IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සිරුර ගෙන එන විට සොහොන් පල්ලෝ ගෙදර

පොල්ගම්පොළ රත්මලේ සිට දේහය සහිත පෙට්ටියක් වලල්ලාවිට මීගහතැන්න ආදාහනාගාරයට අද (30) සවස 3.45ට පමණ ගෙන ආ නමුත්  එහි සේවකයන් ආදාහනාගාරයට ඉබි යතුරු දමා ගොස් සිටි බව නෑයෝ කියති. ආදාහනාගාරය වසා තිබූ බව සභාපති උදේනි අතුකෝරළ මහතා ද පිළිගනී. ඔහු පැවසුවේ ආදාහනාගාරයේ මුදල් බාරගත් පුද්ගලයා ඒ බව සේවකයන්ට නොදැන්වීම මීට හේතු වූ බවයි.

මේ ගැන සභාපතිවරයාගෙන් විමසූ සැණින් ඔහු සභාවේ වරද පිළිගෙන මරණකරුගේ ඥාතීන්ට  කණගාටුව පළකලේය. අනතුරුව හැකි ඉක්මණින් ත්‍රිරොද රියක් යවා සේවකයන්  ආදාහනාගාරයට ගෙන්වා ආදාහනය කරවූයේය. මියගිය පුද්ගලයාගේ සිරුර පැයක් තිස්සේ ආදාහනාගාරය ඉදිරියේ තබාගෙන සිටීමට සිදුවියැයි ඇගේ ඥාතීයෙක් වන ප්‍රදීප් සංජීව මහතා කීවේය.

සිදුවීම පිළිබඳව සභාපතිවරයා දැනගැනීමෙන් අනතුරුව අදාල කම්කරුවන් ත්‍රී රෝද රියක් පිටත් කැර ගෙන්වා එම කටයුතු සදහා  පසුව කටයුතු කර තිබූණි



අදහස් (0)

සිරුර ගෙන එන විට සොහොන් පල්ලෝ ගෙදර

නිරූපා Sunday, 01 December 2013 12:00 PM

මැරෙන්න කලින් ඕවා බූක් කරලා තිබ්බහම කාටවත් කරදරයක් නැහැනේ දැන් කාලේ ටයිම් එක හරි වටිනවා පරක්කු වෙලා ගෙනියන්න ඇති නේද ?(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Saturday, 30 November 2013 05:59 PM

ඔය ඉතින් අපිට දැනගන්න ලැබෙන ඒවා විතරයිනේ (නි)

:       0       0

චමත් ඉතාලිය Sunday, 01 December 2013 12:51 PM

සුනේත්‍රා,...නයිට් රේස් බලන්න ගියාට කමක් නැහැ හොදට ඇදගෙන යන්න .... ඔය වෙලාවටම තමයි දේශපාලකයන්ගේ නොසන්ඩාල පුත්තු නයිට් ක්ලබ් වලින් එලියට බහින්නේ.(නදී)

:       0       0

සොනාල් Sunday, 01 December 2013 10:59 PM

රෑ දොළහට මිනී ගෙනල්ලා හරියනවද අපිටත් ගෙවල් දොරවල් තියෙනවා. (නදී)

:       0       0

මංගල Saturday, 30 November 2013 06:28 PM

අපේ ආදාහනා ගාර මල්ශාලවට භාර දුන්නා නම් අපි කිසිකරදරයක් නැතිව ආදාහන කටයුතු ලස්සනට කරලා දානවාගේ අපේ බිල ගෙවන්න ඒක විතරයි තියෙන්නේ (අ)

:       0       0

එදිරිසිංහ ඉන්දික Saturday, 30 November 2013 06:36 PM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

[නියෝ] Sunday, 15 December 2013 02:32 PM

බලන්නකෝ නේදලන්කාවෙත් ාවන දේවල්(දිල්)

:       0       0

එදිරිසිංහ ඉන්දික Saturday, 30 November 2013 06:57 PM

ලංකාදීප වාර්තාකරු ඉතා දක්ෂයෙක්. රජයේ මුදල් ලබා සේවය නිසියාකාරව නොකරන තවත් මෙවැනි දේ රටට හෙළිකරන්න. ඉක්මන් පරීක්ෂණයක් කොට මෙවැනි දුර්වල තැන් අතුගා දැමීම නියෝජිතයන්ගේ වගකීමකි (නි)

:       0       0

ලාල් කැන්ඩි Sunday, 01 December 2013 02:23 PM

මම නම් හිතන්නේ මුදල් අයකැමි ගේ දවසක පඩි කපන්න ඕන කල වරදට .(නදී)

:       0       0

නිසා Saturday, 30 November 2013 07:20 PM

මෙහෙම දිගින් දිගටම වෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

සන්ධ්‍යා Saturday, 30 November 2013 07:27 PM

අද අපේ රටේ මොන වැඩේද හරියට කෙරෙන්නේ? (නි)

:       0       0

නරනප්පා Sunday, 01 December 2013 03:03 PM

ඔවුන් කර තිබෙන්නේ වරදක්. එය සැබෑවකි . ඔවූන් සොහොන් පල්ලන් ලෙස ආමන්ත්‍රණය කරන්නේ නම් එය ඊටත් වඩා බරපතල වරදකි. අඩුම වශයෙන් ආධාහනාගාර ක්‍රියා කරුවන් වශයෙන් වත් හදුන් වන්නේ නම් ඔවූන්ගේ මෙන්ම මාධ්‍ය ගරුත්වයද රැකෙනු ඇත.(නදී)

:       0       0

සුරේෂ් දොම්පෙ Saturday, 30 November 2013 07:50 PM

ලංකාවෙ ඉන්නෙ මොන වගේ මිනිස්සුද ඇත්තටම........? (නි)

:       0       0

මනෝ Saturday, 30 November 2013 08:05 PM

මේ අර පස් ටෙන්දෙර්ර් සිද්ධියේ එකේ සභාපති නේද (අ)

:       0       0

පණ්ඩිත Saturday, 30 November 2013 08:15 PM

ලංකාදීප වාර්තාකරුවන්ට අපගේ ප්‍රණාමය මෙවැනි පුවත් අපට ලබා දෙනවට

:       0       0

පැංචි Monday, 02 December 2013 01:09 AM

නිරුපා ඔයා බූක් කලානම් ඊට පස්සේ මටත් බුක් කොරන්නකෝ...(නදී)

:       0       0

වෙල්විදානේ Saturday, 30 November 2013 08:21 PM

මම මේ බලාගෙන ඉන්නේ කැටයම් චින්තකව ආයුධ හොයන්න ගෙනියන නිව්ස් එක ලංකාදීපේ දානකන් .(අ)

:       0       0

චන්දන හේරත් Saturday, 30 November 2013 08:25 PM

මට තියෙන්නේ වෙනම අදහසක් සභාපති දෙසපාලනයේ යෙදෙන අයෙක් උනත් වැරද්දක් උන විටදී ඔහු සමව ගෙන එය නිවැරදි කරනවා. අඩුම තරමේ මේගුණයවත් නැති අපේ දේසපාලනය කරන මෝඩයන්ට මේක හොද ආදර්ශයක්

:       0       0

ලාරා Saturday, 30 November 2013 08:33 PM

බුදු දහම අනුව අපි සංසාරයේ ආත්මභාව වල මැරි මැරී ඉපදුන වාර වල ඇටකටු ගොඩ ගැසුවානම් හිමාල කන්ද හා සමානයි.ඒ නිසා මල කඳන් දින ගණන් ගෙදර තියාගෙන තමන්ගේ මානය,සතුට,විනෝදය,බොරුව,පෙන්වීමට පාවිච්චි නොකර හැකි ඉක්මනින් ආදාහනය කරන්න.භූමදානය කලවිට මල සිරුර ලක්ස කෝටි සංක්යාත ජීවීන්ට වාසස්ථානයක් වන නිසා ආදාහනය කරන්න ! (අ)

:       0       0

පොරමොලා -බින්තැන්න Saturday, 30 November 2013 08:38 PM

කනත්තට යන්න කලින් ආදාහනාගාරය තියේද කියල කලින් සොයල බලන්න තිබුන ඒ අයට. කොම උනත් සභාපතිතුමා මනුස්සයෙක් හැටියට වගකීම ඉටු කිරීම සතුටට කරුණක්.(අ)

:       0       0

දර්ශන Saturday, 30 November 2013 08:51 PM

මෙය අපගේ ක්‍රමයේ ඇති වැරද්දි,මෙය කලක පටන්ම මෙ වැනී සම්බන්ධිකරන දුර්වලතා පැවතෙනවා සෑම රජයේ ආයතනවල අඩුවැඩි වශයෙන් පවතිනවා,වෙන රටවල වාගේ පුද්ගලිග සුසානබුමි උද්‍යාන වියා පාරත් අරබෙඉද දන්නේ නැහැ. (අ)

:       0       0

දුමින්ද Saturday, 30 November 2013 08:54 PM

ප්‍රමාද ගාස්තුවක් අයකල්ලා නම් මෙවැනි වැරදී සිද වන්නේ නැහැ.එය අඩුකර ගත යුත්තේ අදාළ සෙවකයන්ගෙනුයි (අ)

:       0       0

සුනිල් Saturday, 30 November 2013 09:47 PM

නම මංගල උනාට ... වැඩ අවමන්ගලේ නේ මංගල (අ)

:       0       0

උපාලි Sunday, 01 December 2013 12:14 AM

ලාරා, මළ සිරුරක් ගෙදර තියාගෙන ඉන්නේ කුමකටද? අවමංගල කටයුතු සංවිධානය කරගන්නා තුරු, දුර ඥාතීන් එනතුරු ආදී වශයෙන් නොයෙකුත් හේතු තිබෙන බව අහලවත් නැද්ද? අනික, භූමදානය කළ සිරුරක් පොළොවේ ජීවත්වන ජීවීන්ට වාසස්ථානයක් වීමේ වරද කුමක්ද? හරිනම් එය තමයි වියයුත්තේ. ස්වභාව ධර්මයේ දේ ස්වභාව ධර්මයට නැවත දීම. පොළොවෙන් අඩි හයක් යට නිසා විෂබීජ පැතිරෙන්නෙත් නැහැ. (නි)

:       0       0

සත්‍යයා Sunday, 01 December 2013 12:16 AM

මේ හැම දුර්වලකමකම සාරාංශය වනාහි පරිපාලනයේ දුර්වලකම්ය. මිනිසුන්ට කන්න අඳින්න නැති වුණත් යහ පාලනයක් දෙන්න තරමට පාලකයෝ සදාචාරාත්මකව බැදී සිටිනවා. (නි)

:       0       0

සුනේත්‍රා Sunday, 01 December 2013 12:20 AM

මට නම් වැදගත් වන්නේ නැවතත් කොළඹ නයිට් රේස් පටන් ගන්නා දවසයි (නි)

:       0       0

සරත් පර්ත් Sunday, 01 December 2013 05:45 PM

මේවා ඇහුවම දුක හිතෙනවා ඒත් සබාපතිතුමා නම් සත් පුරුෂයෙක් (නදී)

:       0       0

සේනානායක Sunday, 01 December 2013 12:33 AM

තරඟකාරී සේවාවක් ලබා දීමට පෞද්ගලික අංශයටත් බාරදෙමුද? (නි)

:       0       0

බන්දුල Sunday, 01 December 2013 05:54 PM

හැම අයෙක්ම තමන් රාජකාරියෙන් නික්ම යද්දී තමන්ගෙන් ඉටු විය යුතු සේවාව නිසියාකාරව ඉටුවුවාද කියා මොහොතවකටවත් සිතන්නේ නම් මෙවැනි දේ අපට අසන්නට වෙන්නේ නැහැ. (නදී)

:       0       0

රොහාන් Sunday, 01 December 2013 01:02 AM

මිය ගිය කාන්තාව තවත් පැයක් මිහිපිට ඉන්න පින් කරලා තිබුනා (නි)

:       0       0

කමල් Sunday, 01 December 2013 07:35 AM

අද රටේ මේ වගේ දේවල් මොනතරම් නම් වෙනවාද? (නි)

:       0       0

නැනී Monday, 02 December 2013 08:43 AM

මිය ගිය අය මොන පක්ෂයේද මලේ ?(නදී)

:       0       0

චානක Sunday, 01 December 2013 08:33 AM

සේනානායක, ඒක හොද අදහසක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 849 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 759 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 159 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1028 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1222 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site