සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පසුගිය සෙනසුරාදා (23) පැවැති පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදී ක‍්‍රීඩාංගණයේ විදුලිය බිද වැටීම පිළිබදව පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය, ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දුන් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.
”අපිට විදුලිය සැපයීම පිළිබද වගකීම ගන්න බෑ. එහි වගකීම ලංකා විදුලි බල මණ්ඩලයට පවරා තිබෙනවා. ඒ නිසා මෙම විදුලිය බිද වැටීම පිළිබද වගකීම ඔවුන් බාරගත යුතුයි” යැයි එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම විදුලිය බිද වැටීමෙන් තරගය පැයයි, විනාඩි 39 ක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ඕවර 9 ක් අඩු කිරීමට ද සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්රිකට් ඉතිහාසයේ මෙවැන්නක් වී තියෙනවාද (දී)
වගකිවයුතු තැනැත්තා තනතුරෙන් ඉවත් කරන්න.(නදී)
කොහොමටවත් වෙන්න බැරි වැඩක් තමයි ඒක (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේචචර වෙලා සෙල්ලම් නොකර හිටියහම ඒ මහත්තුරුන්ට ගෙවන ගාණ අඩු කරනවද? (නි)
තවත් ටිකක් වෙලා නැතුව තිබුණා නම් රටට ලොකු ඉතිරියක්. (නි)
මෙච්චර වියදම් කරපු එකේ ජෙනරේටරයක් සවි කරලා නැද්ද ? (ස)
කැළේ පිට්ටනි හදන අයට බඔරු අනින්න ඕන (ස)
තව ටික කාලයක් යනකොට පිට්ටනියට අලි එන්නත් බැරි නැහැ. එදා නේද පැයක් ලයිට් නිවන්න කියලා කිව්වේ මිහිකත හෝරාවට කියලා ? ඒ නිසාද දන්නේ නැහැ කරන්ට් එක ගියේ ? (නි)
පැයයි විනාඩි 39 නෙමෙයි, හැමදාටම විදුලිය විසන්දි කරානම් වඩාත් හොදයි. (ස)
වාර්තා ඉල්ලන එකයි, කමිටු පිහිටුවන එකයි තමයි අද අපේ රටේ හැමතැනම සිද්ධ වෙන්නේ. (නි)
සිල්වා, ඔබ හරි.(නදී)
ඇයි හේවාවිතාරණ, කැබිනට් මන්ඩලයට අපි ඒගොල්ලන්ව නඩත්තු කරන්න පොඩි ගෙවිල්ලක්ද ගෙවන්නේ. ලයිට් බිල නම් මාසෙට එකයි. දවසේ ගානේ කන බොන හැම එකෙන්ම ගෙවන්න වෙලා තියෙනවා.(නදී)
අපි තරග නරඹපු මෑත කාලයේ සිදුවූ ලොකුම ලැජ්ජාසහගත වැඩේ මේකයි. (නි)
අනිවාර්යයෙන්ම අනිත් පැත්තේ එකකෙනෙක් වැඩේට බහින්න ඇති.(නදී)
ඒක ඇත්ත. දඹුල්ලෙත් හැමදාම රෑ හතට පැයක් විදුලිය කපනවා. කව්ද මේවා ගැන හොයන්නේ.(නදී)
ලංකාවේ ඇති මන්ඩල වලින් මිනිසුන්ට කරදර දෙන එකම මන්ඩලය විදුලි බල මන්ඩලය.(නදී)
මේවා අපි කොහේ ගිහින් කාට කියන්නද? (නි)
එතකොට බඹරුන් පිටිය මැදින් ගිය එකට බඹරු වාර්ථාවක් ඉල්ලනවලු කැලේ මැද මොන මෝඩයද පිටිටනියක් හැදුවේ කියලා.(නදී)