පොල්ගම්පොළ රත්මලේ සිට දේහය සහිත පෙට්ටියක් වලල්ලාවිට මීගහතැන්න ආදාහනාගාරයට අද (30) සවස 3.45ට පමණ ගෙන ආ නමුත් එහි සේවකයන් ආදාහනාගාරයට ඉබි යතුරු දමා ගොස් සිටි බව නෑයෝ කියති. ආදාහනාගාරය වසා තිබූ බව සභාපති උදේනි අතුකෝරළ මහතා ද පිළිගනී. ඔහු පැවසුවේ ආදාහනාගාරයේ මුදල් බාරගත් පුද්ගලයා ඒ බව සේවකයන්ට නොදැන්වීම මීට හේතු වූ බවයි.
මේ ගැන සභාපතිවරයාගෙන් විමසූ සැණින් ඔහු සභාවේ වරද පිළිගෙන මරණකරුගේ ඥාතීන්ට කණගාටුව පළකලේය. අනතුරුව හැකි ඉක්මණින් ත්‍රිරොද රියක් යවා සේවකයන් ආදාහනාගාරයට ගෙන්වා ආදාහනය කරවූයේය. මියගිය පුද්ගලයාගේ සිරුර පැයක් තිස්සේ ආදාහනාගාරය ඉදිරියේ තබාගෙන සිටීමට සිදුවියැයි ඇගේ ඥාතීයෙක් වන ප්‍රදීප් සංජීව මහතා කීවේය.
සිදුවීම පිළිබඳව සභාපතිවරයා දැනගැනීමෙන් අනතුරුව අදාල කම්කරුවන් ත්‍රී රෝද රියක් පිටත් කැර ගෙන්වා එම කටයුතු සදහා පසුව කටයුතු කර තිබූණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ මුදල් අයකැමි ගේ දවසක පඩි කපන්න ඕන කල වරදට .(නදී)
මේ හැම දුර්වලකමකම සාරාංශය වනාහි පරිපාලනයේ දුර්වලකම්ය. මිනිසුන්ට කන්න අඳින්න නැති වුණත් යහ පාලනයක් දෙන්න තරමට පාලකයෝ සදාචාරාත්මකව බැදී සිටිනවා. (නි)
මට නම් වැදගත් වන්නේ නැවතත් කොළඹ නයිට් රේස් පටන් ගන්නා දවසයි (නි)
තරඟකාරී සේවාවක් ලබා දීමට පෞද්ගලික අංශයටත් බාරදෙමුද? (නි)
මිය ගිය කාන්තාව තවත් පැයක් මිහිපිට ඉන්න පින් කරලා තිබුනා (නි)
අද රටේ මේ වගේ දේවල් මොනතරම් නම් වෙනවාද? (නි)
සේනානායක, ඒක හොද අදහසක් (නි)
මැරෙන්න කලින් ඕවා බූක් කරලා තිබ්බහම කාටවත් කරදරයක් නැහැනේ දැන් කාලේ ටයිම් එක හරි වටිනවා පරක්කු වෙලා ගෙනියන්න ඇති නේද ?(නදී)
සුනේත්‍රා,...නයිට් රේස් බලන්න ගියාට කමක් නැහැ හොදට ඇදගෙන යන්න .... ඔය වෙලාවටම තමයි දේශපාලකයන්ගේ නොසන්ඩාල පුත්තු නයිට් ක්ලබ් වලින් එලියට බහින්නේ.(නදී)
ලාරා, මළ සිරුරක් ගෙදර තියාගෙන ඉන්නේ කුමකටද? අවමංගල කටයුතු සංවිධානය කරගන්නා තුරු, දුර ඥාතීන් එනතුරු ආදී වශයෙන් නොයෙකුත් හේතු තිබෙන බව අහලවත් නැද්ද? අනික, භූමදානය කළ සිරුරක් පොළොවේ ජීවත්වන ජීවීන්ට වාසස්ථානයක් වීමේ වරද කුමක්ද? හරිනම් එය තමයි වියයුත්තේ. ස්වභාව ධර්මයේ දේ ස්වභාව ධර්මයට නැවත දීම. පොළොවෙන් අඩි හයක් යට නිසා විෂබීජ පැතිරෙන්නෙත් නැහැ. (නි)
ඔවුන් කර තිබෙන්නේ වරදක්. එය සැබෑවකි . ඔවූන් සොහොන් පල්ලන් ලෙස ආමන්ත්‍රණය කරන්නේ නම් එය ඊටත් වඩා බරපතල වරදකි. අඩුම වශයෙන් ආධාහනාගාර ක්‍රියා කරුවන් වශයෙන් වත් හදුන් වන්නේ නම් ඔවූන්ගේ මෙන්ම මාධ්‍ය ගරුත්වයද රැකෙනු ඇත.(නදී)
මේවා ඇහුවම දුක හිතෙනවා ඒත් සබාපතිතුමා නම් සත් පුරුෂයෙක් (නදී)
හැම අයෙක්ම තමන් රාජකාරියෙන් නික්ම යද්දී තමන්ගෙන් ඉටු විය යුතු සේවාව නිසියාකාරව ඉටුවුවාද කියා මොහොතවකටවත් සිතන්නේ නම් මෙවැනි දේ අපට අසන්නට වෙන්නේ නැහැ. (නදී)
රෑ දොළහට මිනී ගෙනල්ලා හරියනවද අපිටත් ගෙවල් දොරවල් තියෙනවා. (නදී)
නිරුපා ඔයා බූක් කලානම් ඊට පස්සේ මටත් බුක් කොරන්නකෝ...(නදී)
මිය ගිය අය මොන පක්ෂයේද මලේ ?(නදී)
බලන්නකෝ නේදලන්කාවෙත් ාවන දේවල්(දිල්)
ඔය ඉතින් අපිට දැනගන්න ලැබෙන ඒවා විතරයිනේ (නි)
නම මංගල උනාට ... වැඩ අවමන්ගලේ නේ මංගල (අ)
ප්‍රමාද ගාස්තුවක් අයකල්ලා නම් මෙවැනි වැරදී සිද වන්නේ නැහැ.එය අඩුකර ගත යුත්තේ අදාළ සෙවකයන්ගෙනුයි (අ)
මෙය අපගේ ක්‍රමයේ ඇති වැරද්දි,මෙය කලක පටන්ම මෙ වැනී සම්බන්ධිකරන දුර්වලතා පැවතෙනවා සෑම රජයේ ආයතනවල අඩුවැඩි වශයෙන් පවතිනවා,වෙන රටවල වාගේ පුද්ගලිග සුසානබුමි උද්‍යාන වියා පාරත් අරබෙඉද දන්නේ නැහැ. (අ)
කනත්තට යන්න කලින් ආදාහනාගාරය තියේද කියල කලින් සොයල බලන්න තිබුන ඒ අයට. කොම උනත් සභාපතිතුමා මනුස්සයෙක් හැටියට වගකීම ඉටු කිරීම සතුටට කරුණක්.(අ)
බුදු දහම අනුව අපි සංසාරයේ ආත්මභාව වල මැරි මැරී ඉපදුන වාර වල ඇටකටු ගොඩ ගැසුවානම් හිමාල කන්ද හා සමානයි.ඒ නිසා මල කඳන් දින ගණන් ගෙදර තියාගෙන තමන්ගේ මානය,සතුට,විනෝදය,බොරුව,පෙන්වීමට පාවිච්චි නොකර හැකි ඉක්මනින් ආදාහනය කරන්න.භූමදානය කලවිට මල සිරුර ලක්ස කෝටි සංක්යාත ජීවීන්ට වාසස්ථානයක් වන නිසා ආදාහනය කරන්න ! (අ)
මට තියෙන්නේ වෙනම අදහසක් සභාපති දෙසපාලනයේ යෙදෙන අයෙක් උනත් වැරද්දක් උන විටදී ඔහු සමව ගෙන එය නිවැරදි කරනවා. අඩුම තරමේ මේගුණයවත් නැති අපේ දේසපාලනය කරන මෝඩයන්ට මේක හොද ආදර්ශයක්
මම මේ බලාගෙන ඉන්නේ කැටයම් චින්තකව ආයුධ හොයන්න ගෙනියන නිව්ස් එක ලංකාදීපේ දානකන් .(අ)
ලංකාදීප වාර්තාකරුවන්ට අපගේ ප්‍රණාමය මෙවැනි පුවත් අපට ලබා දෙනවට
මේ අර පස් ටෙන්දෙර්ර් සිද්ධියේ එකේ සභාපති නේද (අ)
ලංකාවෙ ඉන්නෙ මොන වගේ මිනිස්සුද ඇත්තටම........? (නි)
අද අපේ රටේ මොන වැඩේද හරියට කෙරෙන්නේ? (නි)
මෙහෙම දිගින් දිගටම වෙනවද දන්නෙ නැහැ (නි)
ලංකාදීප වාර්තාකරු ඉතා දක්ෂයෙක්. රජයේ මුදල් ලබා සේවය නිසියාකාරව නොකරන තවත් මෙවැනි දේ රටට හෙළිකරන්න. ඉක්මන් පරීක්ෂණයක් කොට මෙවැනි දුර්වල තැන් අතුගා දැමීම නියෝජිතයන්ගේ වගකීමකි (නි)
දෙයියෝ සාක්කි! (නි)
අපේ ආදාහනා ගාර මල්ශාලවට භාර දුන්නා නම් අපි කිසිකරදරයක් නැතිව ආදාහන කටයුතු ලස්සනට කරලා දානවාගේ අපේ බිල ගෙවන්න ඒක විතරයි තියෙන්නේ (අ)