහුගේ සොහොයුරා සහ සිරියානු රජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.

අසාද්ට අමතරව වරෙන්තු නිකුත් කර ඇත්තේ, අසාද්ගේ සොහොයුරා මහීර් සහ සිරියානු රජයේ හමුදා ජනරාල්වරුන් වන ඝෂාන් අබ්බාස් සහ බසාම් අප් හසාන් යන දෙදෙනාටය.

සිරියාවේ සිවිල් යුද ගැටුම් ඇවිලෙද්දී, ජනාධිපති අසාද්ගේ උපදෙස් පරිදි, සිරියානු රජයේ හමුදාව, රසායනික අවි භාවිතයට ගනිමින් සිවිල් වැසියන්ට පහර දුන්නේ 2013 යැයි සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි.

එම රසායනික අවි ප්‍රහාරයෙන් සිරියාවේ ඩොරාම් නැමිති නගරයේ සිවිල් වැසියන් දහසක් ජීවිතක්ෂයට පත්වුණු බව සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

සිරියානු ජනපති අසාද් අත්අඩංගුවට ගන්න වරෙන්තු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 140 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1636 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1077 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1319 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1447 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 423 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39570 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25761 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1202 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site