IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


සිරුරු දෙකක් මාරු වී මුලතිව් රෝහලේ කලබැගෑනියක්

(සිතුම් චතුරංග)

කොරෝනා නොවන රෝගයකින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුර වෙනුවනට කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියගිය පුද්ගලයකුගේ සිරුරක් ලබාදී සිය සැමියාගේ දේහය අත්තනෝමතික ලෙස මුලතිව් රෝහල් සේවකයන්  ආදහනය කිරීම සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ බිරිඳ  මුලතිව් පොලිසිය වෙත හා මුලතිව් දිසා රෝහල වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

නිවසේදී මියගොස් ඇති සිය සැමියාගේ සිරුර මුලතිව් දිසා රෝහල වෙත රැගෙන එමෙන් පසු පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමුකොට තිබියදී එහි ප්‍රතිඵල පැමිණීමට පෙර සෞඛ්‍ය සේවකයන්  සිරුර ආදාහනය කොට ඇති බව මියගිය පුද්ගලාගේ ඥාතීහු පවසති.

සිරුර ආදාහනය කිරීමෙන් අනතුරුව කොවිඩ් 19 වයිරසය ආසාදනයවී මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් තමන්ට රැගෙන යන ලෙසට රෝහල් සේවකයන් පැවසූ බවද ඥාතීන් සඳහන් කළේය.

එලෙස අදාහනය කොට ඇත්තේ මුලතිව් , තිරුමුරුකණ්ඩි ප්‍රදේශයේ පදිංචි කුමරන් ගෝපාලන් (74) නැමැත්තාගේ සිරුර වන අතර කොවිඩ් ආසාදිත මළසිරුරක් ලෙස හදුන්වා දේහය වවුනියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේදී අදාහනයකර තිබුණි.

සිද්ධිය සැලවීමත් සමඟ ඥාතීන් හා රෝහල් සේවකයන් අතර උණුසුම් තත්වයක්ද හටගත් අතර පොලිසිය මැදිහත්ව සමතයකට පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයාගේ බිරිඳ පැමිණ සිරුර හදුනාගැනීමෙන් අනතුරුව ආදාහනය කළ බවත් මෘත ශරීරාගාරයේ සේවයකළ සේවකයින් පැවසූ බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් මෙය මෘතදේහයන් මාරුවීමෙන් සිදුවූ අත්වැරුද්දක් බවට සැකපලකරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

සිරුරු දෙකක් මාරු වී මුලතිව් රෝහලේ කලබැගෑනියක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 540 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 806 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 2487 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 632 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 750 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 1136 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 69 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1399 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site